කැත්ලීන් ජයවර්ධන


මීට හැත්තෑ වසරකට පමණ පෙර මාර්ටින් වික‍්‍රමසිංහ සූරීන් ලියූ ‘බුදුසමය හා සමාජ දර්ශනය’ නම් වූ කෘතිය ඔස්සේ එදා මෙදා තුර සිදුවෙමින් පවත්නා සමාජමය වෙනස්කම් විමසීම මේ ලිපියේ එක් අරමුණකි. එක්තරා සමාජ විග‍්‍රහයක් ද වන මේ කටයුත්ත සඳහා නිල වශයෙන් සුදුසුකම් ලබන්නේ සමාජ විද්‍යාඥයා ය. සමාජ විද්‍යාඥයාට යම් තරමකින් මග හැරී ඇත්තේ දැයි ඇතැම්විට සිතෙන මේ සමාජ කාර්යයට කරඋර දීමට සිදුව ඇත්තේ මේ රටේ සාහිත්‍යකරුවාට බව පෙන්වා දී ඇත්තේ කෘතහස්ත ලේඛක කේ. ජයතිලකයන් ය. මේ අදහසට තියුණු ආලෝක ධාරාවක් එල්ල කර ඇත්තේ මාර්ටින් වික‍්‍රමසිංහ සූරිහුම වෙති. කෙසේ වුව ද විවිධ මතවාද, විවිධ තර්ක විතර්ක කරළියට නැගෙමින් පවතින මෙවැනි පශ්චාත් මැතිවරණ සමයක ඒ මතවාද හා බැඳුණු යම් යම් සිද්ධාන්ත විනිවිද දකින්නට මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ ‘බුදුසමය හා සමාජ දර්ශනය’ වැනි කෘතියක් මාලිමාවක් වන්නේ යැයි සිතෙයි.


‘බුදුසමය හා සමාජ දර්ශනය’ මුලින්ම ප‍්‍රකාශයට පත්වී ඇත්තේ 1947 වසරේදී ය. වසර 70කට පෙර එළිදුටු ආකල්ප, සංකල්ප, වර්තමානයට පාස්සා ගත හැකි ද යන ප‍්‍රශ්නය උද්ගත කරන්නේ අප පිනුම් ගසමින් සිටින වර්තමාන තාක්ෂණික ලෝකයේ නූතන ප‍්‍රවණතාවන් ය. තාක්ෂණයේ දියුණුව, මතවාදීමය ප‍්‍රසාරණය, නූතන සන්නිවේදන ක‍්‍රම, මිනිසාගේ චින්තනය අවදි කරවීමට කොතෙක් දුරට සමත්ව ඇත්තේ ද නැතහොත් එය මිනිසුන් ව්‍යාජ තොරතුරු පඹගාලක පටලවා ඔවුනගේ ස්වාධීන චින්තනය එක්තරා ආකාරයකින් මොට කරමින් පවතින්නේ දැයි සැකසාංකාවක් අප තුළ දැනවීමට පවා බුදුදහම හා සමාජවාදය අවකාශයක් විවර කරතිබේ.


