පිළිසඳර – රුවන් ජයනාත්

80 දශකයේ බිහිවූ නූතන දේශපාලනික කතිකාව තුළ ඔබ සුවිශේෂි චරිතයක්. එහි එක් කඩඉමක් ලෙස 90 දශකයේ බිහිවූ ‘පාරාදීසය’ සඟරාව හඳුනා ගන්න පුළුවන්ග අපි එතනින් පටන් ගනිමුද ?


පාරාදීසය කියවීමෙන් තම චින්තනය නව්‍ය ලෙස වෙනස් කර ගත් තරුණ පරපුරක් බිහි වුණාග ඇත්තට ම දැන් ෆේස් බුක් එකේ සැරිසරන කොට තමයි ඒ ගැන වඩාත් දැනෙන්නෙග එහෙම වෙනස් උන කට්ටිය කෘතගුණව ඒ ගැන වර්ණනා කරනවග එයලා මම පුද්ගලිකව දන්න කට්ටිය නෙමෙයිග ඒ වගේම පාරාදීසයෙන් හැදුන සිවිල් චරිත පවා අද ගොඩක් ඉන්නවග අපි පාරාදීසය කළේ ජනප්‍රිය සංස්කෘතික ලක්ෂණ ද ඇතිව වාම දේශපාලනයක් සහිතවයිග ඒක නිසා අපිට පුළුවන් වුණා පහසුවෙන් තරුණ හදවත් විනිවිදින්න.


ඒ වගෙම කියන්න ඕනෙ රුවන් ගුරුගේ (ෆර්ඩිනැන්ඞ්) කියන විස්මිත මිනිසා නැත්නම් පරාදීසය බිහිවෙන්නෙ නැහැග එහෙන් මෙහෙන් සල්ලි හොයා ගෙන ඔහු තමයි ඒ අභියෝගයට කර ගැහුවෙග පසුකාලීනව මංගල සමරවීරගේ සොයුරිය ජයන්ති ගුණවර්ධනත් එකතු වුණා.


ඔබ වම් ඉවුරෙ විකල්ප දහරාවෙ වැඩ කළ කෙනෙක්ග ඒ කාලේ වමයි ජනප්‍රිය සංස්කෘතියයි කියන්නෙ සතුරු කඳවුරු දෙකක්ග කොහොමද ඒ ද්විත්වය සාම්‍ය කළේ?


අපි තමයි ඉස්සෙල්ලම මේ දහරා දෙක එකට එකතු කරමින් මෙහි වැඩ කරපු පළමු කට්ටියග ඒකට නිහාල් පීරිස්ල මනුබන්දු විද්‍යාපති ආදී මිත්‍රයින් ජනප්‍රිය සංස්කෘතියට පක්ෂව කළ ලිවීම් වගේම දීප්ති කුමාර ගුණරත්නත් කරමින් සිටි රැඩිකල් දේශපාලනය ද උදව්වක් වුණාග


ලිංගිකත්වයල ආදරයල විලාසිතාවන්ල තන්ත්‍රයානය වැනි විෂයන් ගැන ඔබ විවෘතව කතා කළාග බැලූ බැල්මට ඒ මැදිහත්වීම් අදේශපාලනිකයි වගේනෙ පේන්නෙ?


නැහැත්‍වග ඔය සියල්ල අවසන් අර්ථයෙහි දී දේශපාලනිකයිග මට අනුව ආධ්‍යාත්මික දර්ශනයකින් තොරව මේ සමාජයෙහි සෙල්ලම් දාන ආගම් පවා දේශපාලනිකයිග


ඔබ දැන් මුහුණු පොතේ පොරක් වෙලා. දිගටම ජනතා විමුක්ති පෙරමුණට ඇටෑක් කරන්නෙ මොකද?


ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එදා ඉඳලම මගෙ තියෙන්නෙ අපෝහාත්මක සම්බන්ධයක්ග ඇර ගන්නවග ඒ වගේම එකට වැඩ කරලත් තියෙනවග ඒක මහ ලොකු අමුතු දෙයක් නෙමෙයිග ඒත් මේ වෙලාවෙ මම උන්ට ඇටෑක් කරන්නෙ උන්ගෙ ඊනියා පාර්ලිමේන්තුවාදයට විරුද්ධවයිග සුළු ධනේශ්වර තරුණ දේශපාලනයෙන් මිදිල මේ පොළොවෙහි නිර්ධනීන්ගේ විප්ලවවාදී පක්ෂයක් වන තුරු මම උන්ට ඇටෑක් කරනවග එච්චරයි කතාවග අනික මුන් මෙහෙම අපත විදියට ඉන්නකම් ලංකාවෙ නවීන වමේ ව්‍යාපාරයක් හදන්නත් අමාරුයිග ඇයි බල්ල පිදුරු කන්නෙත් නැහැග කන ගොනාට දෙන්නෙත් නැහැග ඒ නිසා බල්ල එලවන්න ඕනෙග ජවිපෙ සම්බන්ධව නිර්මාල් දේවසිරි මගෙ යාළුවගෙ අදහස නම් “අපට යන්න තියෙන්නෙ මේ එකම කබල් බස් එකේ නම් අපි ඒකෙ යන්න ඕනෙ” කියලයිග ඒ අදහසත් නරක නැහැග හැබැයි කොන්දයි ඩ්‍රයිවරුයි මගියාට සංවේදී වෙන්න ඕනෙග නැත්නම් වෙන්නෙ බස් එක හෙළකට පෙරළල දාල පයින් යන එකග


මෙවර මහ මැතිවරණයෙහි ප්‍රතිඵලය ගැන ඔබ මොකද හිතන්නෙ?


මෙහෙමනෙග තුනෙන් දෙකේ බලයක් සහිතව ජනතාව රාජපක්ෂලාට ආණ්ඩුව දීල තියෙනවග දැන් ඉතින් අපි ඒ ගොල්ලන්ට ඒ වැඬේ කරගන්න දීල අඩු ගාණෙ අවුරුදු දෙකක්වත් බලාගෙන ඉන්න ඕනෙග ඔය ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් වගේ දේවල් පොහොට්ටුවට ඡන්දෙ දාපු අයට ඕනෙ දේවල් නෙමෙයිනෙග අපි වගේ ඔලමොට්ටල පණ්ඩිතයින්ට අවශ්‍ය දේවල්ග


කොහොමත් කවුරුත් හිතන තරම් සෙල්ලම් ගෝඨාභය මහත්තයට දාන්න බැහැග ඒකට මහින්ද මහත්තය ඉඩ දෙන්නෙ නැහැග මොකද ඒකෙන් නාමල්ගෙ දේශපාලන ආනාගතයට කෙළ වෙන හින්දග මොනව හරි අමුතු දෙයක් වෙනව නම් ඉතින් ඒ පවුලෙ කචල් එකක් එන්නම ඕනෙග එහෙම උනත් පවුල ඇතුලෙදි ගෝඨා පරාදයිග බැසිල් වුණත් ඉතින් මොළකාරයෙක්නෙග


ඒ වගෙම ප්‍රගීත් එක්නැළිගොඩ, ලසන්ත වික්‍රමතුංග ඝාතනයන් ගැන කෙරෙන නඩු විභාග අර විශේෂ අධිකරණය ඉදිරියෙහි අහන්න ඕනෙ කියල අපි දැන්ම ඉඳල සටන් කරන්න ඕනෙග


මහින්ද රාජපක්ෂට බහුතරයක් ජනතාවගේ ප්‍රසාදය හිමිවන අතරම අප්‍රමාණ මහජන මුදල් කොල්ල කෑවා යැයි මතයක් ගොඩනැඟුණාග දූෂිත මහින්ද රෙජීමය යන ආදී අමුතු නමුත් හැදුණාග


දූෂණය කියන්නෙ ධනේශ්වර සංවර්ධනයත් එක්ක එකට යන දෙයක්ග විශේෂයෙන් අපේ වගෙ රටවලග මේ තත්ත්වයන් රටෙහි නායකත්වය අනුව වෙනස් වෙන්නත් පුළුවන්ග


ධනේශ්වර සංවර්ධනයේ යම් විධිමත් විධික්‍රම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අත්හදා බලන්න උත්සාහ කරනවාග යල් පැනපු පරාධීන රාජ්‍ය සේවය ඇතුලේ මේක කරන්න පුළුවන්ද?


ජනාධිපතිතුමාට ඒ වෙනුවෙන් විසඳුමක් තියෙනව වගෙ පේනව. හමුදාව යොදවා වැඩ කිරීම.


ජාතිකවාදය සියලු ආගම් සහ දේශපාලන මතවාද අතික්‍රමණය කරමින් පෙර ගමනේ යෙදෙනවාග මෙහෙම ගියොත් මොකක් වෙයිද ?


