නිමල් අබේසිංහ

කෙරවලපිටිය යුගදනවි විදුලිබලාගාරයේ භාණ්ඩාගාර ලේකම්ට අයත් කොටස්වලින් 40%ක් ඇමරිකාවේ නිව් පෝට‍්‍රස් එනර්ජි සමාගමට විකිණීම හා යුගදනවි විදුලි බලාගාරයට ධ‍්‍රැවීකෘත ස්වාභාවික වායුව සැපයීමේ කොන්ත‍්‍රාත්තුව අත්සන් කිරීමද සිදුවී හමාරය.

මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර 2021.07.07 දින ශ‍්‍රී ලංකා රජය සහ නිව් පෝට‍්‍රස් එනර්ජි සමාගම රාමුගත ගිවිසුම සඳහා අත්සන් කර ඇත. ඒ බැව් අනාවරණය වන්නේ 2021.09.06 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති ”විදුලිබල උත්පාදන පිරිවැය අඩු කිරීම සඳහා වෙස්ට් කෝස්ට් පවර් (පුද්ගලික) සමාගමේ ආයෝජනය කිරීම නමින් මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් සංදේශය අනුවය.

උක්ත සංදේශයට අනුව කියැවෙන රාමුගත ගිවිසුම හෝ ඉන්පසුව අත්සන් කරන ලද ගිවිසුම්වල අන්තර්ගතයන් මොනවාදැයි විදුලි විෂයභාර අමාත්‍යවරයාවත් නිශ්චිතව නොදන්නා බව පෙනේ.

එසේ වුවත් 2021.09.06 දින ඉදිරිපත් කර ඇති කැබිනට් සංදේශයේ අන්තර්ගත තොරතුරු අනුව නම් මෙකී ගිවිසුමෙන් මෙරටට වාසිදායක බවක් පෙනෙන්නට නැත. එම සංදේශයේ සඳහන් වන පරිදි කෙරවලපිටියේ යුගදනවි බලාගාරයට මෙන් ම ඒ ආසන්නයේ ඉදිකිරීමට නියමිත සොබාදනවි විදුලි බලාගාරයට ධ‍්‍රැවීකෘත ස්වාභාවික වායුව සැපයීමේ කොන්ත‍්‍රාත්තුවද අත්සන් කර හමාර බව පෙනේ.

ඒ බැව් එකී කැබිනට් සංදේශයේ සඳහන් වන්නේ මෙලෙසය.

”5-1 රාමුගත ගිවිසුම මගින් නිව් පෝට‍්‍රස් එනර්ජි සමාගමට වසර 5ක කාලයක් සඳහා වෙස්ට් කෝස්ට් පුද්ගලික සමාගම වෙත ධ‍්‍රැවීකෘත ස්වාභාවික වායු සැපයීමට අවස්ථාව ලබාදී ඇත. කෙසේ වෙතත් වෙස්ට් කෝස්ට් පුද්ගලික සමාගමේ බලාගාරයට ආසන්නයේම සොබාදනවි ලිමිටඞ් විසින් ඉදිකිරීමට නියමිත මෙගාවොට් 350ක ධ‍්‍රැවීකෘත ස්වාභාවික වායු බලාගාරය වෙනුවෙන් එම සමාගම හා මහා භාණ්ඩාගාර ලේකම්වරයා අතර 2021.07.19 දින අත්සන් තබන ලද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ ක‍්‍රියාත්මක කිරීමේ ගිවිසුම මගින් රජය මත ධ‍්‍රැවීකෘත ස්වාභාවික වායු සැපයීම සහතික කිරීම සඳහා වගකීමක් පවරා ඇත.”

5-2 ඒ අනුව සොබාදනවි බලාගාරයටද වායු සැකසීමට නිව් පෝට‍්‍රස් එනර්ජි සමාගමට ඉඩදීම වාසිදායකය.” (මෙය යෝජනාවේ සංශෝධනයක් වනු ඇත.)

මෙමගින් පෙනෙන්නේ නිව් පෝට‍්‍රස් එනර්ජි සමාගමට තවත් අමතර වාසියක් ලැබෙන බවය. එනම් මේ වන විට ගිවිසුම් අත්සන් කර ඇති ඉදිකිරීමට නියමිත කෙරවලපිටියේ නව විදුලි බලාගාරයට ධ‍්‍රැවීකෘත ස්වාභාවික වායුව සැපයීමේ කොන්ත‍්‍රාත්තුවද තරග විරහිතවම ලැබෙන බැවිනි.

