ටිරන් කුමාර බංගගමආරච්චි


පසුගිය ආණ්ඩුවේ ජනප‍්‍රිය චරිතයක් වූයේ නාමල් කුමාර නමැත්තාය. මාධ්‍ය ඔහුව ඕනෑවටත් වඩා වීරයෙකු කළේය. අද බන්ධනාගාරයේ ලගින ඔහු නොම්මර එකේ බොරුකාරයෙකි. රැුවටිලිකාරයෙකි. වංචාකාරයෙකි. එහෙත් යහපාලන ආණ්ඩුවේ ප‍්‍රමුඛයා වූ සිරිසේනගේ විශ්වාසවන්තයෙක් විය. එය එසේ වූයේ ඇයි? එනම් නාමල් කුමාර කළ හෙළිදරව්වක් නිසාය. ඒ ජනපති සිරිසේනව සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණයක් ඇති බව ඒ හෙළිදරව්වයි. යහපාලන ආණ්ඩුවේ බුද්ධි අංශයවත් නොදන්නා එම රහස නාමල් කුමාර දැන සිටියෙන් ජනපති සිරිසේනට නාමල් සුවිශේෂී පුද්ගලයකු විය. කොටින්ම ඔහු නිසා තමා ගැළවුණා යැයි පන්නයේ ආශ්වාදයක් වින්දේය. නාමල් කුමාර කියන පරිදි කුමන්ත‍්‍රණය පිටුපස සිටිනුයේ රනිල් ප‍්‍රමුඛ එජාපයය. විටෙක එය ෆොන්සේකාද සම්බන්ධ වැඩක් බව කතාවේම කොටසක් විය. සිරිසේනට දෙකකුල් තෙමෙන මට්ටමට ප‍්‍රබන්ධය බරසාර විය. ඔහු කළේ දිවි ගලවා ගැනීම සඳහා රනිල් ඉවත් කොට මහින්ද අගමැති කිරීමය. මේ කතාව ජනප‍්‍රිය කතාවක් නොව පිළුණු කතාවකි. අහලකටවත් ළං කළ නොහැකි පුවතකි. එහි අවසානය ගෙතුවක් බව දැන් පැහැදිලිය. සිරිසේනව ඝාතනය කරන්නට ඝාතකයන්ට හේතුවක් සොයා ගන්නට නොහැකි වූවා යැයි කෙනකුට සිතිය හැකිය. නාමල් කුමාරට වුව දැන් එයම කිව හැකිය.


එහෙත් ඒ සමග හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ නමත් ඈඳුණි. ඒ නම් දෙක එකට ගෙන ඝාතන තැතක් නිර්මාණය කිරීම තනිකරම අනාගත දේශපාලන සැලැස්මක ප‍්‍රතිඵලයක් විය. එනම් එකල සිරිසේනගේ හීනය වූයේ පොහොට්ටු ශ‍්‍රී ලංකා එකමුතුවෙන් තරග කොට එනම් ගෝඨාභය ජනපති කොට ඔහු අගමැති වන්නටය. නාමල් කුමාරගේ බොරුව තරමටම එයද ව්‍යාජයක් විය.


ඒ බොරුව වුව රාජපක්ෂලාද අපූරුවට කරගහ ගත්හ. ඡුන්ද වේදිකාවල ගෝඨාභය ඝාතනය ඔවුහු ඡුන්ද ඉල්ලමක් ලෙස භාවිත කළෝය. එයින් ප‍්‍රයෝජන උපරිම ලැබූහ. දැන් එහි දෙවැනි කොටස කරළියට පැමිණ ඇත. එනම් ජනපති ගෝඨා ඝාතන කුමන්ත‍්‍රණයක් නැවත කරළියට පැමිණ ඇත. එහෙත් එදා ඡුන්ද කාලයේ තරමට මේ පුවත ආණ්ඩුව මෙවර බරට නොගනී. තම නායකයා ඝාතනය කරන කතාබහක් එළියට ආවද ආණ්ඩුවේ ඇමතිවරු හා හූවක් නැත. අගමැති පවා මීයට පිම්බාක් මෙනි. එසේ නම් මෑත කාලයේ වන හැමදේම ආටක – නාටක බව අමුතුවෙන් කිව යුතුද?


ගෝඨාභය ඝාතන කතාව


අපි දැන් ජනපති ගෝඨා ඝාතන කතාවේ දෙවැනි කොටස දෙස බලමු. මේ කුමන්ත‍්‍රණය රටේ ජනතාවවත් එතරම් නොතැකූ ගාණය. එහෙත් කුමන්ත‍්‍රණය ගැන දැනුවත්ව සිටීම වටිනේය.


