නිමල් අබේසිංහ

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිසම එම ප‍්‍රහාරයට සම්බන්ධ වු මහ මොළකරුවන් කව්දැයි යන්න සොයාගෙන නැති බව රාවය කළ විමසීමකදී නීතිඥ ශිරාල් ලක්තිලක කීවේය.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධ විමර්ශන කොමිසමේදී සාක්ෂි දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ හිටපු ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න සහ එහි හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මේ සම්බන්ධයෙන් කරුණු දක්වා තිබුණත් ඒ ගැන අවධානයක් යොමුව නැති බව වාර්තාවෙන් පෙනෙන්නට ඇතැයි ද ඔහු කීවේය.

මුස්ලිම් අන්තවාදය නැවත ඇතිවීම වැළැක්වීම උතුරේ යුද්ධය කළ ආකාරයෙන් සිදු කළ නොහැකි බවද පැවසූ ඔහු තව්හිද් යනු විශ්වාසයක් මත පදනම් වූ ලබ්ධියක් බවත් එවැනි විශ්වාස මත ගොඩනැගෙන ආගම් භක්තිය නැති කිරීම ලෙහෙසි නොවන බවද කීවේය.

1 COMMENT

  1. තව්හීද් යන පදය ගැන පමණක් සඳහන් කරන්නම්. අරාබි භාෂාවෙන් වාහිද් යනු එක. කව්හීද් යන පදයේ තේරුම දෙවියා ඒක්කෙනෙක් යන්නයි. සියළු ආගම් දෙවියා එක්කෙනෙක් බව සඳහන් කරයි. ඉස්ලාම් නොවන ආගම් පවා මේ බව පවසයි. කෝටි 33 දේවර් ගැන පවසන හින්දු ආගම, “ඔන්ඩ්‍රේ කුලම් ඔරුවනේ දේවන්” – එකම කුලයයි, එකම දෙවියා යනුවෙන් පවසයි. මහා බ්‍රහ්ම කියා සඳහන් කරන විට එයින් අදහස් කරන්නේ කවුරුන් ද? කිතුනු දහමේ දෙවියා එක්කෙනෙකි යන සංකල්පය නැද්ද? යුදෙව්වරුන් එය දැඩිව අනුගමනය කරන්නේ නැද්ද? මෙයින් පෙනෙන්නේ තව්හීද් යන සංකල්පය සියළු ආගම්වලට පොදු වන අතර, ඉස්ලාම් දහමට පමණක් Monopoly නෑ. නමුත් තව්හීද් යන පදය කිසිවෙක් අවභාවිතා කරනවා නම්, මිනිස් ඝාතනයයට, ධනය රැස් කරන්නට හෝ දේශපාලනය කරන්නට. අසමගිය පතුරුවන්නට බෝඩ් දාගෙන වෙළෙඳාම් කරනවා නම්, එය ආගම්වල වැරදි නොවේ. පුද්ගලයාගේ වැරැද්දයි. ආගම් තියෙන්නේ අනුගමනය කරන්නයි. කල්ලි බෙදෙන්න නොවේ. මම මේ කියන්නේ වැරදි නම් මට සමාවෙන්න. යථාර්ථය විශාලයි. මගේ දැනුම සීමිතයි.

Comments are closed.