නිමල් අබේසිංහ

ශ‍්‍රී ලංකා විදේශ සේවය වෙනුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන 800කි වියදම් කර තිබුණත්, එහි ඵලදායිතාවක් නැති නිසා ඒ ගැන විමර්ශනය කරන්නැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කෝප් කමිටුව නියෝග කර ඇති බව මාධ්‍යවල පළවී තිබුණේය. මේ සමගම ශ‍්‍රී ලංකාවේ විදේශ සේවය පිළිබඳව අපටද මතුව ඇති ගැටලූ කිහිපයක් පිළිබඳව ලියන්නට සිත්විණි.

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ රටවල සේවයේ යෙදෙන තානාපතිවරුන් ඔවුන්ට ලැබෙන මුදල් වියදම් කිරීමේදී විනිවිදභාවයෙන් යුතුව සිදුකරන්නේද යන්න එකී ගැටලූවය.

සෑම තානාපති කාර්යාලයකටම පාහේ උත්සව හා සංග‍්‍රහ දීමනා ලෙස විශාල වියදමක් ලැබේ. දැනගන්නට ලැබෙන ආකාරයට මෙම වියදම් පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපි ගොනුවක් පවා පවත්වාගෙන යන්නේ නැත. ඒ අනුව උත්සව දීමනාව කෙසේ වියදම් කළේද යන්න කිසිවෙකුත් නොදනී. උත්සව පැවැත්වූයේ නම් එයට සහභාගි වූවෝ කවුරුන්ද? ඒ සඳහා ආහාරපාන සහ ත්‍යාග බාහිරින් මිලදී ගත්තේද? ඒවාට අදාළ බිල්පත්, පැමිණි අමුත්තන්ගේ දුරකතන අංක, ඔවුන් පැමිණි ස්ථාන, ඡායාරූප ගත කළේ නම් ඒවා සවිස්තරාත්මකව ඇතුළත් කර ලිපිගොනු පවත්වාගෙන යෑමක් නැති බවටත් තොරතුරු තිබේ.

තානාපති කාර්යාලවල සිදුවෙන උත්සවවලදී මුදල් නාස්ති වෙන අවස්ථාද තිබේ. ආරාධනා කළ පිරිස්වලින් බොහෝ දෙනා සහභාගි නොවීම නිසා ආහාර විශාල වශයෙන් ඉවත දැමීමට සිදුවීම ඉන් ප‍්‍රධාන කාරණාවකි. උත්සව සැරසිලි හා නැටුම් කණ්ඩායම් වෙනුවෙන් වන වියදම් වලටද තවත් විශාල මුදලක් වැය වේ. උත්සවයට ආරාධනා කළ පිරිස් නොපැමිණියේ නම්, නාට්‍ය කණ්ඩායම් හා සැරසිලිවලට වියදමද නිස්සාර වන්නේය.

නිල නිවාසවල ගෘහ භාණ්ඩ මෙන්ම ගෘහ උපකරණ සඳහා වන වියදම්ද විශාලය. විශේෂයෙන්ම තානාපති නිලධාරියා හෝ නිලධාරිනිය වෙනස් වූ විට අලූතින් ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සිදුවේ. එහෙත් හිටපු නිලධාරියා හෝ නිලධාරිනිය භාවිත කළ ගෘහ භාණ්ඩ නැවත පාවිච්චි කිරීමට අලූතින් පත්ව එන අය මැලිවන නිසා නිරන්තරයෙන් සිදුවන්නේ අධික මිල ගණන් වැය කර නව ගෘහභාණ්ඩ මිලදී ගැනීමය. මෙම ගෘහ භාණ්ඩ සමහරක් වේවා අධික මිල ගණන්වලින් යුක්ත ඒවා බව නොරහසකි.

වර්ෂාවසානයේදී තානාපති කාර්යාල විසින්Home Based Staff හි නිල නිවෙස්වලට පරිහරණය කිරීමට ලබා දුන් භාණ්ඩවල ලේඛනයක් ඔවුන්ගේ නිල නිවෙස්වලටම ගොස් ඒවා පිළිබඳ වාර්තාවක් ගැනීම සිරිතය. මෙම අවස්ථාවන්හිදී සමහරක් නිලධාරීන් කරනුයේ හොඳ තත්ත්වයේ පවතින ගෘහ භාණ්ඩද භාවිතයට ගත නොහැකි ඒවා ලෙසට නම් කිරීමය. එය භාවිතයට ගත නොහැකි ඒවා ගෘහභාණ්ඩ වශයෙන් ඉන්වෙන්ටි‍්‍ර ගත කළද ඒ ගැන නැවත පරීක්ෂාවක් කළහොත් ඒ භාණ්ඩවලට සිදුවූයේ කුමක්දැයි සොයා ගැනීම අපහසු නොවනු ඇත. මේ පිළිබඳව කිසිවකුගේත් මේ වනතුරුත් අවධානය යොමුවී නැත. නිල නිවාසවලට අලාභ හානිකර තිබීම සේ ම අපිරිසිදුකර තිබීමද බොහෝවිට දකින්නට තිබෙන සුලබ දෙයකි.

