චාමිනි වික‍්‍රමසිංහ

ශ‍්‍රී ලංකා රේගුව පිළිබඳව මේ දිනවල දැඩි කතාබහක් ඇතිවී ඇත. ඒ ඉකුත් ජනවාරි 23 ජනාධිපති විසින් ශ‍්‍රී ලංකා රේගුව සහ රේගු නිලධාරීන් අරබයා කරන ලද ප‍්‍රකාශය හේතුවෙනි. එහිදී ශ‍්‍රී ලංකා රේගුවට අදාළව ආනයන සහ අපනයන ක්ෂේත‍්‍රවලට සම්බන්ධ විවිධ පිරිස් ප‍්‍රතිපත්ති සම්පාදකයින් සහ විගණන නිරීක්ෂණ තුළින් ශ‍්‍රී ලංකා රේගුව පිළිබදව දැඩි අප‍්‍රසාදයක් සහ කලකිරීමක් ඇති බව ජනාධිපතිතුමා කීවේය.

එසේම ව්‍යාපාරිකයින් විසින් රේගු නිලධාරීන් සම්බන්ධ කරගෙන සිදු කරන ලබන වංචනික ආනයන අපනයන ගනුදෙනු සහ පෞද්ගලික බන්ධිත ගුදම් ආශ‍්‍රිතව ද යම් යම් ගැටලූ ඇති බවට රේගු දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල විය.

මෙම හේතු පදනම් කරගෙන මෙම වසරේ පළමු කාර්තුවට පෙර ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ධනාත්මක පරිවර්තනයකට පත්විය යුතු බවට ජනාධිපතිගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර විසින් සියලූ රේගු දෙපාර්තමේන්තු සේවකයින් ලිපි මගින් දැනුවත් කිරීම් කර තිබුණි.

රේගුව දුෂිත නම් ඔප්පු කරන්න

එහෙත් මෙම සියලූ චෝදනා රේගු නිලධාරීන් පිළිගැනීමට සූදානම් නැත. ඇතැම් දුෂිත නිලධාරීන් සිටි බවද ඔවුන්ගේ චෝදනා ඔප්පු වූ පසු ඔවුන්ට නිසි දඬුවම් ලැබුණු බවට වූ චෝදනා බැහැර කරන්නේ ද නැත. එහෙත් මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රේගු වෘත්තීය සමිති එකමුතුව තරයේ කියා සිටින්නේ පසුගිය වසර තුළදී ශ‍්‍රී ලංකා රේගු නිලධාරීන් සිය මනා කැපවීම මත කොවිඞ් අර්බුදය හමුවේ වුව ද සිය ආදායම් ඉලක්කයන් සැපිරීමට සමත් වූ බවය.

එබැවින් ශ‍්‍රී ලංකාවේ දුෂිතම ආයතනය රේගුව නම් රේගුව හරහා සිදු කරනු ලබන භාණ්ඩ නිෂ්කාෂණය, නියාමනය රේගු බදු ඇතුළත් කර ගැනීම සහ ආනයන අපනයට ලේඛන ඉදිරිපත් කිරීම පරිගණක පද්ධතියක් හරහා සිදු කෙරෙන බැවින් එම දුෂණ පද්ධතියට හොරෙන් සිදු කිරීමට නොහැකි බව රේගු නිලධාරීන්ගේ මතය වේ. එමෙන්ම 1993 වසරේ සිට ක‍්‍රියාත්මක කෙරෙන මෙම පරිගණක පද්ධතිය නිරන්තරයෙන්ම යාවත්කාලීන වන බැවින් දුෂණ චෝදනා අවම බවද ඒ අයගේ මතයය.

එම නිසා ජනාධිපති විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රේගු වෘත්තීය සමිති සංවිධානය ප‍්‍රකාශ කරන්නේ කිසියම් ජාවාරම්කාර පිරිසක් හෝ ඔවුන් වෙත වැරදි කරුණු ලබා දෙන නිලධාරීන් පිරිසකගේ කරුණු දැක්වීමක් මත ජනාධිපති විසින් මෙම ප‍්‍රකාශය සිදු කර ඇති බවයි. එබැවින් දුෂිත නිලධාරීන් සිටින්නේ නම් රටේ සාමාන්‍ය නීතියට අනූව දඬුවම් කළ යුතු බව රේගු වෘත්තීය සමිති සංවිධානයේ මතයයි.

