ධනංජය දීඝායු (එල්.එල්.බී. පේරාදෙණිය)

අප දේශපේ‍්‍රමය අර්ථගන්වන්නේ කෙසේද? එය දේශපාලනිකද? එසේත් නැතිනම් දේශපාලනයෙන් වියුක්ත ද? පිළිතුර වන්නේ එය දේශපාලනික වන බවයි. එය දේශපාලනික නොවිය යුතුද? පිළිතුර වන්නේ, නැත එය දේශපාලනික විය යුතු බවයි. එසේ නම් ගැටලූව කුමක් ද? වත්මන් ගෝලීය මෙන්ම ලාංකේය දේශප්‍රේමයෙහි ඇති දේශපාලනය සම්බන්ධයෙන් ඇති ගැටලූව ප‍්‍රතිමානයන් කිහිපයක් ඔස්සේ වර්ධනය වෙයි. එක් අතකින් දේශපේ‍්‍රමය පිළිබදව පොදු පුරවැසියා තුළ ඇති අදහස දේශපාලනයෙන් වියුක්ත බවක් හගවයි. අදේශපාලනික වීමෙහිම යම් දේශපාලනයක් ඇති නිසා දේශප්‍රේමය දේශපාලනයෙන් වියුක්ත වන්නක් නොවේ. අනෙක් අතට ඇති ගැටලූව වන්නේ සමකාලීන දේශපාලනික යථාර්ථයන් විසින් දේශපේ‍්‍රමය යනුවෙන් වන ව්‍යාජ මෙන්ම යල් පිනූ මතවාදයක් සමාජගත කොට තිබීමයි.

අපගේ පොදු ජන විඥානය දේශපේ‍්‍රමය යනුවෙන් සංජානනය කරගෙන සිටින්නේ කුමක්ද? එය අර්ථකථනය කරන්නේ කෙසේද? යන්න මෙහිදී කේන්ද්‍රීය ප‍්‍රශ්නයක් වෙයි. එකී ගැටලූවට සමාජ සංස්ථාපිතය තුළින් ලැබෙන්නේ ඉතා පටු අර්ථකථනයක්ය යන්න මුසාවක් නොවෙයි. දමිළයන්ට හෝ මුසල්මානුවන්ට එරෙහිව කරනු ලබන ජාතිවාදී මැදිහත්වීම් හෝ තම ආගම හා තම ජාතිකත්වය කෙරෙහි වන අතිශය පක්ෂපාතීත්වය සමග ගැට ගැසී ඇති මෙම අවබෝධය දේශපේ‍්‍රමය පිළිබඳව වන යල් පිනූ අර්ථකථනය විනා නූතන අර්ථකථනය නම් නොවේ. එකී සංජානනය කිරීම ම`ගින් සිදුව ඇත්තේ දේශපේ‍්‍රමය පිළිබඳව වන හැඟීම පොදු දේශපාලනයෙන් වියුක්ත කිරීමය. එනම් තම අයිතිවාසිකම් වෙනුවෙන් අරගල භූමිය තුළ කරන අරගල වලින් දේශපේ‍්‍රමය පිළිබඳව වන හැගීම වියුක්ත කිරීමය. පසුගිය සමයෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අරගල කළවුන් බටහිර ගැත්තන්ගේ හා දේශද්‍රෝහීන්ගේ කුලකයට ඇතුළත් කරමින් මර්දනය කරන්නට යෙදෙන්නේ ද එකී මර්දනයන් සමාජමය කැළඹීමක් ඇති නොකරන්නේ ද එකී තත්ත්වය තුළදීය. සමකාලීන අරගල භූමිය තුළ ඇති ජීවන බරට එරෙහිව ඇති අරගලයත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් වූ අරගලයත්, ජාතික සම්පත් විකිණීමට එරෙහිව වන අරගලයත් මෙන්ම පරිසර විනාශයට එරෙහිව ඇති අරගලයත් යන සමස්ත අරගල භූමියම දේශපේ‍්‍රමය පිළිබ`දව වන තියුණු මානුෂීය හැගීමෙන් වියුක්ත කෙරෙන්නේ එබැවින්ය.

