ජයනි පේ‍්‍රමරත්න, චතුමාධවී හේරත්


ඔබගේ පවුලේ කලා පසුබිමක් තිබුණාද ?


මගේ අප්පච්චි මේසන් බාස් කෙනෙක්. මගේ අම්මා රබර් වත්තක කම්කරු වැඩ තමයි කළේ. මට සහෝදරියෝ හතරකුයි සහෝදරයෙකුයි හිටියා. මගේ අප්පච්චි දවසක් යාළුවෙකුගෙ මැඞ්ලින් එකක් අරගෙන ගෙදර ආවා. ඉතින් මේ වෙනකොට අපේ ගෙදර රෝඩියෝවක්වත් තිබුනෙ නැහැ සිංදු අහන්න. කොහොම හරි අප්පච්චි පැදුරකුත් එළලා සිංදු කියන්න පටන්ගත්තා. ඉතින් අම්මත් නිකන් හිටියේ නැ. අප්පච්චිගේ සිංදුවට හැදි දෙකකින් තාලය ඇල්ලූවා. ඉතින් එදා මට සිංදු කියන්න, ඒවා අහගෙන ඉන්න ගොඩක් ආස හිතුනා. ඉතින් මගේ ආදරණීය අම්මගෙනුයි අප්පච්චිගෙනුයි තමයි මගේ ගායනයට මුලාරම්භය ලැබුනෙ.


අද ගායකයෝ හතු පිපෙන්නා වගේ බිහිවෙනවා. ගායකයෙක් වෙන එක ලේසි වැඩක්ද.


ඇත්තටම ගායකයෙක් වෙන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. මම පුංචි කාලෙදි සිංදු කියන්න ගොඩක් උත්සහ කළා, මහන්සි වුණා. හැබැයි ගායකයෙක් වෙන්න නෙමෙයි. මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුනෙ ගුවන් විදුලියේ සිංදුවක් යනව අහන්න. එතනින් එහාට මට දෙයක් තිබුනේ නෑ. මොකද අපිට සිංදුවක් අහන්න පහසුකමක් තිබුනෙ නෑ. ඒ කාලේ රූපවාහිනි තිබුනෙත් නෑ. අපේ ගෙදර ඉස්සරහ තිබුන කඩ පේළියේ දාන සිංදු තමයි අපි අහන්නේ. මං මොනතරම් මේ සිංදු අහන්න ආස කරාද කියනව නම් ඒ කඩ පේලියෙ සිංදු දැම්මම මම අහගෙන ඉදලා ඒවා විසන්ධි කරාම ආපහු ගෙදර දුවගෙන එනවා.එහෙම තමයි මම අලූතින් සිංදු ඉගෙන ගත්තෙ. ඉතින් ඔහොම කාලයක් යනකොට මට ඉබේටම වගේ සිංදු කීමේ හැකියාව ලැබුනා. මගේ අම්මායි, අප්පච්චියි පුළුවන් විදියට කියලා දුන්නා. හැබැයි ඒ කියල දෙන ඒවා මම ප‍්‍රගුණ කළා. අප්පච්චි නැති වෙලාවට මම නිකන් ඉන්නෙ නෑ. මැඞ්ලින් එක අරගෙන වාදනය කරනවා. අන්තිමේට මම ඒක හොදටම කතා කරනවා වගේ ගහන්නත් පුළුවන් වුණා. ඉතින් කටුක මාර්ගයක ඇවිත් තමයි මම අද ප‍්‍රසිද්ධ ගායකයෙක් වෙලා ඉන්නෙ.


