නිමල් අබේසිංහ

වෛද්‍ය වෘත්තිය වැනි ඉහළ පිළිගැනීමක් තිබෙන වෘත්තිකයන්ගේ වෘත්තීය කටයුතු මෙන්ම ඔවුන්ගේ වෘත්තීය සමිති කටයුතුද වැදගත් මනා සාරධාර්මික සේ ම නීත්‍යනුකූලවද සිදුවිය යුතු බවට විවාදයක් නැත.


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ එහි සභාපති විශේෂඥ වෛi අනුරුද්ධ පාදෙණියගේ වත්මන් ක්‍රියාකාරකම් ඔවුන්ගේ වෘත්තිකභාවයට කිසිසේත් නොගැළපෙන බවට තොරතුරු වාර්තා වී තිබේ.


වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු විසින් පොලිස්පතිවරයා අමතා යවා තිබෙන ලිපියකින් හා වෛi චමල් සංජීව විසින් මොරටුව දිසා අධිකරණයේ පවරා තිබූ නඩු වාර්තාවක සඳහන් තොරතුරුවලින් ඒ බැව් හෙළිවේ.


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2020-21 වර්ෂයේ නිලවරණය සඳහා අයදුම්පත් කැඳවීමේදී වැරදි තොරතුරු සහිත අයදුම්පත් සමහරක් අයට පමණක් ලබාදී තිබේ. එය වෛද්‍ය අතපත්තු විසින් පොලිස්පතිවරයාට යවන ලද ලිපියේ ඒ ගැන සඳහන මෙලෙසය.


“නිලවරණයේ නාමයෝජනා භාරගැනීමේ අයදුම්පත, නාමයෝජනා ප්‍රතික්ෂේප වන ආකාරයට පුරවන ලෙස උපදෙස් ලබාදී වැරදි අයදුම්පතක් සකස් කර බෙදාහැර සාමාජිකයන් නොමග යැවීම” ලෙසටය. අනෙක් කාරණාව වන්නේ නිලවරණය සඳහා තැපැල් ඡන්ද නිකුත් කිරීමේදීය.

තැපැල් ඡන්ද පත්‍රිකාවක් නිකුත් කිරීමට නම් එකී අයදුම්කරුවා විසින් එසේ ඉල්ලා සිටින සෑම සාමාජිකයෙකුම එයට අදාළ ඉල්ලුම්පත ලියාපදිංචි තැපෑලෙන් නිලවරණ කමිටුව වෙත එවිය යුතුය. එනමුත් මෙහිදී එසේ ඉල්ලා නොසිටි අයටද තැපැල් ඡන්ද පත්‍රිකා යවා තිබේ. ඒ අනුව පෙනෙන්නේ එවැන්නක් රහිතවද තැපැල් ඡන්ද පත් යවා ඇති බවය. ඒ එය වංචාවක් සේ ම කූඨ ලේඛන සැකසීමක්ද වේ.


රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය විශේෂයෙන් එහි සභාපතිවරයා සිය සංගමයේ උන්නතියට වඩා වෙහෙසෙන්නේ වෙනත් කාර්යයන්ටය. ඒ සඳහා ඕනෑ තරම් උදාහරණ ඇතත්, වෛද්‍ය චමල් සංජීව විසින් මොරටු දිසා අධිකරණයේ පැවරූ නඩුවේදී ඔහුගේ නීතිඥවරයා අධිකරණයේ දැක්වූ තොරතුරක් මෙහි සඳහන් කරමු.


ගරු මැතිතුමනි, මෙය වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියකි. වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියක් හැටියට ඔවුන්ට පුළුවන් වෛද්‍යවරුන්ගේ අයිතිය ගැන කතා කරන්න. ඒ අයට බැහැ උදාහරණයක් විදියට හෙද සංගමයේ සාමාජිකයන් ගැන, අනෙකුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සාමාජිකයන්ට ලබාදිය යුතු වරප්‍රසාද පිළිබඳව අතිරේක දීමනා සම්බන්ධව කිසිම දෙයක් සම්බන්ධව කතා කරන්න ඒ අයට අයිතියක් නැහැ. හැමෝම දන්න දෙයක් තමයි පසුගිය දවස්වල හෙද සේවයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් තිබුණා. ගරු ජනාධිපතිතුමා විසින් සාකච්ඡා කරලා ඉල්ලීම් ලබා දුන්නායින් පසුව මේ අය ලිපියක් ලියනවා” ඒ ලිපිය පැ11 ලෙස ලකුණු කර ඉදිරිපත් කර ඇත. (පැ. 11 දරන ලිපිය කියවා සිටී.)


මෙයින් පෙනෙන්නේ රජයේ නිලධාරීන්ගේ සංගමයේ තරම සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙක් සේවාවන්හි යෙදෙන උදවිය සම්බන්ධයෙන් ඔවුන් තුළ පවතින පහත් ආකල්පයන්ය. ■