නිමල් අබේසිංහ

මහර බන්ධනාගාර සිදුවීම් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනීසිටිය යුත්තේ මධ්‍යස්ථ හා අධිකරණයට සහාය දැක්වීමේ ප‍්‍රතිපත්තියට අනුව බව ආචාර්ය දීපිකා උඩගම රාවය කළ විමසුමකදී පැවසුවාය. මෙම සිද්ධියේදී බන්ධනාගාරයෙන් අපරාධමය වරදක් සිදුවී ඇත්නම් එයට සම්බන්ධ වූවන්ට එරෙහිව නඩුපැවරිය යුත්තේද නීතිපතිවරයාම බැවින් ලැදියාවන් පිළිබඳ බැඳීමෙන් නීතිපති දෙපාර්තමේන්තව වියුක්ත වී සිටිය යුතු බවට පැහැදිලි විය යුතු බවද ආචාර්ය දීපිකා උඩගම පැවසුවාය. මෙම සිද්ධියේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් යැයි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න පැවසුවේ යැයි කියමින් නීතිඥවරුන් කීපදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලිකර තිබේ.