පිළිසඳර – විමලනාත් වීරරත්න
ඡායා රවීන්ද්‍ර පුෂ්පකුමාර


අමුඩ සෙල්ලම නිර්මාණාත්මක වීඩියෝවකි. කාලය විනාඩි 5කට අඩුය. මේ කෙටි කාලය තුළ ලාංකික පාලකයා වසර 72ක් තුළ කළ දේශපාලන මගඩිය හා ඒ මගඩියට ඡන්දෙන් ඡන්දෙට පාර කපා දෙන පුරවැසියාගේ ආකල්ප ධුරාවලිය ගීතයක් අනුසාරයෙන් යුත් රංගනයක් මගින් විවරණය කැරෙයි. අමුඩය මෙහි සුවිශේෂී සංකේතයක් වෙයි. මෙරට පුරවැසියා 1948 සිට විටින් විට කොළ සහ නිල් ලෙස මාරු කරමින් එකම අමුඩයක් අඳියි. වීඩියෝවේ තේමාව එම නිරර්ථක ක්‍රියාවලියයි. අමුඩ සෙල්ලමේ නිර්මාතෘ හෙවත් ගීතයේ රචකයා වෛi ජනක මාරපනය. තනු නිර්මාණය හා ගායනය සාදර බණ්ඩාරගෙනි. මධුශාන් නානායක්කාර අධ්‍යක්ෂවරයාය. ප්‍රවීණ රංගන ශිල්පී ධර්මප්‍රිය ඩයස් “අමුඩ සෙල්ලමේ” චරිත නිරූපකයාය. මේ කතාබහ ඒ අමුඩ සෙල්ලම පිළිබඳවය.

මිනිස්සු ගොංකම් අතහැරියොත්
දේශපාලකයන්ට ඇඩ්‍රස් නැතිවෙනවා
අමුඩ සෙල්ලම වීඩියෝව පිළිබඳ සංවාදයක්

අපි අමුඩයෙන්ම පටන් ගනිමු. අමුඩය නමැති ඇඳුම ගැන තේරුම් ගැනීම මොකක්ද?


මධුශාන් – අමුඩෙ යල්පැන ගිය ඇඳුමක්. දැන් ගොවියො කුඹුරක් හාන්නෙත් අමුඩෙ ගහගෙන නෙමෙයිනෙ. මේක ප්‍රවේණිගත ඇඳුමක්. අපි ඉන්න සිස්ටම් එකත් ප්‍රවේණිගතයි. මේ තියන ප්‍රවේණිගත ක්‍රමය සංකේතවත් කරන ඇඳුම ලෙස තමයි අමුඩය ගත්තෙ.


ඩයස් – අමුඩෙ ඇන්දුවෙ මටනෙ ඉතිං. රටට මුතු ඇයට කියනවා වගේ මිනිස්සු එක එක දේවල්වලට විවිධ සංකේත භාවිත කරනවනෙ. අමුඩ සෙල්ලම කියන වීඩියෝවට අදාළ ගීතයේ ලංකාවෙ මිනිස්සු නිල් සහ කොළ මාරු කර කර වසර 72ක් තිස්සේ කළ වැඬේ කොළ සහ නිල් අමුඩය මගින් සංකේතවත් කර තිබුණා.


