පේ‍්‍රමපාල හේවාබටගේ 71 අපේ‍්‍රල් කැරැුල්ලේ මහ නඩුවේ 39 වැනි විත්තිකරුවාය. හෙතෙම අධ්‍යාපන කදවුරු ක‍්‍රියාවලිය තුළ සක‍්‍රීය වූ සුවිශේෂී චරිතයක් වන අතර විප්ලවීය ජීවගුණය අදත් නොසිදී ගිය තියුණු දේශපාලයන ප‍්‍රකාශකයෙකි.
2016 අපේ‍්‍රල් මාසයේ අග හරියේ දිනෙක අප පේ‍්‍රමපාල හමුවන්නට ගියෙමු. ඔහු සම
ග කළ සාකච්ඡුාව මැයි 08 දා ‘ඉරුදින’ පුවත්පතෙහි පළ විය. 2019 ජුනි 05 දා හෙතෙම දිවියෙන් සමුගත්තේය. මෙම සංවාදය යළි පළ කෙරෙන්නේ පේ‍්‍රමපාල සහෝදරයාගේ නොනැසුණු ප‍්‍රතිපත්ති දේශපාලනයට ගෞරව පිණිසය.

පිළිදර- විමලනාත් වීරරත්න/ රංජිත් දිසානායක


හේවාබටගේ පරම්පරාවෙ අතීතයත් සොල්දාදු ක‍්‍රියාවලියකට සම්බන්ධද?


ඇත්තටම මම ඒක හිතුවේ නැති ප‍්‍රශ්නයක්. මම ඒ අතීතය ගැන හිතලා නැහැ. මොකද එච්චරම ප‍්‍රයෝජනයක් නැති නිසා.


පේ‍්‍රමපාලගෙ අතීත විත්තිය කොහොම එකක්ද?


ඇයි මම කැරලිකරුවෙක් වුණේ කියලා කියන්නයි මම කැමති. මම විශ්වවිiාල ප‍්‍රවේශ විභාගයට සූදානම් වන කාලෙයි විජේවීර හදුනා ගත්තේ. මම ඉගෙන ගත්තේ ගංගොඩවිල රේවත විiාලෙ. 1960 දී G.C.E. (o/L) විභාගය කරපු පළමුවැනි කණ්ඩායම අපි. පේ‍්‍රමපාල ක‍්‍රම විරෝධියෙක් හැටියටනෙ අපි අදුරගන්නෙ. ඔබ ඉස්කෝලෙ යන කාලෙ ඉදලම ඕඩර් එක කඩන්න හදපු කෙනෙක්ද? ඔව් අපේ ගෙවල්වල තිබුණේ ජාතිකවාදයට නැඹුරු පදනමක්. පියා සිවුරේ ඉදලා ගිහිගෙට ආපු කෙනෙක්. ගෙදර සේරම පට්ට යූ. එන්. පී. අතිශය බෞද්ධ.