මාර්ටින් වික‍්‍රමසිංහයන් මේ කෘතිය ඔස්සේ ඉදිරිපත් කරන අදහස් උදහස් මෙන් ම ඒ සඳහා නිදසුන් කොට දක්වන ඇතැම් උද්ධෘත එළිදක්වා ඇති විද්‍යාඥයන්, චින්තකයන්, ප‍්‍රාඥයන් ද ජීවත් වුණේ සියක් වසරකට ආසන්න අතීත යුගයක ය. එහෙයින් මේවා පරණ වැඩි යැයි කිසිවකුට තර්ක කිරීමට ද පුඵවන. එහෙත් මේ අදහස් උදහස්, මතවාද සියල්ල වර්තමානයට ගළපාගත හැකිවීමේ සාමාන්‍යය මෙන් ම අරුමය ද අත්විඳින්නේ හොඳ සිහියෙන් යුතුව මේ පොත කියවාගෙන යන පාඨකයා ය. ‘තර්කය නිර්මල උපකරණයක් නොවේ’ යනුවෙන් ඇරඹෙන පොතේ 7 වන පරිච්ෙඡ්දයෙන් මාර්ටින් වික‍්‍රමසිංහයෝ සර්වකාලීන ඇත්තක් පිළිබඳව යම් යම් ඉගි සපයති. අනුන්ගේ මතයක් බිඳලීමට හෝ තමාගේ කැපීපෙනීම සඳහා හෝ තර්කය ඉවහල් කොට ගන්නා පුද්ගලයා ‘හැගීම’ පක්ෂය භජනය කරන්නෙකි යි ඔහු කියයි. ඒ, ඇතැම් විට නොදැන ය. නැතහොත් දැන දැන ය. තර්කය යනු පෘථග්ජන මිනිසා විසින් නිපදවා තියුණු කරගනු ලැබූ (ආත්මාරක්ෂක) අවියකි යි වික‍්‍රමසිංහයෝ පෙන්වා දෙති. රාජ නීතිය (අධිකරණය) වුව කොඳු කැඩෙන්නට තර්ක කරන දක්ෂ නීතිඥයන්ගේ පොරපිටියක් බවට පත්වන්නේ ඒ අනුව යැයි ද ඔහු කියයි. රාජ නීතිය අනුව ඇත්ත යුත්ත විනිශ්චය කරවනු සඳහා උසාවියට යන මිනිසා ඍජුව ඇත්ත කිවහොත් අමාරුවේ වැටෙති යි යනු මෙකල ජනප‍්‍රවාදයක් වුණු අවංක හැගීමකි. රාජ නීතිය අනුව පමණක් නොව මෙකල ධර්ම නීතිය අනුව වුව ද විනිශ්චයක් ලබන්නට යන්නා ඍජුව ඇත්ත කිවහොත් බොහෝ විට අමාරුවෙහි වැටෙයි. ඒ වූ කලී තර්කයත් තර්ක වහල් කොට ගන්නාගේ මනස නොහොත් බුද්ධියත් යන දෙකම නිර්මල නොවූ උපකරණයන් බව අමතක කොට ඒ දෙකම සිංහාසනාරූඪ කිරීමෙහි විපාකයකි යි සිතමි.
(බුදුසමය හා සමාජ දර්ශනය – 165 පිටුව)


තර්කානුකූල වූ පමණින් කිසිවක් නොපිළිගත යුතු යැයි ද තර්කයෙන් නිර්වාණය හඳුනාගත නොහැකි යැයි ද දෙසුවේ බුදුන් වහන්සේ ය. එහෙත් මෙය අදාළ වන්නේ සාමාන්‍ය මිනිසාට නොව බුද්ධ පුත‍්‍රයාට, නොහොත් පැවිද්දාට ය. සාමාන්‍ය මිනිසාට මතවාදවලින් නිදහස්වීම අසීරු ය. ‘මිනිසා’ යනු කිසියම් වූ මතවාදයක එල්බ ගැනීම, ස්වභාවය කොටගත් සත්ත්වයෙකි. අනෙක් අතට දියුණු මානව ශිෂ්ටාචාරයකට උරුමකම් කියන සියල්ලන්ටම තමාගේ යැයි කිවහැකි මතවාදයක් ද තිබේ. බෞද්ධයාට ද එය අදාළ වන අතර මතවාදවලින් බැහැර වීමේ අවශ්‍යතාව බුදුන් වහන්සේ අවධාරණය කර ඇත්තේ සංඝ සමාජයට ලෙස ගැනීම සුදුසු ය. ‘දිට්ඨි පරාමාස’ යනුවෙන් බුදුන් වහන්සේ වදාරා ඇත්තේ ද ඒ පුහුදුන් මිනිස් ස්වභාවය පිළිබඳවයි.


