ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බැෂලේ විසින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය පිළිබඳ වාර්තාවක් ඉකුත් ජනවාරි 27 වැනි දින ඉදිරිපත් කරනු ලදුව එය A/HRC/46/20 යනුවෙන් අංකනය කර ඇත. මෙම වාර්තාව පෙබරවාරි 22 සිට මාර්තු 19 දක්වා ජිනීවා නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසි වාරයේදී සංවාදයට ලක්වීමට නියමිතය.

පිටු 19කින් සමන්විත එම වාර්තාව ෙඡ්ද 62කින් යුක්තය. එහි සංයුතිය මෙසේය.

  1. හැඳින්වීම
  2. සන්දර්භය සහ 30/1 යෝජනාවේ සුවිශේෂීතාව
  3. ප‍්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් කෙරෙහි මතුවන තර්ජනය
    i සිවිල් රාජ්‍ය ක‍්‍රියාකාරීත්වය මිලිටරිකරණය.
    ii ව්‍යවස්ථාදායක රැුකවරණය වෙනස්වීම,
    iii අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා වගවීමේ දේශපාලනික බාධකය
    iv බහුතරවාදී සහ නිෂේධාත්මක අලංකාරෝක්තිය.
    v සිවිල් සමාජය කෙරෙහි ඇති තර්ජන හා ආදී සෝදිසිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය හැකිළීම.
    vi නව සහ කුපිත කරන ලද මානව හිමිකම් උනන්දුව.
  4. 30/1 යෝජනාව ක‍්‍රියාත්මක කිරීමේ තක්සේරුව.
    i සංක‍්‍රාන්තික යුක්තිය සහ විශ්වාසය ගොඩනැගීමේ යාන්ත‍්‍රණ
    ii ළං ජතික නඩුවල දණ්ඩ මුක්තිය
  5. සමාප්තිය
  6. නිර්දේශ

වාර්තාවේ මූලික හරය:

මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කරනු ලබන දිශානතියක් කරා ශ‍්‍රී ලංකා රාජ්‍යය ගමන් කරමින් සිටින හෙයින් මානව හිමිකම් කඩවීමෙන් වින්දිතභාවයට පත් පුද්ගලයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා මැදිහත් වන ලෙස මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටින්නීය.

30 වසරක වාර්ගික යුද්ධයේ අවසන් සමයේ සිදුවූ යුද අපරාධ චෝදනා පිළිබඳ විමර්ශනය කොට වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට යුද්ධය අවසන් වී වසර 12ක් ගත වුවද ශ‍්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් කටයුතු නොකළ බව මෙන්ම විශේෂයෙන් 2020 වසරේදී ජනාධිපතිවරයා විසින් ගන්නා ලද ක‍්‍රියාමාර්ග හේතුවෙන් මානව හිමිකම් කඩවීමේ සිද්ධීන් කෙරෙහි ඇය සුවිශේෂී අවධානයක් යොමු කරන්නීය.

ගෝඨාකරණය

පසුගිය ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක ජනවරමින් ජනාධිපති ධුරයට පත් ගෝඨාභය රාජපක්ෂ තම අභිමතය පරිදි රට පාලනය කිරීම සඳහා තමන්ට අවශ්‍ය කරන විධායක බලතල 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තේය. ඔහුගේ ජනාධිපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය වූ ‘සෞභාග්‍යයේ දැක්ම’ මත පිහිටා ශ‍්‍රී ලංකාව පාලනය කරනු වෙනුවට මිලිටරි චින්තනයකින් යුතුව කටයුතු කිරීමට උත්සුක විය. සිවිල් පාලන කටයුතු සඳහා ගජමිතුරු හමුදා නිලධාරීන් පත් කරමින් ශ‍්‍රී ලංකාව තුළ පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය උඩු-යටිකුරු කරමින් ශ‍්‍රී ලංකාව සිය අණසක යටතට පත් කොට ජනතා අභිලාෂයන් වෙනුවට සිය අභිලාෂයන් මුදුන් පත් කර ගැනීම තුළින් රට ගෝඨාකරණයකට ලක්විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් දෙස් විදෙස් යාන්ත‍්‍රණයන් මගින් මානව හිමිකම් කඩවීම්වලට ලක්වූ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමේ ක‍්‍රියාවලිය නොතකා හරිනු ලැබිණ. රණවිරු ලේබලය යටතේ යුද අපරාධවලට චෝදනා ලැබූ පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීම නවතා දැමූ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීමට තමන් කටයුතු කරන බව පවසමින් රණවිරුවන්ගේ සහ රණවිරුවන් වන්දනාමාන කරනු ලබන සිංහල ජාතිකවාදීන්ගේ වීරයකු බවට පත්වූයේය.