ආ.. ඒකට ඉතින් ජනතාවම තිත තියයි යම් වෙලාවකග මොකද මෙහෙ තියෙන්නෙ ඇත්ත ජාතිකවාදය නෙමෙයිනෙග ප්‍රසිද්ධ කියමනක් තියෙනව මෙහෙමග හෙට ඇමරිකන් එම්බසියෙන් මෙහෙ හැමෝටම වීසා දෙනව කිව්වොත් ඔය ඊනියා ජාතිකවාදී මහජනතාව හිටු කියල පෝලිමේ.


කාන්තා විමුක්තිය විකල්ප දේශපාලන භාවිතාවේ අධිනිශ්චය වුණු මාතෘකාවක්ග ඔබත් කාලයක් ඒ වෙනුවෙන් පෙනී හිටියා.


ස්ත්‍රීවාදයට මම විරුද්ධ නැහැග එහෙත් ඇතැම් ස්ත්‍රීවාදීන් ‘ස්ත්‍රීවාදය’ යැයි සිතා ඉන්නේ පුරුෂ විරෝධයටග ඒක වැරදියිග එහෙම ස්ත්‍රීන්ට ලව් කරන්නවත්, පවුල් ජීවිත ගත කරන්නවත් අමාරුයිග ඒ වගෙම “පවුල” තුළ බලවත් ස්ත්‍රියයිග පිරිමියා සෙකන්ඞ්.


ඔබ වැනි අය පාරේ රස්තියාදු වෙවී චාටර් කාලා දේශපාලනය කළාට අද තරුණ පරපුර දේශපාලනය කරන්නෙ අන්තර් ජාලය ඔස්සෙග දේශපාලනය කිරීමත් නිකං ෆැෂන් එකක් වෙලා.

කොහේහරි කමක් නැහැ දේශපාලනය කරනව නම්ග අපි හිතං ඉන්නවට වඩා බුද්ධිමත් නිර්මාණශීලී තරුණ කොටසක් දැන් ෆේස් බුක් එකේ ඉන්නවග ෆේස් බුක් එකේ චා වෙච්ච ආතක් පාතක් නැති කොටසකුත් ඉන්නව තමයිග මට නම් ඒකත් අවුලක් නැහැග හැමදේකම විවිධත්වයකුත් තියෙන්න ඕනනෙ.


ඔබ බොහීමියන් ජීවිතයක්නෙ ගත කළේග ඊට පස්සෙ ඔබ කුටුම්බගත වෙනවා.


බොහීමියන් හෝ ඇනාකිස්ට් ජීවිතයක් ගත කරන උදවියට හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න බැහැ කියලයි මෙහෙ එවුන් හිතන් ඉන්නෙග හැබැයි උන් කාටත් වඩා හොඳ පවුල් ජීවිත ගත කරනවග මමත් එහෙමයිග මට ජීවිතයේ වෙනසක් ඕනෙ වුණාග ඉතින් මම බැන්දාග ඒකෙන් මට කිසිම අවුලක් වෙලා නැහැග මගෙ අසම්මත ජීවන රටාව තාමත් එහෙමමයිග හැබැයි මට පවුල් ජීවිතයක් ගතකරන්න බැහැ කියල නක්කි දාපු සමහර එවුන්ගෙ පවුල් නම් දැන් කැඩිලග නැත්නම් ෆුල් අන්ජ බජල්.


ඒ වගෙම මේ පවුල් ජීවිතයෙන් මඳකට මිදිල සැරිසරන්නෙක් (සන්නාසියෙක්) විදිහට ලෝකෙ වටේ වන්දනාවක යන්න මට ලොකු ඕනෙකමක් තියෙනවග මොකද කොයි පැත්තෙන් බැලුවත් මේ මිනිස් ජීවිතය කියන්නෙ හරිම ඒකාකාරී දෙයක්නෙග මම යුරෝපයට හා ඉන්දියාවට ගිහින් තියෙනවග ඒව ඉතින් හරි ඉක්මන් ගමන්නෙග වන්දනාවක් වගෙ සැරිසරනව කියන්නෙ ඊට වඩා වෙනස් දෙයක්ග වෙනස් ජීවිතයක්.


පවුලේ හැමෝමත් එක්කද යන්න හිතන් ඉන්නෙ?


