වික්ටර් අයිවන්


ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති ක‍්‍රමයක් නිර්මාණය කළේ එතෙක් පැවති පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමය අසාර්ථක තත්ත්වයකට පත්වී තිබීම නිසා නොවේ. රාජ්‍යයේ සකලවිධ බලය තමන් අතට ගනිමින් පරණ රජවරුන් හිමිකරගෙන සිටි තත්ත්වයට සමාන තත්ත්වයක් හිමිකර ගැනීම සඳහාය. ජනාධිපති ජයවර්ධන තවත් රජ කෙනකු ලෙස හඳුනාගත් අවස්ථාද තිබුණි. ඔහු 1987 මැයි 31 වැනිදා බියගම නිදහස් වෙළෙඳ කලාපයේදී කරන ලද කතාවකදී මෙසේ කීවේය. ”අවුරුදු 2500ක ඉතිහාසයේදී ලෝකයේ විශාල රටවල් සමග අපගේ රට හරි හරියට සිටියෙමු. 1815දී අපගේ රාජධානිය භාරදී ඒ වෙනුවට මහා බි‍්‍රතාන්‍යයේ රජකු ලබා ගත්තෙමු. මම එම රජ පෙළපතේ අනුප‍්‍රාප්තිකයා වෙමි.” (ඬේලි නිව්ස් 1988 ජූනි 02)


ලෝකයේ බලවත්ම ජනාධිපති ලෙස සැලකෙන්නේ ඇමරිකන් ජනාධිපතිය. එහෙත් ඔහුද නීතියට යටත්ය. ඇමරිකන් ජනාධිපති නීතියට පටහැනිව කරන ඕනෑම ක‍්‍රියාවකදී එය බලරහිත කිරීමේ බලය ඇමරිකන් ශ්‍රේෂ්ඨාධිකරණය සතුය. එහෙත් ලංකාවේ ජනාධිපති ධුරය ගොඩනගා තිබුණේ ජනාධිපති නීතියටත් ඉහළින් සිටින ආකාරයටය. ව්‍යවස්ථාවේ 35 (1) ට අනුව නිල තත්ත්වයෙහිලා හෝ පෞද්ගලික තත්ත්වයෙන් හෝ කරන ලද හෝ නොකරන ලද පැහැර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිදු අධිකරණයකදී ක‍්‍රියා කළ නොහැකිය. ඕනෑම ක‍්‍රියාවක් සම්බන්ධයෙන් ජනාධිපතිට ලබාදී තිබූ මෙම පැතුරුණු මුක්තිය ( Blanket Immunity ) නීතියේ ආධිපත්‍යයට මුළුමනින් පටහැනි වූවා පමණක් නොව ඒ මගින් මුළුමනින් තමන්ට පමණක් නොව තම දේශපාලන කණ්ඩායමට ද රැුකවරණය ලබාදීමේ හැකියාව ජනාධිපතිවරයාට ලැබී තිබුණි.


ජනාධිපති ජයවර්ධන විසින් සිදුකරන ලද බිහිසුණුම වරද ලෙස සැලකිය හැක්කේ මහජන මන්ත‍්‍රීවරුන් නීතියට පටහැනිව රජය සමග ව්‍යාපාර කරන තැනකට යොමු කිරීමය. වස්තු කොල්ලය ලංකාවේ රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත්වූයේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.


තමන්ගේ සමීප ඥාතීන්ට ධනය උපයන මාර්ග හදා දෙන හා රජයේ අරමුදල්වලින් පුද්ගලික කෞතුකාගාර හදන සම්ප‍්‍රදායක් හඳුන්වා දුන්නේ ද ජනාධිපති ජයවර්ධන විසිනි. එහෙත් අවාසනාවකට ඒ පාලන යුගයේ සිදුවූ ¥ෂණ දැන් අපට අමතකය. ජනාධිපති ජයවර්ධන රටට හොඳ දේවල් කර තිබෙනවා සේ ම රටට කර තිබෙන විනාශය, විශේෂ වශයෙන් දේශපාලන ක‍්‍රමයට කර තිබෙන විනාශය අතිවිශාලය.