මේකත් මට එපා වුණා. මම 1959 දී විතර පෙන්තකොස්ත සභාවට බැදුණා. ඒ පියවර ගත්තේ මට වෙනසක් ඕන නිසයි. ඒකට තවත් වැඩි හේතුවක් තිබුණා. මම නුගේගොඩ වින්සර් කොලේජ් එකට යන කාලේ සරෝජිනී කියලා ගෑනු ළමයෙක් එක්ක පොඩි සම්බන්ධයක් තිබුනා. එයා පෙන්තකොස්ත සභාවේ. ඒ පස්සේ ගිහින් වෙච්ච වැඩක් කියලත් මේ ගැන කියන්න පුළුවන්. මිනිහෙකුගෙ කැරලිකාරත්වය මතු වෙන්නේ කොතනින්ද? ඒක ජීව විiාත්මක තත්ත්වයක්. කොණ්රඞ්ගේ පර්යේෂණවලට අනුව සත්ව චර්යාවන් වශයෙන් තමයි මෙය තියෙන්නේ. මනුෂ්‍යයා ඇතුළු සියලූ දෙනා වෙනසකට කැමතියි. රේවත විiාලයෙදී මේ කැරලිකාරිත්වය මතුවුණාද? අපේ ප‍්‍රින්සිපල් අධ්‍යාපන නි. ඇමති දයා ටී. පැස්කුවල්ගේ මස්සිනා. ඔහු ඔලිවර් කරවිට. 1961 දි පාසල් රජයට පවරා ගැනීමට පනතක් එනවා. යූ එන් පීය මේකට විරුද්ධ වෙනවා. අපිට ඔය කාලෙ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ගුරුවරයෙක් හම්බ වෙනවා. තිලක් බාලසූරිය කියලා. ඔහුගේ අනුදැනුම ඇතිව අපි ශිෂ්‍ය සංවිධානයකුත් හදා ගන්නවා. සාන්ත ජෝසප්, ශාන්ත ජෝන් වගේ පාසල් රජයට පවරා ගැනීමට වැටවල් ගහගන්නවා. අපි ඒවාට එරෙහිව පෙලපාලි යනවා. මට වයස අවුරුදු 16යි එතකොට. අපේ ප‍්‍රින්සිපල්ට විරුද්ධවත් මම පෙත්සමක් අත්සන් කරනවා. මිනිහා පාසල් වෙලාවෙම මිනිහගෙ කාමරේ තරුණ ගුරුවරියක් එක්ක නොමනා ලෙස හැසිරෙන්න ගන්නවා. මේකට සෙසු ගුරුවරු වගේම දෙමව්පියොත් විරුද්ධ වුණා. කෙහොමහරි ප‍්‍රින්සිපල්ට හිතවත් කොල්ලෙක් මගේ පෙත්සමේ කතාව කියලා. ඒක මිනිහා අතට පත් වෙනවා. ප‍්‍රින්සිපල් රැුස්වීමක් පවත්වනවා. මම නැගිටලා කිව්වා, පෙත්සම මගේ මට ඒක ඕනේ කියලා. ප‍්‍රින්සිපල් අහනවා නුදුන්නොත් මොකද කරන්නේ කියලා. මම කිව්වා උදුරලා ගන්නවා කියලා. මම හිතන්නෙ මේ පෙරළිකාරිත්වයට අපේ අම්මා බලපෑවා. ඒ කොහොමද? 47 ඡුන්දෙදී අපේ තාත්තා පට්ට යූ එන් පී වුණත් අම්මා ඊට විරුද්ධව ගිහින් රොබට් ගුණවර්ධනට ඡුන්දෙ දුන්නා. බොරළුගොඩ රාළහාමිගෙ ඒ කියන්නෙ පිල්ප් ගෙ තාත්තාගෙ අලියා බදින්නෙ අපේ අල්ලපු වත්තෙ. ඔය බොරළුගොඩ රාළහාමි වැඩවසම් ප‍්‍රභූවරයෙක් නොවෙයි. මිනිහටත් ටිකක් කැරලිකාර ජානයක් තිබුණා. අපිට ටිකක් ඒ ලක්ෂණ කාන්දු වුණා. අම්මා මට දවසක් කිව්වා උඹ මැරෙන්නෙ නැහැ බයවෙන්න එපා කියා.

මොකක්ද කාරණාව බොරළුගොඩ රාළහාමිගෙ අලියගෙ බඩ යටින් මාව රිංගවලා තියනවලූ. ඔන්න ඉතිං 71 කැරැුල්ලෙදි මම දිවිනසා ගත්තයි කියලා අපේ අම්මාට ආරංචි වෙලා. හැබැයි කැරැුල්ලෙන් මාස දෙකකට විතර පස්සේ අම්මාට මාව මුණ ගැහෙනවා. අම්මා මාව දැක්ක හැටියේ ටිකක් වෙලා බලාගෙන ඉදලා කිව්වේ ඉතිං මොකේදැයි දන් වළදන්නේ කියලයි. උඹ ඊළගට මොකද කරන්නේ කියලා අහපු හැටි තමයි ඒ. අපේ අම්මා එහෙම ටිකක් අමුතු චරිතයක්. මට යටත් වෙන්න අම්මා අනුබල දුන්නෙ නැහැ. අම්මා කිව්වේ උඹ යටත් වෙනවා නම් මගේ දරුවෙක් නෙමෙයි කියලයි. යටත් වෙයල්ලා සමාව දෙනවා කියලා, ආණ්ඩුවෙන් කොළ බෙදුවාම හුගක් අය පොලිසි වලටයි හමුදාවටයි දුවගෙන ගියානේ. අපේ අම්මා ඒ වගේ වැඩ වලට විරුද්ධයි. මම මලල ක‍්‍රීඩා වලින් ඉහළම දක්ෂතා දැක්වූවා. එක කර්නල් කෙනෙක් මාව ආමි එකට ගන්න හැදුවා. අම්මා යන්න දුන්නෙ නැහැ.