හපෝ – මුන් එක්ක ගියාම ඒ ආතල් එක කැඩෙනවනෙග මම උඹට කිව්වෙ පවුලෙ ටි්‍රප් එකක් ගැන නෙමෙයිග ඒත් මට ඒ ගමන මේ කපේදි යන්න වෙයිද දන්නෙ නැහැග ඇයි සල්ලි කප්පරක් ඕනනෙග ස්වීප් එකක්වත් ඇදෙන්න ඕනෙ ඉතින්.


ස්වීප් එහෙමත් ගන්නව එහෙනම්?


ස්විප් එකක් ඇදෙනව කියන්නෙ අහම්බයක්. ඒ අහම්භයට ට්‍රයි කළාට කමක් නැහැග අපිට ඉතින් වෙන පේන තෙක් මානයක ‘සල්ලි’ කියන විමුක්තියකුත් නැහැනෙ. බඩට යමක් දාගෙන ඔය පොඩි අඩියක් ගහනව විතරයි. අඩු ගාණෙ ලංකාවෙ ඇතුළෙවත් ටි්‍රප් එකක් යන්න සල්ලි තියෙනවද කියහන්? නැහැනෙග මහ කරුම ජීවිත බංග අපි පව්ගෳෳ
ඇත්තටම ඔබ කොහොමද ජීවත් වෙන්නෙ? ඔබ කවදාවත් ස්ථිර රැකියාවක් කරපු කෙනෙක් නෙමෙයිනෙ?


ඕක තමයි හැමෝම අහන ප්‍රශ්නෙග මොන හේතුවක් නිසා හරි අපි බඩගින්නෙ නම් ඉන්නෙ නැහැග තුන් වේල කොහොම හරි කනවග දරුවගෙ වැඩත් කෙරෙනවග ප්‍රධානම කාරණාව තමයි මට හොඳ මිතුරන් පිරිසක් සිටීමග ඒ වගෙම මම රට වටේට අම්බානට ණයයිග මං වගෙ පාවෙන ජීවිතයක් ගෙවන අයගෙ ජීවිතේ ඔහොම තමයි ඉතින්ග වෘත්තියක් විදිහට ඇඩවර්ටයිසින් වැඩක් එහෙම ලැබුණොත් කරනව. ඒත් කාටත් වැඩ නැහැනෙ මේ කාලෙග ඔය ස්ථීර රස්සා කියන දේ නම් මගෙ ලයිෆ් ස්ටයිල් එකට ගැළපෙන දෙයක් නෙමෙයි.


පවුලගෙන් එහෙම බර බරේ නැද්ද ඉතින්?


මම උන්ව බඩගින්නෙ තියලත් නැහැ. හෙළුවෙන් ඇරලත් නැහැග ඉතින් මොන බර බරේද බං? ඉන්න තිබුණ ගේ විකුණ ගත්ත එකට නම් ඉතින් හිටපු ගමන් චොර චොර ගානව.


ඒ මොකද ගේ වික්කෙ?


බඳින්න ඉස්සෙල්ල වෙච්ච ණය ටිකක් තිබුණග ඒව බේරන්න. මම ඉතින් ණය වෙලා චීස් කන මිනිහනෙග අපෙ නංගිල තාම බනිනව මට.


අපි දන්න විදිහට ඔබට මේ සමාජයෙහි සෑම ක්ෂෙත්‍රයකම පාහේ අසාමාන්‍ය මිතුරන් පිරිසක් ඉන්නවග ඒ වගේම ඉහළ සමාජ සම්බන්ධතා තියෙනවග ඇයි ඒ ගොල්ලන්ගෙන් උදව් අරගෙන හරි ටිකක් ගොඩ එන්න බලන්නෙ නැත්තෙ?


ඒ ගැන නම් කියල වැඩක් නැහැ. මම තරම් එක එකාට ප්‍රොජෙක්ට් ලියපු එකෙක් තවත් නැහැග කරුමෙ කියන්නෙ එක්කො මම ලියන ඒවා ඔළුවට යන්න තරම් උන් දියුණු නැහැග එහෙම නැත්නම් වැඬේ හරි යා ගෙන එනකොට ම අපේම එකෙක් කට්ට ගහල කපල දානවග ඔය එක එකාගෙ පස්සෙ යනවට වඩා හොඳයි බං පොඩියට හරි කෑම කඩයක් දාගන්න එකග එහෙම තමයි දැන් හිතං ඉන්නෙග මම කොහොමත් ඔය ඉහළ සම්බන්ධතාවලින් ඵල ප්‍රයෝජන ගත්ත කෙනෙක් නෙමෙයිග හොඳම යාළුවො දෙන්නෙක් මේ රටේ නිවාස ඇමතිල වෙලා හිටියග ඒත් මම දුප්පත් කලාකරුවෙක් හැටියටවත් ගෙයක් ඉල්ල ගත්තෙ නැහැග මගෙ ආඩම්බරකමටග ඒකත් ඉතින් ලොකු ගොංකමක් කියල හිතෙනව ගෙවල් කුලී ගෙවා ගන්න විදියක් නැති වුණාම.


