ජනාධිපතිවරණය පැවැත්වීමේ දින වකවානු පිළිබඳව විවිධ මත පළවෙනවා. මැතිවරණ කොමසමේ දින දර්ශනය අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දින වකවානු මොනවාද?


සාකච්ඡුා කළේ – ශ‍්‍රීලාල් සෙනෙවිරත්න

ජනාධිපතිවරණය මේ වර්ෂයේ නොවැම්බර් 09 වෙනි දිනෙන් පසුව දෙසැම්බර් 09 වෙනි දිනට පෙර පවත්වන්න ඕනේ. අපිට නොවැම්බර් 10 පවත්වන්න බෑ. එදා ඉරිදා. දෙසැම්බර් 8 පවත්වන්න බෑ එදා ඉරිදා. නොවැම්බර් 11, 12,13,14 කියන දවස්වල පවත්වන්න බෑ 14 වෙනිදා පසොළාස්වක පෝය. අපේ ලංකාවේ ඡුන්ද පොළවලින් 20%ක් 30%ක් විතර බෞද්ධ ජනතාව පෝයට දවසකට දෙකකට කලින් සැරසිලි කරන්න එනවා. ඡුන්ද පොළ හදන්න අපිට දවස් එකහමාරක්වත් ඕනේ. ඒක හින්දා පෝය පහුවෙලා ඡුන්දෙ තියන්න ළගම දවස නොවැම්බර් 15. නමුත් අපිට ඡුන්ද පොළක් සකස් කරන්නත් දවසක් දෙකක් යන නිසා නොවැම්බර් 15 තියන්නත් බෑ. එතකොට ජනාධිපතිවරණය තියන්න පුළුවන් ළගම දවස නොවැම්බර් 16-17 වගේ තමයි. දුරම දවස දෙසැම්බර් 07. ඔය දින දෙකත් ඇතුළුව ඕනෑම දිනෙක ජනාධිපතිවරණය පවත්වන්න පුළුවන්.


තමන්ගේ ධුර කාලය පිළිබඳ ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නට යන බවට වාර්තා පළවෙනවා. ඒ අනුව හෝ වෙනත් හේතුවක් මත ජනාධිපතිවරණය කල් යාමේ ඉඩක් තිබෙනවාද?


කොමිසන් සභාව ජනාධිපතිතුමා, අග‍්‍රාමාත්‍යතුමා, කතානායකතුමා විපක්ෂ නායකතුමා සහ දේශපාලන පක්ෂ නායකවරුන් සියලූ දෙනාටම දන්වලා තියනවා ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව කොමිසමේ කාල වකවානු. ජනාධිපතිතුමා, අගමැතිතුමා, කතානායකතුමා අපි කොමිසන් සභාවේ සාමාජිකයන් තිදෙනා එතුමන්ලාගේ නිවෙස්වලට ගිහින් හමුවෙලා මේ ගැන සාකච්ඡුා කළා. ගරු ජනාධිපතිතුමා ඉන්දියාවේදි කිව්වා දෙසැම්බර් 07 වෙනිදා ජනාධිපතිවරණය තියනවා කියලා. මම කලින් කියපු විදිහට ජනාධිපතිවරණය පැවැත්විය හැකි අන්තිම දවස හිතාගෙන තමයි එතුමා එහෙම කියලා තියෙන්නේ. ඔය කාලය ඇතුළත ජනාධිපතිවරණය තියන එක වළක්වන්න පුළුවන් එකම කෙනයි ඉන්නේ. ඒ ගරු ජනාධිපතිතුමා. හැබැයි වැළැක්විය හැක්කේ කොහොමද? ඡුන්ද විමසීම පවත්වන දිනය ඉස්සරහට ගන්න පුළුවන්. නමුත් දෙසැම්බර් හතෙන් පස්සට ගන්න බෑ. ජනාධිපතිතුමා සමග කළ සාකච්ඡුාවෙදි අපිට ප‍්‍රත්‍යක්ෂ වුණා එතුමාගේ ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම කියන කරුණක් සිදුවෙන්නේ නැති බව. ඒ නිසා ලෝක විනාශය හෝ මුරුගසං වරුෂාව ආවේ නැත්නම් අනිවාර්යෙන්ම ජනාධිපතිවරණ ඡුන්ද විමසීම ඔය කාල සීමාව ඇතුළත තියනවා. නිදහස් සහ සාධාරණ මැතිවරණයක් තහවුරු කිරීම වෙනුවෙන් මොනවද කෙරෙන්නේ? මාධ්‍ය නියාමනයට ඒ ඒ අය සමග සාකච්ඡුා කරමින් ඉන්නවා. මාධ්‍ය උපමාන ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කර්තෘ සංසදය සමගත්, විද්‍යුත් මාධ්‍ය හිමිකරුවන් සහ ප‍්‍රධාන විධායකයන් සමගත් සාකච්ඡුා පවත්වනවා. මොකද ඒ අය හරහා තමයි අපිට මේ මාධ්‍ය උපමාන ක‍්‍රියාත්මක කරන්ඩ පුළුවන් වෙන්නේ. කර්තෘ සංසදය සමග සාකච්ඡුාව අපි පසුගිය සඳුදා පැවැත්තුවා. විද්‍යුත් මාධ්‍ය හිමිකරුවන් සහ ප‍්‍රධාන විධායකයන් සමග සාකච්ඡුාව ඉදිරියේදි කරන්න බලාපොරොත්තු වෙනවා. දේශපාලන පක්ෂ එක්ක සාකච්ඡුා කර එකගතා ඇති කරගෙන තිබෙනවා.