මේ කාලෙ පේ‍්‍රමපාලට මුණගැසුණු සුවිශේෂී චරිතයන් තිබුණද?


ඔව්. අපට මලල ක‍්‍රීඩා පුහුණුවට නම් අපූරු මිනිහෙක් ආවා. ඔහු 1960 දි ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ඇමරිකාව වෙනුවෙන් රන් පදක්කම් දිනූ බිල් මිලර්. කෝට්ටේ ක‍්‍රිස්තියන් කොලිජියේ අපිට මාස තුනක විතර කෝචින් කෑම්ප් එකක් ඔහු කළා. බිල් මිලර්, මාටින් ලූතර් කිංගෙ කළු ව්‍යාපාරෙ ප‍්‍රබල සාමාජිකයෙක්. ඔහුත් බලපෑවා මට.


කොමියුනිස්ට් පක්ෂයත් එක්ක දැනහැදුනුම්කම් ඇතිවෙන්නෙ කොහොමද?


60 මැතිවරණයෙන් පස්සේ ආණ්ඩුවේ මුදල් ඇමති ෆීලික්ස්. ඔහු සහල් සලාකය අඩකින් අඩුකරන්න ගෙනාපු අයවැය යෝජනාවට කොමියුනිස්ට් පක්ෂය විරුද්ධ වෙනවා. විකල්ප අයවැය ගේන්න කියලා ඔවුන් අත්සන් කරපු පෙත්සම රට පුරා ගෙනියන්න භාර ගත්තේ මම ඇතුළු කණ්ඩායමක්. ඊට පස්සේ 62 කමන්ත‍්‍රණයට එරෙහිව අපි සිරිමාවෝගේ ආණ්ඩුව ආරක්ෂා කරනවා. තෙල් ජනසතුවෙදී ඇමරිකන් සම්බාධක දානකොට අපි ඒවාට එරෙහිව පාරට බහිනවා. චීන රුසියන් මතභේදය ඇවිත් කොමියුනිස්ට් පක්ෂයේ බෙදීමක් එන්නෙ 63 වගේ වෙද්දී. ඒ වෙලාවේ අපි මාර උද්‍යෝගයකින් චීන පිලට එක්වෙනවා. ඒ කාලේ අපිට දැන් ඔය රතුකුරුසය තිබෙන තැන තනි තට්ටුවේ බිල්ඩිමක ශන්මුගදාසන් දේශපාලන අර්ථ ශාස්ත‍්‍රයයි ඓතිහාසික භෞතිකවාදයයි ඉගැන්නුවා. දයලෙක්තික භෞතිකවාදය කළේ පේ‍්‍රමලාල් කුමාරසිරි.


64 දි දවසක් යූනියන් ප්ලේස් එකේ කම්කරුවා කියන පොත්හලේ දී මගේ පිටට කෙනෙක් තට්ටු කරලා කතා කෙරුවා. කොන්ඩෙ කොටට කපපු රැුවුල වවපු තරුණයෙක්. ඔහු තමයි විජේවීර. ඔහු ඇහුවා මේ දවස්වල මොකද කරන්නේ කියලා. මම කිව්වා විභාගෙට පාඩම් කරනවා කියලා.


මේ කාලෙ වෙනකොට චීන පිලෙ තත්ත්වෙ මොකක්ද?


