වික්ටර් අයිවන්


ජනාධිපති සතුව තිබූ රාජ්‍යයේ සකල විධ බලය 19 වැනි සංශෝධනයෙන් ඉවත් කොට විකාරසහගත ස්වරූපයකින් වුවත් ඒ සියලූ බලතල අගමැති ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයට පවරාදීම මගින් ජනාධිපති ආණ්ඩුක‍්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් ඇති කර තිබෙන්නේ යැයි කිව හැකිය. එහෙත් පාර්ලිමේන්තුව තිබෙන්නේ ඒ ලැබෙන වගකීම් ඉසිලිය හැකි තත්ත්වයක නොව සුජාතභාවය අහිමි කරගත් ඛේදජනක තත්ත්වයකය. උත්ප‍්‍රාසජනක දේ වනුයේ එම යථාර්ථය ඡුන්දදායකයන් පුරවැසියන් පමණක් නොව පාර්ලිමේන්තුවද නොදැන සිටීමය.


නීති සම්පාදනය, මහජන මුදල් පාලනය හා රාජ්‍යයේ කටයුතු අධීක්ෂණය පාර්ලිමේන්තුව වෙත පැවරී තිබෙන ප‍්‍රධානතම වගකීම් ලෙස සැලකිය හැකිය.


එහෙත් දැන් තිබෙන්නේ නීති සම්පාදනයට තිබෙන හැකියාව මුළුමනින් අහිමි කරගත් ඒ විෂයේදී පූර්ණ බංකොළොත්භාවයකට පත් පාර්ලිමේන්තුවකි. තිබුණු පළාත් පාලන නීති අහෝසි කොට ඒ සඳහා අලූත් නීතියක් හදන්නට ගොස් පළාත් පාලන ආයතන ක‍්‍රමය හාස්‍යජනක විගඩමක් බවට පත් කළා පමණක් නොව, පළාත් පාලන නියෝජිතයන්ගේ වැටුප් බිල දෙගුණ කොට රටට ලොකු වැය බරක්ද ඇති කළේය. පළාත් සභා මැතිවරණ නීතිය අලූතෙන් හදන්නට ගොස් පරණ නීතිය නැති කොට ඒ සඳහා අලූත් නීතියක්ද නැති ඒ නිසා පළාත් සභා මැතිවරණ පැවැත්විය නොහැකි තත්ත්වයක් ඇති කළේය. 19 වැනි සංශෝධනය, නීති සම්පාදනයේදී පාර්ලිමේන්තුව පත්ව තිබෙන මුග්ධභාවයේ තරම පෙන්නුම් කිරීම සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය ලෙස සැලකිය හැකිය.


මුදල් පාලනය හා පරීක්ෂාව


මහජන මූල්‍ය විෂයේදීද පූර්ණ අසමත්කමක් මිස සමත්කමක් පෙන්නුම් කිරීමට පාර්ලිමේන්තුව සමත් වී නැත. ලංකාව තිබෙන්නේ බංකොළොත්භාවයක මුව විටය. විදේශ රටවලින් ණය ලබාගෙන ආරම්භ කළ කිසිම සංවර්ධන ව්‍යාපාරයක් ලබාගත් ණය ආපසු ගෙවීමට අවශ්‍ය කරන ආදායම් ඉපැයීමට සමත් වී නැත. ලංකාව ඉන්නේ ආර්ථික වශයෙන් ඉතාමත්ම අමාරු තත්ත්වයක වුවත් රජය කිසිම තේරුමක් නැති දේවල් සඳහා මුදල් වැය කරමින් තිබෙන්නේ ඉතාමත් නිර්ලෝභී ආකාරයකිනි. හදා අවසන් කිරීමට අසමත් වී තිබෙන ව්‍යවස්ථාව සඳහා රුපියල් මිලියන 13,600ක් වැය කර තිබෙන බව මහාචාර්ය ජී.එල්. පීරිස් ජනමාධ්‍යවලට කියා තිබුණි. ඡුන්දයක් කට ළඟ තබාගෙන ගම්පෙරළිය වැඩසටහනට කරන වියදම අතිවිශාලය. ඉතා ධනවත් පූජනීය ස්ථානවලට රුපියල් කෝටි ගණනින් මුදල් පරිත්‍යාග ලබාදෙන ක‍්‍රමයක්ද ක‍්‍රියාත්මකවෙමින් පවතී.