බැෂලේකරණය

වාර්ගික යුද්ධය අවසන්වීමෙන් පසු 2009 මැයි 23 වැනි දින එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් සහ එවකට ශ‍්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අත්සන් කරන ලද ඒකාබද්ධ ගිවිසුම තුළින් යුද්ධයේ අවසාන සමයේදී ජාත්‍යන්තර මානුෂීය සහ මානව හිමිකම් නීති උල්ලංඝනය වූ බවට නැගෙන චෝදනා ආමන්ත‍්‍රණය කිරීම සඳහා වගවීමේ ක‍්‍රියාවලියක් පැවැත්වීමේ වැදගත්කම කෙරෙහි අවධානය යොමු කැරිණි. එදා සිට මේ දක්වා ඒ වෙනුවෙන් සකස් කරන ලද දෙස්-විදෙස් යාන්ත‍්‍රණයක් නොසලකා හැරිණි. ගෝඨාකරණයට ලක්වූ ශ‍්‍රී ලංකාව තුළ සිදුවන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සහ මානව හිමිකම් කඩවීම් පිළිබඳ සූක්ෂ්ම අවධානයක් යොමු කරමින් විශේෂයෙන් 2020 වසර තුළ සිදුවූ මානව හිමිකම් කඩවීම් කෙරෙහි උනන්දුවක් දක්වමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී හර පද්ධතින් සහ මානව හිමිකම් සුරැුකීම සඳහා ශ‍්‍රී ලංකාව බැෂලේකරණයකට ලක් කිරීමට මානව හිමිකම් මහ කොමසාරිස්වරිය කටයුතු කර ඇති බව ඇගේ වාර්තාව සාක්ෂි දරනු ලබන බව අතිශයෝක්තියක් නොවේ.
ඇය විසින් යුද්ධය නිමාවීමෙන් පසු මේ දක්වා මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ අපූරු සිද්ධි අධ්‍යයනයන් සිදු කොට සිය වාර්තාවේ අඩංගු කර ඇත. එහි දැක්වෙන මූලික සිද්ධීන් මෙසේය:-
i ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝනය කරමින් එල්ටීටීඊ සංවිධානය සහ ශ‍්‍රී ලංකා රජය යුද කිරීම තුළ සාමාන්‍ය සිවිල් පුරවැසියන් මරණයට සහ අකර්මණ්‍ය තත්ත්වයට පත්වීම.
ii 2009 මැයි 26 වැනි දින ශ‍්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විසින් අත්සන් කරන ලද ඒකාබද්ධ ගිවිසුමේ උපදෙස් පිළි නොපැදීම.
iii බෑං කී මූන් විසින් පත් කරන ලද විද්වත් කමිටුව විසින් යුද අපරාධ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකර ඇති බවට ශ‍්‍රී ලංකාවට වාර්තාවක් ඉදිරිපත් කළ අතර එය නොපිළිගනිමි.
iv ශ‍්‍රී ලංකා රජය විසින් පත් කරන ලද උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිසමේ (LLRC) වාර්තාවේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකාව අපොහොසත්වීම.
v (LLRC) වාර්තාවේ නිර්දේශ ක‍්‍රියාත්මක නොවීම තුළ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් වාර්ගික යුද්ධය මානව හිමිකම් කඩකිරීම්වලට දායක වී ඇති අයුරු පිළිබඳ විමර්ශනයක් සිදු කොට යෝජනා අංක 15/1 යටතේ ඉදිරිපත් කරන ලද නිර්දේශ ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක නොකිරීම.
vi ශ‍්‍රී ලංකාවේ සම අනුග‍්‍රහය ඇතිව යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ගත යුතු ක‍්‍රියාමාර්ග දැක්වෙන අංක 30/1 දරන යෝජනාවලිය ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකාව අපොහොසත්වීම.
vii 2019 අපේ‍්‍රල් මස සිදුවූ පාස්කු බෝම්බ ප‍්‍රහාරයෙන් පසු මුස්ලිම් ප‍්‍රජාව ඉලක්ක කරගනිමින් සිදුවූ ප‍්‍රචණ්ඩත්වය.
viii 2020 වසර තුළදී ශ‍්‍රී ලංකාව මිලිටරිකරණයකට ලක් කිරීම.
ix සිවිල් පරිපාලන කටයුතු සඳහා යුද අපරාධ චෝදනාවලට ලක්ව තිබෙන අය ඇතුළු හමුදා සහ බුද්ධි අංශ නිලධාරීන් 20 දෙනකු පත් කිරීම.
x නීතිගරුක හා විනයගරුක රටක් ගොඩනැගීම පෙරදැරි කරගෙන ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහා ආරක්ෂක අංශ නිලධාරීන් පත් කිරීම.
xi යුද අපරාධ චෝදනා ලැබ තිබෙන හමුදාපති සහ ආරක්ෂක ලේකම් ‘ජෙනරාල්’ තනතුරුවලට උසස් කිරීම.
xii 20 වන සංශෝධනය තුළින් ජනාධිපතිවරයා විධායක බලතල ලබා ගැනීම සහ 19 වන සංශෝධනය මගින් හඳුන්වා දුන් ස්වාධීන කොමිෂන් සභා අක‍්‍රිය කිරීම තුළින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට බලපෑම් එල්ල වීම.
xiii ව්‍යවස්ථාදායක සභාව අහෝසි කර පාර්ලිමේන්තු සභාව පත් කිරීම තුළ මහජන නියෝජනය වෙනුවට දේශපාලන නියෝජනයක් ඇතිවීම.
xiv ජනාධිපති විසින් 2020 ජනවාරි මස 9 වැනි දින පත් කරන ලද දේශපාලන පළිගැනීම් ජනාධිපති කොමිසම තුළින් පොලිස් සහ අධිකරණ ක‍්‍රියාවලින් අක‍්‍රියවීම. එම කොමිසම හරහා ප‍්‍රගීත් එක්නැළිගොඩ සහ ලසන්ත වික‍්‍රමතුංග ඝාතන නඩු කෙරෙහි බලපෑම හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ නාවික හමුදා ප‍්‍රකාශක ඞී.කේ.පී. දසනායක 11 දෙනකු අතුරුදහන් කිරීමේ සිද්ධියට සම්බන්ධ චෝදනාවලින් නිදහස් කිරීම.
xv අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප‍්‍රධානි ශානි අබේසේකර අත්අඩංගුවට ගැනීම සහ එහි පරීක්ෂකවරයකු වූ නිශාන්ත සිල්වාට රට හැර යාමට සිදුවීම.
xvi ජනාධිපති ප‍්‍රමුඛ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සිංහල බෞද්ධ බහුතරයේ උවමනාවන් ඉටු කිරීම වෙනුවෙන් පෙනී සිටීම සහ එමගින් සුළු ජාතීන් නොතකා හැරීම.
xvii කොවිඞ් 19 වසංගතයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීමට කටයුතු කිරීම සහ එම ජනතාව ආන්තික ප‍්‍රජාවක් සේ සැලකීම.
xviii සිවිල් සංවිධානවලට සිදුවන හිංසනයන් පිළිබඳ සංවිධාන 40කින් මහ කොමසාරිස් කාර්යාලවලට වාර්තා ලැබීම.
xix සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය උල්ලංඝනය කරමින් රම්සි රාසික් අත්අඩංගුවට ගැනීම සහ චෝදනා විරහිතව මාස 10ක් පුරා නීතිඥ හිජාස් හිස්බුල්ලා රක්ෂිත සිරදඬුවම් ලබාදීම.
xx පොලිස් භාරයේ සිටියදී අපරාධ කටයුතුවලට සම්බන්ධ මාධුෂ් ලක්ෂිත වැනි පුද්ගලන් මරණයට පත්වීම.
xxi 2020 නොවැම්බර් 29 වැනි දින මහර බන්ධනාගාරයේ 11 දෙනකු මරා දැමීම.
xxii යුද සමයේදී මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව තවත් විමර්ශන කොමිෂන් පිහිටුවීමට අවශ්‍ය නොවන බවට 2020 පෙබරවාරි මස මානව හිමිකම් කොමසාරිස්වරිය කියා තිබියදී 2021 ජනවාරි 21 වැනි දින එවැනි කොමිසමක් පත් කිරීමට ජනාධිපති කටයුතු කිරීම.
xxiii අතුරුදහන් වූ තැනැත්තන් හා හානිපූර්ණ යන කාර්යාලවල අරමුණු ඉටු නොවීම යන අතුරුදහන් වූ තැනැත්තන්ගේ කාර්යාලයේ සභාපති ධුරයට දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ සභාපති පත් කිරීම තුළින් එම කාර්යාලයේ අරමුණුවලට හානි සිදුවීම.
xix ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමේ ක‍්‍රියාවලිය නතර කිරීම.
xxx ශ‍්‍රී ලංකා රජය ජාත්‍යන්තර වශයෙන් බැඳී සිටින ජාත්‍යන්තර මානුෂීය නීතිය නොතකා ළමුන් 4 දෙනකු ඇතුළු 8 දෙනකු ඝාතනය කිරීමට සම්බන්ධ සාජන්ට් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීම.

