සමිත විජේවර්ධන

අපගේ දෙවන අධ්‍යයන වර්ෂයේදී සිංහල විෂය හැදෑරු සිසුන් එකතුව අපගේ විෂයට අදාළ ව සිංහල සංගමය පිහිටුවා ගතිමු. මේ සඳහා මඟ පෙන්වීම කෙරුණේ කථිකාචාර්ය ගාමිණී දෑල බණ්ඩාරයන්ගෙනි. එහි සභාපති ලෙස පත්වුණේ මා ය. විශ්වවිiාල තුළ ඒ ඒ විෂයන්ට අදාළව සංගම් පැවතීම සාමාන්‍ය දෙයක් වුවත් යාපනය විශ්වවිiාලය තුළ “සිංහල සංගමය” ඇතැමෙකුගේ සැකයට භාජනය වුණේ ජාතිවාදී සංවිධානයක් ලෙසය. මාවෝවාදි සිංහල සිසුන් කිහිප දෙනෙක් තම විරෝධය මහාචාර්ය සුචරිත ගම්ලත්ට ද ප්‍රකාශ කර තිබුණි. එහෙත් අප කිසිවෙකු තුළ එබඳු ජාතිවාදී පදනමක් තිබුණේ නැත. විශේෂයෙන් මම එකල මතුවෙමින් පැවැති වෙනම රාජ්‍ය සංකල්පයේ මිස දෙමළ අයිතිවාසිකම්වල විරෝධියෙක් නොවීමි. කෙසේ වෙතත් අහේතුක සැක සංකා දුරු කරනු පිණිස “සිංහල සංගමය” “සිංහල (විෂය) සංගමය” ලෙස නමාන්තරණය කෙරිණි.


සිංහල විෂය සංගමයේ පළමු රැස්වීම සඳහා එක් සවස් වරුවක 3 ට පමණ රාමනාදන් ශාලාවට අවසර ලැබී තිබුණි. රැස්වීම සඳහා අප එහි යන විට විiා පීඨ සිසුන්ට දේශනයක් පැවැත්වෙමින් තිබුණි. දේශකයා වූයේ විiා පීඨාධිපතිතුමාය. මම එතුමා ළඟට ගොස් ඉතා විනීතව අපේ අවසර පත්‍රය පෙන්වා අපගේ රැස්වීම ගැන සැලකර සිටියෙමි. එතුමා අවසර පත්‍රය බලා වහාම පරිපාලන අංශයට ගොස් විමසා බලා ආපසු පැමිණ සිසුන් සමඟ එතැනින් ඉවත්ව ගියේය. ප්‍රමාද දෝෂය සිදුව තිබුණේ පරිපාලන අංශයෙන්ය.


රැස්වීම ආරම්භ වීමෙන් පසු පළමුවෙන්ම කථා කළ මහාචාර්ය ගම්ලත්හු ජාතිවාදයට එරෙහිව ප්‍රහාරයක් එල්ල කළහ. එතුමා නොමඟ ගොස් හෝ නොමඟ යවා සිටි බව හැඟී ගියෙන් අප දෙමළ විරෝධීන් නොවන බව තහවුරු කිරීමට මට දැඩි වෙහෙසක් ගැනීමට සිදු විය.