ජනාධිපති ක‍්‍රමයේ තටු කැපීම


ජනාධිපති ක‍්‍රමයේ තටු කපන්නට රනිල් වික‍්‍රමසිංහට අවශ්‍ය වූයේ ඒ ක‍්‍රමයේ ¥ෂිත ස්වභාවය නිසා ඇති කරගත් කලකිරීමක් නිසා නොව, ජාතික මට්ටමෙන් රට පුරා පවත්වන මැතිවරණයට මුහුණ දී ඉන් ජයගැනීම තමන්ට ගැළපෙන දෙයක් නොවන බව කල්පනා කිරීම නිසාය. 2015 ජනාධිපතිවරණයට රනිල් වික‍්‍රමසිංහ තරග කළේ නම් මුලදී විවිධ විරෝධතා මතුවන්නට හැකියාව තිබුණද පසුව ඒවා යටපත් වී එම මැතිවරණය ජයගැනීමේ හැකියාව රනිල් වික‍්‍රමසිංහට ද තිබුණි. එහෙත් ඒ සඳහා අවශ්‍ය ආත්ම විශ්වාසය ඔහුට නොතිබුණි. පිටස්තරින් ගෙනා පොදු අපේක්ෂකයකු යොදාගෙන මැතිවරණය ජයගැනීමට අවශ්‍ය වූයේ ඒ නිසාය.


මැතිවරණය ජයගැනීමෙන් පසු නියම පාලන බලය තමන්ගේ අතට ගැනීම සඳහා ඔහු කළේ ජනාධිපති ක‍්‍රමයේ තටු කැපීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් කරළියට ගැනීමය. ඒ අරමුණ සඳහා ඔහු යොදා ගත්තේ සටකපට හා ජුගුප්සාජනක ක‍්‍රියාවලියකි. තිබුණ ව්‍යවස්ථාව අනුව ජනමතචිවාරණයකින් ලබාගන්නා අනුමැතියකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියකින් පමණක් ජනාධිපති ධුරයට හිමි බලතල අහිමි කිරීමේ හැකියාවක් නොතිබුණි. ඒ සඳහා අධිකරණය දෙන ලද තීන්දුවක් ද තිබුණි. එහෙත් ඒ කිසිවක් නොසලකා සියලූදෙනාගේ ඇස් වසා ජනාධිපතිට තිබෙන බලය නාමමාත‍්‍රික කොට විධායක බලය අගමැති වශයෙන් තමන් ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලය අතට ගැනීමට සමත් විය. එහෙත් ඔහුට විධිමත් ලෙස සියල්ල එකලස් කරගැනීමට හැකිවූයේ නැත. අනුන්ගේ ඇස් වසා මහ ? සම්මත කරගන්නා ලද ව්‍යවස්ථා සංශෝධනයේ බරපතළ වැරදි තිබුණි. එහි තිබූ එක් බරපතළ වරදක් වනුයේ ජනාධිපතිගේ තටු කපා ඔහු නාමමාත‍්‍රික ජනාධිපතිවරයකු බවට පත්කර තිබුණද ජනාධිපතිවරයා තෝරා පත්කර ගන්නා ක‍්‍රමයේදී ඇති කළ වෙනස්කම්වලට ගැළපෙන ලෙස තෝරා පත්කර ගන්නා ක‍්‍රමය වෙනස් කර නොතිබීමය.

