එස්. නන්දලාල්

2008 මැයි මස සිට ක‍්‍රියාත්මක මියැන්මාර් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අමුතුම එකකි. එසේ කියන්නේ එරට බසින් පි්‍යුඩඋන්සු හ්ලූටාව් (ඉංගිරිසියෙන් ලියනවිට The Pyidaungsu Hluttaw) නම් එරට පාර්ලිමේන්තුවේ ආසන 492න් 25%ක් සකි‍්‍රය සේවයේ හමුදා නිලධාරීන්ට හිමිවිය යුතු වීම නිසාම පමණක් නොවේ. ඡන්දයෙන් තේරී පත්වන ජනාධිපතට සහ උප ජනාධිපතිට අමතරව සකි‍්‍රය හමුදා සේවයේ නිලධාරියකු ද පත් වන හෙයිනි. තව තිබේ. ආරක්‍ෂාව, ස්වදේශ කටයුතු මෙන් ම දේශ සීමා කටයුතු යන අමාත්‍යාංශ ද පැවරෙන්නේ පෙර සඳහන් ‘හමුදා මන්තී‍්‍රවරුන්’ අතරින් තිදෙනකුට ය.

ව්‍යවස්ථා 457කින් යුත් මියැන්මාර් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 410 සිට 420 දක්වා ව්‍යවස්ථා වෙන්වන්නේ හදිසි තත්ත්වය ප‍්‍රකාශයට පත්කිරීම ගැන ය. 417 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට අවස්ථාවෝචිත පරිදි රට පුරා හදිසි නීතිය පැනවිය හැකි ය. එසේ රටපුරා හදිසි නීිතිය පැනවූ අවස්ථාවක නිසි බලධාරියා වනුයේ තත්මදාව් නමින් හැඳින්වෙන එරට සන්නද්ධ හමුදාවේ ප‍්‍රධානියා ය.

පසුගිය 01දා එලෙස හදිසි නිතිය පැනැවිණි. එය ඉදිරි වසරක් පුරාවට පවතිනු ඇත. රටේ පාලනය හමුදාව ඩැහැ ගත්තේ ය.

පළමු ඔවුන් කළේ ජනාධිපති සහ ඡුන්දයෙන් පත් වූ ජනාධිපති ඉවත් කළ ඔවුහු හමුදාවෙන් පත්වූ උප ජනාධිපති මයින්ට් ස්වේ වැඩබලන ජනාධිපති ලෙස පත්කැරගෙන 417 යටතේ හදිසි අවස්ථාව පැනවීමයි.

සිදුවූ වෙනස ව්‍යවස්ථාවට පටහැනි නොවන බව එරට නව පාලනයට කියන්නේ මේ කරුණු අනුව ය.

මේ පිළිබඳ පසුබිම් කතාව ඉතා දීර්ඝ එකක් වන හෙයින් එය මෙහිලා දැක්වීම අසීරුය. එබැවින් දැන් එරට සිදුවේගෙන යන්නේ මොනවාද යන්න පිළිබඳ අවධානය යොමු කෙරෙනු ඇත.

මේ වනවිට ජනාධිපති වින් මින්ට් ද උප ජනාධිපති හෙන්රි වෑන් තීරෝ සහ අග‍්‍රමාත්‍යධුරයට සමාන තනතුර වන තත්වාකාර පාලිකා අඋන් සාං සූ කී ඇතුඵ ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදීි ලීිගයේ (NLD)මන්තී‍්‍රවරුන් සහ කි‍්‍රයාධරයන් 400ක් පමණ දෙනා රැුඳවුම් භාරයේ පසුවෙති. ඔවුන් සඳහා විශාල සංචාරක නිකේතනයක පහසුකම් සලසා ඇති අතර හමුදාවේ ආවේක්‍ෂණය යටතේ තබා ගනු ලැබ සිටිති.