බැෂලේගේ බෙහෙත හෙවත් වාර්තාවේ නිර්දේශ

මහ කොමසාරිස්වරිය විසින් සිය වාර්තාව තුළ ඉදිරිපත් කර ඇති නිර්දේශ වාර්තාවේ vi දරන අවසාන පරිච්ෙඡ්දයේ දැක්වේ. ඒවා අංක 60 (ශ‍්‍රී ලංකා රජය වෙත නිර්දේශ, 61 (මානව හිමිකම් කවුන්සිලය සහ සාමාජික රටවල් වෙත නිර්දේශ සහ 62 (එක්සත් ජාතීන්ගේ ආයකන වෙත නිර්දේශ) යනුවෙන් එහි දැක්වේ. මෙම නිර්දේශ අතර 61 හි දැක්වෙන නිර්දේශ ශ‍්‍රී ලංකාවට අහිතකර අන්දමින් බලපාන බව කිවයුතු නොවේ. එම නිර්දේශ පහත දැක්වේ:
i වගවීම සහ ප‍්‍රතිසන්ධානය ඔස්සේ ක‍්‍රියාවලිය සහ මානව හිමිකම් කවුන්සිලයට වාර්තා කිරීම ඇතුළු ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය නියාමනය උසස් කිරීමට මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටීම;
ii ඉදිරි වගවීමේ ක‍්‍රියාවලිය සඳහා අනෙකුත් අදාළ තොරතුරු සහ සංරක්ෂිත සාක්ෂි එකුත කර ගැනීමට, වින්දිතයන් සහ අන් අයගේ අභාවයෙන් පසුවද නොනැසී සිටින්නන් සඳහා පක්ෂව කතා කිරීමට සහ සුදුසු නීතිමය අධිකාරයක් සමග සාමාජික රටවල් තුළ අදාළ අධිකරණමය ක‍්‍රියාවලීන්වලට සහනය දැක්වීම කැපවීමක් සහිත ධාරිතාවකින් යුක්ත සහයෝගය දැක්වීම;
iii දේශසීමාවෙන් බාහිර හෝ විශ්වීය නීතිමය අධිකාරයක පිළිගත් මූලධර්ම යටතේ ඇතුළුව දේශීය නීතිමය අධිකාරය තුළ අධිකරණ ක‍්‍රියාවලියක් හරහා ශ‍්‍රී ලංකාවේ සියලූ පාර්ශ්වයන් විසින් සිදු කර තිබෙන ජාත්‍යන්තර අපරාධ විමර්ශනය කර නඩුකර ගෙන යාමට වින්දිතයන් සහ ඔවුන්ගේ නියෝජිතයන් සමග ඒකාබද්ධ වීම;
iv බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අයථා ප‍්‍රයෝජන ගැනීම් විශ්වසනීය ලෙස චෝදනා ලැබ තිබෙන අපරාධකරුවන්ට එරෙහිව වත්කම් අවහිර කිරීම් සහ සංචාරක තහංචි වැනි ශක්‍ය ඉලක්කගත සම්බාධක සොයා බැලීම;
v හමුදාමය හුවමාරු සහ පුහුණු වැඩසටහන් සඳහා හඳුනා ගත් ශ‍්‍රී ලංකා පොලිසියේ හා යුද හමුදා පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි සුපරීක්ෂාකාරී ක‍්‍රියාමාර්ග ගැනීම;
vi සිවිල් සමාජ අභිලාෂයන් සහ හානිපූර්ණ හා වින්දිතයන්ට සහන සැලසීමේ ආධාරවලදී ප‍්‍රමුඛතාවක් දැක්වීම සහ ඔවුන්ගේ ද්විපාර්ශ්වීය මානුෂිය, සංවර්ධන හා ශිෂ්‍යත්ව වැඩසටහන්වලදී වින්දිතයන් යන ඔවුන්ගේ පවුල් කෙරෙහි ප‍්‍රමුඛතාවක් දැක්වීම;
vii වධ හිංසාව සහ බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන්හි වත්මන් සැබෑ අවදානම සහිත සිද්ධි සම්බන්ධයෙන් ඕනෑම මර්දනයක් වැළැක්වීමට සහ ප‍්‍රතිහිංසනයට මුහුණ දෙන්නන් සුරැුකීමට ශ‍්‍රී ලාංකිකයන්ට ගෞරව කරමින්් රැකවරණ යාන්ත‍්‍රණ සමාලෝචනය කිරීම.