චීන පිලේ නුගේගොඩ ශාඛාව පටන් ගත්තෙ 64දී සභාග ආණ්ඩුවත් වැටුණට පස්සෙයි. ඒකේ ඉන්නවා මම, අපේ අයියා. ඞී. ඒ. ගුණසේකර, විජේවීර, නිමල් මහරගේ, සුසිල් වික‍්‍රම, වින්සන් දැදිගම වගේ අය. විජේවීරට චීන පිලේ තරුණ ව්‍යාපාරෙ ෆුල් ටයිම් වැඩක් හම්බ වෙනවා. රු. 150/-ක් ඒකට ගෙව්වා. විජේවීරත් එක්ක ඇවිත් හවසට මම තෝසෙත් කනවා. අපේ කණ්ඩායමට කෝට්ටේ කණ්ඩායම කියලත් නම හැදුණා. විජේවීර ටික කලකින් කියපු දෙයක් තමයි චීන පිලෙන් අපි බලාපොරොත්තු වන අරගලකාරි විප්ලවකාරී සංවිධානය හදන්න බැහැයි කියන එක. ඊට පස්සේ සනත්, විමල ගුණ, ජේම්ස් ලොක්කා, මිල්ටන් පියතිලක වගේ අයත් සම්බන්ධ වෙනවා. විජේවීර ඔය කාලේ අපේ ගෙදරත් එනවා. ඇවිත් දේශපාලනය නෙමෙයි කතා කරන්නේ. අම්මලා එහෙම හොරෙන් ඇවිත් අහගෙන ඉන්නවා මුන් කෙල්ලො ගැනවත් කතා කරනවාද කියලා. ඒත් විජේවීර කිව්වේ කතාන්දර. රුසියානු, කියුබානු, විප්ලව කාලෙ ලස්සන කතාන්දර ඔහු කිව්වා. ගෙවල්වල අම්මලා තාත්තලාත් වටවෙන්න ගත්තා. විජේවීරගෙ කතා අහන්න. විජේවීර තේ බොන්නේ නැහැ. කෝපි තමයි ඉල්ලන්නෙ. විජේවීරව අනුකරණය කරපු නිමල් මහරගේ වගේ එවුනුත් තේ බීම නවත්වලා කෝපි බොන්න පටන් ගත්තා. උන් විජේවීර වගේ කොන්ඩෙත් හදා ගත්තා. ලොකු අතුලත් ඒක කළා. කොහොම වුණත් අන්තිමට ශන් බයවුණා. විජේවීර ගිය ගමන ගැන. පක්ෂෙ එවුන් විජේවීරට කිව්වේ දියකාවා කියලා. කොහෙන් ගිහින් කොහෙන් මතුවෙයිද දන්නෙ නැති නිසා. විජේවීර තරුණ සංගමයේ සංවිධායක ලේකම් ලෙස සිසු හඩ කියලා පත්තරයක් පටන් ගත්තා. ගහන්න දුන්නේ කලාප දෙකයි. ශන් ඒක නැවැත්තුවා. රට පුරාම යන ගමන් විජේවීර හැමෝටම කිව්වා ඔයාලා එක්කෙනෙක් පස්දෙනා ගානේ සාමාජිකයෝ හදන්න කියලා. හැම පළාතකම කාඩරය හැදුනේ එහෙම.

පේ‍්‍රමපාලට කොක්ක ගහලා තියෙන්නෙ විජේවීරනෙ. මේ වෙනකොට ඔහු ගැන තියන හැගීම මොකක්ද?


මම කවදාවත් ඔහු සමග තරහා වුණේ නැහැ. ඒත් මම විවේචනය කරනවා. ඔහු හරිම කාර්යක්ෂම හා නිර්මාණශීලී මිනිහෙක්. අපි කාටත් සමාජවාදය ගැන හැගීමටත් වඩා කැරැුල්ල උදෙසා තිබුණේ වීරත්වය පිරුණු හැගීමක්. ඔහු හැදුවේ සටන් කරන පක්ෂයක්. දේශපාලනය කරන හමුදාවක්. ඒ විදිහට ඔහු ඕනෑම අලූත් කෙනෙකුට කතා කරනකොට පුදුම විශ්වාසයක් ඇතිවුණේ. ජවිපෙ පේ‍්‍රමපාලට ජීවිතේ දුන්නද? පේ‍්‍රමපාලගෙන් ජීවිතේ උදුරාගත්තද? ජීවිතේ කියන්නේ මොකක්ද කියන එකත් එක්කයි ඔය ප‍්‍රශ්නයට උත්තරේ දෙන්න වෙන්නේ. 66 දී විශ්වවිiාල ප‍්‍රවේශය ලියලා පාස් වුණා. මගෙන් පාඩම් අහගෙන විභාගේ පාස් වෙච්ච එකෙක් හිටියා ජින්තුවා කියලා. ජින්තුවා විශ්වවිiාලයට ගිහින් රත්නපුර උප දිසාපති වුණා. මම කැරැුල්ලෙන් පස්සේ කාලෙක නුගේගොඩ පෙන්ගුයින් ටේලර් ෂොප් එකේ ඇදුම් මැහුවා. ඌ දවසක් කාරෙකේ ඇවිත් මට ඇදුමක් මහන්න කිව්වා. පස්සේ මාව අදුරගෙන උඹ මොකද මේ කරන්නේ කියලා අහනවා. ඉතින් ජීවිතේ කියන්නෙ ඕක තමයි.


