දිනී ජයසේකර

ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය සම්බන්ධව ඔබේ අදහස කුමක්ද?


ජාතික ජනබලවේගය හැටියට අපි මීට වඩා වැඩි ඡුන්ද සංඛ්‍යාවක් බලාපොරොත්තු වුනා. නමුත් අපි බලාපොරොත්තු වූ ප‍්‍රතිඵලය ලබා ගන්න බැරි වුනා. ඒ නිසා අපි මේ අවස්ථාවේදී යම්කිසි දේශපාලනික පසුබෑමක ඉන්නවා. නමුත් අපි හිතනවා, එය ඉතාම තාවකාලික එකක් කියලා. එය ඊළග මැතිවරණයෙදි අපිට වෙනස් කරගන්න හැකියාවක් ලැබෙනවා.


2015න් පසු රාජපක්ෂ පාලනය අවසාන කිරීම සදහායි යහපාලන ආණ්ඩුවක් පත් කරගත්තේ. නමුත් නැවත වරක් රාජපක්ෂ පාලනයක් ඇරඹෙනවා. ඇයි එහෙම වුනේ?


මහජනතාව මෙතරම් ඡුන්ද ප‍්‍රමාණයකින් නැවත වතාවක් රාජපක්ෂ පාලනයක් තෝරාගැනීමට මිනිසුන් පෙළඹවීමේ ගැටළුව තියෙන්නෙ එක්සත් ජාතික පක්ෂය තුලයි. එක්සත් ජාතික පක්ෂයත් , හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනත් 2015 ජනවරමට මුලූමනින්ම පිටු පෑවා. ඔවුන් ඒ ජනවරම සම්පූර්ණයෙන්ම විනාශ කළා. ඔවුන් 2015 නිර්මාණය කරනවායැයි කියූ යහපාලන ආණ්ඩුවක් නිර්මාණය කළා නම් රටේ වංචා ¥ෂණ නැවැත්තුවනම් කලින් අපරාධවලට සම්බන්ධව සාධාරණ නීතිය ඉටු කළානම් මෙවැනි තත්වයක් මතු වන්නේ නැහැ. 2015 ජනතාව කිසියම් බලාපොරොත්තුවකින් බලය මාරු කළා. නමුත් ජනතාවගෙ බලාපොරොත්තු කඩකරමින් යහපාලනය විකටරූපී ආණ්ඩුවක් බවට පත් වුනා. එතනින් ඇති වූ කම්පනය නිසා මෙවර ජනතාව නැවත වරක් රාජපක්ෂවරුන්ව තෝරාගත්තා. එහිදී රාජපක්ෂ වරුන්ගේ යලි පැමිණීමේ වගකීම බාරගත යුතුව ඇත්තේ මෛත‍්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂයයි.


ඇත්ත වශයෙන්ම 2015 පොරොන්දුවට අනුව ජනාධිපතිවරණයක් ආයෙ අපේ රටේ තියන්න තිබුනෙ නැහැ. හැබැයි එක්සත් ජාතික පක්ෂයත් හිටපු ජනාධිපතිවරයාත් දෙගොල්ලොම ජනාධිපතික‍්‍රමය අහෝසි කරනව වෙනුවට ජනාධිපතිවරණයක් නැවත තියන්න උත්සහ කළා. ඉතින් ඒකෙ ප‍්‍රතිඵලයක් අද සමාජය බුක්ති විදිමින් ඉන්නවා.

2015 ආණ්ඩුව විසින් විසදනවා කී වංචා ¥ෂණ නඩු සියල්ල රාජපක්ෂ පැමිණීමත් සමගම යටයනවා


ඔව්. ඔය කී ¥ෂිතයො සියල්ල ඉන්නෙ රාජපක්ෂ වටා. එනිසා රාජපක්ෂ වරු 2015 ආණ්ඩුව පෙරලූන වෙලේ තිබූ වංචා ¥ෂණ වලට ක‍්‍රියාමාර්ග ගන්නෙත් නැහැ. පසුව එක්සත් ජාතික පක්ෂයේ තිබූ වංචා ¥ෂණ වලට ක‍්‍රියාමාර්ග ගන්නෙත් නැහැ. මොකද මේ කවුරුත් ¥ෂිතයන්ට දඩුවම් කරන අය නෙවේ. ¥ෂිතයො රකින අයයි. මම කීවෙ 2015 ආණ්ඩුව අවුරුදු හතර හමාර පහ තුල ගෙන ගිය ජනතාවට එරෙහි රාජ්‍යය පාලනය හේතු කාරක වුනා නැවත රාජපක්ෂවරු තෝරාගැනිමට.


