ටිරන් කුමාර බංගගමආරච්චි

පිරිමි ළමයකුව පසුකරගෙන යන්නෙකු ඇසුවේ ”පුතා කරුණාකර මට කියන්න පුළුවන්ද දැන් වෙලාව කීයද කියලා.” සත්තකින්ම ළමයා පිළිතුරු දුන්නා. ”ඒත් ඔයාට ඒක ඕනෑ මොකටද? ඒක දිගටම වෙනස් වෙනවනේ?”
ලංකාවේ දේශපාලනය ගැන ඇහැව්වත් කියන්න තියෙන්නේ මොකටද? ඒක දිගටම වෙනස් වෙනවනේ යන්නමය. සිවුරේ බලයෙන් දේශපාලනයෙහි නියැළෙන රාජපක්ෂලාගේ හොරණෑ පෙරළා ඇසිය හැක්කේ වෙනස් නොවන්නේ කුමක්ද යන්නය. ඊට හිස නමාගෙන එකඟ වන අතර දීමට පිළිතුරක්ද තිබේ. එනම් මෙරට ජනතාව යන්නය.


ඒ රාජපක්ෂලාගේ ජනතාව විය හැකිය. වික‍්‍රමසිංහලාගේ ජනතාව විය හැකිය. නැතහොත් අනුරගේ ජනතාව හෝ සුමන්තිරන්, හකීම්ලාගේ ජනතාව විය හැකිය. හැමදාම වෙනස් නොවී වෙනස්කම් අත්දකින ජනතාවක් වී ඇත. කාලෙන් කාලයට කාට හෝ ඇන්ඳෙන කාව හෝ අන්ඳන ජනතාවක් වී ඇත. අවසානයේ සිදුව ඇත්තේ ජනතාව ලෙස පොදුවේ ඇන ගැනීමය. නන්නත්තාර වීමය. 2015දී ජාති භේදයකින් තොරව සිරිසේන, වික‍්‍රමසිංහ රට ඇන්දුවේය. දැන් නැවත ජාති භේදයක් සහිතව රාජපක්ෂලා ඇන්දීම පටන් ගෙන ඇත. 2015 යහපාලනයක් ගෙන ආවා කියා සිංහලයෝ පමණක් නොව දෙමළ, මුස්ලිම් ජනතාවද පරිප්පු කෑහ. ඡුන්ද කාලයට රාජපක්ෂලා උඩ දාන උතුරට කොටසක් ලියාදීම වික‍්‍රමසිංහලාට ඒ කාලයේ කළ හැකිව නොතිබුණිද? ඡුන්ද කාලයට ඞීල් දමනවා යැයි කියන දෙමළ දේශපාලකයා දකුණ සමග සැමදා ඉන්නේ ඇයි? මේ අද මුදලට හෙට ණයට ඞීල් එකක් නිසාද? බෞද්ධයාට හැමදා මෙය රස කර කෑමට හැකිවී ඇත්තේ ඇයි? ඇත්ත කතාව භික්ෂූන් නිසාය. භික්ෂුව සිංහලයා තුළ බෞද්ධකම් අවුලවාලමින් සිටින්නේ ඇයි? එනම් ඔවුන්ගේ පැවැත්ම, ආරක්ෂාව රැුකවරණය ඇත්තේ බෞද්ධ ගිහියා අතේ වන නිසාය. ආගමික නාමයෙන් කුමන අර්ථකථන දුන්නද? භික්ෂුව යනු යදින්නෙකි. බෞද්ධ ගිහියා නොවන්නට ඒ හැම කුසගින්නේය. ඒ නිසාම මේ ගිහියාව තම පැවැත්මට රැුක ගත යුතුව ඇත. එයට හොඳම බණ, රට ජාතියය. බුදුන්ගේ ගැඹුර තුළ රට, ජාතියක් තිබිය හැකිද? එසේ නම් මෙය තනිකරම භික්ෂු රැුකවරණයට ඇටවූ දේශපාලන ගුණ්ඩුවක් බව මේ රටේ අන්ධ බෞද්ධයෝ කවදා වටහා ගනිත්ද? කවදාවටත් වටහා නොගනු ඇත. භික්ෂුවට පැවතිය හැකි දේශපාලනය රාජපක්ෂලාගේ දේශපාලනයය. භික්ෂුවට යැදිය හැකි දේශපාලනය එයය. ඒ තුළ වික‍්‍රමසිංහලා සජිත්ලා බඩගාගෙන ගියද ඇත්තේ අඩු තැනකි. අද දේශපාලකයෝ ආගම ගැන කතා කරති. ආගමික නායකයෝ දේශපාලනය ගැන කතා කරති. ගිහියෝ සාදුකාර දෙති. දීපාල් ගීතයකින් කීවේ පරම සැබෑවක්ය. එනම් මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සුමය.