රාජ්‍යයේ කටයුතු අධීක්ෂණය කිරීම පිළිබඳ විෂයේදී අසමත්කමක් මිස සාමාන්‍ය තරමේ හෝ සමත්කමක් පෙන්වීමට පාර්ලිමේන්තුව සමත් වී නැත. රාජ්‍ය ආයතන ක‍්‍රමය තිබෙන්නේ අකාර්යක්ෂම හා ¥ෂණයෙන් කුණුවූ තත්ත්වයකය. එම තත්ත්වය වළකන්නට බලවත් උත්සාහයක නිරත වූ බවක්වත් පෙනෙන්නට නැත. ලංකාවේ කුණු කසළ ප‍්‍රශ්නය නිදර්ශනයට ගත හැකිය. කුණු කන්දක් කඩා වැටී විශාල ජීවිත විනාශයක් හා දේපළ විනාශයක් සිදුවූ පසුවවත් ලංකාවේ කුණු කසළ ප‍්‍රශ්නය විසඳා ගැනීමට බැරි ප‍්‍රශ්නයක් බවට පත්වී තිබෙන්නේ යැයි කියන ප‍්‍රශ්නය සොයා බලන තැනකට ගියේ නැත. රජයේ බදු ආදායම් එකතු කරන සියලූම ආයතන තිබෙන්නේ ¥ෂණයෙන් උපරිම මට්ටමකට කුණුවූ තත්ත්වයකය. රජයට ලැබිය යුතු ඍජු බදු ආදායම්වලින් සියයට 25ක්වත් රජයට ලැබෙන්නේ නැත. රජයද ඒ බව දනී. ඒ වරද නිවැරදි කරනවා වෙනුවට දිගින් දිගට ඒ අඩුව සපුරා ගනිමින් තිබෙන්නේ මහජනයා පරිහරණය කරන භාණ්ඩවලට අධික බදු පනවන ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙනි. රජයේ අකාර්යක්ෂමතාව වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුවී තිබෙන්නේ දුප්පත් මහජනයාටය. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග පාලන කාලයේදී අධිකරණ තීන්දු මගින් විරුද්ධ පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට එකතු කරගන්නා ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කළේය. එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන හා ආණ්ඩුක‍්‍රමයේ පදනම බිඳ දමන ක‍්‍රමයක් වුවත් ඒ වරද නිවැරදි කරනවා තබා එම ප‍්‍රශ්නය බරපතළ සාකච්ඡුාවකටවත් ගත්තේ නැත.


පරිහානියේ ආරම්භය


ආණ්ඩුවේ රැුකියා සඳහා ප‍්‍රදේශයේ ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරයාගේ රෙකමදාරුව නැතිවම බැරි කොන්දේසියක් බවට පත්වීම ආරම්භ වූයේ 1960-64 සිරිමා බණ්ඩාරනායක පාලන කාලයේ සිටය. අමාත්‍යාංශ ලේකම්ගේ සිට කසළ සේවකයා දක්වා සියලූ තනතුරු සඳහා හා ඉඩම්, නිවාස අපනයන බලපත‍්‍ර යනාදී සියල්ල සඳහා දේශපාලන රෙකමදාරුව අත්‍යවශ්‍ය කොන්දේසියක් බවට පත්වූයේ ඒ කාලයේදීය. ඉන්පසු බලයට පැමිණි එජාප ආණ්ඩුවද එම අවලස්සන ක‍්‍රමය වෙනස් නොකොට ඉදිරියට ගෙන ගියේය.


1970 වන විට රැුකියා ලබාගැනීම සඳහා පමණක් නොව රැුකියා ආරක්ෂා කර ගැනීම සඳහා දේශපාලන රෙකමදාරුව අත්‍යවශ්‍ය කොන්දේසියක් බවට පත්විය. දේශපාලන හේතු මත ගුරුවරුන් හා වෙනත් රාජ්‍ය නිලධාරීන් මාරුකර යැවීම සාමාන්‍ය දෙයක් බවට පත්වූයේය. එම සභාග රජය ඉඩම් සීමා නීති යටතේ හා විදේශ ඒජන්සි යටතේ පැවති ඉඩම් පවරා ගනිමින් ඒ සියල්ල රජයේ ඉඩම් බවට පත් කරගත් විට ප‍්‍රදේශයේ තිබෙන එවැනි රජයේ වතුවල අනියම් වතු පාලකයන් බවට පත්වූයේ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ය. මන්ත‍්‍රීවරුන්ගේ පිහිට නැතිව මහජනයාට කිසිවක් කර කියාගත නොහැකි අසරණයන් පිරිසක් බවට පත් කරන දුෂ්ට ක‍්‍රමයක් ඒ මගින් ස්ථාපිත වී තිබුණි. එම අවලස්සන තත්ත්වය මහජනයාට ප‍්‍රධාන පක්ෂ දෙකෙන් එකක් තෝරා ගැනීමෙන් තොරව පැවතිය නොහැකි තත්ත්වයක් ඇති කළේය. එම තත්ත්වය මන්ත‍්‍රීවරයාගේ මහජන ස්වභාවයද වෙනස් කළේය.