අපි කිසිසේත් විශ්වාස කරන්නෙ නැහැ මේ කවුරුත් වංචා ¥ෂණ නවත්වයි කියලා. හේතුව වැඩ බාරගන්නකොටම ඒක වෙන්නෙ නැහැ කියන ඉගියෙන්නෙ වැඩ පටන් අරන් තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් ජනාධිපති ලේකම් ලෙස තෝරගෙන තියෙන්නෙ පී.බී.ජයසුන්දර යි. අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය පී.බී.ජයසුන්දර ¥ෂිත නිළධාරියෙක් කියල නම් කරලා ඔහුව රාජ්‍යය සේවයෙන් නෙරපල නියෝගයක් දීල තිබුනා, නැවත රාජ්‍යය සේවයේ පිහිටුවන්න එපා කියලා. රාජපක්ෂලගෙ ප‍්‍රබලයෙක්, පී.බී.ජයසුන්දර කියන්නෙ ආර්ථික ඝාතකයෙක් කියල නම් කරලත් තිබියදී තමයි ගෝඨාභය රාජපක්ෂ ඔහුව ජනාධිපති ලේකම් ලෙස වැඩබාර දෙන්නේ. ඒකෙන්ම පේනවනෙ ඔවුන් යන පාර පැහැදිලියි කියලා. පොදු ජනතාවගේ මනසේ තිබෙන යහපාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන රාජපක්ෂල පොඞ්ඩක්වත් හිතන්නෙ නැහැ. අපි හිතන්නෙ ඔවුන් ජාතිවාදය සහ ආගම්වාදය මත පදනම් වූ පාලනයක් ගෙනියන්න උත්සහ කරනවා කියලායි.


එහිදී රටේ ඉදිරි පැවැත්ම අභියෝගයට ලක්වෙනවා නේද ?


රට ගමන් කරමින් සිටින්නේ ඉතා බරපතල අනතුරුදායක තැනකටයි. අපේ රටේ මැතිවරණ සිතියම දිහා බැලූවොත් රට බහුමිකව බෙදී නොමැති වුනාට දේශපාලනිකව බෙදිල තියෙන්නේ. උතුර එක පැත්තක. දකුණ එක පැත්තක. ඒක ඉතාමත් අනතුරු දායකයි. එය වහාම පිළිසකර කර ගත යුතුයි. එසේ නොවුනොත් නැවත ගැටුමක බීජ ඒ ඇතුලෙ තියෙනවා. අනෙක් පැත්තෙන් ගත්තාම රාජපක්ෂ පාලනය තුල අන්තවාදි සහ පාදඩ දේශපාලනයට පොඩි ලයිසන් එකක් ලැබිලා තියෙනවා. අපි ඒක දැක්ක කොතරම් අමාරුද එය පාලනය කරන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ රුවන්වැලිසෑය අභියස දිවුරුම් දෙනකොට බොහෝ පිරිස් හූ කීවා. සාමාන්‍යයෙන් එවැනි බෞද්ධ සිද්ධස්ථාන වල හූ කියන්නෙ නැහැ. එතනදිම පේනවා ගෝඨාභය රාජපක්ෂල වටකරන් ඉන්න බලවේගය ඔවුන්ටවත් පාලනය කරගන්න නොහැකි පාදඩ බලවේගයක් කියලා. ඉතින් එවැනි බලවේගයක් සමග ගමන් කරන එක ඉතාමත් අනතුරු දායකයි. ඔවුන්ට ආර්ථිකය ගොඩගන්නත් බැහැ. ජාතික සමගිය ගැන හිතන්නවත් බැහැ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක්නම් ගෙනියන්න ලැබෙන්නෙම නැහැ. හෙට සිට ජනතාවට එන අභියෝග සහ ප‍්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා.


ඉදිරියේදී රටේ ජාතිවාදී ආගම්වාදී ගැටුම් නිර්මාණය වන්න ඉඩ තියෙනවා. රටේ ණය බර මත ගිලී යාමේ අනතුර තියෙනවා සහ ¥ෂිත වලල්ල තව ශක්තිමත් වෙලා රට සහ රටේ ජනතාව අනතුරකට යන ගමනක් දක්නට ලැබෙනවා. දැනට මතුපිටින් පෙනෙන්නට නොතිබුනාට රාජපක්ෂ පවුලේ අය අතරත් තනතුරු , වගකීම් සහ බලය බෙදා ගැනීම සදහා වෙච්ච සීතල යුද්දෙකුත් ඇති වෙයි කියල හිතනවා.


