දොරටුපාලක

එජාපය බිංදුවටම වැටිලා පිනට පාර්ලිමේන්තු එන්න චාන්ස් එකක් ලැබුණහම කවුද හිතුවේ රනිල් එයි කියලා. කවුරු නැතත් අපි හිතුවා. රනිල් කියන්නෙත් මහින්ද වගේම දේශපාලන තනතුරු කෑදරයෙක්. බලයට කෙළ හලන්නෙක්. දේශපාලන සැප විඳින්නෙක්.


මහින්දලා හොරකම් කරනවා. රනිල් එහෙම නෑ කියන එක බොරුවක්. රනිල් එජාපයට ලැබුණු සල්ලි ගැන හෙළිදරව් කළේ කවද්ද? මහින්ද සරමට සල්ලි ටික දාගන්න කොට රනිල් කළේ ගජ මිතුරා දාලා මහ බැංකුව කඩන එකය. රනිල්ගේ තියෙන්නේ මහත්මා හොරකමය. අද රනිල් කියනුයේ සාම්ප්‍රදායික දේශපාලනය ප්‍රශ්නවලට විසඳුමක් නොවන බවය. එසේ නම් රනිල් නියැළෙන්නේ මොන දේශපාලනයේද? දශක ගණනාවක් ඔහු නියැළෙනුයේ සාම්ප්‍රදායික දේශපාලනයේ නොවේද? අදටත් එහි වෙනසක් ඇත්ද? කෝට් ඇන්දාට ඔහු නූතනද?
ලංකාවේ දේශපාලනයේ නිරුවතින් ඉඳගෙන වුණත් සළුපිළි ගැන කතා කරන්නට හැකි දේශපාලන තක්කඩි දෙපළක් සිටිති. ඒ රනිල් සහ මංගලය. මේ අය ඉදිරියේදී දේශපාලන පිටියේ අමුතු ගෝල් ගසනු ඇත.


බැසිල් ආපු දෙන්


බැසිල් පාර්ලිමේන්තු ඒමත් කතා නොකළ යුතුම නොවැදගත් මාතෘකාවක්ය. රාජපක්ෂලා 20 ගෙනවිත් ද්විත්ව පුරවැසිකම බාධාවක් කර නොගත්තෙම බැසිල්ට එන්නටය. එහෙව් දෙයක් කිරීමෙන් පසුත් පමාවීම විකාරය. අයියා මළෝ සියල්ල සම්පූර්ණ වන තෙක් බලය එක මිටට එන්නේ නැත. බැසිල් පාර්ලිමේන්තු ආපසු බලය එක මිටට එනු ඇත. බැසිල් පාර්ලිමේන්තු එනවාද නැද්ද? ජනතාවට අදාළම නැත. අදාළ ආණ්ඩුවේම මන්ත්‍රීලා පිරිසකටය.


කළගුණ සැලකීම


දුමින්ද නිදහස් කිරීම දේශපාලන වැඩකි. එසේම දුමින්ද සිරගත කිරීමත් දේශපාලන වැඩකි. භාරත ඇණයක් වී තිබුණේ රාජපක්ෂලාටය. එම ඇණය ගලවන කොන්ත්‍රාත්තුව දුන්නේ දුමින්දටය. භාරත මිය ගිය පසු හිරුණිකා කරළියට ආවාය. ඇය සැනසීම මෙන්ම රාජපක්ෂලාට රිදවීම දුමින්ද හිරේ යැවීම හරහා කළ හැකි බව යහපාලනය දන්නේය. එය එලෙසම වුණි. දැන් සිදුව ඇත්තේ එහි අනෙක් පැත්තය. මේ නම් දෙපැත්තම කරන කළගුණ සැලකීමය.
යහපාලනයෙන් හිරුණිකාට සැලකුවා සේ ගෝඨා දුමින්දට සලකා ඇත. දේශපාලනයේ හතුරන් මිතුරන් නැතැයි කියති. එමෙන් ම හරි වැරදිද නැත. බලය අනුව එය තීන්දු වේ. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here