මැතිවරණයකදී මනාපය ළකුණු කිරීම හා සමානව අමනාපය ළකුණු කිරීම සඳහාත් ඡුන්ද පත‍්‍රිකාවේ ඉඩක් ලබාදිය යුතුය කියන යෝජනාවක් සිවිල් සමාජයෙන් ඉදිරිපත්ව තිබෙනවා නේද?

ඒ යෝජනාව නීති වෙනස් කිරීමෙන් ක‍්‍රියාත්මක කරන්න ඕනේ එකක්. මොකද බැලට් පේපර් එක හැම පනතෙම උපලේඛනයේ තියනවා. කොමිසමට බෑ ඒකට ඒවා මේවා එකතු කරන්න. එහෙම දෙයක් දාන්න වෙන්නේ පාර්ලිමේන්තු පනතකින් තමයි. නමුත් වෙනත් පූර්වාදර්ශයක් ඉන්දියාවේ තිබෙනවා නේද? ඉන්දියාවේ සිවිල් පුරවැසියන්ගේ ඉල්ලීම පිට ඒක දැම්මේ එහෙ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්. අපිට ඔය යෝජනාව එවපු සිවිල් සංවිධානවලට, සමාජ ක‍්‍රියාකාරින්ට අපි දන්වලා තියනවා මේක ඡුන්දදායකයන්ගේ අයිතියක් කියන එක. මොකද ඒගොල්ල කියන්නේ ඉදිරිපත් වෙන අපේක්ෂකයෙකුට කැමැත්ත ප‍්‍රකාශ කරන්න වගේම අකමැත්ත ප‍්‍රකාශ කරන්නත් ඡුන්දදායකයන්ට අයිතියක් තියනවා කියන එක. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේදි ඡුන්දදායකයන්ගේ අයිතිය, ජනතාවගේ අයිතිය පුළුල් කිරීමක් හැටියට කොමිසම මේකට කැමතියි. හැබැයි අපිට ඒක ඇතුළු කරන්න පුළුවන් කමක් නෑ. ඒක උසාවියෙන් හරි පාර්ලිමේන්තුවෙන් හරි කරන්න ඕනේ.

යම් අවස්ථාවක බහුතර ඡුන්දදායකයන් පිරිසක් අමනාප ඡුන්ද සලකුණු කරලා තිබුණොත් මොනවගේ තත්ත්වයක්ද ඇතිවෙන්නේ?

ඡන්දදායකයන් සීයක් ඉන්න තැන අනූවක් නෝටා වෝට් කරලා තිබ්බත්, ඉතුරු දහයෙන් වැඩියෙන් ගන්න කෙනා පත්කරන්න වෙයි. නමුත් සමහර රටවල් ඒකට විකල්පයක් අරගෙන තියනවා. ඒවායේ තියෙන්නේ වයිට් බැලට් පේපර් එකක්. හිස් ඡුන්ද පත‍්‍රිකාවක්. අපේක්ෂකයන්ට වඩා ඒක වැඩිනම් අර අපේක්ෂකයන් ඔක්කොම අයින් කරලා නැවත ඡුන්දයක් පවත්වනවා. කතා කරනවා තමයි, නමුත් අපි දන්නෑ ලංකාවේ මේක කොයි කාලේ ක‍්‍රියාත්මක වෙයිද, නැත්ද කියලා. වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාගන්නා ආකාරයෙන්ම නාමයෝජනා දෙන අවස්ථාවේදි අපේක්ෂකයන් රජය සමග ව්‍යාපාර කරන්නේද නැත්ද යන්න පිළිබඳව දිවුරුම් ප‍්‍රකාශ ලබාගැනීමට කොමිසම එකග වී තිබෙනවා.