ඔබ ලියූ “ඔබාමා මහතාගේ ස්ත්‍රී ප්‍රශ්නය” නම් කෙටි කතා පොතේ ඉතා ගැඹුරින් ජීවිතයෙහි විවිධ කලාපයන් විවරණය කරනවාග ගුප්ත ගැඹුරු ආධ්‍යාත්මික කලාප පවාග මාක්ස්වාදී දේශපාලනය ස්ථාවරයක ඉන්න ඔබගේ මේ පොලා පැනීම ටිකක් අමුතුයි?


මට අනුව මාක්ස්වාදයත් එක්තරා විදියක ආධ්‍යාත්මික දර්ශනයක් තමයි.


ලංකාවේ නිශ්චිත සිස්ටම් එකක් නැති ජීවිතවලට පවතින්න කිසිම සිස්ටම් එකක් නෑග ඔයාලා වගේ චරිතවලට තුරුම්පු ඉවර වුණාම අඬ අඬා ඉන්න තමයි මේ සිස්ටම් එකේදි වෙන්නෙ?


මම හිතන්නෙ නැහැ අපේ තුරුම්පු ඉවර වෙයි කියලග අනික ඕෂෝ කියනව වගෙ පැරදිලා හොඳටම අඬන්නත් මිනිහෙකුට පුළුවන් වෙන්න ඕනෙ.


දේශපාලනිකව අනාගතයෙදී කොහාටද දිශානත වෙන්න හිතන් ඉන්නෙ?


මම මේ කියන කතාවට මම පිස්සෙක් කියල හිතන්න පුළුවන්ග අපි පරණයි කියල කියන්න පුළුවන් කමක් නැහැග කොහොමත් අපි පිස්සො තමයිග ලංකාවෙ සමාජවාදී විප්ලවය වෙනුවෙන් විප්ලවවාදී පක්ෂය හදන්න ඕනෙග ඒක තමයි ඇත්ත වමේ කාගෙත් දිශානතිය.


ඔබ සතුටින් ජීවත් වෙන කෙනෙක්ද?


ඔබ අහපු සංකීර්ණම ප්‍රශ්නය තමයි ඕකග සතුට කියන්නෙ තනියෙන් පවතින දෙයක් නෙමෙයිග සතුටෙහි කෙළවර තියෙන්නෙ වේදනාවග අනිත් අතට වේදනාවෙහි කෙළවර තමයි සතුටග ඒ අනුව අපි කවුරුත් ලබන්නෙ අර්ධ සතුටක්ග පූර්ණ සතුට ළඟාකර ගන්න නම් සියලු බැඳීම්වලින් නිදහස් වෙන්න ඕනෙග එහෙමයි මම හිතන්නෙග මම මාවම නිදසුනකට ගත්තොත් මම ගෑනි, දරුවා එක්ක විතරක් නෙමෙයි සහෝදරියන්, අම්ම, තාත්ත, යාළුවො එක්කත් ලොකු බැඳීමකින් ඉන්නෙග ඒ නිසාම මම නිතරම ඉන්නෙ ඩිප්ප්‍රෙෂන් තත්ත්වෙකග ඒකෙන් නිදහස් වෙන්න නම් ඉතින් මේ සියලු බැඳීම්වලින් මිදෙන්න ඕනෙග ඒ කියන්නෙ මහණ වෙන්න ඕනෙ කියන එක නෙමෙයිග මානසිකව මිදීම.


ඔබ කියන ඔය තත්ත්වය දේශපාලනයටත් අදාළයිද?


ඔව්ග සියලු බැඳීම් අතහැරල පූර්ණකාලීනව දේශපාලනය විතරක් කරන සහෝදරවරු අනන්තවත් ඉන්නවග මම හිතන්නෙ උන් ඉන්නෙ සතුටින් කියලයි.