එජාපයේ පිස්සුව


පසුගිය මැතිවරණයෙන් නන්නත්තාර වූ එජාපය මේ දිනවල උමතු වී ඇත. ඒ අය පරාජයට හේතු සොයාගෙන ඇත. ඉන් ප‍්‍රධානතම හේතුව භික්ෂු ආලය නොමැතිවීමය. එසේ නම් පක්ෂයට ලබාගත යුත්තේ දේශපාලන අරුතක් නොව භික්ෂු අනුශාසනාය. රාජපක්ෂලා දිනූයේ භික්ෂුව නිසාවෙනි. එජාපය පරාජය වී ඇත්තේ එම අනුග‍්‍රහය නැති නිසාය. සිංහල බෞද්ධ ඡුන්ද නැතිවී ඇත. සිංහල බෞද්ධ ඡුන්ද හරවන ඡුන්ද මැෂිම කවුද? භික්ෂුවය. එසේ නම් බුදුන් සරණ නොව මෙරට බලය සඳහා භික්ෂුව සරණ යා යුතුය යන්න දැන් අටුවන් බැහැගෙන ඇත. ඒ නිසාම එජාපය උපාසකලා වී සිල් සමාදම් වන්නට සූදානම්ය. බෞද්ධ භික්ෂූහු එජාපය ප‍්‍රතික්ෂේප කළේ ඇයි? එජාපය සරලවම හේතු හොයාගෙන ඇත. එනම් මංගල සහ රන්ජන්ගේ හැසිරීම් නිසාය. මේ දෙදෙනාගේ පව් වැඩ නිසා එජාපය නිරයට ගොස් ඇත. මේ අය කට පියාගෙන සිටියේ නම් අද රාජපක්ෂලා පරාදය. භික්ෂූහු වික‍්‍රමසිංහව සහ සජිත්ව දිව්‍ය ලෝකයට රැුගෙන ගොස් ඇත්තාහ. මේ මුසාදම් සුරකිනුයේ ඇයි? මංගල සහ රංජන් කළ කී දෑ වැඩකට ඇති දේ නොවේ. ඒවාට බෞද්ධ ජනයා කෝපවන්නේ නම් මෙරට භික්ෂූන්ගේ හැසිරීම්වලට බෞද්ධයෝ කොතරම් කෝප විය යුතුද? මංගල සහ රංජන් මොන දේ කියන්නටත් පෙර රාජපක්ෂලා භික්ෂුව තම දේශපාලනයට ඈඳාගෙන ඉවරය. කොටින්ම 2015න් පසු භික්ෂුව රාජපක්ෂව නැගිට්ටුවා යැයි කීම උචිතය. අභයාරාමයෙන් ඇරඹි ගමන තුළ රාජපක්ෂ ලංකාවේ නොගිය පන්සලක් නැති තරම්ය. පන්සලේ රැුකවරණයට ගිිහියා අවැසිය. ඒ ගිහියා රාජපක්ෂවාදියකු වීම වඩා උචිතය. යටින් ගිය දේශපාලනය එයය. කැලණි පන්සල එදා රැුකුණේ රනිල්ලාට පින් සිදුවන්නට වුවත් අද රැුකෙන්නට නම් රාජපක්ෂලාගේ පින වුවමනාය. ඇත්ත එයය. එහෙව් සත්‍ය තේරුම් නොගෙන එජාපය බෞද්ධවීමට යෑම ව්‍යාජයේ උපරිමය රඟදැක්වීමකි.