නව ජනපති ජාතිය ඇමතූ අවස්ථාවේදී ජාතීන් අතර යම් බෙදීමක් ඇති කිරීමට හැකි චින්තනයක් ගොඩනැගුව නේද?


පළමු කාරණාව රාජපක්ෂවරු ජයග‍්‍රහණය කළේ සිංහල ඡුන්ද වලින් කියන එක බොරුවක්. ඔවුන්ට කරුණා අම්මන් උදව් කළා. පිල්ලයාන් උදව් කළා. හිස්බුල්ල උදව් කළා. තව මුස්ලිම් නායකයො උදව් කළා. එනිසා ඔහුගේ ජයග‍්‍රහණය බහුතර සිංහල ජනතාව වුනාට ඔහු දිනුවෙ තනිකර ඒකෙන් කියන කාරණය අසත්‍යයක්. දෙවෙනි කාරණය ඔහුගේ කතාව ජනාධිපතිවරණයට කලින් ජනාධිපති අපේක්ෂකයා කරන කතාවයි කළේ ජනාධිපති වුනාට පසු. ඡුන්ද ගැනීම සදහා කරන කතාවක් තියෙනවනේ අන්න ඒ කතාවයි රාජපක්ෂ දිනුවමත් කළේ. අපට පේන දේ එකක් රාජපක්ෂ පරිනත නැහැ. අනෙක් කාරණාව ඔහු ඔහුට පැවරිච්ච රාජකාරිය හදුනාගෙන නැහැ. මේ රටේ සියළු ජනතාවගේ නායකයා ඔහු කියන එක ඔහුත් පිළිගන්න ලැහැස්ති නැති බවක් තමයි එකෙන් පෙන්නුම් කළේ. ඇත්තටම එය රාජතාන්ත‍්‍රික නැහැ.


ජාතික ජනබලවේගය මෙවර ජනාධිපතිවරණයේදී අඩුම ඡුන්ද ලක්ෂ දහයක්වත් බලාපොරොත්තු වුනා. නමුත් ලක්ෂ පහකටත් අඩු ඡුන්ද සංඛ්‍යාවක් තමයි ලැබෙන්නේ. ඇයි එහෙම වුනේ?


අප මේ පිළිබද වඩා පුළුල් සමීක්ෂණයක් කර ගත යුතුව තිබෙනවා. නමුත් දැනට අපි දකින කරුණු කිහිපය අනුව ජනාධිපතිවරණයකදී දිනන්නෙ එක අපේක්ෂකයයි. එහිදී ජනතාව බෙදිල යන්නෙ ජයග‍්‍රහණයට දුරින් ඉන්න අපේක්ෂකය වෙත නොවේ. ජයග‍්‍රහණය ලගින් ඉන්න අපේක්ෂකය ලගටයි. එතනදි අපි ඉන්නෙ දුරින් ඉන්න අපේක්ෂකය හැටියටයි.


දෙවෙනි කාරණය තමයි බය කියන සාධකය ප‍්‍රධාන පක්ෂ දෙකම පාවිච්චි කළා. එකක් සජිත් පේ‍්‍රමදාසල පාවිච්චි කළා ගෝඨා බිය කියන දේ. රාජපක්ෂ විසින් හැදුවා පාස්කු ප‍්‍රහාරයත් එක්ක රටේ අන්තවාදයක් තියෙනවා සහ රට අරාජිකයි ගැටුම් ඇතිවීමේ හැකියාව වැඩියි සහ රට අනාරක්ෂිතයි ඒ නිසා ජාතික ආරක්ෂාව ඇති කිරීම සදහා ප‍්‍රබල නායකයෙක් අවශ්‍යයි කියන මතයක් රට තුල හැදුවා. දෙමළ මුස්ලිම් ජාතීන් ඔළුව උස්සනවා සහ ඔවුන් බලවත් වෙනවා කියන බය භීතියක් සිංහලයන් තුල නිර්මාණය කළා. මොකද වද කතා හැදුවා වද දොස්තරල නිර්මාණය කළා. මෙහෙම කාලයක් නඩත්තු කරමින් ජනතාව බියට පත් කළා. ජනතාව විශ්වාස කළා තමන්ට දෙමළ සහ මුස්ලිම් අයගෙන් තර්ජනයක් තියෙනවා කියලා. එහිදී ජනතාව ප‍්‍රතිපත්ති පැත්තකට දාල ප‍්‍රබල නායකයා ලෙස ගෝඨාභයව පත් කරගත්තා. ඉතින් සජිත් පරාදකරන්න ඕන අය රාජපක්ෂ දිනවීම සදහා උත්සහ කළා. රාජපක්ෂ පරාජය කරන්න උවමනා අය සජිත්ව දිනවන්න උත්සහ කළා. එතනදි අපි කවුරුත් හිතුවෙ නැහැ එහිදී අපේ ඡුන්ද සංඛ්‍යාව අඩු වෙයි කියලා. අපිව අනුමත කරන අය පවා තාවකාලිකව පැත්තකට තල්ලූවෙච්ච එකක් අපි දකිනවා.