පරිහානිය කුණුවීමක් බවට පත්වීම


පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විෂයෙහි ඇතිව තිබෙන පරිහානිය කුණුවීමක් බවට පත්වීම ආරම්භ වන්නේ 1978 දී ජනාධිපති ක‍්‍රමයක් ඇති කිරීමෙන් පසුවය. ඒ සමග පාර්ලිමේන්තුවට තිබූ ස්වාධිපත්‍යයද අහිමි වී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ජනාධිපතිවරයාට අවශ්‍ය ලෙස නටන නිවටයන් පිරිසක් බවට පත්විය. එම තත්ත්වය මන්ත‍්‍රීවරුන්ගේ අසතුටට හේතුවී නම් එම අසතුට නැති කොට ඔවුන් සතුටෙන් තැබීම සඳහා බාහිර ආටෝපයෙන් පමණක් ගාම්භීර සුඛෝපභෝගී පහසුකම්වලින් යුතු අලූත් පාර්ලිමේන්තු සංකීර්ණයක් සමග රාජ්‍ය දේපළ කොල්ලකෑමේ අයිතිය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ලබා දුන්නේය.


ආණ්ඩු පක්ෂයට හයෙන් පහක බලයක් තිබුණ පාර්ලිමේන්තුවේ නිල කාලය ව්‍යවස්ථා සංශෝධනයන් මගින් දීර්ඝ කර ගැනීම පාර්ලිමේන්තුවේ කුණුවීමේ ක‍්‍රියාවලියේ වැදගත්ම සිහිවටනය ලෙස සැලකිය හැකිය. එම බිහිසුණු ක‍්‍රියාදාමයට එකතු කර තිබුණ වැදගත්ම අතුරු අංගයක් වූයේ ආණ්ඩු පක්ෂයේ සියලූම මන්ත‍්‍රීවරුන්ගෙන් දිනය නොයෙ¥ ඉල්ලා අස්වීමේ ලියුම් ජනාධිපතිවරයා ඉල්ලා සිටීම හා ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ද තමන්ගේ නිවට නියාලූ බව පෙන්නුම් කරමින් දිනය නොයෙ¥ ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයාට භාරදීමය. එකට එකක් සම්බන්ධ එම ක‍්‍රියාව සමග පාර්ලිමේන්තුවේ සුජාතභාවයද අංගවිකල වීම, කුණුවීමේ ක‍්‍රියාදාමය වේගවත්ව ගලා යන ප‍්‍රවාහයක් බවට පත්විය.