සජිත් සමග නැගිටීම


එජාප සමස්ත පරාජයට හේතුව මංගල සහ රන්ජන් බව රනිල්වාදීන් සහ සජිත්වාදීන් එක තැනට විත් පිළිගන්නා සත්‍යය මෙතැනදී සජිත්-රනිල් දෙකම එකය. එනම් ගෝලයෝ ලවා එය සමාජගත කරමින් ඔවුහු වචනයක් නොදොඩති. රනිල් එළිපිටම භික්ෂු අනුශාසනා අත්හැරීම වරදක් බව කියනමුත් සජිත් තවමත් අතුරුදහන්ය.


මහින්ද සමග නැගිටීම දෙවැනි නාටකය සජිත් සමග නැගිටීමය. ඕනෑම කෙනකු සමග පස්සෙන් යන ජනතාව නැවත හැරෙන්නට බියය. මන්ද ආපසු හැරෙන්නට බැරිතරම් දුර ගොස් ඇති බව දැනගනුයේ ඇනගත් පසුව වීමය. එවිට එකම විසඳුම තමා කර තබාගෙන ආ කුරුසයම කර තබාගෙන යෑමය. එදා 2015දී මහින්ද පරාජය වූ පසු වීරවංශලා ගම්මන්පිලලා ඇතුළු පිරිස මහින්දට හැරෙන්නට නොදුන්නේ ඒ හැරුම සියල්ල යටකර යන නිසාය. අද සජිත් සමග ගිය අය සජිත් සමග ගියේ රනිල්ව බිත්තියට හේත්තු කර බැවින් සජිත් ආපස්සට හැරුණහොත් රනිල්ගේ ගොදුරුවීමට මේ සැමට සිදුවනු ඇත. ඒ නිසා දැන් ගමන සජිත්ටය. ප‍්‍රශ්නය සජිත් යනු ඔහුම කියන ආකාරයට ඔහු පේ‍්‍රමදාසගේ පුතා වුවද අපිට පෙනෙන පරිදි පේ‍්‍රමදාසගේ නම ගෑවිලාවත් නැති පෙන්දෙකි. සජිත් ගැන මම මුලදී ලියූ සෑම තැනකදීම ඔහු හැඳින්වීමට ගත් උදාහරණය වූයේ පතෝලය. එය අදටත් පොදුය. සජිත් යනු පතෝලයෙකි. කොටන් ගහකි. ගුණත් නැති අගුණත් නැති සේම හෙවණට යම් සහනයක් වනු ඇත. මේ පරිවාර පිරිස දඟලනුයේ ලෙඩවී ඇති මොහොතක පතෝල හොඳ බැවිනි. රනිල්ගෙන් පිච්චෙනවාට වඩා කොට්ටන් ගහ යට හෙවණ මහා මෙරක් වන බැවින් විය යුතුය.