රේගුවේ ප‍්‍රගමනය උදෙසා ඉදිරිපත් කරන ලද සාධනීය යෝජනාවලිය

2020- 02-24 දින ඡුනාධිපතිතුමා විසින් රේගු වෘත්තිය සමිති සංවිධානය සමග සාකච්ඡුාවක් පැවැත්වීය. එහිදී රේගුවේ ප‍්‍රගමනය උදෙසා ඉදිරිපත් කරන ලද සාධනීය යෝජනාවලිය ක‍්‍රියාත්මක කිරීම සඳහා රේගු නිලධාරීන් කළ යෝජනාවට ජනාධිපති විසින් රේගු නිලධාරීන්ගෙන් සහ ජනාධිපතිගේ විශේෂ නියෝජිත කමිටුවක් පත් කිරීමට යෝජනා කරන ලදි.

පසුව එම කමිටුව ලලිත් වීරතුංග ඇතුළු නිලධාරීන් 28 දෙනෙකුගෙන් සැදුම්ලත් කමිටුවක් බවට පත් කිරීමෙන් අනතුරුව එක් දිනක් පමණක් රැුස් වුවද එම කමිටුව ක‍්‍රියාත්මක වී නොමැත.

මේ වන තුරු එම යෝජනාවලියද ක‍්‍රියාත්මක වී නැත.

පසුගිය වසර තුළ රේගුව විසින් සැපිරූ ඉලක්ක

2020 වසර 2019 වසරට සාපේක්්ෂව ආනයනයෙන් සියයට 32 ක් අඩුවිය. එම තත්ත්වය තුළ ශ‍්‍රී ලංකා රේගුව රාජ්‍ය ආදායම වශයෙන් රුපියල් බිලියන 641 ක මුදලක් උපයා දීමට සමත් විය. එය රජය විසින් 2020 වසර ආරම්භයේ ඉලක්කගත කළ රුපියල් බිලියන 646 ක ආදායම හඹායාමක් විය.

එමෙන්ම පසුගිය වසර තුළ රජය විසින් ගන්නා ලද ප‍්‍රතිපත්තිමය තීරණ මත රේගු ආදායම අඩුවිය. එහිදී වැට් බදු අනුපාතය සීයට 15 සිට 8 දක්වා අඩු කිරීමට ද මෝටර් රථ වාහන සම්පූර්ණයෙන්ම නතර කිරීමට ද රජය තීන්දු කළේය. එමෙන්ම රේගු බදු මුදල් විශාල වශයෙන් අය කළ භාණ්ඩ ද ආනයනය තහනම් කළේය. ඒ අනුව වාහන ආනයනයෙන් 2019 බදු ආදායමට වඩා රුපියල් බිලියන 80 ක් ද වැට් බදු ආදායම රුපියල් බිලියන 80 ක් ද අහිමි විය. නමුත් රේගු ආනයන බදු මුදල් සහ අනෙකුත් ආනයන බදු ආදායම් 2019 ට වඩා 2020 වර්ෂයේදී වැඩි විය.