සාමාන්‍යයෙන් මුළු රටම එකම මැතිවරණ කොට්ඨාසයක් ලෙස සලකා මහජන ඡුන්දයෙන් තෝරා පත්කර ගන්නේ විධායක බලයක් තිබෙන ජනාධිපතිවරුන්ය. විධායක බලයක් නැති නාමමාත‍්‍රික ජනාධිපතිවරුන් පත්කර ගන්නේ නාමකරණයෙන් හෝ සරල ඡුන්ද මණ්ඩලයක් මගිනි. ඒ වෙනස නොකරන්නට ඇත්තේ වැරදීමකින් නොව, එසේ කළේ නම් එම සංශෝධනයේ නියම ඇත්ත ජනාධිපතිවරයාට පෙනෙනු ඇතැයි කියන සැකය නිසා විය යුතුය. අවසානයේ එය ඇති කර තිබෙන ප‍්‍රතිඵලය ඉතාමත් හාස්‍යජනකය. ජනාධිපති නාමමාත‍්‍රිකය. එහෙත් ඔහු තෝරාපත් කරගන්නේ අතිවිශාල වියදමක් දරා මුළු රටම එක ඡුන්ද කොට්ඨාසයක් ලෙස සලකා පවත්වන මහජන ඡුන්දයකිනි.


ආණ්ඩු ක‍්‍රමයේ බරපතළ වෙනසක් සිදුකර තිබියදීත් එය සාමාන්‍ය මහජනයා පමණක් නොව, උගතුන්ද ව්‍යවස්ථා සංශෝධනයෙන් අවුරුදු හතරක් ගතවන තෙක්ම දැන සිටියේ නැත. එය හිතාමතාම රහසක් ලෙස පවත්වාගෙන යන ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වූ බව පෙනේ. ඊළඟ ජනාධිපති විධායක බලය නැති නාමමාත‍්‍රික ජනාධිපතිවරයකු බව සාමාන්‍ය ජනතාව පමණක් නොව උගතුන් පවා යම් තරමකට හෝ දැනගත්තේ ඊළඟ ජනාධිපතිවරණයේ උණුසුම කරළියට පැමිණීමෙන් පසුවය. ජනාධිපති අපේක්ෂකයන්ට පවා ඒ ගැන හරි වැටහීමක් තිබෙන බවක් පෙනෙන්නට නැත.


මෝඩ යහපාලනය


අභ්‍යන්තර යුද්ධය අවසන් වන විට ලංකාවේ රාජ්‍යය එහි ආයතන ක‍්‍රමය හා සමාජය තිබුණේ උපරිම මට්ටමකට ගරා හැලූණු බෙලහීන බවට පත්වූ හා විකෘති වූ තත්ත්වයකය. රාජ්‍යය හා එහි ආයතන ක‍්‍රමය තිබුණේ ¥ෂණයෙන් කුණුවූ තත්ත්වයකය. සමාජ ක‍්‍රමය තිබුණේද හොඳටම විකෘති වූ තත්ත්වයකය.


අභ්‍යන්තර යුද්ධය ජයගැනීමෙන් පසුව රට වෙලාගෙන තිබුණු අර්බුදය ජයගත යුතුව තිබුණේ ¥ෂණයෙන් කුණුවී තිබුණු රාජ්‍යයද, ප‍්‍රචණ්ඩ ගැටුම් නිසා හිරිවැටී විකෘති වී තිබූ සමාජයද නැවත ප‍්‍රතිනිර්මාණය කරගැනීමට හේතුවන ව්‍යූහමය විපර්යාස ඇතුළත් ප‍්‍රතිසංස්කරණ වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමෙනි. එහෙත් අභ්‍යන්තර යුද්ධය ජයගත් නායකයාට හෝ ඔහුගේ ආණ්ඩුවට ඒ සඳහා අවශ්‍ය පරිකල්පනයක් නොතිබුණි. එම ආණ්ඩුව දැන සිටියේ ලැබූ යුද්ධ ජයග‍්‍රහණයේ රස උපරිම ලෙස උරා බොන්නට පමණය. එහි නොවැළැක්විය හැකි ප‍්‍රතිඵලය වූයේ රටේ පැවති අර්බුදය අභ්‍යන්තර යුද්ධයක් පැවති කාලයේ පැවති තත්ත්වයටත් වඩා උග‍්‍රවීමය. එම ආණ්ඩු පරාජය වූයේද යහපාලන ආණ්ඩුව බලයට පත්වූයේද එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.