දේශපේ‍්‍රමය පිළිබදව වන වර්තමාන කියැවීම සාවද්‍ය ලෙස ස්ථානගත වී ඇත්තේ දුටුගැමුණු පන්නයේ එසේත් නැතිනම් ධර්මපාල පන්නයේ ආස්ථානයකින්ය. එහෙත් මෙහිදී ප‍්‍රකාශ කළ යුතුව ඇත්තේ දේශපේ‍්‍රමය ද ඓතිහාසික වූවක් වන බවයි. එනයින්ම එහි ඇත්තේ සාපේක්ෂ අර්ථ නිරූපණයකි. දුටුගැමුණු රජ සමය හෝ ධර්මපාලතුමාගේ කාලපරිච්ඡේදයන්ට සාපේක්ෂව දේශපේ‍්‍රමයෙහි අර්ථනිරූපණය තුළ සමකාලීන දෝෂයක් නොවූවද එකී අර්ථනිරූපණයම වර්තමානයට යොදා ගැනීම සදොස්ය. එකී ඓතිහාසික තත්ත්වයන් විසින් බලකරන ලද්දේ එකී පන්නයේ දේශපේ‍්‍රමයක් වෙනුවෙන් වන ජනතා මැදිහත්වීමක් වෙනුවෙන්ය. එය තම ජන වර්ගය හෝ තම ආගමිකත්වය වෙනුවෙන් කරනු ලබන මැදිහත්වීමකි. එහෙත් එකී අදහස ඓතිහාසික වශයෙන් අවලංගු වූ යල්පැන ගිය අර්ථනිරූපණයක් වන්නේ වත්මන් දේශපාලනික යථාර්ථයන් සමග පෙන්නුම් කරනු ලබන පරස්පරතාව හා එකී අර්ථනිරූපණයෙහි ඇති ප‍්‍රතිගාමීත්වය නිසාවෙනි.

එසේ නම් දේශපේ‍්‍රමය පිළිබදව වන නූතන කියැවීම බවට පත්විය යුත්තේ කුමක්ද? යන්න කෙරෙහිද අවධානය යොමුකළ යුතුය. එය හුුදු ජාතිවාදී ආගම්වාදී ප‍්‍රවේශයක් නම් නොවිය යුතු බව නම් ඉතා පැහැදිලිය. මෙහිදී උක්ත දේශපේ‍්‍රමී හෝ දේශද්‍රෝහී යනුවෙන් වන බෙදීම ස්ථාපිත වන්නේ එක්තරා කේන්ද්‍රීය කරුණක් මතය. එය තවදුරටත් සිංහල බෞද්ධ හෝ දමිළ හින්දු ආදී වශයෙන් වන අනන්‍යතාවන්ගෙන් බැහැර වන්නකි. තවදුරටත් තම ආගමික හෝ සංස්කෘතික කණ්ඩායම කෙරෙහි දක්වනු ලබන පක්ෂපාතීත්වය දේශපේ‍්‍රමය යනුවෙන් අර්ථකථනය වන්නේ නැත. එසේ නම් දේශපේ‍්‍රමය සම්බන්ධයෙන් වන නූතන නිර්ණායකය රදා පවතින්නේ කුමක් මතද? එය රදා පවතින්නේ ගෝලීය ප‍්‍රාග්ධනයට විරුද්ධ වන්නේ ද නැතිද යන නිර්ණායකය මතයි. ධනේශ්වර ක‍්‍රමයෙහි අවසානයේ නිර්මාණය වී ඇති අධිරාජ්‍යවාදයට විරුද්ධ වන්නේ ද නැද්ද? යන නිර්ණායකය මතය. එසේනම් ධනේශ්්වර අධිරාජ්‍යවාදය එසේත් නැති නම් ගෝලීය ප‍්‍රාග්ධනයට එරෙහිව වන අරගලය නූතන දේශපේ‍්‍රමය බවට පත්විය යුත්තේ ඇයි? යන්නද විමසා බැලිය යුත්තකි.