ශ‍්‍රී ලංකාවේ අනාගතය

මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාව ශ‍්‍රී ලංකාව දෙස බැලීමට මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් පෙළඹවීම සහ කොමසාරිස්වරිය විසින් ඔවුන්ට කරන ලද නිර්දේශ ක‍්‍රියාවට නැංවීම උත්සාහ කළහොත් ශ‍්‍රී ලංකාව අහිතකර ප‍්‍රතිඵල භුක්ති විඳිනු ඒකාන්තය. ඒ අතර GSP+ සහන නොලැබීම, ශ‍්‍රී ලංකා පොලිසිය සහ ති‍්‍රවිධ හමුදාව ජාත්‍යන්තරය තුළ අපකීර්තියට ලක්වීම, යුද අපරාධ විභාග කිරීම සඳහා ජාත්‍යන්තර යුද අධිකරණයක් වෙත යොමු කිරීම, යුද අපරාධවලට ඍජු හෝ වක‍්‍ර අයුරින් හෝ සම්බන්ධ පුද්ගලයන්ට විදේශගතවීමට සම්බාධක පැනවීම ප‍්‍රමුඛ ස්ථානයක් ගන්නා බව නිසැකය. එවැනි සම්බාධකවලින් මිදීම සඳහා ශ‍්‍රී ලංකාව මානව හිමිකම්වලට ගෞරව කරන රාජ්‍යයක් ප‍්‍රායෝගිකව ඔප්පු කර සිටීමට වත්මන් රජයේ පාලන අධිකාරිය කටයුතු කිරීම අවශ්‍යය.

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව පිළිබඳ විද්වතුන් කිහිප දෙදෙනකුගෙන් කරන ලද විමසුමකදී ඔවුන් දැක්වූ අදහස් මෙසේය.