තුන්වෙනි කාරණය තමයි අපේ රටේ ජනමාධ්‍යය. මාධ්‍යය ජනතාවගේ බදු මුදල් මත යැපුනද රාජ්‍යය මාධ්‍ය දෙකම මුළුමනින්ම ආණ්ඩුව වෙනුවෙන් වැඩ කළා. පෞද්ගලික මාධ්‍යයත් කිහිපයක් මුළුමනින් රාජපක්ෂ වෙනුවෙන් උදේ සිට හවස දක්වාම අඛණ්ඩ මැතිවරණ ව්‍යාපාරයක් අරගෙන ගියා මැතිවරණ නිති පවා උල්ලංඝණය කරමින්. මැතිවරණ කොමසාරිස් තුමත් අවසානයෙ කිවනෙ අපේ රටේ මැතිවරණ නීති කඩපු තැන් දෙකයි. එකක් මාධ්‍යය ආයතන අනෙක පන්සල කියලා. ඉතින් ඒ නිසා අපි හිතනවා මිනිසුන්ගේ චින්තනය වෙනස් කරන්න මාධ්‍යයත් වෙනම වැඩ පිළිවෙලක් ගත්තා කියලා.


මිනිස්සු තනි තනිව හිතනව වගේම සමාජයක් හැටියටත් හිතනවා. අපි ඒකට කියනවා මිනිසා තුල චින්තනයක් තියෙනවා. ඒත පෞද්ගලිකව තමන්ගෙ සමාජ විඥාණය හැඩගස්වන්නෙ තනි තනි මිනිහ නෙමෙයි. මතවාදී බලපැම් විසිනුයි. එතකොට එවැනි බලපෑම් තමයි ජනමාධ්‍යය කියන්නේ. ඒවයෙ අයිතිකාරයො කිහිප දෙනෙක් මිනිසුන් ග‍්‍රහණය කරගත්තට පස්සෙ දේශපාලන ව්‍යාපාරය තුල අපහසුතාවයක් ඇති වෙනවා. එක මොහොතක ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරය කීවා ”මාධ්‍ය වලින් කරන බරපතල හානිය බොරු කියන එක නෙවෙයි සාවද්‍ය පරාවර්ථනයන් කිරීම ” කියලා. බොරුවක් කීවොත් එය මිනිසුන්ට බලපාන්නෙ ඔවුන්ගේ දැනුමටයි. හැබැයි සාවද්‍ය පරාවර්ථනයන් මිනිස්සුන්ගේ චින්තනයටයි බලපාන්නේ. එනිසා බොරුවක් කීවොත් අපට එය නිවැරදි කරන්න පුලූවන්. හැබැයි සාවද්‍යය පරාවර්ථනයක් ව්‍යාජ පරාවර්ථනයක් නිර්මාණය කලාම ඒක හදන එක අමාරුයි. උදාහරණයක් වශයෙන් නාගලෝකෙන් ධාතු හමු වුනා කීවම අපිට පස්සෙ කියන්න පුලූවන් ඒක බොරු කියල. නමුත් අපේ සමාජය තුල මුස්ලිම් ජනතාව බහුතරය වෙලා සිංහල සුළුතරය වෙනවා ඒ නිසා සිංහලයව ව`ද කිරීම වෙනුවෙන් සිදුවීම් සිදු වනවා කියලා ඒක බොරුවකට වඩා සාවද්‍යය පරාවර්ථනයක්. ඉතින් ඒවගේ වැඩක් තමයි මාධ්‍යය වලින් කරන්නේ. ඊට අමතරව රස්සාවල් ගන්නව වගේ පොඩි පොඩි පුද්ගලික හේතුත් තියෙන්න ඇති.