සාදර – මේකෙ සිංදුව ලිව්වෙ වෛi ජනක මාරපන. එහි පද පේළි කිහිපයක් මෙහෙමයි.
ප්‍රවේණිය යැයි කිව හැකි
යට ඇඳුම් කොට යුගළකි
නීල සහ කොළ වර්ණෙකි
මාරු කර කර ඇන්දැකි
ඇඳුම් දෙකක් නෙවෙයි ඇත්තටම. අමුඩෙ දෙපැත්ත කොළ සහ නිල්. අපි ප්‍රවේණිගත ක්‍රමයක් නඩත්තු කරන රටක්. විශ්වවිiාලවල ගතහොත් පරණ පාඨමාලා උගන්වන්නෙ. ජොබ් මාකට් එකට ගියාම රස්සාවල් නැහැ. ඒ කියන්නෙ අපේ මුළු සිතීමේ වැඩපිළිවෙළම පරණයි. අලුත් දේවල් දන්නෙ නැති පුරවැසියෙක් කොහොමද සිස්ටම් එක චේන්ජ් කරන්නෙ. බැහැ. අපි දූෂිතයො පාලකයො හැටියට පත්කරනවා. එහෙම නොකරන්න නම් මිනිස්සු වෙනස් වෙන්න ඕනෙ. මේ වර්ණ දෙකින්යුත් දෙපැත්තෙම තියෙන්නෙ එකම තින්කින් ප්‍රොසෙස් එකක්. ඉතිං මිනිස්සු ගොංකම් අතහරින්න ඕනෙ. දියුණු වෙච්ච හැම රටක්ම දියුණු වෙලා තියෙන්නෙ සිතීම දියුණු වෙලයි. අපි සොයන රට මීට වඩා දියුණු එකක්. ඒකටයි අමුඩ මාරු කිරිල්ල නවතා සිතීම දියුණු කරගත යුත්තේ.


අමුඩ සෙල්ලමේ ‘ඇක්ට්’ එක ගැන අපි ටිකක් කතා කරමුද? ඩයස් ඒ ගැන කළ අධ්‍යයනය මොකක්ද?


ඩයස් – මේකෙ චරිත නිරූපණයට මට ආධාර වෙන්නෙ සිංදුව. ඒක රංගන ශිල්පියකු ලෙස මටත් ටිකක් අලුත් අත්දැකීමක්. අපි උදේ ෂූටිං පටන් ගත්තෙ, රෑ එක දෙක වෙනතුරු ගියා. චරිතය ශක්තිමත් අවදියක ඉඳලා මැදිවිය පසුකරගෙන වියපත් අවදියටත් යනවා. අතරමග කාලයේදී ඔහු භයානක හැලහැප්පීම්වලට මුහුණ පානවා. නිරූපණ ශිල්පියා ලෙස මට විශේෂයෙන්ම මෙහි කන්ටිනි්‍යුවේ තදින් මතක තබා ගැනීම වැදගත් වුණා. සොමිය, දුක, උපේක්ෂාව, නිවටකම, ආවේගය ආදී හැඟීම් පිළිබඳ නිරන්තර හැඟවුමත් චරිතයට අවශ්‍ය අවස්ථා තිබුණා. මොකද මේ නිරූපණය කරන්නෙ වසර 70ක දිගු පීරියඞ් එකක්. පුරවැසියා තුළ ඒ කාලය අතරතුර සිදුවන වෙනස්කම් මම ස්පර්ශ කළ යුතුමයි. නැත්නම් චරිතය නිරූපණය වරදිනවා. දර්ශන තලයට එනකොට මම කිසිවක් ගෙනාවෙ නැහැ. සාදර සහ මධුශාන් සමග සාකච්ඡා කරලා පිටපත හා ගීතය ඇසුරින් චරිතය මතු කරගන්න එකයි මම කළේ.


48 ඉඳලම ලාංකික පුරවැසියා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක අතකොළු බවට පත්වුණා. ඔවුන් මෙහෙයවන ලද මේ බලවේගය මොකක්ද?


මධුශාන් – අවුල තියෙන්නේ පුරවැසියා තුළමයි. ඔහුට සිස්ටම් එක ප්‍රතික්ෂේප කරන්න බැරිවෙලා තියෙනවා. බත් පැකට් එකට, බෝතලේට, ටකරමට මිනිස්සු ඡන්දෙ දෙනවා. ඒකෙ තියෙන සදාකාලික අවුල තේරුම් ගන්න අධ්‍යාපනය දියුණු නැති කමකුත් තියෙනවා. සිස්ටම් එක වෙනස් කරන්න යන අයව සමහරවිට සිස්ටම් එක විසින්ම අවශෝෂණය කරගන්නවා. මෙහෙම අවුලක අපි ඉන්නෙ.