ආචාර්ය දයාන් ජයතිලක

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බැෂලේ විසින් නිකුත් කර තිබෙන වාර්තාව හේතු කරගෙන ලංකාව පිළිබඳ චිත‍්‍රය ජාත්‍යන්තර වශයෙන් ගුණාත්මක වෙනසකට පාත‍්‍රවෙලා තිබෙන බව අපට මේ වනවිටත් ජාත්‍යන්තර ජනමාධ්‍ය වාර්තාවලින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වාර්තාවලින් සහ වඩාත් වැදගත්ම ඇමරිකාවේ නිලධාරීන් සහ ප‍්‍රසිද්ධ දේශපාලන චරිතවල කියමන්වලින් මනාවට පෙනෙනවා. මේ තාක් කල් ලංකාව ගැන මොනතරම් දරුණු විවේචන තිබුණත්, හැම වෙලාවේම පිළිගත් දෙයක් වූයේ ලංකාව ආසියාවේ පැරණිතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය සහිත රට කියලා. කවර වැරදි ලංකාව විසින් සිදු කරනු ලැබුවා කියා විවේචනය කළත්, හැමදෙනාම පිළිගත් දෙයක් වූයේ මේ වැරදි ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් විසින් කරනු ලැබූ වැරදි කියලා. නමුත් පළමුවන වතාවට අලූත් වාර්තාවෙන් වෙනස් යථාර්ථයක් මතු කරලා පෙන්වලා තිබෙනවා. ඒ යථාර්ථය තමයි, පසුගිය වසර තුළදී එනම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ ආරම්භයත් සමග ලංකාව එක්කෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිට ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් වෙනස් වූ පාලන ක‍්‍රමයක් කරා සංක‍්‍රමණය වෙනවා, එසේත් නොමැති නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගර්භාෂය තුළ වෙනස් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන ප‍්‍රවණතා බිහිවෙලා තියෙනවා කියලා. ඒක එතුමිය ඉතා පැහැදිලි ලෙස සඳහන් කරනවා හමුදාකරණය තුළ. හමුදාකරණ ක‍්‍රියාවලිය ගැඹුරු වෙලා සහ ඉක්මන් වෙලා බව කියනවා. එවිට එතුමිය ඒ පිළිබඳව සම්පූර්ණ කොටසක් වෙන් කරනවා වාර්තාව තුළ. ඒ කොටස හමුදාකරණය පිළිබඳ කොටසක්. ඒක අංක 20 ෙඡ්දයේ සිට ෙඡ්ද ගණනාවක්ම ඒ සඳහා වෙන් කරනවා. ඒ ෙඡ්ද එකින් එක ගත්විට එයින් පෙන්නුම් කරන්නේ හමුදා නිලධාරීන් සහ විශ‍්‍රාමික හමුදා නිලධාරීන් සිවිල් පරිපාලනයේ මුදුන් කොටස්වලට පත්කිරීමයි. එහෙම 28 දෙනකු පත්කර තිබෙනවා කියලා කියනවා. ඊළඟට සිවිල් පරිපාලනය යටතේ තිබූ රාජ්‍ය අංශයේ කොටස් පළමුවැනි වතාවට ආරක්ෂක අමාත්‍යාංශය යටතට අරගෙන තියෙන අතර ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හිටපු ජෙනරාල්වරයෙක් කියනවා. තුන්වෙනුව, ජනාධිපතිතුමා විසින් ජනාධිපති කාර්ය සාධක මණ්ඩල රාශියක් පත් කොට තිබෙනවා. ඒවාවලද දැනට සේවය කරන හෝ හිටපු හමුදා නිලධාරීන්ගෙන් ගහණ කාර්ය මණ්ඩලයක් කියලා. එය හමුදාකරණය පිළිබඳව පළමුවැනි වැදගත් කාරණාවක්. ඊළඟට එතුමියගේ වාර්තාවේ සඳහන් කරනවා තවත් අලූත් දෙයක්. ලංකාව පිළිබඳව මීට පෙර වසරවලදී තිබූ වාර්තාවල විවේචනය කරනු ලැබුවා. සමාජයේ බිහිවී තිබෙන ජාතිවාදී සහ ආගම්වාදී ප‍්‍රවණතා සහ රජය ඒවා සෑහෙන විදියකට යටපත් කර හෝ පාලනය කර නොමැති බව. ඒත්, මෙවර වාර්තාවේ පළමු වතාවට විවේචනයක් කරනවා, ජාතික සහ ආගමික සුළුතරයන් කොන් කරන බහුතරවාදී ජන වර්ග කේන්ද්‍රීය මතවාදයක් රාජ්‍යයේ මතවාදයක් බවට පත්ව තිබෙනවා කියලා. ඒක නිල මතවාදය බවට පත්ව තිබෙන බව කියලා තිබෙනවා. ඒක මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ඔය දෙකෙන් එකක් ගැනවත් කිව්වේ නැහැ. හමුදාකරණය හෝ අන්ත ජාතිවාදය කරපින්නාගෙන එය ප‍්‍රචාරය කරන බව කිව්වේ නැහැ. ඒ්ත්, මෙතැන තියනවා රටේ ඉහළම නායකයාගේ සිට මෙය ක‍්‍රියාත්මක වන බව කියනවා. ජනාධිපතිතුමා කියන ලද කියමනක්ද වාර්තාවේ උපුටා දක්වා තිබෙනවා. ඊළඟට මේ කරුණු දෙක එකට එකතු කරලා ගන්නවා. මේ දෙක එකට මුහු කළ විට එහි එකතුව ඇත්ත වශයෙන්ම මානව හිමිකම් මහ ඛේදවාචකයක් වෙන්න පුළුවන් කියලා තිබෙනවා. මීට පෙර යුද්ධය පටන් ගන්න හේතුවක් වූ මතවාදයක් ආපසු පණගන්වලා තිබෙනවා කියලත් කියනවා. ඒ නිසා ලංකාවේ ප‍්‍රතිරූපය පිළිබඳ සම්පූර්ණයෙන්ම වෙනස් සහ දරුණු චිත‍්‍රයක් තමයි මැවිලා තියෙන්නේ. නමුත් ඒ චිත‍්‍රය මවන්නට හේතුව ඒ චිත‍්‍රය එතුමියට පෙනෙන නිසා. ඇයි ඒ් චිත‍්‍රය තියෙන්නේ කියන එක ඒ වාර්තාවේ කරුණුවල තියෙනවා. එතුමිය දකින චිත‍්‍රය සහ එතුමිය දකින අනතුර ඒ වගේ වාර්තාවක දැමූවිට ලෝක ජනමතයක් ඒ අනුව ප‍්‍රතිචාර දක්වන්නට දැනටමත් පටන් ගෙන තිබෙනවා. මේ සියලූ දේ සිදු නොවී තිබෙන්න තිබුණා. මහ කොමසාරිස්වරිය සඳහන් කරන සියලූ කරුණු අලූත් රජයේ ක‍්‍රියාකාරකම්, ප‍්‍රතිපත්ති සහ කෙරුවාවල්. මේවා නොකර සිටියා නම් ඒවා සඳහන් කරනගන්න බැහැ. එතුමිය පැහැදිලි කරුණු හයක් සඳහන් කරනවා. යුදකරණය, ව්‍යවස්ථාව වෙනස් කොට බලය සංකේන්ද්‍ර ගතකිරීම, රාජ්‍ය ක‍්‍රමයේ තිබූ තුලනය අහෝසි කිරීම වගවීම් පිළිබඳව කිසිදු තැකීමක් නොමැතිකම සහ අන්තවාදී, ජාතිවාදී මතවාදයන් පතුරවීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ සිවිල් අවකාශය දැනුවත්ව හැකිළවීම යනාදී වශයෙන් කරුණු හයක් කියනවා. ඒ සියල්ල ගත්විට ඒවා මෙම අලූත් රජයේ කී විට පාර්ලිමේන්තුව තුළ තිබෙන අගමැති සහ කැබිනට්ටුව ගැන නොවෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ජනාධිපතිතුමා යටතේ එතුමා විසින් ගනු ලැබූ පියවර සහ ව්‍යුහාත්මක වෙනස්කම් නිසා ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට තර්ජනයක් වෙලා ඒ ක‍්‍රමය වෙනස් දෙයක් බවට පත්වෙනවා කියලා තමයි මහ කොමසාරිස්වරිය ලෝකයට කියා පාන්නේ. මේවා කළේ නැතිනම් කිසිම දෙයක් කියන්න බැහැ. මේවා දැනුවත්ව නව පාලක ස්ථරයේ මතවාදය, ආකෘතිය, දැක්ම ක‍්‍රියාවට නැංවීමක්. ඒකෙන් තමයි මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ වැඩි ප‍්‍රමාණයක් සමන්විත වෙලා තියෙන්නේ. ඒ ප‍්‍රිස්මය තුළින් තමයි යුද්ධය දිනා ආපසු හැරිලා බලන්නේ. එහෙම ආපසු හැරී බලන්නේ මේ අධිපතිවාදී ප‍්‍රවණතාවට ප‍්‍රධාන මෙවලම හැටියට පාලකයෝ පාවිච්චි කරන්නේ ත‍්‍රිවිධ හමුදාව. ඒ නිසා එතුමිය අලූත් ක‍්‍රමයක් හරහා යුද්ධ කාලයේ වගවීම පිළිබඳ ප‍්‍රශ්නය. දැන් ජාත්‍යන්තර වශයෙන් තමයි කරන්න වෙන්නේ කියලා. ඇයි එහෙම කියන්නේ? එතුමිය කියනවා 20 වන සංශෝධනයේ ප‍්‍රතිඵල සහ ආණ්ඩුවේ පාලකයන්ගේ ක‍්‍රියාකාරකම් නිසා දේශීය වශයෙන් යුක්තිය නොලැබෙන බව පෙනෙනවා කියලා. ඒකට නිදසුන් හැටියට පාවිච්චි කර තිබෙනවා සාජන්ට් සුනිල් රත්නායකගේ සිද්ධිය. දරුවෝ හතර දෙනෙකු මරනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තුළ වුවත් වරදකාරයා හැටියට දක්වලා සිරගතවී සිටින විට ජනාධිපති විසින් නිදහස් කළා. ඒ ගැන සඳහන් වෙනවා වාර්තාවේ. එහෙම දේවල් කළ විට අර වගේ දරුණු නිගමනවලට බාහිර ලෝකය පැමිණෙනවා. මේවා කරන කොට දැනගන්න ඕනේ කොහොමද මේවා එළියට පෙනෙන්නේ කියලා. ඒ ගැන නොතකා තමයි පාලකයා සහ ඔහුගේ කිට්ටුවන්තයෝ කරපු කියපු දේවල් දැන් දෝංකාරයක් හැටියට ජිනීවා සිට එනවා. ඒ තුළින් රටටත් ශ‍්‍රී ලංකා ත‍්‍රිවිධ හමුදාවටත් අවැඩක් සිදුවී තිබෙනවා. අනවශ්‍ය විදියට ත‍්‍රිවිධ හමුදාවේ සේවය කරන සහ සේවය කළ පිරිස සිවිල් කටයුතුවලට යොදවාල නිරපරාදේ ජාත්‍යන්තර විවේචනයට ලක් කරනවා. ඒක කරන්නේ කවුරුන්ද? ඒක කරන්නේ පාලකයෝ.