ඕක අනිත් පැත්තට වුණා නම්, ඒ කියන්නෙ පේ‍්‍රමපාල ජින්තුවා වෙලා, ජින්තුවා පේ‍්‍රමපාල වුණා නම් මොකද වෙන්නෙ?


එහෙම වුණා නම් ඉතිං මං ජින්තුවාම තමයි. එහෙම නම් මම අද විශ‍්‍රාමිකයෙක්. මගේ දරුවෝ මීට වඩා හොද ජීවිතයක් ගෙවයි. මගේ එක දුවක් පසු කාලෙක පත්තරේට ඉන්ටව් එකක් දෙනවා අපේ තාත්තාගෙ දේශපාලනේට මම වෛර කරනවා කියලා. කොහොම වුණත් මම මේක නිශ්ඵල ප‍්‍රයත්නයක් කියලා හිතන්නෙ නැහැ. ටේලර් ෂොප් එකේදී එහෙම හම්බ වෙච්ච අය තවත් ඉන්නවාද? ඔව්. කඩුගන්නාවේ ජයතිස්ස, මිනිහා කුල පීඩිතයා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව ජීවිතාන්තය දක්වා සිර දඩුවම් දුන්න වෙලාවේ මිනිහා ඒ තීන්දුවට විරුද්ධව උසාවිය දෙක කළා. අග‍්‍ර විනිශ්චයකාරයා මුළු ගැන්වෙන්න කෑ ගැහුවා. මිනිහා ටේලර් ෂොප් එකට කලිසමක් මහගන්න ඇවිත් මට කියනවා දැන් ඔයා මොකද හිතත්නෙ. මගේ ප‍්‍රශ්න නම් දැන් ඉවරයි කියලා. මං ඇහුවා මොකක්ද ඔයාට තිබුණ ප‍්‍රශ්නෙ කියලා. මිනිහා කිව්වා කුල පීඩනය නිසා ඇතිවෙච්ච ප‍්‍රශ්නෙ කියලා. දැන් ඒක ඉවරයි කියලත් කිව්වා. බැලින්නම් හිරෙන් ඇවිත් මිනිහා ඉංග‍්‍රීසි පන්ති දාලා උගන්වලා හොදට හම්බ කරලා. අර කුලීනයන්ගේ ළමයි තමයි මිනිහගේ ගෝලයො. දැන් උන් ජයතිස්සට සර් කියනවා. කැරැුල්ලෙ සාමාජිකයො ඔවුන්ගේ දරුවො කැරලිකාරිත්වයට යොමු වෙනවට කැමති වුණේ නැහැ. ඒ දරුවොත් තේරෙන කාලෙකදි 71 දිහා බැලූවේ අවඥාවෙන්. මේ සංදර්භය පේ‍්‍රමපාල තේරුම් ගත්තෙ කොහොමද? මගේ මුණුපුරා මට කියනවා සීයේ ඔයාගේ පොරටෝක් අහගෙන ඉදලා අපේ කොල්ලෝ සෙට් එකම මේ පාර මහින්දව පරදවන්න ඡුන්දෙ දැම්මා කියලා. ඇත්තටම රටේ ගැටවර ඡුන්ද වැටුණේ මෛත‍්‍රීට. උන් අපේ දේශන අහලම නෙමෙයි ඒක කළේ. උන්ට පැවති පාලනය ගැන ස්ටඩි එකක් තිබුණා. ඒකයි උන්ගෙ අවබෝධය. උන් පරණ වම, ජේ. වී. පී ය ආදී කිසි දෙයක් විශ්වාස කරන්නෙ නැහැ. උන් අපිව ගණන් ගන්නෙත් නැහැ. පත්තර කියවන්නෙත් නැහැ. පාරෙ සටන් කරන වැඩ වලට එන්නෙත් නැහැ. ඊළගට 71 වෙද්දි අපේ බහුතරයක් කසාද බැදලා නැහැ. බැදලා දරුවෝ හම්බවුණේ විවෘත ආර්ථිකය ඇතුළෙ. ඉතින් දරුවෝ භෞතික වශයෙන් දියුණු තැනකට යවන්න ඒ දෙමව්පියො හිතන්න ඇති.