විශ්වවිiාලයේ කටයුතු මෙසේ සිදුවෙද්දී 1976 මැයි 14 වන දින දෙමළ දේශපාලන නායකයෝ වට්ටුක්කෝට්ටේ සම්මේලනයේදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ පිහිටුවා ගෙන වෙනම රාජ්‍යයක් පිහිටුවා ගැනීමේ තීන්දුව ගත්හ.
යාපනය විශ්වවිiාලය තුළ ඊළඟ සිද්ධියට යෑමට පෙර ඊට පූර්විකාවක් ලෙස යාපන නගරයේ සිදු වූ සිදුවීමක් ගැන සඳහන් කළ යුතු ය. 1976 ජනවාරි මාසයේ පමණක් එක් හිමිදිරි උදෑසනක යාපන නගරයේ කලබලකාරී නිසලතාව බිඳ දමමින් තරුණ සටන්කාමි විරෝධයේ ගිනි පුපුරක් මතුව ආවේය. නගරය මැද පුපුරා ගිය දුම් බෝම්බය ජනතාව හිස් ලූ ලූ අත දිවවීමට සමත් විය. පොලීසියද කලබල වී වෙඩි තැබුවේය. එක් වෙඩි පහරකින් බෝම්බ පිපිරවීමට කිසිත් සම්බන්ධයක් නැති පරරාශා නම් බැංකු සේවකයෙක් මිය ගියේය. මේ ඝාතනයට එරෙහිව දෙමළ ජනතාව හුදෙකලා විරෝධයක නිරත වූහ. පරරාශාගේ මරණයේ වේදනාව “සිංහල අපට” දැනුණේ නැත.


මේ අතර 1976 නොවැම්බර් මාසයේ මැද භාගයේ පමණ පේරාදෙණි සරසවියේ ශිෂ්‍ය උද්ඝෝෂණයේ දී පොලිස් වෙඩි පහරකින් වීරසූරිය ශිෂ්‍යයා ඝාතනය කෙරිණි. සියලු විශ්වවිiාල මණ්ඩප තුළ විරෝධතා ඇවිළ ගියේ ය. එබැවින් ඒවා වසා දමන ලදි. විවෘතව තිබුණේ යාපන මණ්ඩපය පමණි. මහ ශිෂ්‍ය සංගමයේ සභාපති කිංස්ලි බර්නාඞ් ප්‍රමුඛ සියලු ශිෂ්‍ය නායකයන් මූලික වී විශ්වවිiාල භූමිය තුළ විරෝධතා පෙළපාලියක් ගොස් රැස්වීමක්ද පවත්වන ලදි. එහි දී දෙමළ ශිෂ්‍යයින් වෙනුවෙන් රැස්වීම ඇමතූ ශෙල්වේන්ද්‍රන් අවධාරණය කර සිටියේ වීරසූරිය ඝාතනයේදී සියලු දෙනා එක හඬින් විරෝධය පළ කළත් පරරාශා ඝාතනයේදී එය දෙමළ ජනතාවට පමණක් සීමා වූ බවයි. මෙවැනි ඝාතනවලදී ජාති භේදයෙන් තොර ව සියලු දෙනා සාමුහිකව නැගී සිටිය යුතු බව ශෙල්වේන්ද්‍රන් නිවැරදිව පෙන්වා දුන්නේය. එහෙත් බහුතර සිංහල ජනතාව එයට කන්දුන්නේ නැත. ඔවුන් අනුගත වුණේ සිංහල ජාතිවාදීන්ගේ විසකුරු මුළා කිරීම්වලටය.


පරරාශා මෙන්ම වීරසූරිය ද ඝාතනය වුණේ සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව යටතේය. පළමු ඝාතනයේ දී නිහඬ ව සිටි අපි දෙවන ඝාතනයේදී සිරිමා බණ්ඩාරනායකටද එරෙහිව නැගී සිටියෙමු. ඒ විරෝධතාව කෙතරම් උන්මාදයක් වී ද යත් සිසුන් දෙතුන් දෙනෙකු එකතු වී යකඩ ඉන්නක් ගෙනවිත් යාපන විශ්වවිiාලය විවෘත කිරීමේ අනුස්මරණ ඵළකය ගලවා දැමීමට උත්සාහ කළේ බණ්ඩාරනායක මැතිණියගේ නම එහි සටහන් වී තිබීම නිසාය. එහෙත් භාග්‍යයකට මෙන් එහි සිටි ධර්මසේන පතිරාජයෝ වහා ගොස් ඒ නිරර්ථක මෝඩ වැඬේ නතර කර දැමූහ.