මේ සියල්ලට මුල පසුගිය වසරේ නොවැම්බරයේ පැවැති මහ මැතිවරණයෙන් සූ කීගේ නායකත්වයෙන් යුත් NLD විශිෂ්ට ජයග‍්‍රහණයක් අත් කැර ගැනීමයි. එය සියයට 83ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගත් අතර පාර්ලිමේන්තුවේ පහළ හා ඉහළ මන්ත‍්‍රී මණ්ඩලයේ ආසන 476න් 396ක් ලබා ගත්තේය. මිලිටරි පිටුබලය ලත් එක්සත්් සහයෝගිතා සහ සංවර්ධන පක්ෂයට (USDP) හිමිවූයේ ආසන 33 ක් පමණි. මේ නිසා මැතිවරණය අන්ත දුෂිත එකක් විණි ය’යි හමුදාව චෝදනා කරයි. චෝදනා අනූ දහසකට අධික සංඛ්‍යාවක් ඇතැ’යි හමුදා ප‍්‍රකාශකයා පැවසූ බව සඳහන් ය.

01 දා නව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබූ අතර එදින එය නොපැවැත්විණි. ඊට හේතුව හමුදා කුමන්ත‍්‍රණය පිළිබඳ තොරතුරු ඒ වනවිට අනාවරණය වී තිබිමයි. කෙසේවෙතත් එය රහසක් නොවීය. මන්දයත් මිලිටරි ප‍්‍රකාශක ජෙනරාල් සැව් මින් ටුන් ඇතුළු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඍජුවම හා වක‍්‍ර ලෙසින් කලින්ම ඒ ගැන ප‍්‍රසිද්ධ කොට තිබූ හෙයිනි.

එරට ජාතික මැතිවරණ කොමිසම මැතිවරණය දුෂිතය යන චෝදනා ප‍්‍රතික්ෂේප කරයි. කොමිසම පෙන්වා දෙන්නේ හිතලූ මත චෝදනා කෙරෙන බවයි. දුෂිත මැතිවරණයක්් පැවැත්වෙන්්නට ඉඩ හැරීම පිළිබඳව චෝදනා කරමින් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අත්අඩංගුවට ගන්නට යන්නේ ය’ පුවතක් පළවී තිබුණ ද 03දා වනතුරුත් එය තහවුරු කෙරෙන පුවතක් දක්නා නොලැබිණි.

හමුදා ප‍්‍රධානියා 01 සඳුදා මිලිටරිය සතු මාධ්‍ය ආයතනයක් වන මයාවඩි ටීවී හරහා ප‍්‍රකාශයක් නිකුත් කරමින් ඡුන්දදායකයින්ගේ ලැයිස්තුවේ ගැටලූ ඇතැ’යි පුනරුච්චාරණය කළේ ය. ඔහු පවසන්නේ තමා සිය රටේ ජාතික මැතිවරණ කොමිසම ගැන කලකිරීමට පත්ව සිටින බවයි. කොමිසම මේ වනවිට විසුරුවා හැරි තත්ත්වයක පවතින අතර හමුදා ප‍්‍රධානියා පවසන්නේ එය ප‍්‍රතිස්ථාපනය කරනු ඇති බවයි. කෙසේවෙතත් ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ වංචාවන් පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බව වාර්තා වෙයි.

රට තුළ තොරතුරු ගලායාම පාලනය කිරීමට ද හමුදාව පියවර ගෙන තිබේ. මියන්මාර් ටයිම්ස් වාර්තා කරන්නේ 01දා සිට අන්තර්ජාල සේවා, දුරකථන මාර්ග සහ රූපවාහිනී නාලිකා සඳහා ප‍්‍රවේශය කපා හැර ඇති බවයි. අන්තර්ජාල බාධා නිසා බැංකු ද වසා දමනු ලැබිණි.

සූ කී සහ අනෙකුත් නායකයින් රඳවා තබා ගැනීම දැඩි ලෙස හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් නිවේදනය කරයි. මේ වනවිට විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ මූලික ආයතන තුනම හමුදාවේ පාලනයට නතු වැ තිබීම ගැන කනස්සල්ල පළ කරන ගුටරෙස් මියන්මාරයේ ජනතාවගේ කැමැත්තට ගරු කරන ලෙසත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්මතයන්ට අනුකූල වන ලෙසත් හමුදා නායකත්වයෙන් ඉල්ලා සිටී.