පාර්ලිමේන්තුවේ ආත්මාර්ථකාමය


පාර්ලිමේන්තුව සිය සුජාතභාවය අහිමි කරගැනීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද කල්පනා කරන විදියේද ලොකු වෙනසක් ඇතිවිය. ඔවුන් මහජන මන්ත‍්‍රීවරුන් වශයෙන් තමන් වෙත පැවරී තිබෙන යුතුකම් හා වගකීම් ගැන නොසිතන, රට ගැන නොසිතන, තමන්ගේ යහපත ගැන පමණක් සිතන අයථා ලෙස ධනය උපයා ගැනීමට ලොකු කෑදරකමක් දක්වන අය බවට පත්වූහ. ජනාධිපතිවරුද ඔවුන්ගේ ඒ නැඹුරුව උපරිම මට්ටමෙන් පෝෂණය කළෝය.
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ලෝකයේ කවර ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටකවත් ගමනාගමනයේදී පොදු ප‍්‍රවාහන සේවාවන් සඳහා යන වියදම් පියවා මිස බදු විරහිත ක‍්‍රමයට සුඛෝපභෝගී මෝටර් රථ ලබාදී එම මෝටර් රථවලට යන ඉන්ධන වියදම් ලබාදෙන්නේ නැත. බදු විරහිත පදනමකින් ලබාදෙන වාහන විකිණීම හෝ අන්සතු කිරීම රේගු නීතිය අනුව දඬුවම් කළ හැකි වරදකි. මුලදී එම නීතිය මන්ත‍්‍රීවරුන්ට එරෙහිව ක‍්‍රියාත්මක නොවන තත්ත්වයක තබා ගැනීමට ජනාධිපතිවරු ක‍්‍රියා කළෝය. පසුව බදුරහිත පදනමකින් ගෙන්වන වාහන විකුණාගෙන ලොකු ආදායමක් උපයා ගතහැකි තත්ත්වයක් ඇති කර දුන්නේය. දැන් මන්තී‍්‍රවරුන්ට කාර්යාලයක් පවත්වාගෙන යෑම සඳහාද රුපියල් ලක්ෂයක මාසික දීමනාවක්ද ලබාදෙයි. ඒ මුදලින් කාර්යාලයක් පවත්වාගෙන යාම අනිවාර්ය නැත. කැමති අයට කාර්යාලයක් පවත්වාගෙන යාමෙන් තොරව එම රුපියල් ලක්ෂයේ දීමනාව ලබාගත හැකිය. මහජන මුදල් සඳහා තිබෙන රජයේ රෙගුලාසි මන්ත‍්‍රීවරුන්ට අදාළ නැත්ද?


ඇමතිවරුන්ට රජයේ නිල කාර්ය මණ්ඩලයක් ලබාදී තිබියදී රජයේ වියදමින් පුද්ගලික කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යෑමේ අයිතියද ලබාදී තිබේ. එය ඇමතිවරුන්ට තමන්ගේ බිරියන්ට හා දරුවන්ට වරප‍්‍රසාද ඇති රැුකියාලබාදීම සඳහා පවත්වාගෙන යන ¥ෂිත ක‍්‍රමයක් ලෙස සැලකිය හැකිය. ඇමතිවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ වැටුප් දීමනා හා ඉන්ධන වියදම් සඳහා වාර්ෂික වියදම රුපියල් බිලියන ගණනක් විය හැකිය. ඇමතිවරුන්ට විශාල නිල කාර්ය මණ්ඩලයක් ලබාදී තිබියදී පුද්ගල කාර්ය මණ්ඩලය ක‍්‍රමයක් සඳහා අතිවිශාල වියදමක් දැරීම යුක්තිසහගත විය හැක්කේ කෙසේද?
නිල නිවාස පරිහරණය කරන ඇමතිවරුන් නිල නිවසේ සිටින සියලූදෙනාගේ මත්පැන්, ආහාර වියදම් හා සංග‍්‍රහයන් සඳහා කරන වියදම් ද රජයෙන් ගෙවන සම්ප‍්‍රදායක්ද ඇති කරගෙන තිබෙන බව මට අසන්නට ලැබුණි. එය ඇත්තක්දැයි මම නොදනිමි. සත්‍ය තත්ත්වය බලධාරීන් විසින් පැහැදිලි කළ යුතුය. එය සත්‍යයක් නම් එය ඉතාමත් අවලස්සන තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත.


මන්ත‍්‍රීවරයා හා අපරාධකාරයා


කැරලි පැවති කාලයේදී මහජන මන්ත‍්‍රීවරුන්ට සිය ආරක්ෂාව සඳහා පුද්ගලික හමුදා ඇති කොට පවත්වාගෙන යන්නට ඉඩ දුන්නේය. එම පුද්ගලික හමුදාවලට අනුයුක්ත පුද්ගලයන්ට අවි පුහුණුවක්ද පරිහරණයට ආයුධද ලබා දුන්නේය. ජේවීපී දෙවැනි කැරැුල්ල කාලයේදී ඇත්ත මරණ තර්ජනයක් මන්ත‍්‍රීවරුන්ට තිබුණේය. එහෙත් පුද්ගල හමුදා ක‍්‍රමය මන්ත‍්‍රීවරුන්ට චෞර ස්වරූපයක් ලබාදීමට හේතුවිය.