ප‍්‍රාග්ධනය ලෝකයේ අස්සක් මුල්ලක් නෑරම ගමන් කිරීමේ ප‍්‍රතිඵලය වන්නේ ගෝලීය වශයෙන් වන සූරාකෑම ස්ථාපිතවීමය. එහි අනිවාර්ය ප‍්‍රතිඵලය වන්නේ පරිධියේ පවත්නා අප වැනි සංවර්ධනයවෙමින් පවතින රටවල් ගෝලීය ප‍්‍රාග්ධනයෙහි ගොදුරක් බවට පත්වීමය. සංස්කෘතිමය වශයෙන් වන අධිපතීත්වයක් ගෝලීය බලවතුන් විසින් දැක්වීම එකී තත්ත්වයෙහි එක් ප‍්‍රතිඵලයක් පමණි.

අනෙක් අතට බහු ජාතික සමාගම් සතුව පවත්නා අතිශය විශාල ආර්ථික බලය හමුවේ අප වැනි පරිධියේ පවත්නා රටවල් කෙරෙහි එල්ල කරන්නේ සුළුපටු බලපෑමක් නොවේ. එහි සමකාලීන ජනප‍්‍රියම නිදර්ශනය වන්නේ අදානි නම් දැවැන්ත සමාගම් ජාලයට එරෙහිව එල්ල වූ විරෝධතාවලියයි. අසල්වැසි ඉන්දියානු ගොවි ජනතාව තම දැවැන්ත විරෝධතාවන් දක්වන්නේ එකී සමාගමට එරෙහිවය. ඒ එකී සමාගමට වාසිදායක වන අයුරින් වන ඉන්දියානු මධ්‍යම රජය විසින් ගෙන එන ලද ගොවි පනත් ත‍්‍රිත්වයට එරෙහිවය. අනෙක් අතට ශී‍්‍ර ලංකාවේද වරාය විකිණීම පිළිබ`දව වන ගැටලූව තුළදී ද විරෝධතාවන් එල්ල වන්නේ එකී සමාගම් ජාලයට එරෙහිවය.

එහෙත් උක්ත විරෝධතාවන් අදානි නම් සමාගම් ජාලයට වඩා පවත්නා ආණ්ඩුවලට එරෙහිව යන්නක් වන්නේ ඇයි? එයට හේතුව වන්නේ පවත්නා පාලනතන්ත‍්‍රය එකී ගෝලීය ප‍්‍රාග්ධන හිමිකරුවන්ගේ එසේත් නැතිනම් මහා පරිමාණව ගෝලීය ආර්ථිකය මෙහෙයවනු ලබන සමාගම්වල නියෝජිතයන් වීමය. ඔවුහු ගෝලීය අධිරාජ්‍යවාදයෙහි ඒජන්තයෝ වෙති. එකී ගෝලීය ප‍්‍රාග්ධන අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට අවශ්‍ය කරනු ලබන හිතකර පාරිසරික සාධකයන් රට තුළ නිර්මාණය කරන්නේ එකී රාජ්‍ය මැදිහත්වීම හරහාය. හම්බන්තොට වරාය විකිණීම හා කොළඹ වරාය විකිණීම ආදී සිදුවීම් හරහා පෙන්නුම් කරනුයේ ජාතික සම්පත් විකිණීම යි. අනෙක් පසින් පැන නගින මහා පරිසර විනාශයන් තුළින් ද පෙන්නුම් කෙරෙනුයේ දැවැන්ත බහුජාතික සමාගම්වල සිට ජාතික මට්මමෙන් දේශපාලනයෙහි නියුක්තව සිටින එක්තරා දේශපාලනික තැරැුව්කාර පන්තියක අවශ්‍යතාවයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව සිදු කරනු ලබන මැදිහත් වීම් තුළ වුවද ඇත්තේ එකී පාලක පැලැන්තීන් විසින් ගෝලීය අධිරාජ්‍යවාදයේ නියෝජිතයන් ලෙස කටයුතු කිරීමට එරෙහිව කරනු ලබන අරගලයන් මර්දනය කිරීමෙහි අවශ්‍යතාවයි. අනෙක් පසින් මෙකී පාලන පැලැන්තීන් විසින් රාජ්‍ය ව්‍යවසායන් පාඩු ලබන තත්ත්වයට පත් කිරීම තුළින් සිදුව ඇත්තේ ද උක්ත අවශ්‍යතාව ඉටු කිරීමය.

