නිමල් අබේසිංහ

මීට වසර දෙකකට ඉහතදී (2018) අනුරාධපුර දිසාවේ රාජාංගණය ප්‍රදේශයට පැමිණෙන අව්රා ලංකා සමාගම නම් ආයතනයක් එහි යාය 18 වැසියන්ගේ සිත් තුළ මනරම් සිතුවිලි මවන්නට වූහ. ඒ ඇමරිකා එක්සත් ජනපදයට කෝමාරිකා ඇසුරින් නිෂ්පාදනයක් අපනයනය කිරීමේ ව්‍යාපෘතියක් අරඹන බවත් යාය 18 ප්‍රදේශයේ එම කර්මාන්ත ශාලාව සහ කෝමාරිකා පැළ තවාන ආරම්භ කරන බව පවසමිනි. එම සමාගම් හිමිකරු පෙන්වාදෙනුයේ එයින් යාය 18 ගොවීන්ගේ අතමිට සරුවී සුර සැප විඳිය හැකි කාලයක් උදාවන බවය.


ගම්මුන් පවසන පරිදි මොහු වරෙක නන්දික චන්දික නමින්ද, තවත් වරෙක විරාජ් තාඹුගල නමින්ද ගොවියන් ඉදිරියේ පෙනී සිට ඇත.


ඔහු මේ වන විට රාජාංගණය යාය 18 ප්‍රදේශයේ ගොවීන් සතු ගොඩ ඉඩම් අක්කර 150 ක් පමණ කෝමාරිකා වගාව සඳහා ඩෝසර් යොදවා සකසා තිබේ. මේ හේතුවෙන් ඔවුනට 2018 සිට ගොඩ ගොවිතැන් කිරීමට නොහැකිව ඇත.
මෙම ඉඩම් වලින් සමහරක් ඒවාට බලපත්‍ර ඇති බවත්, සමහරක් ඒවාට බලපත්‍ර නැති බවත් ගොවියෝ කියති. මෙම ඉඩම් වෙනුවෙන් ඔහු ගොවීන් සමග ගිවිසුම් අත්සන් කර තිබෙන බව පැවසුවත් එවැනි ගිවිසුමක් ඔහු අපට නොපෙන්වීය.


විරාජ් තාඹුගල පවසන පරිද ඔහු මෙරටට රැගෙන එන විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 380 ඉක්මවයි. මේ සුරංගනා කතාව ඔස්සේ ප්‍රදේශයේ ජනතාව රවටමින් ප්‍රදේශයේ ගොඩ ගොවිතැන් කළ ජනතාවගේ ජීවිත අනතුරෙහි හෙළා තිබේ. රුවටිල්ලට හසුවූ පිරිස තමන් සතු ඉඩම් විරාජ් තාඹුගලට රිසිසේ පරිහරණය කරන්නට ඉඩදී ඇත.


ගොවීන් සමඟ එවැනි ගිවිසුමක් තිබුණද නැතද මේ ඉඩම් සියල්ලම පාහේ අයත් වන්නේ රජයටය. එනිසා එකී ඉඩම් පරිහරණය කිරීමට වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව ගොවීනට නීතිද පනවා තිබේ. විශේෂයෙන්ම මේවායේ තිබෙන දැවැන්ත වෘක්ෂයන් ඉවත් කිරීම මෙන්ම ඩෝසර් වැනි යන්ත්‍ර උපයෝගි කරගෙන මහාපරිමාණ යෙදවුම් සිදුකිරීමටද තහනම්ය.


එවැනි පසුබිමක විරාජ් තාඹුගල සිදුකර ඇත්තේ ගොවීන් හා ඇතිකරගත් දස අවුරුදු ගිවිසුමක් මත උක්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමය. එහෙත් රජයේ කිසිදු වගකිවයුතු ආයතනයකින් ඒ සඳහා නීත්‍යානුකූල අවසරයක් ලබාගෙන ඇති බවක්ද පෙනෙන්නට නැත. එලෙසම මේ සඳහා විධිමත් ව්‍යාපෘති වාර්තාවක් එහි කිසිදු ආයතනයකට ඉදිරිපත් කර ඇති බවක්ද නොපෙනේ.