පසුගිය 29 සිකුරාදා එක්සත් ජනපදය සහ බි‍්‍රතාන්‍යය, ඔස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය ඇතුළු රාජ්‍ය ගණනාවක් කුමන්ත‍්‍රණයකට එරෙහිව මියන්මාරයේ හමුදාවට අනතුරු අඟවමින් ප‍්‍රකාශයක් නිකුත් කළහ. සෙනසුරාදා ඊට ප‍්‍රතිචාර දක්වමින් එහි සේනාධිනායක මින් අවුන් හ්ලේං හමුදාව කුමන්ත‍්‍රණයක් සැලසුම් කරන බව ප‍්‍රතික්ෂේප නොකර, ව්‍යවස්ථාවට අනුකූල දෙයක් සිදුවිය හැකි බව ප‍්‍රකාශ කළේය.

මීට පෙර පැවති මිලිටරි ජුන්ටාව 2008 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කළේ එයට දිගටම බලයේ ලීවර සියත තබා ගැනීමට හැකිවන පරිදි ය. පාර්ලිමේන්තු සභා දෙකේම ආසනවලින් හතරෙන් එකක් හමුදා පත්කිරීම් සඳහා වෙන් කර ඇති අතර එයින් සිදුවනු ඇත්තේ ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් අවහිර කිරීම ය. ආරක්ෂක හා ස්වදේශ කටයුතු ඇතුළු බලගතු අමාත්‍යාංශවල පාලනය ද හමුදාව සතු වන අතර එමඟින් සිදුවනු ඇත්තේ සිවිල් අධීක්ෂණ බැහැර කිරීමයි.

2010 දී නිවාස අඩස්සියේ සිට නිදහස් වූ සූ කී සහ ඇගේ එන්එල්ඞී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස පෙනෙන මෙම කි‍්‍රයාමාර්ගයට එකඟ වූ අතර එය එරට චීනයෙන් එක්සත් ජනපදය දෙසට මාරුවීමේ කොටසක් විය. හමුදාවේ ආධිපත්‍යය ඔවුන්ගේ ව්‍යාපාරික අවශ්‍යතාවන්ට බාධකයක් ලෙස සලකන රටේ පාලක පන්තියේ කොටස් එන්එල්ඞී නියෝජනය කරයි. ඔවුන් බටහිර දෙසට නැඹුරු වූයේ ව්‍යාපාරික ආධාර සඳහා ය. ඔබාමා පරිපාලනයට අනුව මියන්මාරය වොෂිංටන් දෙසට හැරීම චීනයට එරෙහි ‘ආසියාවට භ‍්‍රමණ කේන්ද්‍රයක්’ (pivot to Asia) නමැති ගැටුමේ සාර්ථකත්වයන්ගෙන් එකකි. වොෂින්ටනය මියන්මාරයේ නීච තත්ත්වය (pariah status) අවසන් කර, ආර්ථික සම්බාධක අතහැර දමා එය ‘සංවර්ධනය වෙමින් පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්’ ලෙස ප‍්‍රකාශයට පත් කළේය.

එන්එල්ඞී 2016 මැතිවරණයෙන් ජයගෙන රජයක් පිහිටුවා ගත්තේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අයිකනය ලෙස හැඳින්වෙන සූ කී සිය රටේ ආරක්‍ෂක හමුදා මුස්ලිම් රෝහිංයා වැසියන්ට එරෙහිව මිනීමරු මෙහෙයුම් දියත් විට, ඒ අනුව සුඵ ජන කණ්ඩායමට අයත් ජනයා ඝාතනය වනවිට සහ දිවි ගලවා ගනු පිණිස රටින් පලා යනවිට හමුදාවට අනුශාසනා කළ බෞද්ධ භික්ෂූන්ට බියේ රඵ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවලට ලක්වූ මිලිටරිය ආරක්ෂා කරමින් දිගින් දිගටම කටයුතු කළා ය. වෙනකක් එක්සත් ජාතීන් හමුවේ එය සාධාරණීකරණය ද කළා ය.