සාදර – කිසිම බලවේගයක් නැහැ. සුද්දා යද්දී ඩොමීනියන් නිදහසක් දුන්නා. අපි ඔවුන්ට වාර්තා කළ යුතුව තිබෙනවා. අපි හාම්පුතා ළඟ කුදුවෙලා හිටපු ජාතියක්. අපේ තින්කින් හදලා තිබුණේම ලොක්කට වාල්කම් කරන්න. එක පැලැන්තියකට බලය දීලා ඒක තහවුරු කරන එක තමා ලංකාවෙ වුණේ. වහල්කම අත ඇරගන්න බැරිවුණු එක “කල්ට්” එකක් ලෙස ගොඩ නැගුණා. සිංහල, බෞද්ධ බලවේගය කියන එක අද ඊයෙ ආපු එකක් නෙවෙයිනෙ. ඒකට වසර දහස් ගාණක් වෙනවා. මහින්දගෙ කට්ටිය තමයි ඒකට මේ වෙලාවෙ හොඳටම ආමන්ත්‍රණය කරන අය. පුරවැසියා මේකට ආකර්ෂණය වෙන එක නවත්වන්න ඔහුගේ සිතීම වෙනස් කරන්න වෙනවා. ඒකට ඇති සංයුක්ත විසඳුමෙහි අංක එක අධ්‍යාපනය. ඊට පස්සෙ යටිතල පහසුකම්. ඊටත් පස්සෙ තොරතුරු තාක්ෂණය. අපි වසර 13ක් ඉස්කෝලෙ ගියාට පස්සෙත් නිකම්මු විදියටනෙ එළියට එන්නෙ. ෆින්ලන්තය වගේ රටවල මුල සිට ළමයගෙ ආකල්ප දැන හඳුනා ගන්නවා. ඒ අනුව එයාට ස්වාධීනව වැඩෙන්න මගපෙන්වීමක් කරනවා. ක්‍රිකට්වලට, වඩුවැඩවලට, මූර්ති ශිල්පයට, සූප ශාස්ත්‍රයට ආදී වශයෙන් දේවල්වලට දක්ෂ ළමයි ඒවාට යොමු කරනවා නම් වසර 13කින් පස්සේ ජාතික ආර්ථිකය ශක්තියක් කළ හැකි මාවතකට ඔවුන් අවතීර්ණ වෙනවා. මේ හැම ළමයකුටම පුළුවන් සමාජය වෙනුවෙන් පර්යේෂණ කරන්න. එතකොට බිහිවෙන්නෙ සවිඥානික පුද්ගලයෙක්. මාරු කර කර අමුඩෙ අඳින පුරවැසියෙක් නෙවෙයි. යහමින් මුදල් හම්බ කරන පුද්ගලයාවත් ව්‍යවසායකයෙක් වෙන්නෙ නැහැ. එයා පුද්ගලිකව වියදම් කරන තැන නතර වෙනවා. මෙරට ව්‍යවසායකත්වය 3%යි. දියුණු රටවල 33%යි. ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන වෛiවරයෙකුටත් පුළුවන් ඖෂධ වැනි විෂයක් සම්බන්ධයෙන් ව්‍යවසායකයෙක් වෙන්න. ඇයි ඔහුට ඖෂධ ෆැක්ටරියක් ගහන්න බැරිද? පුටු රත් කර කර ඉන්න මිනිස්සුන්ට ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න කැඳවා ගන්න ඒ වගේ ව්‍යවසායකත්වයකට පුළුවන්. ඒකෙන් පිටරටට බෙහෙත්වලට විශාල වියදමක් දරන එක නවත්වන්න පුළුවන්නෙ.
මිනිස්සු කවුරුත් ආසයි ලස්සනට අඳින්න පළඳින්න. හොඳ හෝටලයකට ගිහින් කෑම වේලක් කන්න, පිරිසිදුවට ජීවත් වෙන්න. තවදුරටත් අමුඩ සෙල්ලම නොකර එතනට නේද සමාජය යන්න ඕන.