එපමණක් නොව ඉවක් බවක් නැති සිංහල ශිෂ්‍යයෝ ගොඩනැඟිලි බිත්තිවල සටන්පාඨ ලියා ජරා කොට පෞරාණික ගොඩනැගිලිවල අභිමානය කෙළෙසා දැමූහ. ඒ ගැන නම් දෙමළ ශිෂ්‍යයෝ අප්‍රසාදය පළ කළහ. මක් නිසාද යත් පරමේශ්වරා විiාලය යන නමට පමණක් නොව ගොඩනැගිලිවලටද දෙමළ ජනතාව ගරු කළ බැවිනි. ආදරය කළ බැවිනි.


යාපනේ දෙමළ ජනතාව තරම් අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු තවත් ජාතියක් ලංකාවේ නැත. ලංකාව බටහිර ආධිපත්‍ය යටතේ පැවැති කාලයේ මිෂනාරි සමාගම් යටතේ ආරම්භ වුණු පාසල්වල විශේෂයෙන් විiාව, ගණිතය, ඉංග්‍රීසි අධ්‍යාපනය බෙහෙවින් දියුණු මට්ටමක පැවතිණි. එකල ලංකාවේ අධ්‍යාපනය ගැන සොයා බැලීමට පැමිණි බි්‍රතාන්‍ය අධ්‍යාපන විශේෂඥයින්ගේ ප්‍රශංසාවට ලක්වුණේ උතුරේ අධ්‍යාපනයයි. ධනවත් හා ඉහළ මධ්‍යම පාන්තික සෑම නිවාසයකම වාගේ ඉදිරිපස කාමරයක් වෙන් වී තිබුණේ අධ්‍යයන කටයුතු සඳහාය. බොහෝ ගම්වල පුස්තකාලයක් හෝ කුඩා කියවීම් ශාලාවක් තිබුණි. ඇතැම් සිසු සිසුවියන් උදෑසන පාසල් ගියේ මහ පාන්දර ටියුෂන් යෑමෙන් අනතුරුවය. යාපනේ අධ්‍යාපනයට ඒ සා මහත් වැදගත්කමක් ලැබී තිබුණි. දකුණේ පාලකයන් කළ යුතුව තිබුණේ යාපනයට සමගාමීව දකුණේ අධ්‍යාපනය සංවර්ධනය කිරීමය. ඒ වෙනුවට පාලකයින් කළේ උතුරේත් දකුණේත් අධ්‍යාපනය වනසා දැමීමය.


මා උපැවිදි වීමෙන් පසු නතර වී සිටියේ විශ්වවිiාලය ඉදිරිපිටින් වැටී තිබුණු රාමනාදන් මාවතේ පටුවතක 40/4 අංක දරන නිවසේය. මා හැර එහි තවත් ශිෂ්‍යයෝ හතර දෙනෙක් වූහ. දෙදෙනෙක් සිංහලය. දෙදෙනෙක් මුස්ලිම්ය. නිවස හිමි ආර්. ගුණරත්නම් බොහෝ මිත්‍රශීලී පුද්ගලයෙකි. අප ඔහු ඇමතුවේ “අන්නා”(අයියා) යන සුහද නාමයෙන්ය. අප තුන් වේලම කෑම කෑවේද එම නිවසින්ය. “අක්කා” ඒ සියල්ල සම්පාදනය කර දුන්නාය. ඒ දෙමහල්ලන්ට දරු තිදෙනෙක්ද (රෙජිදා, රෙසීවෙනිදා, රෙජීකරන්) වූහ. ඔවුන් හවස සෙල්ලම් කළේ අප සමඟය. නිවසේ මිදුල කෙළවර පීදුණු තල් ගස් දෙක තුනක් ද විය. ඒවායේ වඩුකම් කළේ අන්නාගේ මස්සිනාය. ඔහු අපේද මස්සිනා මෙන් විය. එනිසාම ඇතැම් දිනවල උදේට මී රා වල රස බැලීමේ අවස්ථාවද ලැබුණි. අප සිත් ගත්තාවූ ද අපට සමීප වූ ද දෙමළ ආචාර්යවරු කිහිප දෙනෙක්ද වූහ. මණ්ඩපාධිපති මහාචාර්ය කෛලාසපති, ඉතිහාසය පිළිබඳ මහාචාර්ය හා මානව ශාස්ත්‍ර පීඨාධිපති කේ. ඉන්ද්‍රපාලන්, සංස්කෘත මහාචාර්ය කෛලාසනාථ කුරුක්කල්, දෙමළ විෂය පිළිබඳ මහාචාර්ය ශන්මුගදාසන් ඒ අතර විශේෂිතයෝ වූහ. ඒ සියලු දෙනාම තම තමන්ගේ විෂය පිළිබඳ ප්‍රාමාණික උගත්තුය. එසේම නිහතමානි සුහදශීලි කාරුණිකයෝ ය. එයින් මහාචාර්ය ඉන්ද්‍රපාලන් සිංහල භාෂාව හොඳින් කථා කළා පමණක් නොව ලිවීමෙහි ද නිපුණයෙකි.