පුද්ගලික හමුදාවන්ට එකතු වූයේ බොහෝ විට ප‍්‍රදේශවල සිටින නමගිය අපරාධකරුවන්ය. අවි පුහුණුවක් ලබා දුන්නේද නවීන ආයුධ ලබා දුන්නේද මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික හමුදාවල සිටින අපරාධකරුවන්ටය. ඒ නිසා මන්ත‍්‍රීවරුන්ගේ නිවාස සමහර අපරාධකරුවන්ගේ ලැගුම්හල් බවටත්, තවත් සමහරවිට වධකාගාර බවටත් පත්විය. අපරාධකරුවන් මන්තීවරුන්ගේ ආරක්ෂාව සඳහා මිනිසුන් මරා දමන ලද අතර එය මුවාවක් කොටගෙන තමන්ගේ සැබෑ සතුරන් පමණක් නොව, දේශපාලන විරුද්ධවාදීන් මරන්නටද සමහර මන්ත‍්‍රීවරු එය අවස්ථාවක් කර ගත්හ. ඇතැම් මන්ත‍්‍රීවරු මනුෂ්‍ය ඝාතන මෙහෙයුම්වල ක‍්‍රියාකාරී ලෙස සහභාගි වූහ. ඔවුහු තමන්ගේම අත්වලින්ද මිනිස්සු මරා දැම්මෝය. මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාව පුද්ගලික හමුදා මත රඳා පැවතීම නිසා ඒවාහි සිටින අපරාධකරුවන් කරන අපරාධවලදී කොන්දේසි විරහිතව ඔවුන් ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කිරීමට මන්ත‍්‍රීවරුන්ට සිදුවිය. මෙම අන්තර් සම්බන්ධය නිසා මන්ත‍්‍රීවරුන් හා අපරාධකරුවන් සමීප ඇසුරක් ඇති අන්‍යොන්‍ය විශ්වාසයෙන් යුතුව ක‍්‍රියාකරන්නන් බවට පත්වූහ.


දෙවැනි කැරැුල්ල අවසන්වීමෙන් පසුත් එල්ටීටීඊ කැරැුල්ලක් තිබීම හේතු කොටගෙන මේ ක‍්‍රමය දීර්ඝකාලීනව පවතින දෙයක් බවට පත්විය. මෙම තත්ත්වයද මන්ත‍්‍රීවරුන්ගේ ස්වභාවය වෙනස් කළේය. මන්ත‍්‍රීවරයා හා අපරාධකාරයා පහසුවෙන් වෙන් කොට හඳුනාගත නොහැකි බාහිර පෙනුමෙන් බොහෝ දුරට එක සමාන පෙනුමක් ඇති, එකම විදියට අඳින පළඳින හා කන බොන දෙදෙනක් බවට පත්වූහ.


අපරාධකරුවන් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් අතර පැවති මෙම සමීප සම්බන්ධය සමහර මන්තී‍්‍රවරුන්ගේ චර්යා ධර්මවල වෙනසක් ඇති කළේය. සමහර මන්ත‍්‍රීවරු අපරාධවලට ක‍්‍රියාකාරී ලෙස සම්බන්ධ වන, සමහර මත්ද්‍රව්‍ය වෙළෙඳාම් කරන, මිනිසුන්ගෙන් කප්පම් ලබාගන්නා මන්ත‍්‍රීවරුන් බවට පරිවර්තනය වූහ.


රටට අවශ්‍ය ක‍්‍රමයේ වෙනසකි


බරපතළ වැරදි කරන මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක වීම වළකන හා ඔවුන්ට අදාළ පරීක්ෂණ හා නඩු ඉක්මනින් අවසන් නොකර ඇදි ඇදී යන තත්ත්වයක් පවත්නා බව පෙනෙන්නට තිබේ. සිරදඬුවම් ලැබූ එකම මන්ත‍්‍රීවරයා බවට පත්ව සිටින්නේ දුමින්ද සිල්වා පමණය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට එරෙහිව අල්ලස් හෝ ¥ෂණ විමර්ශන කොමිසම හමුවේ මන්ත‍්‍රීවරුන් 29 දෙනකුට එරෙහිව විමර්ශන සිදුවෙමින් තිබෙන අතර විවිධ චෝදනා මත මන්ත‍්‍රීවරුන්ට එරෙහිව අධිකරණය ඉදිරියේ ඇසෙමින් තිබෙන නඩු සංඛ්‍යාවද 50කටත් වඩා වැඩි විය හැකිය. මන්ත‍්‍රීවරුන් අතර විශාල සංඛ්‍යාවක් සිය නමින් හෝ වෙනත් අයගේ නම්වලින් රජය සමග ව්‍යාපාර කරන, රජයේ ඉඩම් හිමිකරගෙන සිටින මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාවද විශාලය. ඍජු ලෙස හෝ අනියම් ලෙස තැබෑරුම් පවත්වාගෙන යන්නන්ගේ සංඛ්‍යාවද විශාලය. ඒ ගැන පාර්ලිමේන්තුව තුළද ලාවට කරන කතාබස් සිදුවන බව අසන්නට ලැබේ. මන්ත‍්‍රීවරුන් රජය සමග ව්‍යාපාර කිරීම සැලකෙන්නේ මන්ත‍්‍රී ධුරය අහිමි කළ යුතු අසුන් ගත් හැම දිනයක් සඳහාම දඩ ගෙවිය යුතු, කිසියම් කාලයකට ප‍්‍රජා අයිතිය අහිමි කළ යුතු තරම් බරපතළ වරදක් ලෙසය. මේ වැරදි ඉතා හොර රහසේ නොව කලඑළියේ සිදුවන දේවල් බවට පත්ව ඇතත්, පාර්ලිමේන්තුව ඉවත බලාගෙන සිටින ප‍්‍රතිපත්තියක් අනුගමනය කරනවා විනා කිසිවිටෙකත් ඒ ගැන සොයා බලා ඒ තත්ත්වය නිවැරදි කිරීම සඳහා ක‍්‍රියාකර නැත.


