නිමල් අබේසිංහ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සහ එහි විධායක කමිටු සාමාජිකයන්ට එරෙහිව මොරටුව දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාදීමත් සමගම සභාපතිවරයා සහ එහි නිලධාරීන් විසින් සිදුකර තිබෙන දූෂණ සම්බන්ධයෙන් තොරතුරු එළියට පැමිණ ඇත.


වෛද්‍ය ජී.ජී. චමල් සංජීව විසින් මොරටුව දිසා අධිකරණයේ පවරන ලද අංක 362රැ21රැීඡඛ දරන නඩුවේ තීන්දුව මෙසේය.


“ඉදිරිපත් වූ කරුණු අනුව පෙනී යන්නේ නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව එකී නිලවරණය පැවැත්වීමේ සූදානමක් පවතින බවයි. ඒ අනුව පාරදෘශ්‍ය ක්‍රියාමාර්ගයක් නොමැතිව සහ නිසි ක්‍රියා පටිපාටි අනුගමනය කිරීමකින් තොරව එවැනි නිලවරණයක් පැවැත්වුවහොත් වංචා දූෂණ සිදුවිය හැකි බවට ඉදිරිපත් වෙන කාරණය සැලකිල්ලට ගත යුතු බව පෙනෙයි. පැ 15 පැය 16 පැය 17 ලේඛන කෙරෙහි අධිකරණයේ අවධානය යොමු කරමින් ඉදිරිපත් වූ කරුණු සලකා බලමි.


ඒ අනුව සාධාරණ නිලවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය තේරීම් භාර නිලධාරියෙකු පත් කිරීම ආදී පූර්ව ක්‍රියා මාර්ග නොගෙන සහ පාරදෘශ්‍ය භාවයකින් යුතු සංවිධානය කිරීමකින් තොරව නිලවරණයක් පැවැත්වීම සුදුසු නොවන බවට තීරණය කරමි. එසේ හෙයින් පැමිණිල්ලේ ආයාචනයේ ඒ යටතේ වන සහනය මෙම අවස්ථාවේ ලබාදීමට නියෝග කරමි.”


“පැමිණිල්ලේ ආයාචනයේ ජ යටතේ ලබාදෙන ලද වාරණ ආඥාව වෛi සංගම් මූලස්ථානයේ ඇලවීමට නියම කරන ලෙස පැමිණිල්ලෙන් ඉල්ලා සිටී. ඒ අනුව පිස්කල් මගින් එකී වාරණ ආඥාව අදාළ ස්ථානයේ අලවා වාර්තා කිරීමටද නියම කරමි.


රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය, වෛi මෛත්‍රී චන්ද්‍රරත්න, වෛද්‍ය එස්.ඩී.ඩී. බණ්ඩාර සහ තවත් 16 දෙනෙකු මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.


වෛi අනුරුද්ධ පාදෙණිය ඇතුළු කණ්ඩායම වෛi සංගම් නිලවරණය පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත්තේ නීති විරෝධී ලෙස බව මින් පැහැදිලිය. පැමිණිලිකරුවන් ඉදිරිපත් කළ චෝදනා දෙස බලන විට පෙනී යන්නේ වෛi ක්ෂේත්‍රය වැනි උසස් වෘත්තීන්හි නියැලෙන්නන්ට තරම් නොවන පාදඩ ආකාරයේ වංචා ඔවුන් විසින් සිදුකර ඇති බවය.


වෛi සංගම් නිලවරණයට තැපැල් ඡන්ද කැඳවීමේදී සිදුකර ඇති අසික්කිත වංචාවක් මෙලෙස දැක්විය හැකිය. මෙම නිලවරණයේදී සාමාජිකයන්ට තැපැල් ඡන්ද භාවිත කළ හැකි බවට සංගම් ව්‍යවස්ථාවේ සඳහන්ය. එහෙත් මේ සඳහා අයදුම්කරුවන් විසින් ලිඛිත ඉල්ලීමක් කළ යුතුය.
එසේ තැපැල් ඡන්ද සඳහා අයදුම් නොකළ පිරිස්වලට හා මියගිය අයටද, විශ්‍රාම ගිය අයටද සමහරක් රෝහල්වල සේවය නොකරන අයටද තැපැල් ඡන්ද පත්‍රිකා යවා තිබේ.


ඊට සාක්ෂි කිහිපයක් සඳහන් කළ හැකිය.


ත්‍රිකුණාමලයේ ඔරිගිල් කෝනේෂ්පුරම් 4 පටුමග, අංක 48රැ8ඊ හී පදිංචිව සිටි ආර්. රොබින්සන් නම් වෛද්‍යවරයා 2014දී මියගොස් තිබේ. ඔහුටද තැපැල් ඡන්ද පත්‍රිකාවක් යවා ඇත.
කළුතර ජාතික සෞඛ්‍ය විiායතනයේ සේවය කර 2017දී විශ්‍රාම ගොස් ඇති වෛi තාමරාටද, ත්‍රිකුණාමලය රෝහලේ සේවය කර විශ්‍රාම ගොස් ඇති වෛi එස්. ධර්මදාසන්ට ද තැපැල් ඡන්ද පත්‍රිකා යවා තිබේ. මේ වර්ෂ 2021, 2022 නිලවරණය සඳහාය.


ඇඹිලිපිටිය රෝහලට තැපැල් ඡන්ද පත්‍රිකා 45ක් යවා ඇතත්, එම රෝහලේ වෛiවරුන් 17 දෙනෙක් පමණක් තැපැල් ඡන්ද පත්‍රිකා ලබාගෙන ඇත. බදුල්ල රෝහලට තැපැල් ඡන්ද පත්‍රිකා 18ක් යවා ඇතිමුත් එසේ යැවූ සාමාජිකයන්ගෙන් එහි සේවය කරන්නේ එක් අයෙකු පමණක් බවත් අනාවරණය වී තිබේ.


රජයේ වෛi නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණවලදී සාමාන්‍යයෙන් එක් වරකට තැපැල් ඡන්ද තුන් දහසත් හාර දහසත් අතර ප්‍රමාණයක් යවන බව පෙනේ. එසේ මෙවර යවා ඇති ප්‍රමාණය 3318කි.


මියගියවුන්ද විශ්‍රාමිකයන්ද ස්ථාන මාරු ලැබ ගොස් ඇති බැවින් එකී ස්ථානයේ සේවය නොකරන වෛiවරුන්ද (සාමාජිකයන්ද) මේ ඡන්දවලදී තැපැල් ඡන්ද භාවිත කරති.
මියගොස් භූමදාන වී හෝ ආදාහනය වී සිටින්නවුන්ගේ තැපැල් ඡන්ද ලබා ගන්නට තරම් වෛi පාදෙණියලා දක්ෂ වීම අරුම පුදුමයකි.


මෙයින් ඇඟවෙන්නේ මෙතෙක් කලක් වෛi පාදෙණියලා තනතුරුවලට පත්වී සිටින්නේ මළවුන්ගේ ඡන්ද ඇතුළු තවත් හොර ඡන්ද ලබාගෙනද යන සැකය මතුවීම නොවැළැක්විය හැකිය. කතාවේදී ගමන දෝලාවෙන් වුවත් ගමන පයින් යන පාදෙණියලාගේ තවත් සෙප්පඩ විජ්ජා ඊළඟ ලිපියෙන් හෙළි කරමු. ■