දක්ෂ නිලධාරීන් විනාශ කරන්න එපා

අවුරුදු එක හමාරක් තිස්සේ අපේ අංශවල සේ්වය කිරීමට පරිගණක ඉල්ලා සිටිය ද මේ වනතුරු එම ඉල්ලීම් අපිට ලැබිලා නෑ. ඒ වගේම 6 2006 චක‍්‍රලේඛනයෙන් ඉදිරිපත් කරන ලද වැටුප් විසමතා තවමත් නොවිසිඳී තිබියදී යහපත් රේගුවක් වෙනුවෙන් අපි තවමත් කටයුතු කරනවා. එමෙන්ම කහ ආනයනය තහනම් කිරීමත් සමගම ලංකාවට හොරෙන් කහ ගෙන ආ ජාවාරම්කරුවන් සියල්ල වැටලීම් මගින් ඒවා අල්ලා ගත්තා. මේ වන විට කහ ටොන් 1117 රේගුව විසින් අල්ලලා තියෙනවා. රේගු නිලධාරීන් දුෂිත නම් මෙවැනි වැටලීම් සිදු කරන්න බෑ. පහුගිය දවස්වල කන්ටේනර් තුනක තානාපති වරප‍්‍රසාද යටතේ තානාපති කාර්යාල නිලධාරීන් නමට ගෙනා වාහන 12 ක් රේගු නිලධාරීන් විසින් විමර්ශනය කොට සොයා ගත්තා. ඒ වගේම ලංකාවට විශාල බදු ප‍්‍රතිශතයක් ලබාදෙන බීඩි ඔතන කොළ විශාල වශයෙන් වැටලීම් කළා. මේ තියෙන යාඞ්වල අයින් කරගන්න බැරි තරම් බඩු පිරිලා තියෙනවා. ඒ නිසා මේවා යහපත් රේගු ක‍්‍රියාකාරකම්. මේ දේවල් එක්ක අභ්‍යන්තරව හොඳ විමර්ශන ජාලයක් ක‍්‍රියාත්මක වෙනවා. එහිදී සමහර නිලධාරීන්ගේ සම්බන්ධකම් අපිට දැනගන්න ලැබුණා. ඒ අවස්ථාවල කිසිම පැකිළීමක් නැතුව රේගු වෘත්තීය සමිති වශයෙන් අපි වැරදි කරන නිලධාරීන් සම්බන්ධව තදින් ක‍්‍රියාකරන්න කියලා කිව්වා. ඒ අනුව මේ වන කොට නිලධාරීන් 15 ක් පමණ වැඩ තහනමකට ලක්වෙලා දඬුවම් ලැබිලා තියෙනවා. ඒ නිසා කිසිම අවස්ථාවක වෘත්තීය සමිති වැරදි කරන නිලධාරීන් වෙනුවන් පෙනී ඉන්නේ නෑ. ඒ නිසා ඒ සමබන්ධව නීතිය තදින් ක‍්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලලා තියෙනවා. මේ හැම වෙලාවෙම අපි රටට හොඳ රේගුවක් නිර්මාණය කරන්න වැඩ කරනවා. විවිධ සිදුවීම් නිසා අපේ කීර්තිනාමයට හානිවීම ගැන අපිට තියෙන්නේ කනගාටුවක්. ඒ නිසා මේ ඇති වෙලා තියෙන පසුබිම එක්ක අපිට බයක් තියෙනව කවුරුහරි පිරිසක් මේක ඇතුළට එවලා අපේ දක්ෂ නිලධාරීන් විනාශ කරන්න හදනවද කියලා. අද මේ රටේ අනික් දෙපාර්තමේන්තුවලට ඇමතිවරයෙක්ට කතා කරලා ඕන දෙයක් කරන්න පුළුවන්. නමුත් රේගුවේ ඒ දේ කරන්න බෑ. ඒකට අපි කවුරුත් ඉඩ දෙන්නේ නෑ. රේගු ආඥා පනත යටතේ රේගු නිලධාරීන්ට ස්වාධීනත්වයක් ලබා දීලා තියෙනවා. ඒ යටතේ තමන්ට ඕන දෙයක් කරන්න රේගු නිලධාරීන්ට බෑ. මේ රටේ බදු ආදායම සුරක්ෂිත කරන්න රටට එන නරක දේවල් වළක්වන්න අපේ පුරා වස්තූන් උරුමයන් රැුකගන්න අපි රේගු ආඥා පනත යටතේ ස්වාධීනව බැඳී සිටිනවා.

ඉල්ලීම් ඉටුවනතුරු බලා ඉන්නවා
රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ සමලේකම් උදිත ජයසිංහ

අපි හිතනවා රේගුවට වැඩිම බලපෑම් එල්ල කරන්නේ රේගුව විවේචනය කරන්නේ රේගුවෙන් කිසියම් දණ්ඩනයකට ලක්වෙච්ච කූඨ ව්‍යාපාරිකයින්. හරියට ආනයන අපනයන කරන කිසිම කෙනෙක්ට රේගුවෙන් කිසිම බලපෑමක් කරලා නෑ. මාර්ග නීීති කඩලා ඇල්ලූවම අපි පොලීසියට බනිනවා. ඒත් දවසක පොලීසිය අයින් කළොත් මොනවා වෙයිද? ඒ වගේම තමයි රේගුව දවසකට වැහුවොත් රටට ආර්ථිකයට මොනවා වෙයිද? රටට ඇතුල් වන පිටවන ස්ථානවල මොනවා වෙයිද? රේගුව රටට විශ්වසනීය විශාල සේවයක් සපයනවා. ඒ නිසා අපි කැමතියි ඔබ වැනි නායකයෙක් සමග ඉදිරි ගමනක් යන්න. අපි තමන්ගේ වටේ සිටින අය කියන දේ අහන නායකයෙන් බලාපොරොත්තු වුණේ නෑ. ඒ නිසා අපි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින්්නේ අපි සමග සාකච්ඡුා කරන්න. රට ඉස්සරහට ගෙනියන්න අපි සූදානම්. ඒ වෙනුවෙන්් අපි ඉදිරිපත් කළ යෝජනා ඉල්ලීම් ඉටුවන තුරුත් අපි බලා ඉන්නවා.