දිවුරුම් ප‍්‍රකාශ නොදෙන හෝ ව්‍යාජ තොරතුරු සහිත දිවුරුම් ප‍්‍රකාශ දෙන අපේක්ෂකයන් සම්බන්ධයෙන් මොන වගේ පියවරන්ද ගත හැකි වන්නේ?

අපේක්ෂකයා රජය සමග ව්‍යාපාර කරන එක ගැන දිවුරුම් ප‍්‍රකාශය නොදුන්නා කියා අපි නාමයෝජනා ප‍්‍රතික්ෂේප කරන්නේ නෑ. මොකද පාර්ලිමේන්තු පනතකින් මේක සම්මත වෙලා එනකම් අපිට මේ කරුණ මත නාමයෝජනා ප‍්‍රතික්ෂේ්ප කරන්න බෑ. නමුත් අපි අපේක්ෂකයන්ගෙන් ඉල්ලනවා නාමයෝජනා ඉදිරිපත් කරන කොට ඒ සමග මේක ඉදිරිපත් කරන්න කියලා. ඒ අනුව අපිට ලැබෙන තොරතුරු, තොරතුරු පනත යටතේ ඉල්ලීමක් කරලා කෙනෙකුට අවශ්‍ය නම් ගත හැකියි. දිවුරුම් ප‍්‍රකාශයෙන් ඉදිරිපත් කෙරෙන්නේ සත්‍ය තොරතුරුද අසත්‍ය තොරතුරුද කියා නිරීක්ෂණය කරන්න ඕනේ ඕගොල්ලනේ. අපි ඇයි ඒවා නිරීක්ෂණය කරන්නේ. ඒවාට තමයි සිවිල් සංවිධාන තියෙන්නේ. ¥ෂණ අවම කිරීමේ අපේක්ෂාවෙන් අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාගැනීම මෑතක සිට සිදුවෙනවා. එම ක‍්‍රියාදාමය මගින් අපේක්ෂිත ප‍්‍රතිඵල ලැබුණාද? වත්කම් බැරකම් ප‍්‍රකාශ අරගැනීමේ අරමුණ එයා හොරකම් කරනවා කියලා පෙන්නලා නඩුවකට යන්නයි. ඕගොල්ලන්ටත් ගත හැකි ඕනේ නම්. කවුරු හරි කෙනෙක් දිනපු දා ඉඳලා මේ දක්වා එයා දීපු ඒවා අරගෙන. සාමාන්‍යයෙන් දිනන අය හැමෝම වත්කම් බැරකම් ප‍්‍රකාශ දෙනවා. කෙනෙක්ගෙන් මම වත්කම් බැරකම් ප‍්‍රකාශ ඉල්ලලා යැව්වාම එයා ලිවුමක් එවනවා මට කියන්න තරම් වත්කමක් නෑ කියලා. මේ ලියුමට මුද්දර ගහන්න රුපියල් පහළොවත් ඉල්ල ගත්තේත් අනුන්ගෙන් කියලා. සමහරු නොදිත් ඉන්නවා. නඩුවක් දාලා රුපියල් සීයක් දඩ ගහත හැකි. නැත්නම් ප‍්‍රජා අයිතිය අහෝසි කළ හැකියි. එච්චරයිනේ. මේ වත්කම් බැරකම් නීතිය වෙනස් වෙන්න ඕනේ. ඔය ගන්න ප‍්‍රකාශය ඔයිට වඩා සරල වෙන්න ඕනේ.

අපේක්ෂකයෝ කොමිසමට වත්කම් බැරකම් ප‍්‍රකාශ දුන්නාට කොමිසම ඒවා ප‍්‍රසිද්ධ කරන්නේ නෑනේ. එතකොට මොකක්ද තියන පලේ?