ඉන්පසු සිදුවූ ඉතාමත්ම අවාසනාවන්ත දේ වනුයේ යහපාලන ආණ්ඩුවේ ප‍්‍රධාන මොළකාරයා ලෙස සැලකිය හැකි අගමැති රනිල් වික‍්‍රමසිංහ සිය ප‍්‍රධාන අවධානය ලංකාවේ අර්බුදය ජයගැනීම සඳහා අවශ්‍ය ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණ වැඩසටහනකට යොමු නොකොට තමන්ගේ ජනාධිපති වෙත කේන්ද්‍රගත වී තිබූ බලය තමන් වෙත සටකපටකමින් හිමිකර ගන්නා වැඩසටහනකට යොමු කිරීමය. එම නිසා රටේ පැවති අර්බුදය මහින්ද රාජපක්ෂ පාලන කාලයේ තත්ත්වයටත් වඩා උග‍්‍ර කිරීමට හේතුවුණා පමණක් නොව, රාජ්‍යයේ හා සමාජයේ පැවති අවුල්සහගත තත්ත්වයද වඩා උග‍්‍ර තත්ත්වයකට පත්කිරීමට හේතුවිය. එය නොකඩවා වර්ධනයවෙමින් පවත්නා අර්බුදයක් වන අතර එය ජනාධිපතිවරණය කෙරෙහි බලපා තිබෙනවා පමණක් නොව, ජනාධිපතිවරණය පහසුවෙන් විසඳාගත නොහැකි සංකීර්ණ දේශපාලන ප‍්‍රහේළිකාවක් බවට පත් කිරීමට ද හේතුවී තිබේ.


පොදුජන පෙරමුණ


රටේ වර්ධනයවෙමින් තිබෙන අර්බුදය විසින් සමාජය කෙරෙහි ඇති කර තිබෙන එක් වැදගත් ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ මහජනයා වෙත කවර කාලයටත් වඩා දේවල් දෙස කිසියම් විශාල ප‍්‍රමාණයකට විවේචනාත්මකව බලන තැනකට යොමු කර තිබීමය. මහජනයා අතරත් රටේ පවතින ¥ෂිත දේශපාලන ක‍්‍රමය කෙරෙහි සේ ම එම ක‍්‍රමය මත යැපෙන ¥ෂිත දේශපාලනඥයන් කෙරෙහිම නොකඩවා වර්ධනයවෙමින් පවතින කලකිරීමක් පැහැදිලිව දැකිය හැකිය. එම තත්ත්වය සාම්ප‍්‍රදායික දේශපාලන පක්ෂවලට හා නායකයන්ට තිබෙන පිළිගැනීම දුර්වල කිරීමට හේතුවී තිබේ. එම තත්ත්වය එජාපය කෙරෙහි සේ ම පොදු ජන පෙරමුණ කෙරෙහිද බලපා තිබෙන බව පැහැදිලිව පෙනේ.
පොදු ජන පෙරමුණ සිය අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ ලෙස නම් කර ඇතත්, එජාපය තවමත් තම අපේක්ෂකයා නම් කර නැත. ජනතා විමුක්ති පෙරමුණ විසින් ගොඩනගන ලද බහුජන සංවිධානයක් ලෙස සැලකිය හැකි ජාතික ජනබලවේගය සිය අපේක්ෂකයා වශයෙන් ජවි පෙරමුණේ නායක අනුර දිසානායක නම් කර තිබේ.
ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රබල අපේක්ෂකයකු ලෙස සැලකිය හැකි වුවත්, ඔහුගේ අපේක්ෂකත්වය තවමත් පැහැදිලි තත්ත්වයක නොපවතී. ඔහු අලූතෙන් ලබාගෙන තිබෙන ගමන් බලපත‍්‍රය හා ඒ සඳහා යොදාගෙන තිබෙන ජාතික හැඳුනුම්පත විවාදයට හේතුවී තිබෙන අතර, ඇමරිකන් පුරවැසිභාවය පිළිබඳ ප‍්‍රශ්නයද තමත් විසඳාගෙන තිබෙන බවක් පෙනෙන්නට නැත. ඒ සියල්ලට අතිරේකව ඔහු ජනාධිපතිවරණයේදී බරපතළ ප‍්‍රශ්න කිරීමකට ලක්වන තත්ත්වයක් ඇතිවීමද නොවැළැක්විය හැකිය.