එතුමා පළමු වසරේ දී මට පහසු වන ආකාරයට පෙ.ව. 11.30 – 12.30 අතර මට අදාළ විෂයයන් නොවැටෙන ආකාරයට කාල සටහන වෙනස් කරවීමට තරම් කාරුණික විය. කෛලාසනාථ කුරුක්කල්තුමා (එතුමා හින්දු පූජකවරයෙකි)වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “බ්‍රාහ්මණයෙකි” සංස්කෘත භාෂාව පිළිබඳ මෙන්ම හින්දු සංස්කෘතිය පිළිබඳ විශාරදයකු වූ එතුමාණෝ අෂ්ට භාෂා පරමේශ්වර වූහ. සුධාධවල වේට්ටියකින් හා දිගු බැනියමකින් සැරසී සිටි එතුමාගේ ගෙල පැළඳි උතුරු සළුවක් මෙන්ම හිස පිටුපස බැඳි කුඩා කොණ්ඩයක්ද විය. ප්‍රඥා සාගරයක් බඳු මේ උතුමාට සිංහල සිසුන් ගරු බුහුමන් කළේ “කොණ්ඩ කුරුල්ලා” යන විකට නාමය පට බැඳීමෙනි.


කරුණු මෙසේ සිදු වෙද්දී කාලය මෙසේ ගතවෙද්දී විiා පීඨ්‍යට ඇතුළත් වූ සිංහල ශිෂ්‍යයෝ කිහිප දෙනෙක් බස් රථයකදී දෙමළ ජාතිකයන් කිහිප දෙනෙකු සමඟ ආරවුලක් ඇති කර ගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙස ඒ ශිෂ්‍යයෝ කිහිප දෙනා වට්ටුක්කෝට්ටේ විද්‍යා පීඨය ඉදිරිය පිට මාර්ගයේ දී දරුණු පහර දීමකට ලක් වූහ. එය පෞද්ගලික ගැටුමක් උඩ සිදුවූවක් මිස සිංහල විරෝධි ප්‍රහාරයක් නොවීය. ඒ වන විට පළමු සිංහල ශිෂ්‍ය කණ්ඩායම ඇතුළත් වසර වී වසර දෙකක් ඉක්ම ගොස් තිබුණි. ඔවුන්ට හෝ ඊට පසු ඇතුළත් වූ වෙනත් කිසිවෙකුට හෝ එබඳු ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවූයේ නැත. ඊට ප්‍රතිපක්ෂව ක්‍රියාත්මක වුණේ මා මුලින් සඳහන් කර ඇති සුහදතාවයි. ඒ ප්‍රහාරය හේතු කොට ගෙන සිංහල-දෙමළ සිසුන් අතර හෝ බාහිර සමාජයේ වෙනත් ගැටුමක් හෝ නොහොඳ නෝක්කඩුවක් වුණෙත් නැත.
කෙසේ වෙතත් එකල නියෝජ්‍ය පොලිස්පති ආනා සෙනවිරත්න පසු දිනම යාපනයට ආවේ ඉහත සිද්ධිය සොයා බැලීමටය. ප්‍රහාරකයන්ට කුමක් සිදු වුණා ද කියා නොදනිමි. ඒ කෙසේ වෙතත් 1974 ජනවාරි මස දෙමළ පර්යේෂණ සමුළුවේදී ඝාතනය වුණු දෙමළ වැසියන් හත්දෙනාගේ රුධිරය මතින් ලිස්සා ගිය ආණ්ඩුව තුවාල වූ සිංහල සිසුන් වෙනුවෙන් දැක්වූ උනන්දුව දෙමළ සිසුන්ට හා සාමාන්‍ය වැසියන්ට සිංහල ආණ්ඩුව තමන් නොතකා හැර ඇති තරම තව දුරටත් තහවුරු කළේය.