ඒවා ප‍්‍රසිද්ධ කරන්න නීතියෙන් බලයක් නෑනේ. කවුරු හරි කෙනෙක් සල්ලි ගෙවලා ඉල්ලූවොත් දිවුරුම් ප‍්‍රකාශයත් අරගෙන දෙන්න පුළුවන්. ඒක තොරතුරු පනතෙන් ගන්න පුලූවන් කියන එකත් දැන් චැලේන්ජ් කරලානේ තියෙන්නේ. ජනාධිපති කාර්යාලයෙන් කියලා තියනවානේ එහෙම දෙන්න බෑ කියලා. තොරතුරු කොමිසම කියලා තියනවා දෙන්ඩ කියලා. නමුත් සුප‍්‍රිම් කෝට් එකේ නඩුවක් තියනවා ඒක දෙන්න පුළුවන්ද, බැරිද කියලා. අපි කියන්නේ වත්කම් බැරකම් නීතිය යටතේ අපි ඒ ප‍්‍රකාශ දෙන්නම්. හැබැයි ඔයාට ප‍්‍රසිද්ධ කරන්න බෑ. ඕනේ නම් එයා ගැන තොරතුරු හොයලා නඩුවක් දාන්න පුළුවන්. නමුත් ප‍්‍රායෝගිකව ඔය කියන විදිහට නඩු පැවරීම් සිදුවෙන්න තියන ඉඩ අඩුයි.

මේවා ප‍්‍රසිද්ධ කරනවා නම් ඒ ගැන සමාජ සංවාදයක් හෝ ගොඩනැෙගනවා. නැත්නම් කිසිවක්ම සිදුවෙන්නේ නෑ නේද?


මගේ නම් පුද්ගලික අදහස යමෙකුගේ වත්කම් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කෙරෙන්න ඕනේ නෑ, ලංකාවේ කාගෙවත්. ඕගොල්ල ඇයි දේශපානඥයෝ හොරුයි කියලා හිතලා වැඩකරන්නේ? මාධ්‍යවේදීන්ගේ, මාධ්‍ය ආයතන අයිතිකාරයන්ගේ වත්කම් බැරකම් කීයක් ප‍්‍රසිද්ධ කළාද? ඔය නීතියේ තියනවානේ ඒ අයගෙත් වත්කම් බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් කරන්න ඕනේ කියලා. කෝ කරනවද? මම දේශපාලනඥයෝ ආරක්ෂා කරනවා නෙවෙයි. මම අහන්නේ රජයේ නිලධාරිනුයි, දේශපාලනඥයොයි විතරද ඕක දෙන්න ඕනේ. ඒවා විතරද ප‍්‍රසිද්ධ වෙන්න ඕනේ?


රජයේ නිලධාරින්ට, දේශපාලනඥයන්ට තම තනතුරේ බලය යොදාගෙන අයථා ඉපයීම් කිරීමේ හැකියාව තිබෙන නිසයි ඔවුන් මේකෙදි ප‍්‍රමුඛ වෙන්නේ. ඒ ආකාරයේ බලයක් සහ හැකියාවක් අනෙක් අයට නෑනේද?


එහෙම කොහොමද කියන්නේ. ඔතැන මූලික ආකල්පය දේශපාලනඥයෝ හොරුයි කියන එකනේ. මුං හොරකම් කරන්නයි එන්නේ කියන එකනේ. ඒ අදහසින් මේක බලනවාට වඩා අපි වැඩකරන්න ඕනේ දේශපාලනඥයා හොරකම් නොකරන තැනට වැඩ සිද්ධ කරවා ගන්නයි. මම ඉන්නේ ඕගොල්ල වගේ ‘‘දේශපාලනඥයෝ හොරුයි, මුං එල්ලලා මරන්න ඕනේ, උසාවියේ දාන්න ඕනේ’’ කියන මතයේ නෙවෙයි. එහෙනම් මේ ජනතාවත් ඔක්කොම අයින් කරලා වෙනම ජනතාවක් ඉම්පෝර්ට් කරන්නත් ඕනේ. ඔය දේශපාලනඥයන්ට නෑයෝ නොවෙන මිනිහෙක් ලංකාවේ ඉන්නවද? ඒගොල්ලන්ට ඡුන්දෙ නොදීපු මිනිස්සු ඉන්නවාද? අපි කළ යුත්තේ දේශපාලනඥයන් යහම`ගට ගැනීමේ ව්‍යාපාරයක් කියන එකයි මගේ අදහස. හරි පාර්ලිමේන්තුවේ ඉන්න 225ම එලවනවා කියමුකෝ. ඊගාවට පාර්ලිමේන්තුවට මිනිස්සු කොහෙන්ද හදන්නේ. ඊගාවට එතනට එන්න ඉන්න අයගෙයි දැන් ඉන්න අයගෙයි වෙනස මොකක්ද? එන්න ඉන්න අය මේගොල්ලන්ට වැඩිය හොඳයිද?