අපි එතනට එනවා නම් දේශපාලකයාට පෝස්ටර් ගහන්න යන්න ඕන නැහැ. දේශපාලකයාගේ රැවටීමට ලක්වෙන්නෙ ඕනෙත් නැහැ. සමාජය ඒ මගට හැරෙනවා නම් අද ඔය වැඩ පෙන්වන දේශපාලනඥයන්ට ඇඩ්‍රස් නැති වෙනවා.


ලාංකික ජාතියක් ගොඩ නගා ගැනීම කියන එක අපිට ජන මනසේ ඉස්මත්තට ගැනීමට නොහැකි වුණේ ඇයි?


සාදර – ජනාධිපති කෙනෙක් සමස්ත ජාතියටමනෙ අමතන්න ඕනෙ. ඒත් අමතන්නෙ පාක්ෂිකයන්ට. ඉන්දියාවට ඵ්ාැ සබ ෂබාස් කියලා සිංදුවක් කියන්න පුළුවන් වෙන්නෙ ඉන්දියානුවන් ජාතියක් හැටියට හිතන නිසයි. සෝනියා ගාන්ධි ළඟදි කියලා තිබුණා අපිට තියෙන්නෙ ආගම් දෙකයි. එකක් ෆිල්ම්, අනෙක ක්‍රිකට් කියලා. ඒක හරි ලස්සන ප්‍රකාශයක්. මාර බියුටි. අපි එන්න පුළුවන්ද ඒ වගේ තැනකට. ලාංකික ජාතියක් කියන තැනට ආවොත් පුළුවන්. ඒත් අපි බියුටි එකට එන්නෙ නැහැ.
ඩයස් – ලෝක ශිෂ්ටාචාරය පුරාම ඔය ප්‍රශ්නය තියනවා. ඒක අවම කරන්න නම් ආගමයි ජාතියයි මාකට් කර කර උඩට මතු කර ගන්න එක නතර කරන්න ඕනෙ. ආගම පුද්ගලික දෙයක්. පුද්ගලික දෙයක් ජාතිය සමග ඈඳලා රටේ ප්‍රධාන දේ බවට හරවා ගත් එකේ ප්‍රශ්නය තමයි ලාංකික ජාතියක් කියන ගමනට බාධකය වෙලා තියෙන්නෙ.


අමුඩ සෙල්ලම වැනි නිර්මාණයක් ලාංකික පුරවැසියාට සිදුවූ අවුල පැහැදිලිව දකිනවා. පුරවැසියාත් තම පාලකයා ගැන නොදන්නවා නෙමෙයි. ඒත් ක්‍රියාවලිය අනවරත වන්නේ ඇයි?


මධුශාන් – අපායෙ ඉන්ටර්වල් එකේදි වගේ ලංකාවෙ ඉන්නෙ ටිකක් චූන් එකේ ඉන්න කැමති ජනතාවක්. හැබැයි ඒක ඉක්මනින් ඉවර වෙනවා. ඊට පස්සෙ දිගුකාලීන ඛේදයකට ලක්වෙනවා. මේක තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් අපිට තියෙනවා. සාදර කිව්වා වගේ අධ්‍යාපනයම තමයි මේකෙන් ගොඩයන මග.