පේ‍්‍රමපාලගෙ වීරයා කවුද?


අපේ අම්මා. විජේවීර එහෙම නෙමෙයි. ග‍්‍රාමසේවක ළගට ගිහින් 71 එවුන්ව භාර කරන කාලෙ අම්මා ඒකට විරුද්ධ වුණා. මට මේ ස්ථාවරය දැරීමට මහා ශක්තියක් දුන්නේ අම්මා. ඉතින් මගේ වීරයාත් අම්මා. බලන්න ලක්ෂ්මන් එදිරිවීරගේ අම්මා පොලිසියෙන් හොයන අපේ සහෝදරයන්ව එයාගේ ගෙදර නවත්ව ගත්තා. අහල පහල අය ඇහුවාම කිව්වේ මේ කුඹුරු වැඩවලට ඇවිල්ලා ඉන්න මිනිස්සු කියලා. කැරළිකාරයෝ කුඹුරු වැඩත් පේන්න කළා. ඉතින් ඒ අම්මාත් වීරවරියක් නෙවෙයිද? අද ජේවීපී ය ගතහොත් ඔවුන්ට 71 වීරයොත් ඉන්නවා. 89 ඉල් වීරයොත් ඉන්නවා. හැබැයි ජීවත් වෙලා ඉන්න පේ‍්‍රමපාල වගේ අය වීරයෝ නෙවෙයි. මේ ගැන මොකද හිතන්නෙ? මම හිතන්නේ අපි විරුවන් නොවීමයි වැදගත්. අපි මේ පොදු ජනයා අතරේ හිටපු මිනිස්සු.

කෑගල්ලේදී මැරුණු සුජාතා ප‍්‍රභූ පවුලක දියණියක්. එයා විශ්වවිiාලයට එනවා. එයා කෑගල්ල දිස්ත‍්‍රික්කයේ දෙවැනි නායකයා වෙච්ච අපේ වසන්න දිසානායක සහෝදරයාගේ පෙම්වතිය වෙනවා. වෙඩි වදින වෙලාවේ ඇය හිටියේ ප‍්‍රථමාධාර භාරව. සුජාතා මැරෙන්නෙ තම පෙම්වතා වෙච්ච වසන්තගෙ උකුල උඩ. එයාගේ නම සුජාතා හදගම. ඉතින් සුජාතා වීරවරියක් නෙමෙයිද? මොකද මේක හින්දි චිත‍්‍රපටියක් නෙමෙයිනෙ.


කැරැුල්ල නිසා රටට සේවය කරන්න හිටපු වටිනා ජීවිත අහිමි වී ගියා. ඒ හිඩැස පිරවුණේ නැහැ නේද?


සුජාතා එදා නොමැරී වෛiවරියක් වුණා කියමු. අද ඇය අපේ වයසේ පැන්ෂන් ගිය ආච්චි කෙනෙක්. තව ටික කාලෙකින් මැරිලා යාවි. ඒත් අපි උණුසුමින් අනුස්මරණය කරන සුජාතා කවදාවත් මිය යන්නේ නැහැ. පුදුම ජීව ගුණයක් ඇය නිසා මේ මොහොතෙදිත් අපි ලබනවා. ඒ වීරයො මිස වෙනත් වීරයො මම නම් සොයන්නේ නැහැ.