සජිත් කරට ගත් අය සජිත්ව බිම නොතබන සටන ආරම්භ කර ඇත. එහෙත් රනිල්ගේ ගැට ලේසි නැත. ඒවා පේ‍්‍රමදාසගේ කාලයේ සිටම හුරු පුරුදු වූ ඒවාය. රනිල්ට සජිත්ට බත් කවන්නට බිල්ලෝ වුවමනා නැත. ඊට කරු සිටියාම හොඳටම ඇතිය. රනිල් හැම යටි කූට්ටු වැඩක්ම කරනුයේ කරු සමගය. කරු යනු එජාපයේ සිටින භයානකම චරිතයය. මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට දාහතක් රැුගෙන ගොස් තනිවම පැමිණ අද පක්ෂය වෙනුවෙන් දිවි පුදන මට්ටමට කතා කරමින් සිටී. මෙවැනි තක්කඩිකම් දේශපාලනය නොතේරෙන අඳ බාලයන්ට මසුරන්ය. රනිල් මේ ගැන නොදන්නවා නොව ඔහුට සජිත්ට ඔළුව නවනවාට වඩා වැඩිහිටිකමට හෝ කරුට හිස නැමිය හැකිය. රනිල් වටා සිටින බොහෝ අය සජිත්ට සර් කියන්නට අකමැතිය. ඒ වෙනම ප‍්‍රශ්නයකි. ඒ අයටත් කරුට ‘සර්’ කිව හැකිය. කරු මහත්මයෙකි. සුදු පිරුවටයකි. කරුට ඕනෑ වී ඇත්තේ යාප්පුවට සිට බෑණාට හෙට දවස හදන්නටය. නවීන් දිසානායක (බෑණා*ද සිටිනුයේ කවදා හෝ රජ වේයැයි මානසික ව්‍යාධියෙනි. මේ නියම මාමා සහ බෑණාය. එජාපය හැර මාමා යන විට බෑණාද ගියේය. මාමා එන ගැම්මට බෑණා ආවේද නැත. ඉතිහාසයේ එකම දේ නැවත නැවත නොවූවද ඉතිහාසය දැන සිටීම වැදගත් වනුයේ එයම නොවූවද එවැනි දෑ නැවත නැවත විය හැකි බැවිනි. රනිල්, කරු දෙස බලන කල සජිත් ළාමකය. තොත්ත බබෙකි. පරාජයෙන් පසු හොටු පෙරාගෙන නොකා නොබී ගොළු වන්නෙකි. එය අවංකය. තරගයකදී ජය පරාජය දෙකම පොදු වුවත් නියම තරගකරුවෝ පරාජයේදී කඩා වැටෙති. මන්ද තරග කරනුයේ ජයගන්නටම වන බැවිනි. රනිල් යනු උපන් පරාජිතයෙකි. ඔහු තරග කරන්නට බයය. ඊට වෙන වෙන ආදේශක ඉදිරිපත් කර ඔවුන් හරහා දිනන්නට මාන බලන්නෙකි. එවැනි අයකුට පරාද වූ පසු ඉවසිය හැකිය. මන්ද ඔහු තරග කරන්නකු නොවන නිසාය. තරගකරුවෝ හැර විනිසුරුවෝ ජය පරාජයෙන් උදම් හෝ දුක් නොවෙති. ඒ අතරින් සජිත්ගේ මේ හැසිරීම අවංකය.
සැබැවින්ම එජාපය අලූත් ගමනක් යා යුතුය. ඒ සඳහා සජිත් පෙරමුණ ගත යුතුය. ඒ ඔහුගේ පතෝල ගති තේරුම් ගෙන අවංකවම හැව ඇරීමෙනි. වැටීමෙන් පාඩම් ඉගෙන ගෙන නියම නායකයකු විය යුතුය. එය ව්‍යාජ බෞද්ධ ගමනක් නොවිය යුතුය. ප‍්‍රතිපත්තිගත බෞද්ධ ගමනක් විය යුතුය. එයට වෙර ඔහු සතුව ඇත්නම් ඔහු පෙරට ආ යුතුය. නැතහොත් නිවාස අඩස්සියේම සිටීම යහපත්ය. රනිල් සහ කරු සැබැවින්ම දේශපාලනයෙන් සමුගත යුතුය. මේ දෙකම භයංකාර දේශපාලන වයස්ගත වූවෝය. මේ අය ගත කළ දේශපාලන කාලය හොඳටම වැඩිය. දැන් කල් ඉකුත් වී ඇත. එය වටහා ගත යුතුය.