කෙසේ වුවද බුදුදහම තුළ දක්නට ලැබෙන්නේ අතිගැඹුරු මතවාද විවේචනයකි. භාෂා භාවිතයේදී වුව මිනිසා බෙහෙවින් පරිස්සම් සහගත විය යුතු යැයි බුදුන් වහන්සේ වදාරා ඇත්තේ සියලූ මතවාද ප‍්‍රකාශයට පත්වන්නේ භාෂා අනුසාරයෙන් වන නිසා ය. භාෂාව අදහස් වාහකයක් ලෙස, මෙවලමක් ලෙස පිළිගත්ත ද මිනිසා ඉන් මුලාවිය යුතු නොවන බව බුදුන් වහන්සේ පෙන්වා දෙයි. බුදුදහම, බෞද්ධ දර්ශනය පිළිබඳ සුපතළ විද්වතකු වන මහාචාර්ය ඔලිවර් අබේනායකයන් වරක් මේ සම්බන්ධයෙන් එළිදක්වා ඇති අදහස මෙවැනි ය.


දෘෂ්ටිය පිළිබඳ බෞද්ධ ඥානමීමංසාත්මක විචාරය තුළ අවධාරණය කෙරෙන තවත් විශේෂ කරුණක් නම්, ශාස්තෘවරයාගේ සියල්ල දන්නා නුවණ කෙරෙහි විශ්වාසය තබා මතවාදයක එල්බ ගැනීමේ අවදානමයි. මුල් බුදුසමය සර්වඥතා ඥානය දෙස බලන්නේ ඉන්දියානුභූතියෙන් පරිබාහිර වූ ප‍්‍රස්තුතයක් ලෙසයි.


(බෞද්ධ අධ්‍යයන විමර්ශන — 366 පිටුව – සංස්කරණය: මහමිතව පඤ්ඤාරතන හිමි සහ පහළගම ධම්මික හිමි)
මුල් බුදුසමයේ අනුක‍්‍රමික වෙනස්වීම මෙන් ම පිරිහීම ද මනා ලෙස පැහැදිලි කරමින් ‘බුදුදහම හා බුද්ධාගම, ප‍්‍රත්‍යක්ෂය හා විශ්වාසය’ ඇතුඵ ආන්දෝලනාත්මක ශාස්තී‍්‍රය කෘති 4 ක් මෑත කාලයේදී සිංහල භාෂාවෙන් එළිදක්වා ඇත්තේ පාලි ත‍්‍රිපිටකයෙහි පාරප‍්‍රාප්ත විද්වතකුව සිටි මහාචාර්ය එම්.එම්.ජේ. මාරසිංහයන් ය. (මහාචාර්ය මාරසිංහයන් විසින් ඉංග‍්‍රීසි බසින් පළකරනු ලැබූ පත-පොත හා ලිපිලේඛන බොහෝ ය.) අදේවවාදී මුල්බුදුසමය පසුකාලීනව දේවවාදී ප‍්‍රාථමික මිථ්‍යා විශ්වාස සමග මිශ‍්‍රවීම හේතුවෙන් තර්ජනයට ලක් වූ අයුරු පෙන්වා දෙන මහාචාර්ය මාරසිංහයන්, වර්තමාන බුද්ධාගම හඳුන්වන්නේ ‘යාචකාගම’ ලෙස ය.