එහෙත් රජයේ යම් වගකියවුතු නිලධාරීන්ගේ පමණක් නොව මැති ඇමතිවරුන්, ප්‍රදේශීය සභාවේ මහජන නියෝජිතයින්ගේ වක්‍ර සහයෝගය ඔහුට ලැබී තිබෙන බවට නම් සාක්ෂි තිබේ. අනුරාධපුරයේ එක්තරා ප්‍රසිද්ධ වෙහෙරක අධිපති හිමිනමක්ද ඒ අතර සිටී.


කෝමාරිකා ව්‍යාපාරයටම අමතරව ඔහු එම වනයේ ජාත්‍යන්තර ක්‍රිඩාපිටියක් ඉදිකිරීමටද පොරොන්දු වී ඇත. කෝමාරිකා, ව්‍යාපෘතිය හා ජාත්‍යන්තර ක්‍රිඩාපිටියක් අතර ඇති සබඳතාවය කුමක්ද? යන්න අපට නොවැටහේ. එබැවින් ඒ සඳහා මුදල් වැය කරන්නේ ඇයිද යන්න ඔහුගෙන් විමසුවිට පිළිතුරු ලැබෙන්නේද නැත.


ඒ අතරේ විල්පත්තුව ප්‍රේරිත කලාපයට අයත්ව තිබෙන කුඩාවැවක්ද තිබු ප්‍රමාණයට වඩා විශාල කරමින් හා එහි ගැඹුර අඩි 15 කටත් වැඩියෙන් හාරා විශාල වැවි බැම්මක් ඉදිකර තිබේ. මේ ඉදිකිරීම සඳහා ඔහු කිසිදු රජයේ ආයතනයකින් අවසර ලබාගෙන නැති බවට ප්‍රබල සාක්ෂි සපයන්නේ පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ය.


“ඔය වැව ඉදිකර තිබෙන්නේ කිසිම රාජ්‍ය ආයතනයකින් අවසර ලබාගෙන නොවෙයි. ඔය කියන පුද්ගලයාගේ හිතුමතයට. ඒ නිසා අපි ඔය වැව ඉදිකිරීම තහනම් කරලයි තිබෙන්නේ”


ආනන්ද හිමියන්ගේ මේ කතාව තුළින් අපට පැහැදිලිවන්නේ විරාජ් තාඹුගල යනු තමන් සතු ධන බලයෙන් ඕනෑම නීතිවිරෝධි දෙයක් කරන්නට හැකියැයි ඔළුව උදුමවාගෙන සිටින පුද්ගලයකු බවය.


ගම සුරැකීමේ ව්‍යාපාරය නමින් ගම්මුන් පිහිටුවාගෙන ඇති සංවිධාන විසින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමේ අනුරාධපුර ශාඛාවේ ස්ථානභාර නිලධාරිණියට යැවු ලිපියක මෙසේ සඳහන්ය.