ඉතින් උගතුන්ටත් විශ්වවිද්‍යාල මහාචාර්ය වගේ තැනිකින් උඩට යන්න දේශපාලන හයිය ඕනෑනෙ. නැත්නම් බැහැ.
සාදර – මට අනුව රට හදන්න අතහැරීම තමයි අවශ්‍ය. අපි බුද්ධ වචනය අභ්‍යාස කළ යුතුයි කියලයි මම හිතන්නෙ.
ඩයස් – මිලියන ගාණක් වියදම් කරලා රටට නායකයො හා පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු පත් කරලා යම් කාලයක් ගතවුණාට පසුව ඔවුන්ගේ විහිළු කතා අහන ජාතියක් අපි. ඇත්තටම උගතුන් දේශපාලනයෙන් තනතුරු නොගෙන මේවා ගැන ප්‍රශ්න කරන පුරවැසියාට පහදලා දෙන ස්ථාවරයක් ගන්න ඕනෙ. අතළොස්සකගෙන් වෙනවා. ඒ මදි. ඇත්තටම පුරවැසියා මේ නිල් කොළ අමුඩය කරා මෙහෙයවන බලවේගය මොකක්ද කියලා ඇහුවාම සාදරයි, මධුශානුයි දෙන්නම පුරවැසින්ටමනෙ ඇඟිල්ල දික් කළේ. හැබැයි ඉතිං මිනිස්සුන්ව මොට කළේ, ඔවුන්ට පුරවැසියන් ලෙස හිතෙන අයිතිය මරලා පාක්ෂිකයන් ලෙස හිතන තැනට පත් කළේ පාලකයො. රට දුප්පත් කිරීමෙන්, නූගත් කිරීමෙන් ඒක තව වැඩි වෙනවා. වැඩිම නරක එකාට තමයි වැඩිම මනාප ගන්න පුළුවන්. මේ ක්‍රමය පවත්වාගෙන යන්න මුලින් කියපු වැඩවසම් කල්ට් එක උපකාරී වෙනවා. පාලකයො දැන් මිනිස්සුන්ට මේක නොතේරෙන තැනටත් ගෙනැවිත් තිබෙන බව කිව හැකියි. මිනිස්සු අර කාටුන් එකක ඉන්න කොමඩු ගෙඩියට මරාගන්න තාරාවො ටික වගෙයි. හෙළට වැටෙමින් සිටිනවා. කොහොමද මේ ඛේදවාචකය තේරුම් ගන්නෙ කියන ප්‍රශ්නය සමාජයට තියනවා.


ලංකාවෙ අභ්‍යාස වන මතුපිටවාදී බුදුදහම, බෞද්ධයාගේ කොන්ද කඩලා දාපු එකත් පුරවැසියගෙ වහල්භාවයට හේතුවක් නෙවෙයිද?


සාරද – දැන් රේරුකාණේ චන්දවිමල හාමුදුරුවො තායිලන්තයට ගිහින් අභිධර්මය ඉගෙන ගෙන ඇවිත් මෙරට ප්‍රචලිත කරන්න බැලුවා. ඒත් අපි ගාවට වැඩිපුර ආවෙ ටෝයිස් බුද්ධාගමක්. වක්කලී හාමුදුරුවො මහණ වුණා කියන්නෙ බුදුන්ගේ ලස්සන බල බලා ඉන්නනෙ. එක වේලාවකදී වක්කලීට මෙහෙම උපදෙසක් ලැබෙනවා. වක්කලී උඹට රියල් බුදුන් දකින්න ඕනෙ නම් ධර්මය දකින්න ඕනෙ කියලා. පුද්ගලයකුගේ භෞතිකත්වයට ආමන්ත්‍රණය කරන දහමක්නෙ අද තියෙන්නෙ. ඒකට කියන්නෙ සිංහල බෞද්ධකම. බෞද්ධ දර්ශනය කියන්නෙ ඊට වඩා මහ අකාලික, ගැඹුරු, සුන්දර සොයන්න සොයන්න තව පෙම් බඳින්න හිතෙන, නිස්සාර දේ තේරුම් ගත හැකි සාමකාමී, බෙදා හදා ගන්න පොළඹවන දහමක්. කොටින්ම අපි බුදු දහමේ දර්ශනය නොගෙන සිංහල බෞද්ධ කියලා එකක් හදා ගත්තා. ඒක අර මාරු කර කර අමුඩ අඳින වහල්භාවයට පුරවැසියා පොළඹවන එකක්. මේක තේරුම් ගන්නත් සිතීම වෙනස් කරගත යුතු වෙනවා.