වසර දහස් ගණනකට පෙර මේ රටේ ස්ථාපිතව තිබූ ඒ මුල් බුදුදහම කෙසේ වෙතත් කුඩා කල පෝයට පන්සල් ගිය අවස්ථාවලදී අප ඇසූ දුටු දේ මෙන් ම කළ කී දේ ද අදට වඩා වෙනස් ය. එකල ද අපි, විහාරයට, චෛත්‍යයට හා බෝධියට මල්පහන් පිදුවෙමු. බණ දහම් ද ඇසුවෙමු. වියළි කාලගුණික තත්ත්වයක් පවතින විටදී බෝධියට පැන් කළ කිහිපයක් වත් කිරීමට අපගේ වැඩිහිටියන් අප යොමු කළ අවස්ථා ද තිබේ. එහෙත් මොනම අවස්ථාවකදීවත් අප පාසලේ වාර විභාගයක් සඳහා හෝ රජයේ විභාගයක් සඳහා හෝ උත්තර ලියද්දී අපේ වැඩිහිටියන් බෝධිය ඉදිරියේ වැඳවැටෙමින් බෝධියට ආයාචනා කළේ නම් නැත. විශිෂ්ට සමාර්ථයක් ඉල්ලා බෝධිපූජා කළේ ද නැත. විභාග අංක මැසූ කොඩිවලින් බෝධියේ අතු බර කළේ ද නැත. කෙටියෙන් කියන්නේ නම් ඉතා දැඩි මමායනයක්, ආවේගශීලී තරගකාරිත්වයක් එදා ජීවත් වූ බහුතරයකට නොතිබිණ. මේ වන විට අනුක‍්‍රමයෙන් වර්ධනය වී ඇත්තේ බුදුදහම ද බුද්ධාගම ද යන පැනයට අවකාශයක් විවර වන්නේ මෙතැනදී ය.


එහෙත් මෙදා බැලූ බැල්මට දක්නට ලැබෙන බෞද්ධ ප‍්‍රබෝධය නම් එදාට වඩා ඉහළ ය. උත්කර්ෂවත් ය. ශීල ව්‍යාපාර, භාවනා වැඩසටහන් මෙන් ම ඒ පිළිබඳ පෝස්ටර් හා දැන්වීම් පුවරු ද මංසන්ධියෙන් මංසන්ධියට ප‍්‍රදර්ශනය කෙරෙමින් තිබේ. සුදෝසුදු වතින් සැරසුණ බැතිමතුන්ගෙන් පෝය දාට විහාරස්ථාන පිරී ඉතිරී යයි. පෝය දිනවලදී සියලූම විද්‍යුත් මාධ්‍ය පැය විසිහතර පුරාම විකාශනය කරන්නේ ද බෞද්ධ වැඩසටහන් ය. එහෙත් සැබෑ ශීල සමාධියක්, සංවරයක් ඒවායින් උකහා ගැනීමට බහුතර බෞද්ධයන්ට හැකිවූ බවක් කොතරම් පැහැදිලිව පෙනී යන්නේ ද?


පොසොන් පොහොය දිනයක අනුරාධපුර ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ අබියස අටසිල් සමාදන් වී සිටි බැතිමතුන් පිරිසක්, හීල්දානය රැුගෙන ආ වාහනය නැංගුරම් ලෑ සැණින් දන්වේල අතට ගන්නට පෝලිමේ පොරකෑ අවස්ථා ඇසින් දුටු සාක්ෂිකරුවෝ සිටිති. මෙය අනුරාධපුරයට පොසොන් පෝයට පමණක් සීමා වූ තත්ත්වයක් ද නොවේ. මේ වූ කලී වර්තමාන මිනිසාගේ දෛනික ජීවිතයේදී ද කැපී පෙනෙන ස්වභාවයකි. මහපාරේ රිය පදවන රියැදුරෝ වැරදීමකින් වත් අනෙකාට ඉස්සර කරන්නට ඉඩ නොදෙති. කහ ඉරෙන් පාර මාරුවන පදිකයන් මල්වත්තේ ඇවිදින සෙය්‍යාවෙන් සන්සුන් ගමනින් ඉවත බලාගෙන යන්නේ වාහන හිමියන් කෙරෙහි වන නොරිස්සීම ප‍්‍රකට කරමිනි. මිනිස්සු පුදුමාකාර ලෙස එකිනෙකා කෙරෙහි සැකසාංකා උපදවමින් භේදභින්න වෙමින් සිටිති.