මෙකී සමස්ත සිදුවීම් දාමය තුළින් මතු වී ඇති අර්බුදයන් විසින් අවසාන වශයෙන් අභියෝගයට ලක් කෙරෙන්නේ රටෙහි ස්වෛරීත්වයයි. එය නව අධිරාජ්‍යවාදයෙහි ලක්ෂණය වෙයි. තම ප‍්‍රාග්ධන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් අනෙකුත් පරිධියේ පවත්නා රටවල් තුළ තත්ත්වයන් නිර්මාණය කර ගැනීමට දරන බලහත්කාරී ප‍්‍රයත්නයන් ප‍්‍රකාශයට පත්වන්නේ එවැනි ආකාරයේ රටෙහි ස්වෛරීත්වය කෙරෙහි වන බලපෑම් ලෙසින් ය. එය මානව හිමිකම් පිළිබ`දව වන ගෝලීය මැදිහත්වීම්, ආර්ථික සම්බාධකයන් පැනවීම හෝ සංස්කෘතිකමය වශයෙන් වන ආක‍්‍රමණයන් යන ස්වරූපයන්ගෙන් යුක්ත වේ. මෙහිදී වඩාත් සමකාලීන මෙන්ම වඩාත් ගැළපෙන සමකාලීන උදාහරණයන් කිහිපයකි. වරායෙහි නැගෙනහිර ජැටිය විකිණීම සිදු කිරීමට අපොහොසත් වන තත්ත්වයන් තුළ ඉන්දියාව විසින් ශ‍්‍රී ලංකාවෙන් අය විය යුතු ණය මුදලක් කඩිනම් කරන ලෙස කරන ලද නියෝගය එක් උදාහරණයකි. එමෙන්ම චීනය විසින් ශ‍්‍රී ලංකාව ණය උගුලක හිරකරමින් යම් දේශපාලනික හා ආර්ථික වශයෙන් වන බලපෑම් සිදුකරමින් තිබීමද වෙයි. මෙහිදී ප‍්‍රධානම භූමිකාව ඉටු කරමින් සිටින ඇමරිකා එක්සත් ජනපදයෙහි භූමිකාවද අමතක නොකළ යුත්තකි.

එසේ නම් උක්ත අර්බුදයන් විසින් අපහට යෝජනා කරමින් සිටින්නේ කුමක් ද? ඒ වෙනත් යමක් නොවේ. දේශපේ‍්‍රමය වෙනුවෙන් වන නූතන අර්ථකථනය සමාජගත කිරීමය. දේශපේ‍්‍රමය තියුණු දේශපාලනීකරණයකට ලක් කිරීමය. ඒ හරහා සිදුවන්නේ උක්ත සාකච්ඡුා කරන ලද විවිධ ස්වරූපයෙන් යුක්ත වූද එකිනෙකට වියුක්ත බවක් හගවන ප‍්‍රජාතන්ත‍්‍රවාදය මර්දනය කිරීම, පරිසර විනාශය, ජීවන බර හා ජාතික සම්පත් විකිණීම වැනි එකම අරගලයේ පැති මානයන් එකිනෙකට සංයුක්ත කිරීමය. එනයින් මෙකී සියලූ අර්බුදයන් ගෝලීය අධිරාජ්‍යවාදී අරමුණු හා මැදිහත්වීම් සමග සංයුක්ත කිරීමය. මෙකී අර්බුදයන්ට එරෙහිව සිදු කරනු ලබන මැදිහත්වීම් එකිනෙක සම්බන්ධ කරනු ලබන හුය වන්නේ දේශපේ‍්‍රමය පිළිබදව වන නූතන කියැවීම ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here