ඩයස් – ඔය කියන ආගමට දේශප්‍රේමය සෙට් වුණාට පස්සෙ අපිට ඉතිං කෙළවෙලාම ගියානෙ. එතන තමයි දැන් ප්‍රධාන ප්‍රශ්නය තියෙන්නෙ. මේක වෙනස් වෙන්න ඕනෙ.


කොළ සහ නිල් අමුඩය මාරුවෙන් මාරුවට අඳිමින් සිටි පුරවැසියා රතු අමුඩයක් අඳින්න අතට ගත් අවස්ථාවක් වීඩියෝවේ තිබෙනවා. ඒ සමාජය වෙනසක් දකින්න හදපු මොහොතක්ද?


මධුශාන් – ඔව්. හරි වැරදි කෙසේ වෙතත් මොකක්හරි චේන්ජ් එකකට දරපු උත්සාහයක් ඒක. මම හිතන්නෙ නිල් කොළ වෙනුවට තව පිරිසකට කෙටි කාලයකට හරි රට දීලා බලන්න පුරවැසියන්ට තිබුණා. ඒත් එහෙම අවස්ථාවක් නැතිවුණා.
ඩයස් – සමාජයක් ඒකාකාරීව ගෙවෙන විට ප්‍රෙෂර් එක වැඩි වෙනවා. එතකොට කොතැනින් හරි පුපුරනවා. රතු අමුඩය අඳින්න හැදුවෙ එහෙම අවස්ථාවක. මේකෙ හොඳ නරක කොහොම වුණත්, අලුත් පාටක් ගැන හිතන්න උත්සාහ කරපු වෙලාවක්. ඒත් වෙනස්වීමේ පියවර පිපිරීමක් මිස අවබෝධයෙන් වුණාද කියන ප්‍රශ්නය තිබෙනවා. මුළුමනින්ම පුරවැසියොම නෙවෙයි, එහෙත් සමාජයේ යම් පිරිසක් හෝ ඒ උත්සාහය දැරුවා.


සාදර- තින්කින් පැට්ර්න් එකේ චේන්ජ් එකක් වෙච්ච වෙලාවක්. පවතින එක කුජීතයි කියලා හිතපු පිරිසක් ඒක කළේ. ඒ ක්‍රමවේදය, නව සිතීම හරිද වැරදිද කියන එක වෙනනම කාරණයක්.


එහෙමනම් විජේවීර ඇතුළු කණ්ඩායම සමාජයේ කුජීත බව වේලාසනින් තේරුම් ගන්නවා කියන්නෙ ඒ අය හුඟක් දියුණු තැනක හිටියා කියන එකද?


සාදර – විජේවීර නායකයා හැටියට දියුණුද නොදියුණුද කියනවාට වඩා තින්කින් පැටර්න් එක වෙනස් කළ යුතුයි කියලා හිතන දියුණු මිනිස්සු මේ සමාජයේ හිටියා කියන එකයි මම තේරුම් ගත්තෙ. හැබැයි ඒ අයට මේ ප්‍රශ්නයට පෙනී සිටින්න කතා කරන්න ක්‍රමවේදයක් තිබුණේ නැහැ. විජේවීරත් තමන් හරියි කියලා හිතපු ක්‍රමයකට පෙනී සිටියා. ප්‍රභාකරනුත් ඔහු හරියි කියලා හිතපු විදියකට පෙනී සිටියනෙ. ඒ ක්‍රම නොදියුණුයි. යුද්ධයක් කියන්නෙ වියදම් හා විනාශය අධිකම පිළිතුරනෙ. හරිද වැරදිද කියන්න බැහැ. මිනිස්සුන්ට පීඩනයක් දැනුණා. ඒකරාශී වුණා. විජේවීර තනියම කැරැල්ල ගැහුවෙ නැහැනෙ. පවතින තත්ත්වයට විකල්පයක් ලෙස නැගිටින්න ඕනෙ කියන අදහස මිනිස්සු තුළත් තිබුණා. ඒක අවස්ථා දෙකකදි මර්දනය වුණා.
ඩයස් – ඒ ගොඩනැගුණු පරිසරය නිවැරදියි කියන්න බැහැ. ඒ වගේම යම් පිරිසක් කවර හෝ උත්සාහයක් දැරුවයි කියන එක මගහැර යන්නත් බැහැ.