ඔබ ගායකයකු වූ ගමන් මග ගැනත් කතා කරමු


මම මුලින් කිව්වා වගේ ගෙදරින් ඉගෙන ගත්ත හැකියාව ටික ටික ප‍්‍රගුණ කළා. වෙසක් එකට, පොසොන් එකට සිංහල අවුරුද්දට තියෙන ගායනවා තරගවලට මං ඉදිරිපත් වුණා. එතකොට මම පොඩියි. සමහරක් ඒවා තියනවා සල්ලි ගෙවලා සිංදු කියන්න පුළුවන්. ඒ කාලේ සිංදුවක් වේදිකාවේ කියන්න රුපියලක් ගන්නවා. ඒ කාලේ රුපියලක් කියන්නේ ලොකු මුදලක්. ඉතින් එහෙම සිංදු කියලා ටික ටික ලොකු මහත් වෙනකොට හොදට සිංදු කියන්න පුළුවන් වුනා. මේ හැම තරගයකදීම මම පළවෙනියා වුනා. කලාතුරකින් තමා දෙවනියා වෙන්නෙ. මම මුලින්ම මගේම කියලා සිංදුවක් කිවේ තරෙගකට. ඒ කියන්නේ 1979 යෞවන සම්මාන උළෙලට. මේකෙදි දේශාභිමාන ගී, පරිසරය සම්බන්ධ ගීත, මව් ගුණ ගීත වගේම, ආදර ගීත කියන තේමාවන් යටතේ ගීත නිර්මාණයන් සිදු කර ඉල්ලූම් කරන්න අවස්ථාව තිබ්බා. මේකෙන් මම තෝරගත්තේ දේශාභිමානි ගීත. මම එදත් අදත් දේශාභිමානි ගීත වලට හරිම කැමතියි. ඒ හින්ද මම මට තේරෙන විදිහට මගේ වචන වලිින් ‘‘ ජයභුමි ශ‍්‍රී ලංකා - රැුකගන්න ජය භුමී ලංකා’’ ආදි වශයෙන් ගීතයක් ලියලා තැපැල් කළා. සතියක් දෙකක් යනකොට ලියුමක් ආවා තරගාවලියට සුදුසුකම් ලබලා තියනවා කියලා. මම කෑගලූ බාලිකා විද්‍යාලයෙදී මගේ සිංදුව කීවා. ඒකෙදි විනිශ්චය මණ්ඩලයෙ කෙනෙක් මට කිව්වා ඔයා කවද හරි හොද ගායකයෙක් වෙයි කියලා. ඉතින් මම කෑගලූ දිස්ත‍්‍රික්කයෙන් ප‍්‍රථමයා වුනා. පස්සේ මම සමස්ත ලංකා තරගයට ඉදිරිපත් වෙලා ඒකෙනුත් ප‍්‍රථමයා වුනා. ඒකටනම් මටත් මගේ අම්මටත්, අප්පච්චිටත් ගොඩක් සතුටු හිතුනා. මගේ අම්මගේ ඇස් වලින් කදුළු වැටුණා. මේ කාලෙදි ජාතික තරුණ සේවා සභාවේ ආධුනික ශිල්පීන් බදවා ගැනීමේ යොවුන් ගී කණ්ඩායමක්ද නිර්මාණය කරමින් හිටියා. මමත් ඉල්ලුම් කළා. මාව තෝරගත්තා.


එදා ජාතික තරුණ සේවා සභාව හරහා සංගීතයට විශාල සේවාවක් වුණාට අද වෙනකොට එහි යම් පසුබෑමක් දක්නට ලැබෙන්නේ ඇයි.