වාර්ගික සහයෝගීතාව කෙසේ වෙතත් ජාතියක් වශයෙන් මේ රටේ බහුතරය හෝ එකමුතුව සිටින්නේ දැයි මධ්‍යස්ථව විමසා බලන විට පැහැදිලිවම පෙනී යන්නේ අප, අපටම එරෙහි වන අවස්ථා නිමක් නැති බව ය. මේ සම්බන්ධයෙන් සැපයිය හැකි නිදසුන් බොහෝ ය. කලකට පෙර ශ‍්‍රී ජයවර්ධනපුරයෙහි ස්ථාපිතව තිබූ එක් රාජ්‍ය අමාත්‍යාංශයකට (සංස්ථා, මණ්ඩල ආදී* ඒ හා අනුබද්ධ ආයතනවලින් සේවක සේවිකාවන් අනුයුක්තව සිටි අවස්ථාවක් මෙහිදී අපට සිහිවෙයි. අමාත්‍යාංශ සේවකයන් සඳහා ප‍්‍රවාහන සේවාවක් ක‍්‍රියාත්මකව පැවති අතර අනුයුක්ත සංස්ථා සේවක සේවිකාවන් ද යාම් ඊම් කළේ ඒ පොදු බස්රථ ඔස්සේ ය. මෙය රජයේ සේවකයන් තුළ නොසතුටක් නොරිස්සීමක් ජනිත කර තිබිණ. ඒ, කෙටිදුර ගමනක දී වුව කෙටිකාලීනව හෝ තමනට අසුනක් අහිමි කිරීම හේතුවෙනි. ඒ ඇතැම් රාජ්‍ය සේවකයන් සිටියේ ‘අපි රජයේ සේවකයෝ, ඒ අය සංස්ථා සේවකයෝ’ යන හැගීමෙන් භේදභින්නව ය. මේ දෙපාර්ශ්වයේම අතිමහත් බහුතරය නියෝජනය කළේ සිංහල බෞද්ධයෝ ය. මේ සීතල යුද්ධය දෙස නිහඩව බලා සිටි අපට සිතුණේ ‘මේ රටේ ජනවාර්ගික අර්බුදයක් පැවතීමේ කවර නම් අරුමයක් ඇත්තේ දැයි කියා ය.
අපගේ අත්දැකීමට අනුව නම් අපට ඉතා හොඳින් සමගිසම්පන්න වන්නට, එක්වන්නට හැකිවී ඇත්තේ අනුනට වෛර කිරීමේදී ය. අනුන් සමග සටන් වැදීමේදී ය. අප මුහුණපාන ගැටලූවට, අපේ විපතට හේතුව අනෙකාගේ ක‍්‍රියාකාරකම් යැයි සිතන්නට අපි බොහෝ විට ඉක්මන් වෙමු. ඕනෑම ප‍්‍රශ්නයක දී අනුනට ඇගිල්ල දිගුකිරීමේ ස්වභාවය දැන් අපගේ ඇබ්බැහිකමක් බවට පත්ව තිබේ. මෙය සැබෑ බෞද්ධයාගේ ස්වභාවය විය හැකි ද?