අවම වශයෙන් එක්සත් ජනපදයේ නොව, COVID-19 වසංගතය මගින් ඇති කැරුණු දරුණු අර්බුදය මධ්‍යයේ, රටේ පූර්ණ පාලනය නැවත ලබා ගැනීමට මිලිටරිය ගත් තීරණය අධිකාරීවාදී හා ෆැසිස්ට් පාලන ක‍්‍රම වෙත හැරීමක් මිස අන් යමක් නොවේ. එය එරට අන්තර්ජාතික වශයෙන් අර්බුදයකට තල්ලූ කරනු නිසැක ය. මැතිවරණ වංචා සහ සොරා ගන්නා ලද මැතිවරණ ජයක් පිළිබඳ අභූත චෝදනා පදනම් කරගෙන ජනවාරි 6 වන දින කැපිටල් හිල් ප‍්‍රහාරයට ලක් කරමින් ෆැසිස්ට් කුමන්ත‍්‍රණයක් දියත් කිරීමට උත්සාහ කළ සහ එමගින් සමස්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ම ගර්හාවට ලක්කළ ට‍්‍රම්ප්ගේ ක‍්‍රීඩා නීති මියන්මාරයේ හමුදාව අනුගමනය කර තිබීම කැපී පෙනෙන්නකි.

අගෝස්තු මැද භාගයේ සිට COVID-19 රෝගීන් වැඩිවීම හේතුවෙන් මියන්මාරය අයහපත් අතට හැරෙන ආර්ථික හා සමාජ අර්බුදයකට මුහුණ දී සිටී. පසුගිිය මාර්තු අග සිට අගෝස්තු මුල දක්වා මියන්මාරයේ වාර්තා වී තිබුණේ ආසාදිතයන් 360 ක් සහ මරණ 6 ක් පමණි. එම සංඛ්‍යා මේ වනවිට ආසාදිතයන් 140,000 ක් හා මරණ 3,000 ක් ඉක්මවන අතර එය රටේ සීමිත පහසුකම් සහිත සෞඛ්‍ය සේවා පද්ධතියට විශාල බලපෑමක් ඇති කරයි. මියැන්මාරයේ ආර්ථික වර්ධනය 3.2% ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර වසංගතය නිසා එය පෙර වසරේ පැවති සියයට 6.8 සිට තියුණු ලෙස පහත වැටුණි. 2020-21 සඳහා වර්ධනය සියයට 0.5 ක් පමණක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අගු`ඵලෑම් රැුකියා අහිමිවීමට හේතුවූ අතර දරිද්‍රතාවයේ අපූර්ව ලෙස ඉහළ යාමට හේතු වී තිබේ. පසුගිය සැප්තැම්බරයේ ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති පර්යේෂණ ආයතනය විසින් කරන ලද මත විමසුමකට අනුව නාගරික යැන්ගොන්හි සමීක්ෂණය කරන ලද කුටුම්භ 1,000 න් 59% ක් සහ රටේ ග‍්‍රාමීය වියළි කලාපයේ සමීක්ෂණයට ලක් කළ කුටුම්භ 1000න් 66%ක් දිනකට ඇමරිකානු ඩොලර් දෙකකට අඩු ආදායමක් උපයන අයයි. 2020 ජනවාරියේදී මෙවැනිම සමීක්ෂණයකට ප‍්‍රතිචාර දැක්වූවන්ගෙන් දරිද්‍රතා මට්ටමෙන් පහළට වැටුණේ 16% ක් පමණකි.

සූ කීගේ අමෙරිකා නැඹුරුව මේ බලය පැහැර ගැනීමට හේතුව විණිදැයි ඉගියක් ඇත.

මේ අතර තම ජනයා හමුදා කුමන්ත‍්‍රණය හෙළා දකින නමුත් ‘සූ කීට වූ දේ ගැන’ කනගාටු නොවන බව මියැන්මාරයේ සිට බංග්ලාදේශ් වෙත පළා ආ රොහිංයා අනාථයන්ගේ ප‍්‍රකාශකයෙක් තමන් හා පැවසූ බව අල්-ජසීරා වාර්තාවක දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here