ඔහු පැහැදිලි කළ යුතුව තිබෙන ප‍්‍රශ්න අතර ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, ප‍්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම, තරුණයන් 11 දෙනකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් මරා දැමීම, කීත් නොයාර්, පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන් වැනි ජනමාධ්‍යවේදීන් පැහැර ගෙන ගොස් පහරදී මගදමා යෑම, රූපවාහිනී ආයතන දෙකකට පහරදීම වැනි සිද්ධීන් ඒ අතර ප‍්‍රධානය. ඒ ප‍්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඔහු ප‍්‍රබල ප‍්‍රශ්න කිරීමකට ලක්වනු නොවැළැක්විය හැකිය. සිදුවූ ඒ කිසිදු අපරාධයකට තමන්ගේ ඍජු හෝ අනියම් සම්බන්ධයක් නැති බව හොඳින් සනාථ කිරීමට ඔහු අසමත් වෙතොත් එම ප‍්‍රශ්න ඔහුගේ දේශපාලන ප‍්‍රතිරූපය කෙරෙහි හානිදායි ලෙස බලපානු නොවැළැක්විය හැකිය.


මුළු රටම එක ඡුන්ද කොට්ඨාසයක් ලෙස සලකා පවත්වන මැතිවරණයකදී ගෝඨාභය රාජපක්ෂට මුහුණ දෙන්නට සිදුවන ලොකුම අවාසිය ඔහුට දෙමළ හා මුස්ලිම් ඡුන්ද ලබාගැනීමට තිබෙන නොහැකියාවය. එම ජනවර්ග දෙකම ඔහු සලකන්නේ සිංහල අන්තවාදී දේශපාලකයෙක් ලෙසය. සිංහල අන්තවාදයට වර්තමානයේ සිංහල ජනතාව අතර පවා බලවත් පිළිගැනීමක් නැත. එය නොකඩවා දුර්වලවෙමින් තිබෙන ප‍්‍රවණතාවක් ලෙස සැලකිය හැකිය.