බුද්ධ ස්වභාවය හඳුනාගැනීම බෞද්ධයාට වැදගත් වන්නේ මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා ය. බොහෝ විට එය සාමාන්‍ය ජනතාවට අවබෝධ කරදිය හැකිවන්නේ යතිවරුන්ට ය. කලාකරුවාට වඩා මේ රටේ ජනවිඥානයට බලපෑම් කළ හැකිවන්නේ සංඝයා වහන්සේට බව ඉතා පැහැදිලි ය. මේ රටේ ප‍්‍රතිපත්ති සම්පාදකයන්, බලධාරීන් සැලකිල්ලට ගත යුතුවන්නේ මේ තත්ත්වය ය. ඉතා වැදගත් කාලීන අවශ්‍යතාව වන්නේ මිනිසුන් දයාපරවශ වීම සඳහා පසුබිමක් නිර්මාණය කිරීම ය. බුදුන් වහන්සේගේ රුවගුණ හැඩතල ගැන්වීමේදී කලානිර්මාණයකින් වුව ඒ මහා කරුණාවට පඵද්දක් සිදුවිය යුතු නොවන්නේ රටක ලෝකයක පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සාධකය වන්නේ කරුණා මෛත‍්‍රියම බව ඉතිහාසය ඔප්පු කර ඇති නිසා ය. කලා කෘතියක් සම්බන්ධයෙන් කලාකරුවාට අණපනත් පැනවීම හෝ කලාකරුවාට තහංචි දැමීම හෝ අප අනුමත කරන්නේ නැත. එහෙත් බුදුන් වහන්සේගේ බුද්ධ ස්වභාවයට, ඒ මහා කරුණාවට කැළැල් ඇතිවන පරිද්දෙන් හැඩතල ගැන්වුණ කලා නිර්මාණ එදා පටන්ම නොතිබුණේ යැයි කීමට ද බැරි ය. නිදසුනක් වශයෙන් බුදුන් වහන්සේගේ ලංකාගමනය පිළිබිඹු කෙරෙන එක් සුප‍්‍රකට සිත්තමක් ගනිමු. උන්වහන්සේ තමා වටා ගිනිදැල් එළා යක්ෂයන් ගිරිදිවයිනට පලවා හැරීම මූර්තිමත් කරන මේ සිතුවම උන්වහන්සේගේ බුද්ධත්වය සමග කොතෙක් දුරට සැසඳෙන්නේ ද? අනෙකකු ගින්නෙන් පිළිස්සීම බුද්ධ ස්වභාවය වන්නේ ද? අනෙක් අතට උත්තර භාරතයේ ශාක්‍ය ජනපදයේ අධිකාරි බලය රාජ්‍යත්වය ප‍්‍රතික්ෂේප කරමින් විප්ලවීය මාවතකට අවතීර්ණව දුෂ්කර ලෙස බුද්ධත්වය සාක්ෂාත් කරගත් බුදුන් වහන්සේ අසල්වැසි කොදෙව්වක ජනයින්ගේ නිජබිම අයිතිය වෙනුවෙන් කි‍්‍රයා කිරීමට යොමුවනු ඇතැයි සිතීම මොනතරම් පොට වරද්දා ගැනීමක් ද?