“තවද මොහු විසින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට යැයි පවසා රජයට අයත් ඉඩමක ඉදිකර තිබු ගම්වාසින්ගේ අවමංගල්‍යාධාර සමිති ශාලාවක්ද කඩා ඉවත් කර ඇත. එම භූමියේම ඉදිකර ඇති බහුකාර්ය ගොඩනැගිල්ලේ අත්තිවාරම මට්ටම තෙක් ඩෝසර් මගින් පස් කපා ඉවත් කර ඇත. රජය විසින් උස්සාන වාරි මාර්ගයක් සඳහා එක්කෝටි හැට ලක්ෂයක මුදලක් වෙන්කර ගොඩනැගිල්ල හා යන්ත්‍ර සුත්‍ර ලබාදී තිබුණ අතර එම ජලනල මාර්ග පද්ධතියද මොහු විසින් ඩෝසර් දමා ඉවත් කර ඇත. එම් භූමියේම ඇති ගම්වාසින්ගේ පොදු සුසාන භූමියද මේ වන විට ගස් මුල් හා ගල් දමා විනාශකර ඇත. මේ පිළිබඳව 456 තුලාන ග්‍රාම නිලධාරීතුමා පවසන පරිදි මෙම කටයුත්ත නීතියට පටහැනි බැවින් එතුමා විසින් ඒ පිළිබඳව ප්‍රාදේශිය ලේකම්තුමා හට ලිඛිතව දන්වා යවා ඇති බව පවසයි.
“හිටපු අමාත්‍යවරයකු විසින් පාර කාපට් කිරීම සඳහා රැගෙනවිත් තිබූ ්ගඊගක්‍ග ගල් අප ගමේ මාර්ගයට අතුරා ඇත්තේ මොහුගේ උවමනාවටය. එම ගල් ඇතිරීම හේතුවෙන් පාර දෙපස ඇති නිවාස වල ජීවත්වන ජනතාවට දූවිලි සහ ගල්කුඩු නිසා ලෙඩ රෝගවලට මුහුණ දීමේ අවදානමද සිදුව ඇත.”


මේ ඔහු විසින් සිදුකර ඇති හිතුවක්කාරකම්ය. මෙලෙස ඉදිකරන ලද ඉදිකිරීම් නිසි අවසරයක් නොගෙන සිදුකිරීම් නිසා ඒවා නිසිපරිදි ඉදිරියට සිදුකිරීමේ බාධා පැමිණීම සාමාන්‍ය දෙයකි. එවිට ඔහු පවසන්නේ ගම්මුන්ගේ මැදිහත්වීම නිසා ඒවා අතරමග නතර කිරීමට සිදුවන බවය. ඒනිසා ගම්මුන් විසින් මේ සඳහා අවසර ගැනීම සිදුකළ යුතුයැයි ඔහු පවසන බව ගම්මු කියති.


ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය ඉදිකිරීමට සකස්කළ භූමියේ කොටසක වගා කරමින් සිටි කාන්තාවකට එය අහිමි තමන්ට අහිමි කළේ විරාජ් තාඹුගල යැයි ඇය අප ඉදිරියේ විරාජ් තාඹුගලට චෝදනා කළවිට ඔහු පැවසුවේ දැන් තමන් එහි ජාත්‍යන්තර ක්‍රිඩා පිටියක් ඉදි නොකරන බවත් එය රජයේ ඉඩමක් බවත් අවශ්‍යනම් එය වගාකිරීමට ලබාගන්නා ලෙසත්ය.


මෙයනම් අපූරු කතාවකි. එම භූමිය රජයේ ඉඩමක් නම් ඔහු අවසරයකින් තොරව එහි ක්‍රීඩාභූමියක් ඉදිකිරීම සඳහා සකස් කළේ කෙසේද? ඔහුට මේ ප්‍රශ්නය යොමුකළද එයට නිසි පිළිතුරක් ලබාදීමට අසමත් විය.
විරාජ් තාඹුගල පවසන විදියට මෙය මහා පරිමාණ ව්‍යාපෘතියකි. විදේශ විනිමය උල්පතකි. එහෙත් ඔහු මේ සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ලියාපදිංචි වී නැත. මේ ගැන ඔහුගෙන් විමසුවිට දුන් පිළිතුර වන්නේ අවුරා ලංකා හර්බල් සමාගම අලුතින් පිහිටවු සමාගමක් නොවන බවය. මේ නමින් ඔහු ඇමරිකාවේ විශ්වවිiාල දෙකක් සමඟ ගිවිසුම් අත්සන් කර ඇති බවය. එනිසා නව සමාගමක් පිහිටුවා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි කළත් පලක් නොවන බවය. ඔහු සබඳකම් පවත්වන්නේ ඇමරිකාවේ යුනයිටඞ් සවුත් කැලිෆෝනියා හා නෝත් විශ්වවිiාලය සමග යැයි ද මේ විශ්වවිiාලවල වෛiවරුන් 40 ක් සමග වෛi පර්යේෂණ සිදුකර ඇති බවද ඔහු කියයි. මේ අතර බින් සල්මන්, මොහොමඞ් ශෙක්, ජෙට්ලී, ජැකිචෑන්, ටොම් කෲස්, ඉන්ගාල් බර්ඞ් හම්පඞ්ක්, ට්‍රම්ප් වැනි ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන් ඔහුගේ වෛi ක්‍රම අනුගමනය කරන බවද කියයි.