මේ කතාබහට මුල කටුනායක ප‍්‍රදේශයේ ඇඟලූම් කම්හලක සේවක පිරිසක් ඔවුන්ගේ බෝඩිමේ මත්පැන් බොමින් සිටියදී කළ කතාවක්ය.


දෙවැනි කොටස


මේ දිනය නොවැම්බර් 28 වැනිදාය. ඉහත බෝඩිමේ සිටිනුයේ දමිළ සහ මුස්ලිම් ජාතිකයන්ය. එබැවින් ඕනෑම විහිළුවක් සංකීර්ණ කරගන්නට මොහොතක් ඇතිය. ඔවුන් වතුකරයේ සහ උතුරේ වැසියන්ය. මුස්ලිම් ජාතිකයා වාලච්චේනේය. දෙමළ තරුණයන්ට එදා මත්පැන් ගෙනැවිත් දී ඇත්තේද ඔහුය. ඔහු නමින් හකීම් මොහොමඞ් රිස්බාන්ය. එදා වෙරි මරගාතේ මොහු පවසනුයේ ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට වැඩක් දෙන්නේ නම් අතට විශාල මුදලක් ලැබෙන බවය. කතාව තව හැඩවන්නේ එලෙස කළ විට කැනඩාව වැනි රටකට පවා යෑමට හැකිවන බව කීමත් සමගය. එපමණක් නොව කතාවේ විශ්වසනීයභාවයේ තත්ත්වය රැුකෙන තව කෑල්ලක්ද මොහු එකතු කර ඇත. එනම් අනුරාධපුර පැත්තේ සිටින එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉෂාක් රහුමාන්ගේ නමද මෙයට පැටලීමය. මේ වැඬේට ගෙවන්නේ ඔහු බව මොහුගේ කතාවය.


මේ මත්පැන් සාදයට එල්ටීටීඊයට සම්බන්ධව පුනරුත්ථාපනය ලැබූවෙක්ද සිට ඇත. ඔහු මදන්ය. රිස්බාන් මත්පැන් බොමින් කී සැලැස්ම පහුවදා මදන් සිය සහෝදරයාගේ කනේ තබනුයේ මේ කාලේ බොරුවක් වුව බෙල්ල ගහලා යා හැකි බැවින් විය හැකිය. මදන්ගේ සහෝදරයාද කටුනායක ඇඟලූම් කම්හලක සේවය කළ අයෙකි. ඔහු සේවයේ නිරත කටුනායක පොලිසිය ඉදිරිපිට කම්හලකය. මේ නිසා පොලිසියේ ඇතැම් අය සමග හිතවත්කමක්ද මොහුට තිබී ඇත. තම සහෝදරයා කී පුවත ඔහු පොලිසියට සැල කරන්නේය. කතාව ගොතන්නේ වාලච්චේනේ මුස්ලිම් වැසියෙක් නිසා සුළුවෙන් තකන්නට මේ අය අකමැති වූවා විය හැකිය. අනෙක් අතට මේ මුස්ලිම් ජාතිකයා කටුනායකට පැමිණ මාස දෙකක් නොවීමත් ගැටලූසහගත වී ඇත. ඔහු අත මුදල් ද ඇත. මේ හැම දෙයක්ම කතාවට ජීවයක් එක් කළා විය යුතුය. මේ නිසාම මදන්ගේ සහෝදරයා කටුනායක පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට සිද්ධිය සැල කරන්නේය.
කතාව කී සැණින් ක‍්‍රියාත්මක වන පොලිසිය සියලූ විස්තර සහිතව සීදුව අමන්දොළ පිහිටි බෝඩිමට පනිනුයේ මහ ?කය. ඒ සියල්ල අල්ලා ගන්නට පහසුවටය. එදින මීට පෙර කතාබහ වේලාවේ සිටි සියල්ලෝ බෝඩිමේ සිට ඇත. ඔවුන් සියල්ල අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ගෙන එකිනෙකා වෙන් කොට ප‍්‍රශ්න කිරීම් කර ඇත. අවසානයේ රිස්බාන් පමණක් පොලිස් ස්ථානයේ රඳවා ගනිමින් සෙසු අය පොලිස් ඇප මත මුදා හැර ඇත. එලෙස ඇප ලබන්නේ ඔවුන් කතාව අසාගෙන සිටි අය විනා කිසිත් නොදත් අය වීම නිසාය. අනෙක් අතට රිස්බාන් තබා ගත්තේ කතාවේ කතා නායකයා ඔහු නිසාත් විහිළුවට හෝ ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ රටේ නායකයා ඝාතනය කිරීමක් නිසාය. පොලිස් ප‍්‍රශ්න කිරීම්වලදී ඔහු පුන පුනා කියා ඇත්තේ මෙය විහිළුවක් බවය. ඉෂාක් මන්ත‍්‍රීවරයා සමග තමාට කිසිදු සම්බන්ධයක් නැති බවත් ඔහු තමාගේ ෆේස්බුක් ගිණුම් සාමාජිකයකු පමණක් බවත්, ඔහුට ලයික් දමන බවත්ය. ඒ මතකයට කතාවට ඔහු ඈඳා ගත් බවය.