මෙහිදී අපගේ ප‍්‍රශ්නය වන්නේ පෙර කී සිතුවමේ අර්ථසම්පාදනය මිස එහි කලාත්මක පරිසමාප්තිය නොවේ. බුද්ධ ස්වභාවයට නිගා පමුණුවන්නේ යැයි කියමින් විවිධ අණපනත් යටතේ කලාකරුවන් දගගෙයි ලන සමාජයක් මෙවැනි තත්ත්වයන් කෙරෙහි ද සංවේදී විය යුතු බව ය, අපගේ අදහස වන්නේ. මේ ගැන මධ්‍යස්ථව සිතා බැලීම සඳහා බෞද්ධයාට නිසි පසුබිමක් සලසා දීම භික්ෂූන් වහන්සේගේ කාර්යයකි යි අපට සිතෙන්නේ ගංගා, අචිරවතී ආදී වශයෙන් අනන්‍යතාව තහවුරු කරගෙන සිටි සියලූම මහා ගංගා මුහුදට වැටුණු පසු එක ම සාගරයක් වන බව පෙන්වා දුන්නේ ද බුදුන් වහන්සේ ම වන නිසා ය. පාලි ත‍්‍රිපිටකය තුළ අවස්ථා දෙකකදී පද්මෝපමාව විස්තර කෙරෙන අයුරු ධම්මපද ගාථාවකින් පෙන්වා දෙන මහාචාර්ය ඔලිවර් අබේනායකයෝ ‘ඒවං සංකාරභූතෙසු -අන්ධභූතෙ පුථජ්ජනේ...’ ආදී වශයෙන් ඇරඹෙන ඒ එක් ගාථාවක අරුත මෙසේ දක්වති. මින් කියැවෙන්නේ මහමගක දමා ඇති කුණු ගොඩක සුවඳැති සිත්කලූ පියුමක් පිපෙන්නා සේ ජරා, අනුවණ, පුහුදුන් මිනිසුන් අතර බුදුරදුන්ගේ ශ‍්‍රාවකයා නුවණින් බැබලෙන බවය. මේ අනුව පද්මෝපමාව යෙදෙන්නේ බුද්ධශ‍්‍රාවකයාගේ තත්වය පැහැදිලි කිරීමටය. සෑම බෞද්ධයෙක්ම බුද්ධශ‍්‍රාවකයෙක් නොවේ. එම පදයෙන් අදහස් වන්නේ මගට පිළිපන් තැනැත්තාය. අන් සියල්ලෝ මහමග හැර දමන ලද කුණු ගොඩවල්ය. (බෞද්ධ අධ්‍යයන විමර්ශන -- 444 පිටුව - සංස්කරණය: මහමිතව පඤ්ඤාරතන හිමි සහ පහළගම ධම්මික හිමි) තමා උපමා කොට අනෙකා දෙස බලන්නට මගපෙන්වන ධර්මයක් පසුබිම සාදන්නේ ලෝකයේ යුද්ධ තුරන් කිරීම සඳහා ය. ඒ බුදුදහමේ ගැඹුරු හරය ඉස්මතු කර දක්වමින් ජනසමාජයට නලමුදු සුවඳක් කාන්දු කළ යුතු වන්නේ සුපේශල ශික්ෂාකාමී, උගත් භික්ෂූන් වහන්සේලා ම ය. මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලංකාවට හඳුන්වා දෙනු ලැබූ ථේරවාද සම්ප‍්‍රදාය තුළ භික්ෂුව අරුත් ගන්වන මහාචාර්ය ඔලිවර් අබේනායකයෝ සුත්ත නිපාතයේ මුනිසුත්ත, අට්ඨක සහ පාරායන වග්ග, ධම්මපදයේ භික්ඛුවග්ග ඇතුඵ මූලාශ‍්‍ර කිහිපයක් ඔස්සේ ථේරවාදී භික්ෂුව සිතුවම් කරන සංක්ෂිප්ත චිත‍්‍රයකි මේ.
ථෙරවාද සම්ප‍්‍රදායෙහි මූලික ලක්ෂණය සම්ප‍්‍රදාය ගරුක වීම ය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය, රහතන් වහන්සේගේ අකලංකත්වය, සංඝ සමාජයේ ස්ථාවරත්වය, ධර්මයේ අකාලිකත්වය හා විනයේ ප‍්‍රභූත්වය එමගින් පිළිගැනිණ. අනවශ්‍ය ලෙස විප්ලවවාදී වීමත් නවීකරණයට හසු වීමත් ථෙරවාද සම්ප‍්‍රදායයෙන් ප‍්‍රතික්ෂිප්ත ය. භික්ෂූන් අතර සමගිය ආරක්ෂා කොට පමණ ඉක්මවා නොගිය ගිිහි පැවිදි සම්බන්ධයක් ගොඩනැගීමට උත්සාහ දැරීම මෙම සම්ප‍්‍රදායෙන් අනුමත ක‍්‍රියාමාර්ගය විය. අල්පේච්ඡු ජීවිතයටත් ප‍්‍රතිපත්ති පූරණයටත් ධර්මදානයටත් උත්සුක වීම ථෙරවාද භික්ෂූන් වහන්සේලාගේ පරමාර්ථය විය. ධර්ම විනයට අභියෝග එල්ල වූ කල ඒවා ප‍්‍රතිබාහනය කිරීම තමන්ගේ යුතුකම යයි උන්වහන්සේලා තේරුම් ගෙන සිටියහ. රාජ්‍යය සමග පැවැත්විය යුතු සම්බන්ධය ගැන මනා අවබෝධයක් උන්වහන්සේලාට විය. බලකාමය හා වස්තු තණ්හාව උන්වහන්සේලා පිළිකෙව් කළහ. සැකෙවින් පවසතොත් මඩෙහි ඇති වී ජලයෙහි වැඞී ඒවායේ අනුපලිප්ත ව පවතින පද්මයක් සේ සමාජයේ පහළ වී ඒ හා ම වැඞී එහෙත් සමාජ ¥ෂණයෙන් මිදී අර්ථසම්පන්න ජීවිතයක් ගතකිරීම ථෙරවාද භික්ෂු සමාජයේ පිළිවෙල විය. (බෞද්ධ අධ්‍යයන විමර්ශන - - 125 පිටුව - සංස්කරණය: මහමිතව පඤ්ඤාරතන හිමි සහ පහළගම ධම්මික හිමි* බුද්ධ ශ‍්‍රාවකයා මෙන් ම වගකිව යුතු බෞද්ධ පාලකයන් ද කරඋර දිය යුත්තේ මෙකී ථේරවාද භික්ෂු සමාජයේ උන්නතිය සඳහා ය. එවිට ජාතික සමගිය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම සඳහා මුදල් කන්දරාවක් වැය කරන්නට හෝ සංහිඳියා කාර්යාල අමුතුවෙන් ආරම්භ කරන්නට හෝ සිදු වන්නේ නැත. බුදුදහම කෙසේ වෙතත් බුදුසමයේ ආභාසය ලැබූ බෞද්ධ ජනතාවට (විශේෂයෙන් ගැමි ජනතාවට* අනුව එදා මෙදා තුර සිදුවී ඇත්තේ සැබෑ බෞද්ධකමේ වර්ධනයක් ද පරිහානියක් ද යන්න සලකා බැලීමට මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ ‘බුදුසමය හා සමාජ දර්ශනය’ පුඵල් අවකාශයක් විවර කරයි. ඒ හැරුණුවිට එදා මෙදා තුර නොවෙනස්ව පැවැති සමාජ රටාවන් නිරීක්ෂණය කිරීම සඳහා ද ඉන් විවර වන්නේ පු`ඵල් අවකාශයකි.


