දිනී ජයසේකර

දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඞී. ප‍්‍රනාන්දු විශ‍්‍රාම ගොස් සති දෙකක් ගෙවුණද තවමත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයෙකු පත් කර නොමැත.

ප‍්‍රවාහන අමාත්‍යාංශය, මෙතෙක් සාමාන්‍යාධිකාරීවරයෙක් පත්කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් වර්තමාන දුම්රිය සේවය අර්බුදකාරී තත්ත්වයක තිබෙන බව ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් එස්.පී. විතානගේ රාවයට පැවසුවේය.

මේ සම්බන්ධව රාවය කළ විමසුමකදී ප‍්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී තනතුර සඳහා සම්මත පරීක්ෂණ කැඳවා ඇති බවයි.