කා බී විනෝදයට කීවද? එය සැබෑවක් නොව විහිළුවක් කීවද? එය ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයක් වී හමාරය. එබැවින් ඔහුව අධිකරණයට ඉදිරිපත් කරමින් දින තුනක් රඳවා ගෙන ප‍්‍රශ්න කිරීමට පොලිසිය පියවර ගත්තේය. ඒ්ත් එක්කම පොලිස් මූලස්ථානය කටුනායක පොලිසියට නියෝග කරනුයේ සැකකරුව රහස් පොලිසියට භාරදෙන ලෙසය. ඒ අනුව රිස්බාන් රහස් පොලිසිය භාරයට පත්විය.


රහස් පොලිසිය කළ පරීක්ෂණ අනුව පෙනී යන්නේද එය විහිළුවට එහා දෙයක් නොවන බවය. ඔහුට ත‍්‍රස්ත සම්බන්ධයක් නැති බවය. ඔහුගේ ජංගම දුරකතනය පිරී ඇත්තේ නිරුවත් වීඩියෝ සහ ඡුායාරූප වලිනි. විවාහ තුනක් සිදුකරගෙන ඇති මොහු සල්ලාලයෙක් බව පමණක් රහස් පොලිිසිය ටක්කෙටම දැනගෙන ඇත. ඊට අමතරව ඔහු පිළිබඳ හෙළිදරව් වන ලොකුම දෑ නම් ඔහුගේ කටුනායක ගමන සිදුව ඇත්තේ වාලච්චේනේ සිදු කළ හොරකමක් නිසා බවය. එහිදී ඔහු කාන්තාවකගේ රන් මාලයක් කොල්ල කා ඇත. ඒ හේතුව නිසා ගමෙන් පැන කටුනායකට පැමිණ ඇත. ඔහුගේ ගිණුම් පරීක්ෂා කළද එතරම් මුදල් ඒ තුළ නොවී ඇත.


ඒ අනුව බලන කල අවසානයේ හෙළිදරව් වී ඇත්තේ කයිවාරුකාරයකු වන රිස්බාන් මෙය අනෙක් අයගේ අවධානය ගන්නට ගෙතූවක් බවය. රිස්බාන් මෙන්ම නාමල් කුමාරද බොරුකාරයන්ය. එහෙත් නාමල් කුමාරට පොලිස් ඇසුර මුල සිට තිබී ඇත්තේ ඔහු ගමේ නීති විරෝධී ව්‍යාපාර පොලිසියට හසුකර දීම නිසාය. ඒ නිසා රිස්බාන්ගේ කතාවට වඩා නාමල්ගේ කතාව ප‍්‍රබල විය. මැතිවරණය ඉලක්ක කොට එයට මාධ්‍ය අනුග‍්‍රහයද ලැබුණි. ලංකාවේ ඝාතන කුමන්ත‍්‍රණත් දේශපාලන ව්‍යාපෘතිවල ප‍්‍රචාරකවාදී වැඩ බවට පත්වී ඇත.


ආරක්ෂාව පිළිබඳ උපරිම විශ්වාසය තහවුරු කොට බලයට ආ ආණ්ඩුව රිස්බාන්ගේ විහිළු කතාවක් ලොකු කර නොගන්නා බව සහතිකය. ඒ නිසාමදෝ ආණ්ඩුවේ කිසිවකු මෙය එතරම් නොතැකීය. එය තවත් අතට මේ මොහොතේ වැදගත් නැති කතාවක්ද වූවා විය යුතුය. එදා ඝාතන කුමන්ත‍්‍රණයක් ඇතැයි කී නාමල් කුමාර මෙන්ම මෙදා ඝාතනය කරනවා යැයි කී රිස්බාන් ද ඇතුළේය. මේ දෙදෙනාම බොරු කයිවාරුකාරයෝය. එහෙත් දේශපාලනයට වැදගත් පුද්ගලයෝය. දේශපාලන කුමන්ත‍්‍රණ ඝාතන කුමන්ත‍්‍රණ දැන් හොඳටෝම ඇතිය. ඒවා පිළුණු කතාය.