අනෙක් කරුණවන්නේ ඔහුගේ කතාබහ තුළින් මෙරටේ ජනාධිපති, අගමැති ඇතුළු ඉහළම ප්‍රභුන් සමඟ ඔහු සම්බන්ධතා පවත්වන බව ඇඟවීමය. මේ බැව් රාජාංගනය යාය 18 ගම්වැසියෝද පවසති.


හෙළ වෛiවරයකු ලෙසින් තමන්ව හඳුනා ගන්නා විරාජ් තාඹුගලට ඒ සම්බන්ධයෙන් ආයුර්වේද හෝ පාරම්පරික වෛiවරයකු ලෙස ලියාපදිංචියක් නැති බව ඔහුම පිළිගනී.


රාජාංගනය යාය 18 ප්‍රදේශයේ ආරම්භ කිරීමට සුදානම් වූ කෝමාරිකා ව්‍යාපෘතිය දෙස බලද්දී පෙනෙන ප්‍රධානම කාරණය වන්නේ මෙය විධිමත් සැළැස්මක් අනුව සිදුවේද යන්නය. ඒ ගැන ඔහුගෙන් විමසුවිට පැවසුවේ එයට විiුත් තැපෑල හරහා ඉල්ලීමක් කරන ලෙසටය. එබැවින් ඒ සම්බන්ධයෙන් වන ව්‍යාපෘති වාර්තාව, විදේශ සමාගම් සමඟ අත්සන් කරන ලද ගිවිසුම් පිටපත් යනාදී විස්තරාත්මක තොරතුරු අපි ඔහුගෙන් ඉල්ලුවෙමු. ලිපිය ලියන 2020 ඔක්තෝබර් 21 වැනි දින වන විටත් එයට පිළිතුරු ලැබී නොතිබුණි.


මේ වන විට රාජාංගනය යාය 18 ගම දෙකට බෙදී හමාරය. එය සිදුකර ඇත්තේ විරාජ් තාඹුගල විසින් බවද පැහැදිලිය. මේ විරසකය තව දුරටත් අවුල් වෙමින් තිබෙන බව පෙනේ. හේතුව නම් ආරවුල පොලිසිය දක්වාම ගොස් තිබීමය.

අනූෂා චන්ද්‍රකුමාරි


මට වෙන ඉඩම් නෑ. පිට්ටනිය හදන්න විරාජ් මහත්තයා ගත්තෙ මේ ඉඩම. මේකත් අක්කර බාගයක් ප්‍රජාශාලාව හදන්න වෙන්කරල තිබෙනවා. ඒකට මම විරුද්ධ නැ. මෙම ඉඩමේ මම වගාකරමින් ඉන්නකොට තමයි විරාජ් මහත්තය බැකෝ යන්ත්‍ර දාලා පිට්ටනියකට කියලා ඩෝසර් කළේ. දැන් මට ජීවත්වෙන්න විදියක් නැ. ඔය මහත්තයා කියන්නෙ ඔක්කොම බොරු. අපේ මිනිස්සුන්ට යන එන මං නැතිකරල තියෙන්නේ.


එල්. වී. සීලදාස


පාර හදන්න ගෙනත් තිබුණ ඒ.බී.සී ගල් පාරට දැම්මේ විරාජ් මහත්තයමයි. ඒක අපි කරපු ඉල්ලීමකට කරපු දෙයක් නෙවෙයි. දැන් එයා අපිට කියනවා පාර හදන්න නම් ආණ්ඩුවෙන් ඒකට අනුමැතිය අරන් දෙන්න කියලා. එයා පාරට ගල් දැම්මේ එහෙම අනුමැතියක් අරන් නෙවෙයිද ?