ආගම හෝ දර්ශන වාදයන් හෝ මුල්කොටගෙන කුලල් කෑම වූ කලී අප රට ජනයාට නුහුරු කාරියකි. ප‍්‍රතිවාදයන් ඉවසීමටත් උගැන්වීමටත් බෞද්ධයෝ, තමන්ගේ සමයෙන් අනුබල ලබති. එහෙයින් කවර ප‍්‍රතිවාදයක් වුව ද ඉගෙන, අනතුරුව එහි හොඳ නරක විනිශ්චය කිරීම පැරණි උගත් බෞද්ධයන්ගේ ගතිය විය; මෙකල සමහර බෞද්ධයන් ඒ ගතියෙන් පිරිහුණේ ප‍්‍රවෘත්ති පත‍්‍ර ද දේශපාලනඥයන් ද ඔවුන් පස්සේ දුවන්නන් ද නිසා ය.
(බුදු සමය හා සමාජ දර්ශනය – 3 පිටුව)


සමාජවාදයට පදනම් වූ තර්ක භෞතිකවාදය( dialectical materialism ) හා බෞද්ධ අනාත්ම දර්ශනය පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක යෙදෙමින් ලියැවුණු මේ කෘතිය ලිවීම සඳහා තමා පෙළඹවූ හේතූන් පැහැදිලි කරමින් මාර්ටින් වික‍්‍රමසිංහයන් අවධාරණය කරන්නේ ‘මගේ නිබන්ධය තර්ක භෞතිකවාදයෙහි නියාම ධර්ම තුන, බෞද්ධ දර්ශනයෙහි ප‍්‍රකටව මෙන්ම අප‍්‍රකටව ද ඇතු`ඵ වී ඇතැයි කීමට ලියවුණකි’ යි කියා ය. මේ පිළිබඳ බොහෝ තර්ක විතර්ක තිබිය හැකි ය. එසේ වුව ද විමර්ශනය, ජන්ම දායාදය කොට සිංහල සමාජයෙහි පහළ වූ දුර්ලභ චින්තකයකුගේ බුද්ධිමතකුගේ අදහස් උදහස් හඳුනාගැනීම ඕනෑම මතධාරියකුට වැදගත් ය. ඒ සඳහා කාලභේදයක් අවශ්‍ය නොවේ.