විදේශ සේවයට යන නිලධාරීන්ගේ බඩුබාහිරාදිය පැටවූ කන්ටේනර් මෙරටින් යැවූ පසුව ඒවා එම රටවල වරායවලින් නිදහස් කර ගැනීමට මාස දෙක තුන දක්වා කාලය ගතකිරීම නිසාවෙන් රැුඳවුම් ගාස්තු වශයෙන් විශාල ධනස්කන්ධයක් වැය කිරීමට සිදුවීමද සුලබ දෙයකි. මෙවැනි මග හරවා ගත හැකි පරිපාලන දෝෂයන් හේතුවෙන් විශාල මුදලක් වැයවීම සිදුවෙතත්, ඒ ගැන සොයා බලන්නට නිසි ක‍්‍රමවේදයක් මෙන්ම කිසිවෙකුත් නොසිටීමද බරපතළ ගැටලූවක් වී තිබේ. තානාපති සේවයේ සිදුවන තවත් සුවිශේෂී ක‍්‍රියාදාමයක් වනුයේ ඇතැම් තානාපතිවරුන්ගේ සහ වරියන්ගේ අමනෝඥ පරිපාලන විධින්ය. නියමිත රාජකාරියක නිරතව සිටින නිලධාරීන්ට හෝ නිලධාරිනියන්ට කිසිදු හේතුවක් නොදක්වා වෙනත් රාජකාරි පැවරීම, ඇතැම් නිලධාරීන්ට එසේ පවරනු ලබන රාජකාරි පිළිබඳ පළපුරුද්දක් හෝ විශේෂඥභාවයක් නොතිබීමද සැලකිය යුත්තකි. ඇතැම් නිලධාරීන්ට කිසිදු රාජකාරියක් පවරා නොතිබීම වැනි තත්ත්වයන්ද සමහර තානාපති කාර්යාලවල පවතින්නකි.

තානාපති සේවයට ඒ සඳහා පළපුරුද්දක් නොමැති අය හෝ පළපුරුද්දක් සහිත අප පත් කළද මෙකී තත්ත්වයන් සමනය කරගත හැකි නොවේ. ඒ සඳහා අත්‍යවශ්‍යයෙන්ම විධිමත් පාලන ක‍්‍රමයක් සමගම එම කාර්යාල සහ ඉහළ නිලධාරීන්ගේ වැඩ කටයුතු පිළිබඳ පසුවිමරක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍යම කාර්යයකි.

විදේශ කටයුතු අමාත්‍යාංශය රජයද නොමග යවමින් විදේශ තානාපති කාර්යාලවලට පත්වීම් ලබාදීමට කටයුතු කරන ආකාරය ගැන හොඳ නිදසුනක් සැපයිය හැකිය. 2019/07/05 දින ශ‍්‍රී ලංකා විදේශ සේවයට බඳවා ගැනීම සඳහා පළ කරන ලද ගැසට් පත‍්‍රයට අනුව ලිඛිත පරීක්ෂණයෙන් ඉංග‍්‍රීසි භාෂාවට සහ ලඝු ලේඛනයට ලකුණු 40%ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් ලබාගත යුතු යැයි වගන්තියක් ඇතුළත් කර තිබිණ. ඊට අමතරව සම්මුඛ පරීක්ෂණයක්ද පැවැත්වෙන බවත් එහි සඳහන් වේ. මෙම විභාගයට පෙනී සිටි අයවලූන්ගේ විභාග තොරතුරු ඇතුළත් සහතික නිකුත් වී ඇත.

මෙම තරග විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් කිහිපදෙනකුගේම සම්මුඛ පරීක්ෂණවලට ලකුණු ලබාදී නැත. මෙය සැකසහිත කාරණාවකි.

කෙසේ වුවත් මේ වනවිටත් ශ‍්‍රී ලංකාවේ විදේශ සේවයේ ගරුගාම්භීරභාවය කෙළෙසමින් පවතින බව පෙනේ. ඒ සඳහා වන හොඳම උදාහරණය දේශපාලනඥයන්ගේ ¥වරුත් හා පුතුන් විදේශ සේවාවේ ඉහළ තනතුරුවලට රිංගවීමය. විදේශ සේවය පිළිබඳ අත්දැකීම් රහිත මේ පිරිස් විදේශ සේවයේ යෙදවීමට තිබෙන තත්ත්වයද තවදුරටත් දුර්වල කරන්නකි. එමෙන් එහි ගුණාත්මකභාවය පහළ බැසීමකි. එලෙසම ඒ කෙරෙහි මෙරට වැසියා තබන විශ්වාසය පළුදුවන්නකි. මේ කාරණා නිසා විදේශ සේවය වෙනුවෙන් කොතරම් ධනස්කන්ධයක් වියදම් කළද ප‍්‍රතිඵල රහිතවීම පුදුමයට කරුණක් නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here