ජේ. පී. කිත්සිරි


උස්සාන වාරි ව්‍යාපාරය හදන්න යටකරපු බට වගයක් මෙයාගේ වැඩ නිසා විනාශ වෙලා. ඒවා මොනවවත් හොයන්නේ බලන්නේ නැතිව තමා හිතුමතේට වැඩකරන් ගියේ. ජාත්‍යන්තර ක්‍රිඩා පිටියක් හදන්න තමයි ඒ බට ලයින් අයින් කරලා තියෙන්නේ.


සීතා හේමලතා


සොහොන් පිට්ටනියට වෙන්කළ ඉඩමත් දැන් අපට නෑ. ඒකත් විනාශ කරල. අපි කුඹුරුවලට අමතරව ගොඩ ගොවිතැන් කළා. ඒකත් දැන් අපට අහිමිවෙලා. මගේ ඉඩමේ තේක්ක ගස් හල්මිල්ල පලු ගස් තිබුණා. ඒවත් ඩෝසර් කරලා දාලා තියෙන්නේ. මගේ ඉඩමේ මම හිටවලා තිබුණු බටුපැල පිටින්මයි ඩෝසර් කළේ. ඒ මම තේ බොන්න ගෙදර ගිහින් එන ඩිංගටයි. මට වෙන ඉඩම් නෑ. ඔය ඉඩමේ ගොවිතැන් කරල තමයි අපි ජීවත් වුණේ.


හොරෙක් ඇවිත් මිනිස්සු රවට්ටල


අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සූර්ය බල සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක.


ඔය හොරෙක් ඇවිල්ලා මිනිස්සු රවට්ටලා තියෙන්නේ. ඕවා මොනවටවත් අවසර අරන් නෑ. අනවසරයෙන් තමයි සියළු දේවල් කරලා තියෙන්නේ. ඔය පාරත් කාපට් කරනව කියල මිනිහමයි වැඬේ පටන් අරන් තියෙන්නේ. ඒකටත් අවසර අරන් නෑ. මිනිහට රැවටිලා උදව් කරපු රාජ්‍ය නිලධාරිනුත් දැන් අමාරුවේ.


ඔය මනුස්සය හෙළ වෛiවරයෙක් කීවට වෛiවරයෙකුත් නෙවෙයි. විරාජ් තාඹුගල කීවට මිනිහගේ නියම නම නන්දික. මිනිහ කොහේට හරි රටකට ප්‍රොජෙක්ට් එකක් ඉදිරිපත් කරල සල්ලි ටිකක් ගෙන්වගෙන තියෙනව. ඒකත් දැන් මහ බැංකුවෙ හිරවෙලා තියෙනවා කියන එකයි ආරංචිය. එයා කරන්න හදන්නෙත් මනි ලොන්ඩරින් වැඩක්. මිනිහගෙ ඉතිහාසය මම දන්නවා. එයා හිටපු හැටියට ඔය තරම් මුදල් වියදම් කරන්න විදියක් නැහැ. මොකද මම එයාගෙ ඉතිහාසෙ ඔක්කොම දන්නව. ඔය වැඬේට උදව් කරන ඇමතිවරයෙකුත් හිටියා. දැන් එයාට එදාට වඩා බලයක් තිබෙනවා. ඒත් එයත් උදව් කරන්නේ නෑ වගෙයි පෙනෙන්නේ.

1 COMMENT

  1. Dear Mr. Nimal Abeysinghe,
    Thanks making this news. I searched some of the facts from the internet and found following things.

    His discussion with ITN on 08th October 2020 – https://www.youtube.com/watch?v=l1zwwgtoAkI

    In this video please go to the time stamp 22:10. He is showing claiming that it is his factory. Please watch the original video I found from the YouTube and it is https://www.youtube.com/watch?v=l1zwwgtoAkI. He used some one else video footage.

    Also I have investigated his two face book accounts. Both of these accounts were created 2016 – 2018 period. As you said this guy is a smuggler.

Comments are closed.