ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු


වර්තමානයේ කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය නමින් හැදින්වෙන කොළඹ වරාය නගරය හෙවත් ‘පෝට් සිටි’ ( Port City) ව්‍යාපෘතිය මගින් ශ‍්‍රී ලංකාවට සිදුවිය හැකි හානිය පිළිබදව වරාය නගර විශේෂඥ දැනුමැති විදෙස් පර්යේෂකයන් විසින් සිදු කරන ලද ජාත්‍යන්තර දත්ත ගවේශණ වාර්තාවේ අවසන් වාර්තාව පසුගිය දා එළිදැක්විණ.
චීනය, පිලිපීනය, ස්විස්ට්සර්ලන්තය, කැනඩාව, පීරු සහ ජර්මනිය යනාදි රටවල නිරීක්ෂකයන් මෙම පර්යේෂණ සදහා සහභාගී වී තිබෙන අතර මෙම ගවේෂණය ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ අනුග‍්‍රහය ඇතිව සිදුව තිබේ. “Report of International Fact- Finding Mission on the Colombo International Financial City” නමින් නිකුත් කර ඇති එම වාර්තාව A4 ප‍්‍රමාණයේ පිටු 48 කින් සමන්විතය. එහි (1) කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරයේ ඉතිහාසය, (2) පාරිසරික ගැටලූ, (3) සමාජිය ගැටලූ, (4) මානව හිමිකම් උල්ලංඝණයත් ආර්ථික හා දේශපාලනික අවධානයත්, (6) උල්ලංඝණය කරන ලද නීති, ප‍්‍රතිිපත්ති, නීති හා රීති, (7) සමාප්තිය සහ (8) යෝජනා යනාදි වශයෙන් පරිෙඡ්ද වශයෙන් වෙන් කොට ඒ ඒ පරිච්ෙඡ්දය තුළින් ඊට අදාළ තොරතුරු පාදක කරගනිමින් ශ‍්‍රී ලංකාවට සිදුව තිබෙන හා අනාගතයේ සිදුවන සමාජ, ආර්ථික, පාරිසරික සහ දේශපාලනික බලපෑම් පිළිබදව පුළුල් ලෙස සාකච්ඡුා කෙරේ. සමස්ත වාර්තාවේ සම්පිණ්ඩනය කරුණු 8ක් යටතේ විග‍්‍රහ කෙරේ. ඒ මෙසේය.

  1. පරිසර නීති උල්ලංඝනය කරමින් මුහුදෙන් වැලි ලබා ගැනීම ස`දහා සිදු කරන ලද කැනීම් සහ කළුගල් පර්වත කඩා දැමීම සිදුකර තිබේ. ඒ තුළින් පරිසර හානි බොහෝමයක් සිදු වන බවත් වැලි ලබා ගැනීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් අධික ලෙස මුහුදු ඛාදනය සිදුවීම තුළ වෙරළාසන්න ධීවර ප‍්‍රජාවගේ නිවාස හා දේපල වලට හානි සිදුවීම.
  2. කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය ඉ`දිකිරීමේදී ශ‍්‍රී ලංකාවේ සහ චීනයේ නීති, ප‍්‍රතිපත්ති, සහ නීති- රීති අනුව ක‍්‍රියාත්මක වී නොමැත.
  3. තොරතුරු පනත යටතේ ඉල්ලා සිටින ලද මහ නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ චීන වරාය ඉංජිනේරු සමාගම ( Chinese Harbur Engineering Company) විසින් අත්සන් කරන ලද ගිවිසුමේ පිටපත් ලබා දීමට ශ‍්‍රී ලංකා රජය අසමත් වී තිබෙන අතර එය රහසිගත ප‍්‍රකාශනයක් බව පවසා ඇත. ධීවරයින් විසින් මුහුදු වැලි ගොඩ දැමීම ගැන වෙරළ ඛාදනය පිළිබ`ද සිදු කරන ලද පැමිණිලි විභාග කිරීමට රජය අපොහොසත් වී තිබෙන අතර එමගින් ධීවර ප‍්‍රජාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය උල්ලංඝනය කිරීමක්ද සිදු කෙරේ.
  4. සුළු පන්න ධීවරයන්ගේ සම්ප‍්‍රදායික ජිවනෝපායන් අහිමි වීම සහ ඔවුන්ට වෙනත් රැුකියාවන් සොයා ගැනීමට සිදු වීම. මෙම ‘පෝට් සිටි’ නගරය ඉදි කිරීම තුළ උතුරු කොළඹ ප‍්‍රදේශවාසි ධීවර ප‍්‍රජාවගේ ජන ජීවිතය අවුල් සහගත කර තිබීම, ඉදි කිරීම් කටයුතු සිදු කරනු ලබන චීන සමාගම විසින් ධීවර ප‍්‍රජාව සමග එකගතාවයන් ඇතිකර ගනිමින් වෙරළාසන්න ප‍්‍රජාවට සිදුවන හානිය අවම කිරීමට පියවර ගන්නා බවට පොරොන්දු වුවද එය නොසලකා හැර ඇත.
  5. මාළු අනුභව කිරීමට පුරුදුව සිටි ඇතැම් පවුල්වල දරුවන්ට ආහාරය ස`දහා මාළු ලබා ගැනීමට නොහැකි වීම තුළ මන්දපෝෂණ තත්ත්වයන් උදාවි තිබේ.
  6. චීන සමාගම විසින් වන්දි වශයෙන් ධීවර පවුල් වලට ලබා දෙන ලද ණය සහ දීමනා හේතුකොටගෙන ආර්ථික ගැටලූ ද ඇති වී තිබේ.
  7. චීන ආයෝජන දිගටම පවත්වා ගැනීම තුළ ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවයට අනිසි බලපෑම් එල්ල වීම සිදු කෙරේ. කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය මගින් ශ‍්‍රී ලාංකේය පුරවැසියන් බහුතරයකට වාසියක් සිදු නොවේ. මෙම ව්‍යාපෘතිය සේද මාවතේ චීන අධිපත්‍යය පැතිරීමේ චීන රාජ්‍යයේ දේශපාලනික ව්‍යාපෘතියක් බවට පත්ව ඇත.
  8. නාගරික සැලසුම් පිළිබදව සහ වරාය නගරයෙන් ලැබෙන රැුකියාවන් පිළිබදව මාධ්‍ය හරහා ප‍්‍රචාරයක් ලබා දී තිබුණ ද එම ව්‍යාපෘතිය තුළින් ඇති කරන ඍණාත්මක බලපෑම් කෙරෙහි මාධ්‍ය අවධානය යොමු වී නොමැති අතර පොරොන්දු වන අයුරින් රැුකියා ලබා දීමක් සිදු කිරීම පිළිබද ගැටලූ සහගත තත්ත්වයක් ද පවති. වාර්තාවේ සමාප්තිය දැක්වෙන 7 වන පරිෙඡ්දය කරුණු 8ක් යටතේ විග‍්‍රහ කර තිබෙන අතර ඒ සියල්ල සාරාංශ කිරීමෙන් ලබාදෙන නිගමනය වනුයේ ‘පෝට් සිටි’ ව්‍යාපෘතිය ශ‍්‍රී ලාංකේය ධීවර ප‍්‍රජාවගේ මානව හිමිකම් උල්ලංඝණය කර තිබෙන අතර මුහුදු හා වෙරළබඩ මෙන්ම අනෙකුත් පරිසර පද්ධතීන් වලටද හානි සිදු කර තිබෙන බවය. 8 වන පරිෙඡ්දය යෝජනා සදහා වෙන් කර ඇති අතර ශ‍්‍රී ලංකා රජයට 14ක්ද චීන රජයට 11ක්ද, මූල්‍ය සමාගම් වලට 2ක් ද, සිවිල් ප‍්‍රජාවට 3ක් ද, ධිවරයන්ට සහ ධීවර සමිතිවලට 3ක් ද, කතෝලික සභාවට 2ක් ද වශයෙන් යෝජනා ඉදිරිපත් කර ඇත. එම යෝජනාවලිය අතුරින් චීන රජයට කරන ලද යෝජනා අතර චීන වරාය ඉංජිනේරු සමාගම හා චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගම ( China Communication Censtruction Company) විසින් මුහුදු සම්පත් වලට සහ පරිසරයට කරන ලද හානි සම්බන්ධයෙන් දඩුවම් පැනවීමට ඉල්ලා සිටීම සුවිශේෂි දෙයක් ලෙස සැලකිය හැකිය. මෙම වාර්තාව සෑම ශ‍්‍රී ලංකිකයකු විසින් ම කියවිය යුතු වන අතර එමගින් තම මාතෘ භූමියට සිදුවන දේශපාලන, ආර්ථික, සමාජීය, සහ පාරිසරික විනාශය ගැන අවබෝධයක් ලබා ගෙන ශ‍්‍රී ලංකාව චීනයේ යටත් විජිත ¥පතක් බවට පත් කිරීම වැළැක්වීම සදහා හ`ඩක් නැගිය යුතුය.