1977 අප්‍රේල් 26 වන දින දෙමළ ජනතාවගේ අසහාය නායක එස්. ජේ. වී චෙල්වනායගම් අභවප්‍රාප්ත විය. සිංහල දෙමළ අප සියලු දෙනාම විශ්වවිiාලයේ සිට පා ගමනින් ගොස් වීරසිංහම් ශාලාවේ තැන්පත් කර තිබූ චෙල්වනායගම් දේහයට අවසන් ගෞරව දැක්වීමු.


1977 ජූලි 22 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් එතෙක් පැවැති සමගි පෙරමුණු ආණ්ඩුව බිඳ වැටී ඊනියා හයෙන් පහේ “විශිෂ්ට ජයග්‍රහණයෙන්” එජාප ආණ්ඩුවක් පිහිටුවිණි. ජේ. ආර්. ගේ ධර්මිෂ්ට ආණ්ඩුව ස්වකීය ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයට පදනම දැමුවේ සතියක් විරුද්ධ පාක්ෂිකයන්ට තැළීමෙනි. ඉන් පසු තවත් සති දෙකක් ඉක්ම ගියේය.


1977 අගෝස්තු මැද භාගයේ යාපනේ පිළිකා සංගමයට ආධාර ලබා ගනු පිණිස ශාන්ත පැටි්‍රක් විiාලයේ සැණකෙළියක් සංවිධානය කර තිබුණි. අගෝස්තු 12 දා රාත්‍රියේ සිට සිදු වූ දේ මේවාය.


යාපනය පොලිසියේ පොලිස් කොස්තාපල්වරු හතර දෙනෙක් ඉහත කී සැණකෙළි භුමියට ගියහ. සැණකෙළියේ සංවිධායකයෙක් වූ කුලනායගම් ප්‍රවේශ පත්‍ර ලබා ගන්නා ලෙස, පොලිස් කොස්තාපල්වරුන්ගෙන් ඉල්ලා සිටියේය. (ප්‍රවේශ පත්‍රයක මිල රු. 2 කි) එය ප්‍රතික්ෂේප කළ කොස්තාපල්වරු කුලනායගම්ට පහර දුන්හ. එසේ පහර දී බලෙන්ම සැණකෙලි භූමියට ඇතුළු වූ ඔවුහු කාන්තාවන් පවත්වා ගෙන ගිය ආහාර කුටිවලට වැදී කෑම කා මුදල් ගෙවීම ද ප්‍රතික්ෂේප කළහ.