එහෙමනම් මොකක්ද තිබෙන විකල්පය වෙනසක් ඇති කරන්න?


මුල ඉඳන්ම, ඉස්කෝලවල ප‍්‍රජාචාරයේ ඉඳන්ම මිනිස්සු හදන්න වෙනවා. එහෙම නැතිව ‘‘උඹලා හොරකම් කරන්න එපා, කළොත් ගෙදර යවනවා’’ කියන එකට නම් දිවුරුම් ප‍්‍රකාශ ගන්න එක හරි. සමාජ ව්‍යාපාර දේශපාලනඥයන්ට කියන්න ඕනේ උඹලාගේ අවුරුදු දහයක වත්කම් බැරකම් ප‍්‍රසිද්ධ කරපල්ලා ඡුන්දය ඕනේ නම් කියලා.


පාර්ලිමේන්තුවේ දැන් ඉන්න දෙසිය විසිපහම ඉවත් කළ යුතුයි කියන මතවාදයක් මේ වන කොට සමාජගත වෙමින් තිබෙනවා. එහෙම කළොත් රට අරාජික වෙයි කියන අදහසක් ඊට විරුද්ධව පළවෙනවා. ඔබ කොහොමද මේ කාරණය දකින්නේ?


මේ දෙසිය විසිපහම යැව්වා කියලා රට අරාජික වෙන්නේ නෑ. මේගොල්ල ගියාට තව දෙසිය විසිපහක් එනවානේ. එහෙම කළාම අඩුතරමින් මේගොල්ල හරියට හැදෙයිනේ මිනිස්සු අපිට ඡුන්දෙ දෙන්නේ නෑ කියලා.


පළාත් සභා මැතිවරණ පැවැත්වීමට මොකද වෙන්නේ? ඔබ දැරුව උත්සාහය වතුරේ ගියාද?


පළාත් සභා මැතිවරණ නොපැවැත්වුවොත් ඔබ ගෙදර යන බවක් කියලා තිබුණා නේද? ඒකට මොකද දැන් වෙන්නේ?
ඒ ප‍්‍රකාශය තවමත් ඒ විදිහටම තියනවා. දැන් මම ඒ ගැන තීරණයක් ගත යුතුව තියනවා. නමුත් මේ ගැන මාත් එක්ක කතා කළ බොහෝ දෙනෙක් මගෙන් අහනවා මම ඉල්ලා අස්වුණොත් පළාත් සභා පැවැත්වෙයිද ජනාධිපතිවරණය පැවැත්වීමත් ගැටලූවක් වෙයිද කියලා. මම ඉවත් වුණොත් අනෙක් සාමාජිකයන් දෙදෙනාගෙන් කෙනෙක් සභාපති ධුරයට පත් කළ හැකියි. එහෙම පත් කරලා වැඩකටයුතු ඉදිරියට කරගෙන යා හැකියි. නමුත් එහෙම පත් කිරීමක් නොකළොත් හෝ පත් කිරීම පමා කළොත් ජනාධිපතිවරණය නියමිත කාලය තුළ පැවැත්වීමට මොකද වෙන්නේ? අන්න ඒ ප‍්‍රශ්නය ඒ අය මතු කරනවා. මම මෙහෙම කියන කොට කෙනෙක් හිතයි නොයා ඉන්න කාරණා කියනවා කියලා. එහෙම නොවෙයි. මේක තමයි තියන සැබෑ තත්ත්වය. දැන් මට තීරණයක් ගන්න වෙලා තියනවා මගේ ගමේ මගේ පාසලේ ගෞරවය රැුකගෙන ඒ කියපු විදිහටම ඉල්ලා අස්වෙනවාද, නැත්නම් රටේ තියන දේශපාලන තත්ත්වය දිහා බලලා තවදුරටත් ඉන්නවාද කියන එක ගැන. මම තවමත් ඒ තීරණය අරගෙන නෑ.