එක්සත් ජාතික පක්ෂය


එක්සත් ජාතික පක්ෂය තිබෙන්නේ අසාමාන්‍ය තරමේ අර්බුදයකය. එම පක්ෂය ආණ්ඩු බලය ලබාගැනීමෙන් තමන්ට තිබෙන පිළිගැනීම වර්ධනය කරගැනීමට සමත් වූයේ නැත. රාජපක්ෂ ආණ්ඩුවේ ¥ෂණය, භීෂණය ගැන මහා හඬකින් කතා කළ ද ¥ෂණයට හා භීෂණයට වගකිවයුතු එකම පුද්ගලයකුට එරෙහිව හෝ නීතිය ක‍්‍රියාත්මක කිරීමට සමත් නොවීය. ඒ වෙනුවට ඒ සියලූදෙනා ඍජු ලෙස හෝ අනියම් ලෙස ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය. අඩුම තරමින් තම පක්ෂය වෙනුවෙන්ම මියගිය පුද්ගලයකු ලෙස සැලකිය හැකි ලසන්ත වික‍්‍රමතුංග වෙනුවෙන්වත් සාධාරණත්වය ඉටු කිරීමට සමත් නොවීය. වඩාත්ම හාස්‍යජනක දේ වනුයේ ¥ෂණ විෂයේදී තමන්ගේ ආණ්ඩුව ¥ෂණයෙන් තොර තත්ත්වයක තබාගැනීමට අසමත්වීමය. මහ බැංකු බැඳුම්කර වංචාවෙන් ආණ්ඩුව පමණක් නොව, එජාප නායකයාද සිය ප‍්‍රතිරූපය උපරිම මට්ටමෙන් කෙළෙසා ගත්තේය. තමන් කරළියට ගෙනා පොදු අපේක්ෂකයා ජයග‍්‍රාහී කරගැනීමට සමත් වුවත් එම ජනාධිපතිවරයා සමග නිසි අවබෝධයකින් හා සහයෝගයකින් ක‍්‍රියාකිරීමට අසමත් විය. රට මුහුණ දී තිබෙන සංකීර්ණ අර්බුදය ජයගැනීමට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ප‍්‍රතිසංස්කරණ මගහැරියේය. සම්පූර්ණ අවධානය යොමු කළේ රට මුහුණ දී තිබෙන තියුණු බිහිසුණු අර්බුදය කෙරෙහි නොව, ජනාධිපති බලතල තමන්ගේ අතට ගැනීම ගැනය. එම අවශ්‍යතාව පවා රටට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ ඇති කරන වැඩසටහනක අතුරු අංගයක් බවට පත්කර ගැනීමේ හැකියාව තිබුණද ප‍්‍රධාන අවධානය යොමු කළේ රට ගැන නොව තමන් ගැනය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ගේ ¥ෂිත පැවැත්මේ යහපත් වෙනසක් ඇති කරනවා වෙනුවට ඔවුන්ගේ ¥ෂිත පැවැත්ම වර්ධනය කිරීමට හේතුවන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය. රටේ වාර්ගික අර්බුදය විසඳීම සඳහාවත් ඵලදායී කාර්ය භාරයක් ඉටු නොකළේය. රටේ විශේෂ පිහිටීම සැලකිල්ලට ගෙන රටේ ආරක්ෂාවට හා ගෞරවයට හේතුවන විදේශ පිළිවෙතක් වෙනුවට රට වැඩි වැඩියෙන් බලවතුන්ගේ ග‍්‍රහණයට තල්ලූ කරන පිළිවෙතක් අනුගමනය කළේය. රට ලොකු මූල්‍ය අර්බුදයක එරී තිබියදී ඒ බව නොසලකා රටේ ණයගැතිභාවය වර්ධනය කිරීමට හේතුවන නාස්තිකාර පිළිවෙතක් අනුගමනය කළේය. එජාප ආණ්ඩුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇති කළ හානිය හා ඒ මගින් ආණ්ඩුක‍්‍රමයට ඇති කළ හානියද අතිවිශාලය.


පක්ෂය තුළ ලොකු බෙදීමක් ඇති නොවන ලෙස අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ ප‍්‍රශ්නය විසඳා ගැනීම දුෂ්කර ප‍්‍රශ්නයක් බවට පත්වී තිබෙන්නේ යැයි කිව හැකිය. එම තනතුර සජිත් අතට පත්වනවා දකින්න රනිල් අකමැතිය. ඒ සජිත්ගේ ආකල්පවල ඇති පසුගාමී බව සලකා නොව, සජිත් එම තනතුරට පත්වුවහොත් මෛත‍්‍රීපාල සිරිසේන මෙන් ඔහු තමන්ට කරදර කරන කරදරකාරයකු හා තමන්ගේ නායකත්වයට අභියෝග කරන පුද්ගලයකු වනු ඇති බවට රනිල් වික‍්‍රමසිංහ තුළ තිබෙන සැකය නිසාය. 19 වැනි සංශෝධනය ගැන වැඩියෙන්ම දන්නා පුද්ගලයා රනිල්ය. දැන් එය කිසිදු විධායක බලයක් නැති නාමමාත‍්‍රික තනතුරක් බව දැන දැනත් සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය දීමට බියවන්නේ ඇයිදැයි තේරුම් ගැනීම අමාරුය.