රාජ්‍යය මෙහෙයවන ප‍්‍රධානම ආයතනය ලෙස සැලකිය හැකි පාර්ලිමේන්තුව උපරිම මට්ටමට ¥ෂිත නම්, අන් ආයතනවල ¥ෂණය පාලනය කරන්නේ කෙසේද? රජය සමග ව්‍යාපාර කිරීමේ චෝදනාව මත ගාල්ලේ ඇල්බට් සිල්වාගේ මන්ත‍්‍රී ධුරය අධිකරණය විසින් අහිමි කළ විට ජනාධිපති ජයවර්ධන මන්ත‍්‍රීකම අහිමි වී සිටි ඇල්බට් සිල්වා චිට් මන්ත‍්‍රීවරයකු ලෙස කඹුරුපිටිය ආසනයට පත් කළේය. ඉන් අවුරුදු 20කට පසුව රනිල් වික‍්‍රමසිංහ ද මාමා කළ දේ ම කළේය. අධිකරණය විසින් මන්ත‍්‍රීකම අහිමි කළ රාජිත සේනාරත්න ජාතික ලැයිස්තුවෙන් මන්ත‍්‍රීවරයකු බවට පත් කළේය. ඉන් දෙන ලද පණිවුඩය රජය සමග ව්‍යාපාර කරන මන්ත‍්‍රීවරුන් දේශපාලන නායකයන් වශයෙන් අපි දිවි හිමියෙන් ආරක්ෂා කරන බව නොවේද?


රටේ ප‍්‍රමුඛතම දේශපාලන ආයතන ක‍්‍රමය ලෙස සැලකිය හැකි පාර්ලිමේන්තුව හා පාර්ලිමේන්තු ක‍්‍රමය උපරිම මට්ටමකට කුණුවී ඇත්නම්, එම අවලස්සන තත්ත්වය නිවැරදි කරගැනීම සඳහා පාර්ලිමේන්තු බලධාරීන් ක‍්‍රියා නොකරයි නම් හා එය බරපතළ තත්ත්වයක් ලෙස සලකා ක‍්‍රියා කරන්නට අධිකරණය පවා සූදානම් නැත්නම් එම අශෝභන තත්ත්වය නිවැරදි කරගත යුතුව තිබෙන්නේ කෙසේද?


රටේ අවාසනාවකට දේශපාලකයන් පමණක් නොව රටේ මහජනතාවද වැඩි වැදගත්කමක් ලබාදී තිබෙන්නේ අත්‍යවශ්‍ය ප‍්‍රතිසංස්කරණවලට නොව මැතිවරණවලටය. රටේ මහජනයාද කුණු කසළ කඳු අතර ජීවත් වන ජනයා ඒවායින් හමන දුගඳ සමග ජීවත්වීමට හිත හදාගෙන සිටින ආකාරයට රටේ ඇතිවී තිබෙන කුණුවීම ඉවසා දරාගෙන සිටීමට පුරුදු වී සිටින බව පෙනේ. රටට අවශ්‍ය වී තිබෙන්නේ සරල ආණ්ඩු වෙනස්කම් වෙනුවට කුණුවී තිබෙන ක‍්‍රමයේ වෙනසකි. එය ඉබේ පහළ වන්නක් නොව මහජනයා විසින්ම දිනාගත යුතුව තිබෙන්නක.