සොබාදනවි නව විදුලි බලාගාරය ඉදිකිරීම නිමවීමට අවම වශයෙන් වසර තුනකට ආසන්න කාලයක් ගතවේ. හේතුව තවමත් එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර නැති බැවිනි. එහෙත් මෙම විදුලි බලාගාරයට ස්වාභාවික වායුව සැපයීමේ කොන්ත‍්‍රාත් කාලය කොපමණදැයි සඳහනක් නැතිමුත් එකී කාලය තීරණය කිරීමේ අයිතිය ශ‍්‍රී ලංකා රජය සතු වේ. ඒ අනුව බලාගාරය ඉදිකිරීමෙන් පසුව වසර පහක් සඳහා වායුව සැපයීමේ කොන්ත‍්‍රාත්තුව ලබාදීමටද බොහෝ සෙයින් ඉඩකඩ ඇත. මේ කාලසීමාව තුළ කෙරවලපිටියේ තවත් ස්වාභාවික විදුලි බලාගාරයක් ඉදිකළහොත් එහි ධ‍්‍රැවීකෘත ස්වාභාවික වායුව සැපයීමේ කොන්ත‍්‍රාත්තුවක් නිව් පෝට‍්‍රස් එනර්ජි සමාගමටම හිමිවනු ඇත. මෙහි භයානක පැති දෙකක් තිබේ. පළමුවැන්න නම් ශ‍්‍රී ලංකාවේ ජාතික විදුලි සැපයුමෙන් මෙගාවොට් 300ක පමණ විදුලිය සැපයීමේ බලය පෞද්ගලික අංශයට පැවරීමය. දෙවැන්න ඛනිජ තෙල් අමාත්‍යවරයා පවසන පරිදි මන්නාරම් මුහුදෙන් ස්වාභාවික වායුව සොයා ගනු ලැබුවහොත් (මෙය හිතලූවක් පමණක් ද විය හැකිය.) ඒ සොයා ගන්නා වායුව විකුණන්නේ කාටද යන්නය. මන්දයත් ඒ වනවිට ශ‍්‍රී ලංකාවේ ධ‍්‍රැවීකෘත ස්වාභාවික වායුව සැපයීමේ කොන්ත‍්‍රාත්තුව විදේශ රටක තනි අතට පත්ව තිබෙන බැවිනි.

එසේ වුවහොත් ඒවා ද අලෙවි කිරීමට සිදුවන්නේ නිව් පෝට‍්‍රස් එනර්ජි සමාගමටය. එසේ වන්නේ ශ‍්‍රී ලංකාවේ විදුලි බලාගාරවලට ධ‍්‍රැවීකෘත ස්වාභාවික විදුලිය අලෙවි කිරීම ගිවිසුමක් මගින්ම නිව් පෝට‍්‍රස් එනර්ජි සමාගමට පවරා තිබෙන බැවින්ය.

විදුලිය මිලදී ගැනීම වෙනුවෙන් යෝජනා කර ඇති මිල සූත‍්‍රද නිව් පෝට‍්‍රස් එනර්ජි සමාගමට වාසිදායක ඒවා මිසෙක ශ‍්‍රී ලංකාවට වාසිදායක ඒවා නොවේ. එනිසා එහි ගැනුම් මිලෙහි විචල්‍යයන් සිදුවීම වැළැක්විය නොහැකිය.

ධ‍්‍රැවීකෘත ස්වාභාවික වායුව මුහුදේ සිට සපයන නල මාර්ගය ඉදිකිරීම මෙන්ම කැලණිතිස්ස බලාගාරය ධ‍්‍රැවීකෘත ස්වාභාවික වායුවෙන් ක‍්‍රියාත්මක කිරීමට හැකිවුවහොත් එයට සැපයුම් නළ මාර්ගය ඉදිකිරීමටත් මුදලක් අය නොකරන බව සඳහන් වීම වෙතින් හැඟවෙන්නේ ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ සැපයුම්කරුවා බවට පත්වීම පමණක් බවය. රහස ඇත්තේ ඒ තුළ බව පැහැදිලිය.

පෘතුගීසීන් කොළඹට ගොඩබැස කෝට්ටේ රජුගෙන් ඉල්ලා ඇත්තේ ගෙරිහමක් එලා ගැනීමට තරමේ ඉඩක්ය. ගෙරි හමක ඉඩ කුමක්දැයි සිතූ රජු කිසිවක් නොසිතාම ඊට අවසර දුන්නේය. රජුට තරු පෙනුණේ පෘතුගීසීන් ගෙරිහම එලා ගත් කල්හිය. මේ ධ‍්‍රැවීකෘත ස්වාභාවික වායු සැපයීමේ ගිවිසුම ද එබඳුම සටකපටකමක් නොවේද යන්න කල්පනා කිරීමට අප ප‍්‍රමාද වූවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here