අනෙක් ආයතන ගැනත් හොයනව නම් හොඳයි
රේගු අධිකාරීවරුන්ගේ සංගමයේ උප සභාපති ලාල් වීරකෝන්

මුදල් ඇමතිතුමා ශ‍්‍රී ලංකා රේගුවට රුපියල් බිලියන 646 ආදායම් ඉලක්කයක් ලබා දෙනවා. 2020 දෙසැම්බර් 31 වන විට ශ‍්‍රී ලංකා රේගුව පවතින විට සාමාන්‍ය මහජනතාවට ආහාර බෙහෙත් කිසිදු අඩුපාඩුවකින් තොරව ලබා දුන්නා. සියලූ ආයතන වසා තිබියදී අපි වැඩ කරලා අපේ ආදායම් ඉලක්ක සපුරා ගත්තා. අපි අපේ ආදායම් ඉලක්කයට රුපියල් බිලියන 641 එකතු කරනවා. අපි අපේ ආදායම් ඉලක්ක සීයට 99 ක් සපුරා ගද්දි අනික් ආයතන ගැනත් හොයනව නම් හොඳයි කියලා අපි හිතනවා. අපේ රටේ නිෂ්පාදනය යම්කිසි මට්ටමකට අඩු වුණාට අපි අපේ අපනයනයන්ට හැකි අයුරින් කළා. අපේ රටේ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය අපි දිගින් දිගටම ලබා දුන්නා. නිෂ්පාදන අමුද්‍රව්‍ය නැති නිසා ආයතන වැහෙන්න යද්දි අපි නිෂ්පාදන අමුද්‍රව්‍ය සඳහා වෙනමම පහසුකම් සැලසුවා. පාරේ කිසිම වාහනයක් නැති අවස්ථාවල පවා අපේ නිලධාරීන් මේ අපනයන කාර්යාලයේ පැය 24 රාජකාරිය කළා. අපි මේ රටේ කර්මාන්තශාලා වැහෙන්න දුන්නෙ නෑ. අපි ඒවට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දුන්නා. කහ පිළිබදව දැනට ගැටලූවක් තිියෙනවා. මේ වන විට කහ කන්ටේනර් 65 ක් තිියෙනවා. ඒ වගේම නීනී විරෝධීව ප‍්‍රවාහනය කරන්න හදපු කහ ටොන් 1017 ක් අපි නැවැත්තුවා. මේකේ වටිනාකම රුපියල් මිලියන 250ක්. බද්ද රුපියල් මිලියන 103 ක්. මේ අපි ක‍්‍රියාත්මක කළේ ජනාධිපතිගේ සංකල්පයක් මත. ඒ නිසා ගණන් හිලව් නොදැන අපි සහය දුන්නේ නෑ කියන්න බෑ. මේවා පිළිබඳ විමසීම් කරන්න කියලා අපි ඉල්ලනවා. රේගුව හැටියට 2017 – 2020 දක්වා සිගරට් මිලියන 15 ක් අපි රාජසන්තක කරලා තියෙනවා. මේ හරහා රජයට අහිමි වෙන්න ගිය මුළු බදු මුදල රුලියල් බිලියන 5යි දශම 7 ක්්. මේ මුදල් රජයට එකතු වුණෙත් සිගරට් අල්ලලා රාජසන්තක කළ නිසා. ඒ වගේම අපේ රට විශාල මත් උවදුරක ඉන්නේ. අපේ රටේ විශාලම මත් පෙත්තක් වන මෙතැන්පටමින් කියන පෙත්ත විශාල වශයෙන් අපි නැවැත්තුවා. මේ නිලධාරීන් කාර්යක්ෂම ලෙස වැඩ කරන නිසයි මේ වැටලීම් කරන්නේ. මේ පෙති 36905ක් අපි ඇල්ලූවා. ඒකේ වටිනාකම රුපියල් මිලියන 360 යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here