වාර්තාවේ දැක්වෙන නිර්දේශ පෙර නොවූ විරූ දැක්මක් සහිත නිර්දේශ වගයක්. ඇයි ඒ? දොස්තර මහතෙකු යම්කිසි දරුණු ලෙඩක් කියලා හේතු සාධක ඇතිව කියනවා නම් ස්කෑන් එකකින් පසුව ඊළඟට ඔහු/ඇය යෝජනා කරන බෙහෙත සැර බෙහෙතක්. එහෙම නොමැති නම් ශල්‍ය කර්මයක්. එවැනි දෙයක් තමයි මහ කොමසාරිස්වරිය මෙහිදී කරලා තිබෙන්නේ. එතුමියට පෙනෙන විදියට මෙතන පිළිකාවක් වැනි දෙයක් සිද්ධ වෙලා තියෙනවා. එතුමිය පැහැදිලිව කියා සිටිනවා මේක පූර්ණ වශයෙන් ගෝලීයකරණය කරන්න ඕනේ කියලා. ගෝලීයකරණය කිරීමේ ක‍්‍රම කීපයක් ඇය තියෙනවා. එකක් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට මේක යොමු කිරීම. ලංකාවේ සමහරු හිතාගෙන හිටියා ලංකාව මේකට අත්සන් කරලා නැති නිසා වරද කරන්න බැහැ කියලා. දෙවැනි කාරණාව එම අධිකරණයට ගෙන යාමට පස්ස දොරක් තිබෙනවා. ඒක තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්තුමා ඒක යැව්වොත්. එය කරන්න පුළුවන් දෙයක් විය. බැරි දෙයක් නොවෙයි. ඒක එක රෙකමදාරුවක්. ඒත් ඊට වඩා ප‍්‍රායෝගික වශයෙන් භයානක රෙකමදාරු කීපයක් එම වාර්තාවේ තිබෙනවා. එතුමිය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193ටම කියා සිටිනවා- ඔබලාගේ රටවල්වල උසාවි හරහා සිදුවුණා යැයි අපට කිවහැකි අපරාධ පිළිබඳ නඩු පවරන්න ඕනේ කියලා කියා සිටිනවා. ඒ වගේ වින්දිතයෝ විසින් පවරන්නේ නම් ඒ අයට සහයෝගය ලබාදිය යුතුයි කියා කියනවා. මේක කරන්න ඕනේ. Universal Juridiction (විශ්වීය නීතිමය අධිකාරියක) කියන ධර්මතාව යටතේ කියලා කියනවා. Universal Juridiction යන්නෙහි අර්ථය වන්නේ ලංකාවේ පාලකයෝ හිතාගෙන ඉන්නවා. මේක අපේ රට අපේ ව්‍යවස්ථාව ඇතුලේ වැඩ කරන්නේ එහෙම නොවේ නම් ඒ නීතිය හදාගමු ඒ විදියට කියලා සුරංගනා ලෝකයක ඉන්නවා. ඒත් චිලියේ හිටපු ආඥාදායකයා වන ජෙනරල් අගුස්තීනු පිනෝෂේටත් වුණේ එවැනි සිහින ලෝකයක සිට බි‍්‍රතාන්‍ය උසාවියකින් අල්ලා ගත්තා. ඒක සිදු කළේ ස්පාඤ්ඤ උසාවියක් තීන්දුවක් මතයි. ස්පාඤ්ඤ උසාවිය දුන් තීන්දුව විනිසුරුවරයා තමයි Universal Juridiction කියන ධර්මතාවයේ පියා. ඔහුගේ නම බල් අතාර්ස් ගාර්සෝස්. ඔහු තමයි මේ ධර්මතාව ලෝකයට හඳුන්වා දුන්නේ. ඔහු කියා සිටියේ සමහර අපරාධ තියෙනවා ඒ අපරාධ මානව හිමිකම් කොතරම් දරුණුවට උල්ලංඝනය කරන්නේද ෙෙ කෙතරම් මූලිකව එරෙහි වන්නේද ඒ අපරාධ රටක දේශ සීමාකරණය කරන අපරාධ බවයි. ඒ නිසා ඒ අපරාධ සම්බන්ධයෙන් ඕනෑම රටක ඕනෑම උසාවියකට තීන්දු දිය හැකියි කියලා ඔහු කියා සිටියා. ඒ තීන්දු ජාත්‍යන්තර වශයෙන් වලංගු ෙෙ කියා තිබෙනවා. මෙය අත්හදා බලා තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වන ඊශ‍්‍රායලයේ හිටපු විදේශ ඇමති ලිපි ලිව්නිං මහත්මියට බි‍්‍රතාන්‍යයේ හීත්‍රෝ ගුවන්තොටුපොළන් එළියට බහින්න බැරිවුණා. ඊශ‍්‍රායලය බි‍්‍රතාන්‍යයේ මිත‍්‍ර රටක් වුවත් බි‍්‍රතාන්‍ය උසාවියට නඩුවක් දමා තිබුණා. නඩුවක් දමන විට කියා සිටියේ ඇයට බි‍්‍රතාන්‍යයේ පස් පාගන්න බැරි බවයි. එවැනි නඩු දාන්න කියලා මහ කොමසාරිස්වරිය ලෝකයේ රටවල්වලින් ඉල්ලා සිටිනවා. එසේ කළ යුතුයි කියලත් ඇය රෙකමදාරු කර තිබෙනවා. මේ තත්ත්වයට ලංකාව පත්වුණේ ඇයි කියලා අපි සිිතිය යුතුයි. අද තිබෙන පාලනතන්ත‍්‍රයේ භයානකභාවයක් තිබෙන බව එතුමිය කියා තිබෙනවා. ඒ අනුව තමයි මේ බෙහෙත ලංකාවට නියම කර තිබෙන්නේ. ඇය ලෝකයට කියනවා මේ බෙහෙත ලංකාවට දෙන්න කියලා. ඒ අනුව මේ රට නරක් කළ කට්ටිය ඒ සම්බන්ධයෙන් වගකිව යුතුයි.