ගෝඨා ගමන


නංගි පෙන්නා අක්කා දීම යනු පරණ කතාව දැන් අලූත් වූයේ අයියා පෙන්නා මල්ලිව දීමය. ඒ රටටය. අයියාට මේ රජ ගේ මල්ලි තනාලා ගීත ඒ කාලේ කීවේ අනාගතය ගැන දැන විය හැකිය. කෙසේ වුවත් අයියා යනු දෙවරක් කළ හැකි උපරිම දේ කර ජනතාව ඊළඟ වාරයේ ප‍්‍රතික්ෂේප කළ අයෙකි. අනෙක් අතට තව මල්ලිලා සහ අයියලා සිටියද? මේ මල්ලිට වුවමනා වූයේ ගෝඨාභය සතු වෙනම වටිනාකමක් තිබූ නිසාය. මුලදී මහින්දද ගෝඨාට අපේක්ෂකත්වය දෙන්නට මැලිවිය. ඒ වෙනුවට ඔහු වෙන විකල්පයක් සෙව්වේය. එහෙත් ඒ වනවිටත් ගෝඨා තෝරා ගත් ඔහුව කරට ගත් පිරිසක් විය. එදා 2015දී මහින්දව නැගිට්ටවූ විමල් සහ ගම්මන්පිල පවා ගෝඨා සමග විය. උගත් පිරිසක් මෙන්ම ව්‍යාපාරික පිරිසක්ද ඔහු වටා විය. මේ නිසාම මහින්දට ගෝඨා අත හැරිය නොහැකි විය. මේ දේවල් ගෝඨා නොදන්නවා විය නොහැකිය. එහෙත් දිනන්නට මහින්දගේ සහයත් වුවමනාය. දෙකම නැතිව එකට ඒම ලේසි නැත. ඒ අනුව සියල්ල සිදුවිය. බෞද්ධ ලකුණක් බවට ගෝඨා පත් කළේ මහින්ද නොව මුලදීම ඔහු වටා සිටගත් පිරිසය. මහින්ද කළේ පොහොට්ටුව අතට දී තවදුරටත් බෞද්ධ කිරීම පමණය. ඒ යටගියාවය. දැන් ජනතාව විශාල වශයෙන් ගෝඨාව ජනපති කර ඇත. ඒ මහින්ද කෙරෙහිත් නොතැබිය හැකි විශ්වාසයක් ඔහු කෙරෙහි රඳවාගෙනය. එසේ නම් ජනපති ගෝඨාභයට දැන් ඉතා සූක්ෂ්මව රාජපක්ෂ ගැට ගැලවිය යුතුව ඇත. එනම් 2015දී මහින්දව ප‍්‍රතික්ෂේප කළේ ඔහු ඇතුළු පිරිස ජනතාවට එපා වූ නිසාය. එය යහපාලනයට සාර්ථක දැක්මක් නොවීමෙන් නැවත නරක දේ ම හොඳ කියන්නට ජනතාව පුරුදු වූහ. එහෙත් ජනතාව මෙවර තෝරා ගත්තේ ඒ නරක තුළ ඇති හොඳය. එනම් ජනපති ගෝඨාභය කෙළින් වැඩ කරන හොරකම, ¥ෂණය නවතාවි යන විශ්වාසය මතය. එහෙත් එය කිරීම ලේසි නැත්තේ ජනපති ගෝඨාටද වැඩ ගැනීමට ඇත්තේ පරණ හොරුම වන බැවිනි.


මහින්ද එදා කීවේ ආරක්ෂක ලේකම් ලෙස අරම වැඩ කළා නම් ජනපති වූ පසු 19 ඇතා නැතා ගෝඨා වැඩ කරන බවය. එසේ නම් දැන් එය අවංක කතාවක් කළ යුත්තේ අගමැති මහින්දමය. ඔහු අගමැති ලෙස සියලූ බලතල ඇත්තේ අද ඔහුට බව මනාව දන්නේය. 19 සමග බලතල එන්නේ අගමැතිට බැවින් බැසිල් උපරිමය කළේ ගෝඨා ජනපති කරනවාට වඩා මහින්ද අගමැති කරන්නට බව සහතිකය.


එදා වේදිකාවේදී මහින්ද මොන කතා කීවද දැන් තමා අත-පැය බැඳ ඇති ජනපති කෙනකු බව ගෝඨා දන්නවා නියතය. ඒ බව මේ කෙටි කාලයකට පසක් වී ඇති බව සහතිකය. එහෙත් ඒ කිසිවකට සැලිය යුතු නැත. එනම් 19 උගුලක් වන්නේ ජනපති සහ අගමැති ගැටෙන විටදීය. එසේ නම් මෙවර අගමැති කළයුත්තේ ජනපතිට අවනතව තමන්ට බලයක් නැති ගාණට තම සහෝදරයාට වැඩ කරගෙන යෑමට ඉඩදීමය. රටට යහපත ගෙනෙන සහෝදර බැම්මක් නිසා එහි පුරුක් එලෙසම පවතී යන්න සිතමු.