අගෝස්තු 13 වන දා උදේ සැණකෙළි සංවිධායකයකු වූ දොස්තර ෆිලිප් ඉහත සිද්ධිය ගැන පොලිසියට පැමිණිලි කළත් එදින රාත්‍රියේද පොලිස් භටයෝ සැණකෙළියට ගියහ. මැදියම් රැයේ පොලිස් භටයන් හා අමුත්තන් පිරිසක් අතර ගැටුමක් ඇති විය. පොලිස් භටයන් දෙදෙනෙකුට ද තුවාල සිදුවිය. 14 වන දා උදේ සිට පොලීසිය කළේ සාමාන්‍ය සිවිල් වැසියන්ට ඉවක් බවක් නැතිව පහර දීමය. කුපිත වූ සාමාන්‍ය වැසියෝද පොලිසියට ඇතැම් විට පහර දුන්හ. නාඳුනන පුද්ගලයෙකුගේ වෙඩි පහරකින් පොලිස් භටයෙකුට තුවාල ද සිදු විය. දිගටම මේ පහරදීම් සිදුවිය. 16 වන දා උදේ යාපන කඩවීදියේ වැඩිහිටි පුද්ගලයෝ තමන් සිටින පැත්තට පොලිසිය ඒම වළක්වනු පිණිස පාර මැද ටයර් ගොඩ ගසා ගිනි තැබූහ. පොලිසිය කළේ ගිනිගත් ටයරයක් ගෙන ගොස් පොදු වෙළඳ පොළේ තිබු ගිනිගන්නා සුලු දෙයක් උඩට දැමීමය. වෙළඳ පොළ ගිනි ගත්තේය. මිනිස්සු පොලිසියට ගල් වලින් පහර දුන්හ. පොලිස් වෙඩි තැබීම් වලින් සාමාන්‍ය වැසියෝ පස් දෙනෙක් මිය ගියහ. පොලිස් භටයෝ ස්වර්ණාභරණ සාප්පු වලට පැන ඒවා මංකොල්ල කෑහ. (රාජන් හූල් ශ්‍රී ලංකාව බලයේ මහන්තත්වය පිටු 32-38)
1977 සිංහල – දෙමළ කෝලාහලයන් ආරම්භ කළේ පොලිසිය බව පැහැදිලිය.


මේ කෝලාහලය ගැන සොයා බැලීමට ආණ්ඩුව කොමිසමක් පත් කළේය. හිටපු අග්‍ර විනිශ්චයකාර එම්. සී. සන්සෝනි ප්‍රධානත්වය දැරූ එකී කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් සැණකෙළි භූමියේ සිදුවීමට සම්බන්ධ එක් පොලිස් භටයකු කියා සිටියේ 13 දා සැණකෙළි භූමියට නොයන ලෙස තමාට කිසිවෙකු අණ නොකළ බවයි. තවත් පොලිස් භටයකු ප්‍රකාශ කළේ තමන් සැණකෙළි භූමියට ගියේ සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට බවයි. (දිනමිණ, 1977 ඔක්තෝබර් 25. පිටවු 9)


අපි මෙහිදී පළමු සාක්ෂියට අවධානය යොමු කරමු. සැණකෙළි සංවිධායක දොස්තර ෆිලිප් 13 දා පොලිසියට කළ පැමිණිල්ල බැරෑරුම්ව සැළකිල්ලට ගත්තා නම් ඉහළ නිලධාරීන් කළ යුතු ව තිබුණේ පොලිස් භටයන් සැණකෙළි භූමියට යෑම තහනම් කිරීම නොවේ ද ? එය සිදුවී නැත. දෙවන සාක්ෂිය සන්සෝනි ප්‍රතික්ෂේප කළේ එවැනි අත්අඩංගුවට ගැනීමේ රාජකාරි ගමනක් ගැන දෛනික සටහන් පොත්වල කිසිදු සටහනක් තබා නොතිබූ බැවිනි.
මේ ආකාරයට දිගින් දිගටම ක්‍රියාත්මක වුණේ “පහර දී සටනට කැඳවා ගැනීමේ” එන්. ක්‍යු දියෙස් න්‍යායයි.
77 සිංහල – දෙමළ කෝලාහලය යාපන සරසවියේ සිංහල සිසුන්ට බල පෑ ආකාරය ගැන ඊළඟ ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙමි.