විමලනාත් වීරරත්න


ලංකාවේ ජනයා හැම විටම පක්ෂයක අපේක්ෂකයකු තම පාලකයා වශයෙන් තෝරා ගැනීමේ වුවමනාවක් ප‍්‍රකට කරයි. නිදහසින් පසු වසර 71ක් යන තුරුම මෙරට ජනතාව ප‍්‍රධාන වශයෙන් ඡුන්දය දුන්නේ පක්ෂ දෙකකටය. එම පක්ෂ දෙකෙන් පිට විශේෂයෙන් රටට නායකයකු නොතෝරන්නේ සෙසු පක්ෂ හා කණ්ඩායම් කෙරෙහි විශ්වාසයක් නැති නිසාද? අනෙක් අතට ජනතාව නායකයන් තෝරාගත් පක්ෂ දෙකම ඔවුන් රැුවටීමට බදුන් කළේය. එහෙත් තවදුරටත් ප‍්‍රධාන පක්ෂ දෙක හෝ ඉන් ලෙහී ගිය අනුබද්ධ ව්‍යාපාරයන් (ශ‍්‍රී.ල. පොදු ජන පෙරමුණ වැනි) කෙරෙහි ජනතාව කොන්දේසි විරහිතව විශ්වාස තබා ක‍්‍රියා කරනු පෙනේ. පක්ෂ වලින් තොරව නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයකු ගැන ජනතාව සිතන්නේ කොහොමද? නිර්පාක්ෂික ජනාධිපතිධුර අපේක්ෂකයකු පිළිගත හැකි ප‍්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරනවා නම් ඒ ගැන ජනතාව යහපත් ආකල්පයක් දැක්වීමට සූදානම්ද? ඒ ගැන තවම සමාජය තුළ ඇත්තේ භින්න මතයකි. ඊටත් වඩා අදහසක් නැති තත්ත්වයකි. විශේෂයෙන්ම නිර්පාක්ෂිකයා සහ ඔහු වටා සිටින පුද්ගල කණ්ඩායම් පිළිබද ජනයාට නිසි වැටහීමක් නැති තත්ත්වයක්ද මීට බලපායි. එසේ බලන විට ජනතාව කැමති වන්නේ දන්න යක්කුන්ටය. ඔවුන් තමාව කෑවාට ප‍්‍රශ්නයක් නැති බව ජනතාව සිතනවා වන්නට පුළුවන. එහි කෙලවර නොදන්නා යකකු කෑම ඉවසීම උගහටය යන්නය. ජනතාව ප‍්‍රධාන පක්ෂ වල නායකයින් බලයට පත් කර අභිමුඛ කරගන්නා නියත අනතුර නිර්පාක්ෂිකයකු අරභයා භාර ගැනීමට කැමැත්තක් නැත.


මෙවර ජනාධිපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින හිටපු හමුදාපතිවරයකු වූ මහේෂ් සේනානායක ද සජිත්ලා, ගෝඨාභයලා අනුරලා සේම ශූර මහජන හිතවාදී කතා කියන්නෙකු බව පෙනේ. ඔහු හමුදාපති ධුරයේ සිටි කාලයේදීම හෙතෙම ජාතිවාදය කරට ගත් නිලධාරියකු නොවන බව ප‍්‍රකට කළේය. ජාතීන් අතර සන්හිදියාව ගැන පිළිගත හැකි ස්ථාවරයක සිටියේය. සංඛ්‍යාත්මකව අඩු ජන ඝනත්වයක් මිස ලංකාවේ සුළු ජාතීන් නැති බව ඔහු කියයි. දෙමළ ජන අයිතිවාසිකම් ලබාදීම සම්බන්ධයෙන් ඔහු කියනුයේ දෙමළ ජනයා ඉල්ලන්නේ ඉරයි හදයි නොවන බවය. ඔවුන් ඉල්ලන්නේ කුඩා තාරකාවක් බැවින් දීප්තිමත් තාරකාවක් ඔවුන් වෙනුවෙන් ලබාදීම මහජාතියේ වගකීමක් බවද හෙතෙම අවධාරණය කරයි. ප‍්‍රධාන පක්ෂවල අපේක්ෂකයන් ගැන අදහස් පළ කරමින් මහේෂ් කියන්නේ ඔවුන් ළග සිටින ¥ෂිත ආධාරකරුවන් නිසා නායකයන්ද පාරාජිකා වන බවය. පළමුව ¥ෂණයට දොර හැර දුන්නේ එම නායකයන් බව ඔහු ඍජුව නොකියතත් රටේ සියලූ ව්‍යාධීන්හි මූලය දේශපාලකයා බව මහේෂ්ගේ අදහසය.
¥ෂණය තුරන් කිරීම ස්වකීය දේශපාලන අරමුණ බව හෙතෙම කියුවත් ජනතාව එය විශ්වාස කරන්නේ කෙසේද?

සැබවින්ම ඔහු හා ඔහු වටා සිටින පිරිස කෙබෙදුද යන්න කෙරෙහි ජනතාවට අවබෝධයක් නැත. එවිට ආපසු ඔහුට එදිරිව මතුවන්නේ නොදන්නා යකාගේ ප‍්‍රශ්නයයි. මීට තිබෙන එකම පිළිතුර කිසියම් දිගු කාලයක් විශ්වාසනීයත්වය රැුක ගනිමින් රටේ හා ජනතාවගේ සමාජ ආර්ථික ප‍්‍රශ්න වලට මැදිහත්ව ක‍්‍රියාකිරීමය. ජවිපෙ මෙන් විටින් විට විශ්වාසය බිඳගත හොත් හැමදාම සිදු වන්නේ 5%ක පමණ ඡුන්ද ප‍්‍රතිශතයකින් හා පාර්ලිමේන්තු ආසන පහකින් පමණ සැනසීමටය. මහේෂ් අනාගත අරමුණක් සහිතව දේශපාලනය කරනවා නම් ඔහු ආදර්ශයට ගත යුත්තේ ඉම්රාන් ඛාන් වැනි නායකයෙකි. ඔහු දේශපාලන පක්ෂයක් ගොඩනගාගෙන මහජන විශ්වාසය දිනෙන් දින අත්පත් කරගත් ආකාරය ඉවසීමෙන් ප‍්‍රගුණ කළ යුත්තකි. එසේ නොමැතිව ජනාධිපතිවරණයක් කැදවූ ගමන් අළු ගසා බසා දමා එන දේශපාලනයකට ලංකාවේ ජනයා, අති බහුතරයක් කෙතරම් පසුගාමි වුවත් නැමියාවක් දක්වතැයි සිතිය නොහැකිය. එවිට ආපසු ඔවුන් තෝරනු ඇත්තේ දන්න යකාමය. සෞඛ්‍ය සේවය ගැන, තරුණ ජනයාගේ වෘත්තීය අධ්‍යාපනය නැංවීම ගැන මහේෂ් වැදගත් අදහස් පළ කරයි. ධනවාදී ප‍්‍රායෝගික පිළිතුරු රටේ ප‍්‍රශ්න වලට අවශ්‍ය බව හෙතෙම කියයි. ජනතාව අතර සංහිදියාව ඇති කළ හැක්කේ පාලකයා නිර්පාක්ෂික වන තරමටය යන්නද ඔහු පළ කරන මතයයි. මහේෂ් සේනානායක නම් වූ කතා කාරයාගේ කතා වැරදි නැත. එහෙත් මෙරට ජනයා කෙතරම් කතාවලට රැුවටෙන්නන් වුවත් හදිසි වී ඡුන්දය දෙන්නේ නැත. සියලූ කතා අසා සිට ඡුන්දය දෙන්නේ පරණ යක්කු දෙන්නාගෙන් කෙනෙකුටය. මහේෂ් කැමති නම් ඔහුගේ හො`ද මිතුරන් සමග මහන්සි වී දුර පාරෙන් ගමන යන්නට පුළුවන.