විකල්ප ව්‍යාපාර


රටේ පවතින ¥ෂිත ක‍්‍රමයේ වෙනසක් වෙනුවෙන් ජනාධිපතිවරණයට තරග කරන්නට අපේක්ෂාවෙන් සිටින විකල්ප තරගකරුවෝ ගණනාවක් සිටිති. ජවිපෙ හැර අන් කිසිවෙක් මහජන පදනමක් ඇති කිසියම් ඉතිහාසයකට හිමිකම් කියන අය ලෙස සැලකිය නොහැකිය. ඔවුන් තමන් කෙරෙහි ඇති කරගත් අධි විශ්වාසය හැර රට මුහුණදී තිබෙන අර්බුදය ගැන තියුණු අවබෝධයක් ඇති අය ලෙසද සැලකිය නොහැකිය. වඩාත්ම හාස්‍යජනක කරුණ වන්නේ තමන් තරග කරන්නේ විධායක බලයක් නැති නාමමාත‍්‍රික තනතුරකට බව තරගකරුවන් සියලූදෙනාම දැන නොසිටීමය.


ජවි පෙරමුණ සිය ජනාධිපති අපේක්ෂකයා ප‍්‍රකාශයට පත් කළේ ගෝල්ෆේස් පිටිය පිරෙන තරමට මහජන සෙනඟක්ද රැුස් කරගත් සභාවකය. එය හොඳ ආරම්භයක් ලෙස සැලකිය හැකි වුවත්, ඡුන්ද ප‍්‍රතිඵලවලට යනවිට ලොකු ප‍්‍රතිඵලයක් පෙන්නුම් කිරීමට සමත්වේද යන්න පැහැදිලි නැත. විශේෂ රැුස්වීමකට තමන්ට ඡුන්දය දෙන ජනතාව අතරින් ලොකු පිරිසක් කැඳවා ගැනීමේ සංවිධානාත්මක හැකියාව හැමදාමත් ජවිපෙට තිබුණේය. 1982 ජනාධිපතිවරණයේදී විජේවීර ක‍්‍රියාවට නගන ලද රැුස්වීම් ඇතුළු ප‍්‍රචාරණ වැඩපිළිවෙළ ලොකු ආකර්ෂණීය තත්ත්වයක තිබුණි. ජනතා විමුක්ති පෙරමුණේ අනුගාමිකයෝ එදා දුර බැහැර නොසලකා විජේවීර සහභාගි වන හැම රැුස්වීමකටම වාගේ ගියෝය. තමන්ගේ රැුස්වීම්වලට එන සෙනඟ දැක විජේවීරද ලැබෙන ප‍්‍රතිඵලය ගැන අධි තක්සේරුවක් ඇති කර ගත්තේය. එහෙත් ලැබුණු ප‍්‍රතිඵලය අපේක්ෂා කළ ප‍්‍රතිඵලය නොවීය. තවමත් ජවිපෙ කල්පනා කරන විදිය සාම්ප‍්‍රදායිකය. වෙනත් අය කරන දේ ම කරන අයට ලොකු වෙනස්කම් ඇති කළ නොහැකිය. නිර්මාණාත්මකව සිතන්නට සමත් වී නම් එම ව්‍යාපාරයට මෙම ඓතිහාසික අවස්ථාව ලංකාව වෙනස් කරගැනීමට දොරටු විවෘත කරගන්නා අවස්ථාවක් බවට පත්කර ගන්නට හැකිවන්නට ඉඩ තිබුණි. රටේ පවතින ¥ෂිත ක‍්‍රමය වෙනස් කර ගනිමින් පාර්ලිමේන්තු මැතිවරණයකින් වඩා හොඳ ප‍්‍රතිඵල ලබන තත්ත්වයක් දිනාගැනීමටද හැකිවන්නට ඉඩ තිබුණි. ඒ ගැන කරුණු සලකා බැලීමක යෙදෙන්න තවමත් ප‍්‍රමාද නැත.