ආචාර්ය ජෙහාන් පෙරේරා

මහ කොමසාරිස්වරිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරිනියක්. ඇය එහි විධායකය නොවේ. ඇය එහි පරිපාලකවරියක්. ඒත් මෙහි තීරණය ගන්නේ විධායකය වන කවුන්සිලයයි. කවුන්සිලය කියන්නේ රටවල් නියෝජනය කරන ආයතනයක්. කොමසාරිස්වරිය කියා සිටින දේ ඉතා වැදගත් වන අතර එය ලංකාව කෙරෙහි බලපානවා. ඒත්, කවුන්සිලයේ තීරණය අනුව තමයි ලංකාවට විපාක සිද්ධ වෙන්නේ.

එම කවුන්සිලයේ සිටින රටවල් 47 සැලකෙන්නේ ආණ්ඩු වශයෙන්. ආණ්ඩු දන්නවා රටක් පාලනය කිරීමේ යථාර්ථය. ඒගොල්ලෝ මානව හිමිකම් කොමසාරිස්වරියට වඩා ලිහිල් ප‍්‍රතිපත්තියක පිහිටා කටයුතු කරනවා. මෙම කවුන්සිලයත් බලන්නේ ජාත්‍යන්තර මානව හිමිකම් නීතියයි. ඒත් මෙහි සිටින ආණ්ඩුත් යථාර්ථයත් බලනවා. මානව හිමිකම් පමණක්, බලන්නේ නැහැ. ඒ අය දේශපාලනය, රටවල් අතර තිබෙන බලතුලනය යනාදී කරුණුත් සලකා බලනවා.

මෙම වාර්තාව ශ‍්‍රී ලංකාවට කිසිසේත් වාසිදායක නැහැ. මෙමගින් තද බලපෑමක් ඇතිවෙනවා. නමුත් ඒක අවසාන කතාව නොවෙයි. අවසාන කතාව එන්නේ කවුන්සිලයේ රටවල් 47 තුළින්. එහි බහුතර මතයෙන් තමයි අවසාන ප‍්‍රතිඵලය එන්නේ. මම හිතන විදියට කොමසාරිස්වරියගේ වාර්තාව ඍණාත්මක වුවත් ශ‍්‍රී ලංකා ආණ්ඩුවට පුළුවන් රටවල් 47ට යම්කිසි අභියාචනයක් කිරීමට. මෙරට ආණ්ඩුව ප‍්‍රායෝගික වශයෙන් යහපත් දේවල් කරන බව ඔවුන්ට පෙන්වා සිටිය හැකියි.

මා දන්නා ආකාරයට දුෂ්කරතා ඉක්මවා යෑමට මාර්ග සොයා ගත නොහැකි තැන් දෙකක් තිබෙනවා. ඒවාවලින් කිසිම පිටවැස්මක් ආණ්ඩුවට නැහැ. ඒ තමයි යුද අපරාධවලට සම්බන්ධ මානව හිමිකම් ප‍්‍රශ්න ජාත්‍යන්තර උසාවියට භාරදීමක් ආණ්ඩුව කරන්නේ නැහැ. ලංකාවේ මානව හිමිකම් අපරාධ සිදුවුණාද? නැද්ද? එය ලංකාවෙන්ම තීරණය කරන්න ඕනේ කියා ලංකා ආණ්ඩුව කියා සිටිනවා. ඒ ගැන තීරණය කරන්න විදේශිකයන්ට දෙන්න බැහැ කියලත් කියනවා. එවිට ප‍්‍රතිදානය කිරීමක් සිදුවන්නේ නැහැ. දෙවැනි ස්ථාවරය වන්නේ රටේ ඒකීයභාවය. ඒ ගැනත් සාකච්ඡුා කළ නොහැකි බව ආණ්ඩුව කියා සිටිනවා. ඒ ගැන තීරණය ගන්නේ ආණ්ඩුව කියලත් කියනවා. ඒ දෙක ගැන ආණ්ඩුව දැඩි ස්ථාවරයක ඉන්නවා කියා මට හිතෙනවා. ඒත් ආණ්ඩුවට පුළුවන් අනික් හැම දෙයකින්ම යම්කිසි සම්මුතියකට ඒමට. එහිදී ආණ්ඩුවට යමක් ගැන තීරණයකට ඒමට පුළුවන්.

අතුරුදහන්වූ පුද්ගලයන්ගේ ඥාතීන්ට වන්දි ගෙවීම ගිය ආණ්ඩුව පටන් ගෙන රුපියල් හය දහසක් මාසයකට ලබා දුන්නා. ඒක සමහර අයට පමණයි ලැබිලා තියෙන්නේ. එම මුදල ආණ්ඩුවට වැඩි කරන්න පුළුවන්. ඒ වගේම එය ලබා ගන්නා පිරිසද වැඩි කිරීමට ආණ්ඩුවට පුළුවන්. එය එක් කාරණයක්. දෙවැනි එක වන්නේ එල්ටීටීඊ සැකකරුවන් අවුරුදු දහයක්, පහළොවක්, විස්සක් සිරභාරයේ ඉන්නවා ඔවුන්ට විරුද්ධව චෝදනාද ඉදිරිපත් කර නැහැ. උසාවියට ගෙනිහිල්ලත් නැහැ. ඒක හොඳ දෙයක් නොවේ. ඒ ගැන යමක් ආණ්ඩුවට කරන්න පුළුවන්. තුන්වැනි කාරණය වන්නේ උතුරු නැගෙනහිර ෙෙ කරන්න කැමතියි කියා ජාත්‍යන්තරයට කියනවා. එසේ කියා ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තරයෙන් මුදල් ඉල්ලීමක් සිදු කළ යුතුයි. ඒ ගැන ආණ්ඩුවට කියන්න පුළුවන්. හතරවැනි කාරණය වන්නේ කොවිඞ් 19 සෑදී මියගිය මුස්ලිම් අය ආදාහනය කිරීම අවදානමක් නැහැ කියා විද්‍යාඥයන් කියන නිසා අපි ඒක නවත්වනවා කියා ආණ්ඩුවට කිව හැකියි. ඒවා මෙම සති දෙක තුන ඇතුළතදී කිරීමට පටන් ගත්තොත් ආණ්ඩුවට කවුන්සිලයට කියන්න පුළුවන් අපට විරුද්ධව දැඩි වාර්තාවක් තිබෙනවා. ඒත් අපි ආණ්ඩුවක් හැටියට ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න වෑයම් කරන බව කියා සිටිය හැකියි. එවැනි ස්ථාවරයකට ගියහොත් යම්කිසි සම්මුතියක පැමිණිය හැකි බව මා විශ්වාස කරනවා.

අපි රටවල් 47 සමග එවැනි සම්මුතියකට ගියහොත් යහපත් දෙයක් වෙයි. කොමසාරිස්වරිය කියන දේවල් ගැන හැප්පීමකට ගියහොත් ආණ්ඩුවටත් ජනතාවටත්, සුළුතරයටත් එය හොඳ නැහැ. ඒ හැප්පීම ආණ්ඩුවත් ජාත්‍යන්තරයත් වළක්වා ගත යුතුයි. ඒ තමයි මගේ අදහස.

60 i 2030 තිරසාර සංවර්ධන වැඩපිළිවෙළ සහ වර්ගවාදී නොවන හා සියලූදෙනාගේ මානව හිමිකම් ආරක්ෂණය පදනම් කරගත් ශ‍්‍රී ලංකාව සඳහා ප‍්‍රායෝගික ප‍්‍රවර්ධනය අන්තර්ගත බහුත්වවාදී දැක්මක්.
ii මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත‍්‍රණ විසින් සකස් කරන ලද නිර්දේශ ආමන්ත‍්‍රණය කරනු ලබන ව්‍යවස්ථාදායක සහ නෛතික ප‍්‍රතිසංස්කරණ සුරක්ෂිත කිරීම.
iii වධහිංසාව, ලිංගික ප‍්‍රචණ්ඩත්වය සහ අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විධිමත්ව විමර්ශනය කොට දඬුවම් ලබාදෙන බවට ආරක්ෂක හමුදා අංශවලට, බුද්ධි සහ පොලිස් සේවාවන්වලට අවිනිශ්චිත නොවන උපදෙස් ප‍්‍රසිද්ධියට පත් කිරීම.
iv මානව හිමිකම් ආරක්ෂකයන්ට, සමාජ ක‍්‍රියාධරයන්ට සහ මානව හිමිකම් උල්ලංඝනයට ලක්වූ වින්දිතයන්ට එරෙහිව සිදුකරන පළිගැනීම්, තර්ජන සහ සියලූ ආකාර අදිසෝදිසි වහාම නතර කරන ලෙසට ආරක්ෂක අංශවලට නියෝග කිරීම.
v වධහිංසාව සහ හිංසා කිරීම්, දිගුකාලීන ළංජනික නඩුවලට වගවීම සහතික කිරීමට ඉහළ ප‍්‍රමුඛත්වයක් ලබාදීම ඇතුළු දළ මානව හිමිකම් උල්ලංඝනයන් සහ ජාත්‍යන්තර මානුෂීය නීති බරපතළ ලෙස උල්ලංඝනය කිරීමේ සියලූ චෝදනා යුහුසුලූව, මුළුමනින්ම සහ අපක්ෂපාතව විමර්ශනය කොට නඩු දැමීම.
vi මානව හිමිකම් සම්මතයන් සමග එකඟවීම තුළ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට විශ්වසනීය ලෙස සම්බන්ධ ආරක්ෂක අංශ නිලධාරීන් යන අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යාලවලින් ඉවත් කිරීම. සිවිල් පාලනය සහ වගවීම සහතික කිරීම ශක්තිමත් කිරීමට ආරක්ෂක අංශවල අනෙකුත් ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීම.
vii අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සහ හානිපූර්ණ කාර්යාලය ක‍්‍රියාශීලීව සහ ස්වාධීනව ක‍්‍රියාත්මක කළ හැකි පරිසරයක් සුරක්ෂිත කිරීම, ඔවුන්ගේ නිල නියෝගය ක‍්‍රියාශීලීව සම්පූර්ණ කිරීමට අවශ්‍ය ප‍්‍රමාණවත් සම්පත් සහ තාක්ෂණික දේවල් කාර්යාල දෙකටම ලබාදීම, ක‍්‍රියාශීලී හා විස්තීර්ණ හානිපූර්ණ සහ සත්‍යයට සහ යුක්තියට ඇති අයිතිය සඳහා බලපෑමකින් තොර ඔවුන්ගේ අයිතිය, ලිංගික කේන්ද්‍රගත කිරීමක් සමග බලපෑමකට ලක්වූ අනාරක්ෂිත පවුල් සඳහා අතරමැදි සහන යාන්ත‍්‍රණ ඉදිරියට ගෙනයෑම.
viii ජාත්‍යන්තර හොඳම භාවිතාවන් පිළිපදින නෛතිකයක් මගින් නව අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ප‍්‍රතිස්ථාපනය කරන තෙක් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතාව සම්බන්ධයෙන් තාවකාලික අත්හිටුවීමක් සුරක්ෂිත කිරීම.
ix අධිකරණ විමර්ශනයන්ට විෂය වන දේ ඇතුළුව සහ බරපතළ මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝනය කිරීම්වලින් බැහැරව ජනාධිපති විසින් සමාව ලබාදෙන හෝ අනෙකුත් ආකාරයේ දයානුකම්පාවක් සඳහා සම්මත ක‍්‍රියාමාර්ගයක් ප‍්‍රතිෂ්ඨාපනය කිරීම.
x අදාළ තේමාගත නිල නියෝග දරන්නන් විසින් විශේෂ ක‍්‍රියාමාර්ග සඳහා න්‍යාය පත‍්‍ර පිළිසකර කර ගැනීම සඳහා වූ සම්මත ආරාධනාවලට ගෞරව කිරීම, සන්ධානගත පාර්ශ්වයක් සමග බැඳීම් අඛණ්ඩව පවත්වා ගෙන යෑම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත‍්‍රණ යෝජනා ක‍්‍රියාවට නැංවීමෙහිලා මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ අඛණ්ඩ තාක්ෂණික සහයෝගය අපේක්ෂා කිරීම.
(61) මානව හිමිකම් කවුන්සිලය සහ සාමාජික රටවල් වෙත නිර්දේශ