සාරද – අද ජේවීපී එක දියුණු විදියට එනම් ප්‍රජාතන්ත්‍රවාදීව මේ ප්‍රශ්නය දෙස බලනවනෙ. ඒ ක්‍රමය බහුතරයකට පිළිගන්නත් පුළුවන්නෙ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. සමාජවදයත් නැහැ. මොකුත් නැහැ. මම කියන්නෙ අපි අපගේ ක්ෂේත්‍රවල හරියට වැඩ කරමු. පගා නොගහා තමන්ගේ රටට ආදරෙන් වැඩ කරමු. එතකොට මේ අවුලට යම් උත්තරයක් ලැබෙයි. අලුත් තින්කින් පැට්ර්න් එකකට පත්වෙයි. මිනිස්සු ටික ටික ඥානනය වුණොත් ප්‍රශ්නය හෙමින් විසඳෙයි.


වීඩියෝවේ දැක්වෙන පරිදි 2020ට එනකොට අමුඩ මාරු කරමින් සිටි පුරවැසියා නිරුවත් වෙලා. හැබැයි මේ නිරුවත්වීම සිදුවුණේ මීටත් හුඟක් කලින් නේද?


මධුශාන් – ඒ නිරුවත් වීම මේ වෙලාවෙ හරි දැකපං කියලයි මේකෙන් කියන්නෙ.


සාරද – ඔව්. මේ අමුඩය පැරණි සිතීමේ ඇඳුම. ඒක ප්‍රමාද වෙලා හරි පුරවැසියා වෙනස් කරයිද? කොරෝනා ආවාම මිනිස්සු තවත් අසරණ වුණානෙ. එදා වේල හම්බ කරන් කාපු එකාට ඇඩ්‍රස් නැතිවුණා. මේ ඔළුව අවුල් වෙච්ච මිනිහා මොනවා කරයිද හැබෑට. අපි අඬන්න ඕනෙ ජාතියක්. ඒත් ඡන්දෙදි නම් අපි පට්ට ආතල් එකක් ගන්න බවයි පෙනෙන්නෙ. ඒකට අවශ්‍ය අඩුම කුඩුම දේශපාලනඥයො සප්ලයි කරනවා. පැරණි අමුඩෙම ආපහු ඇන්දොත් මොකද වෙන්නෙ මිනිස්සුන්ට. මේක හරියට තේරුම් ගත්තදාට ඔවුන් ඇඳුම ගලවලා මූණ වසා ගනියි. ඒක තමයි අපි වීඩියෝවෙ අන්තිමට සංකේතවත් කරන්නෙ. අවුරුදු 72ක් පුරා පාලකයන්ට මේක කරන්න බැහැයි කියලා ඔප්පු කරලා තියෙද්දි අපි තමා නැහැ උඹලට පුළුවන් කියා යළි යළිත් කියන්නෙ.


ඩයස් – සැමුවෙල් බේකර් ලංකාවෙ වරායට පය තියන කොටම මෙවැනි ප්‍රකාශයක් කරනවා. “මම දැනගත්තා මේක අවුරුදු 100කින් පස්සට ගිය යටත්විජිතයක් කියලා.” එතකොටත් එහෙමයි හොඳේ.