මෙහෙමයි මම තරුණ සේවා සභාවේ ඉගෙන ගන්න කොට චන්ද්‍රලේකා, සෝමසිරි මැදගෙදර, තේජා ධම්මිකා කරුණාරත්න, මාෂල් වගේ ශිල්පීන් හිටියා. සමහරක් ශීල්පීන් මේක සම්පූර්ණයෙන් ඉගෙන ගන්නේ නැතුව මගදි දාලා ගියා. නොයෙක් ගැටලු නිසා. නමුත් ඒ කාලේ මම හිටියේ නෑ. කොහොම වුත් ඒ කාලේ මෙම ඩිප්ලෝමාව හරියට කරපු හැම කෙනෙක්ටම වගේ ගුරුපත්වීමක් හම්බුනා. ඉතින් ඒ තරුණ සේවා සභාව හරහා සංගීතය ඉගෙන ගෙන ගුරුපත්වීම් ගත්ත අය අදත් ඉහළ පෙළේ වැජඹෙනවා. තැනක ගිහින් වැඩ කරන්න පුළුවන් පිරිසක් මේ ආයතනය හරහා රටට බිහිවුනා. දැන් මේ කාලෙදි තරුණ සේවා සභාවේ මේ කටයුතු නැත්තේ නෑ තියනවා. අපේ කාලේදි රුපවාහිනියට පවා ගීත නිර්මාණය කරලා ඒවා ඒවා පටිගත කරල ඉදිරිපත් කළේ තරුණ සේවා සභාව තුළින් ඒගොන්නට අපි එකතු වුනා. ඒකට අපිට අවස්ථාව හම්බවුනා. නමුත් දැන් කාලෙදි මෙහි පුංචි වෙනසක් දක්නට ලැබෙනවා. ඒකට හේතුවක් තමයි දැන් සංගීතය ඉගෙන ගන්නේ ගායකයකු වීමේ පරමාර්ථයෙන්මද නැතිනම් රැුකියාවක් බලාපොරොත්තුවෙන්ද යන ගැටලූව තියනවා. අපි ගියේ සංගීතය ඉගෙන ගන්න. නමුත් පෙර පරිදි එහෙම රැුකියාවක් දෙන්න බැරි ප‍්‍රශ්නයක් සමහර විට ඇති. කොහොම උනත් තරුණ සේවා සභාව හරහා සංගීතය ඉගැන්වීම අදටත් හොදටම කෙරෙනවා. අනික තරුණ සේවා සභාවේ සංගීතය, නර්තනය විතරක් නෙමෙයි, තවත් ගොඩක් පාඨමාලාවල් තියනවා. අදටත් අපේ තරුණ සේවා සභාව හරහා ඉදිරියට ආපු අය ඉහළ තැන්වල වැජඹෙනවා. ඇයි තවම ශිල්පීන් බිහි නොවන්නෙ යන කාරණය ගැන කථා කළොත් මෙතන ටික කාලයක් ඉගෙන ගන්නකොට එක්කො සුපර් ස්ටාර් තරගවලට සහාභාගිවෙන්න යනවා. නොයෙක් වැඩසටහන් අද විවෘතයි ඒ කාලේ ඕවා තිබුනේ නෑ. කොහොම වුනත් තරුණ සේවා සභාව තුළින් හො`ද ශිල්පීන් බිහිකීරීම සිද්ධ වෙනවා.


රටේ නූතන සංගීත භාවිතය ගැන මොකද හිතන්නෙ.


මෙහෙමයි. අපි දැන් ඔය අලූත් සංගීතඥයන්ට බනිනවා. ඉතිං මම ඒකටනම් කැමති නෑ. බොරු කියන්න ඕනි නෑ මට බනින්නෙ නෑ. ඉතිං ඒ අයට අපි කියන්නෙ විවෘත ආර්ථිකයත් එක්ක ඕනෑම රටකට මේ මොහොතේ සම්බන්ධවීමේ හැකියාව තියනව. එහිදි සංගීතයද, නර්තනයද, ඕනෑම රැුකියාවක් උනත් සොයාගන්න අද හැකියාව තියනවා. මෙහිදි අලූත් නිර්මාණ, සංගීතය අපිට ඉගෙන ගන්න පුළුවන්. නමුත් සමහර දේවල් අපේ රටට සංස්කෘතියට නොගැලපෙන දේවලූත් තියනවා. නැතිව නෙවෙයි.


ගායකයකු ලෙස ඔබ තෘප්තිමත්ද


ඇත්තටම ඔව්. මොකද ඒකට හේතුවක් තමයි ගරාගොඩ රටේ ගුණවර්ධන බාසුන්නැහැගෙ කොල්ලා අද ලංකාවේ ජනප‍්‍රිය ගායකයෙක් වෙලා ඉන්නවා. ඒ මදිද ? පාසලේදිවත් මාව සංගීතෙට තෝරගත්ත නැති කෙනෙක්. ඒක තමයි ලැබීම. අපි කොච්චර මහන්සි වුනත් නොලැබෙන දේ නොලැබෙනවා වගේම ලැබෙන දේ හරියට වෙලාවට ලැබෙනවා.