සිරිසේන වැඩ පටන් ගත්තේ බෝල්ට්පොයින් පෑනෙන් අත්සන් කරය. ජනතාව ඇස් උඩ දමා ගත්හ. එදා ජාතිය ඇමතුම ඇසූ ජනතාව හිරිගඬු පිපෙන තරමට ඔහුට ආසක්ත වූහ. එහෙත් අද වනවිට ඔහුගේ නම කීවිට පිළිකුල් චරිතයක් වී ඇත. ජනතා සේවකයා කී මිනිසා එසේය.


මේ බව කීවේ සිරිසේනත් මුල් කාලයේ හැසිරුණු හැටි පසුව වෙනස් කළ වේගය දෙස බලන කල ජනපති ගෝඨාගේ වැඩත් එලෙස වේවදැයි විචිකිච්ඡුාව නිසාය. රූප ගලවා රාජ්‍ය ලාංඡුනය එල්ලීම, වීදිය අලංකාර කිරීම, පරිසරය පිරිසිදු කිරීම, විදෙස් සංචාරවලදී තමන්ගේ පිරිවරට වෙනම ගුවන් යානා වෙන් කිරීමේ සංස්කෘතියට තිත තැබීම, තමන්ට වාහන දෙකක් තබා ගැනීම. මේ වැඩ දෙස ජනතාව බලනුයේ පුදුමසහගත යහපත් ක‍්‍රියා ලෙසය. එයට කාට හෝ විරුද්ධ විය නොහැකිය. සැබැවින්ම යහපත්ය.


එහෙත් ඉතිරි පදාසය. එනම් අගමැතිට ඇති පදම් මෙහි අනෙක් පැත්ත භුක්ති විඳි අයෙකි. එසේ නම් ජනපති ගෝඨාට ඇති අභියෝගය තමාගේ ආදර්ශ තම ආණ්ඩුවේ ක‍්‍රියාත්මක වනවාද යන්නය. බරපතළව සොයා බැලිය යුත්තේ එයය.
ඇමති මණ්ඩලය 15ට බැස්සීම ආශ්චර්යයක් කර ගත් අය කල්පනා නොකරනුයේ මේ මාස තුනක ගමනක් බවය. ඉන්පසු මේවා මෙගාවීම නොවැළැක්විය හැකිය. ඇමති මණ්ඩලය 15 කළ සැණින් ආ ගැස්මේ ප‍්‍රතිඵලය රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන්ගෙන් පෙනුණි. සමහරු කැබිනට් ඇමති මෙන්ම රාජ්‍ය ඇමතිද වේ. අභාග්‍ය ඒ චමල් රාජපක්ෂම වීමය. එසේ නම් ජනපති ගෝඨාට පවුලෙන් ගැලවීම ලේසි නැති බව පැහැදිලිය. ජනතාව ගෝඨාභය තෝරා ගත්තේ ජනතාවට මුල්තැනදී පවුල දෙවැනි තැනට සලකනු ඇතැයි විශ්වාසයෙනි. එය දැනටමත් බිඳී ඇත. මේ සියල්ල එසේ යැයි කියන්නට ඉක්මන් විය යුතු නැත. නරක දේ කියන්නට ඉක්මන් විය යුතු නැතිවා සේ ම හොඳ දේ දැක උපරිම සතුටු වන්නටත් ඉක්මන් විය යුතු නැත්තේ මේ ගෙවෙනුයේ ආණ්ඩුවේ ගන්ධබ්බ අවධිය වන නිසාය. උපදින්නට නියම කුස සොයා ගන්නේ මහ මැතිවරණයෙන් පසුවය. එබැවින් දැන් සිටම උප්පැන්න සහතික හදන්නට නොවෙහෙසිය යුතුය. එතෙක් පිරිමි දරුවෙක්ද, ගැහැනු දරුවෙක්දැයි බැලිය හැකිය. මේ වන්නේ එයය. කවුරු වුව දරුවෙක්නේ කියා ඉන්නා අයට අපේ දරුවනේ කියා අපේ‍්‍රල්වලින් පසු හදා වඩා ගත හැකිය. දරුවගේ නියම හිමිකරු තාත්තාද බාප්පාද යන්න එවිට හැඩරුවින්ම දැක බලාගත හැකිය.