නිමල් අබේසිංහ


පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විද්‍යාලංකාර මේ දිනවල මාධ්‍යවල කතාබහට ලක්වෙන ප‍්‍රධාන චරිතය බවට පත්ව ඇත. ආන්දෝලනාත්මක මිග් ගුවන් යානා ගනුදෙනුවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ බවට සාක්ෂි නැති බවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ රාජකාරී සිදුකරද්දී තමන්ට ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් බලපෑම් සිදුවූ බවත්, ඔහු විසින් සිදුකළ මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කිරීම මේ ආන්දෝලනය ඇතිවීමට හේතුවය. ගෝඨාභය රාජපක්ෂ මිග් ගුවන්යානා ගනුදෙනුවට සම්බන්ධද නැතිද යන්න වෙනම කතාවක් වුවත් ඔහු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ රාජකාරි සිදුකරද්දී ඇමතිවරුන්ගෙන් බලපෑම් සිදුවූයේ නම් ඒ බැව් ප‍්‍රසිද්ධියේ පවසන්නට මෙතරම් කාලයක් ගතකළේ ඇයිද යන්න ප‍්‍රශ්නයකි.


සෑම සතියකම රාජපක්ෂවරයෙකු අත්අඩංගුවට ගත යුතු බවට මේ ඇමතිවරුන් තමන්ට බලපෑම් කළ බවද හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා මාධ්‍යයට කළ හෙළිදරව්වේදී තවදුරටත් ප‍්‍රකාශ කර තිබුණි.


එහි නිධාන කතාව මෙලෙස ගොඩ නැගිය හැකිය. මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප‍්‍රධානියා ලෙස සිටිද්දී රවි විද්‍යාලංකාරට රියන්සි මහේස් කුමාර එඞ්වඞ් නමැත්තෙකු විසින් සිදුකරන ලද අතිවිශාල මූල්‍ය ගනුදෙනුවක් පිළිබඳ තොරතුරක් ලැබෙන අතර ඔහු ඒ පිළිබඳව එවකට සිටි පොලිස්පති ඉලංගකෝන්ට මේ ගැන දන්වා විමර්ශනයක් සිදුකිරීමට අවසර ඉල්ලූවේය. පොලිස්පතිවරයාගෙන් ඔහුට එකී අවසරය ලැබෙන අතර රවි විද්‍යාලංකාර මේ පිළිබඳව විමර්ශනය අරඹනනේය. මේ 2015 වසරේදීය.


අධිවේගයෙන් ඇරඹි මෙකී විමර්ශනය පසුකලකදී ෙෙ ගාන්නේය. එයට හේතුව කුමක්ද යන්න පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අනාවරණය කර ගනිද්දී බළලා මල්ලෙන් එළියට පනින්නේය. ඒ එකී විමර්ශනය සම්බන්ධ සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවා වන රියෙන්සි මහේෂ් කුමාර එඞ්වඞ් නමැත්තාගේ බිරිඳ සමග එකතුව සමාගමක් ලියාපදිංචි කර තිබීමය. රියන්සි එඞ්වඞ් සහ තවත් විදේශිකයන් කීපදෙනකුට එරෙහිව මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඇමරිකාවේ States District Court Southern of New York අධිකරණයේ නඩුවක් පවතින අතර සිදුකර ඇතැයි කියන මූල්‍ය වංචාව ඇමරිකන් ඩොලර් මිලියන 54කි. මෙකී මුදල් යොදවා රියෙන්සි එඞ්වඞ් සහ ඔහුගේ බිරිඳ විසින් කොළඹ ආශා සෙන්ට‍්‍රල් රෝහල් භූමියෙන් රුපියල් බිලියන 2.6ක් යොදවා ඉඩමක් මිලට ගෙන ඇති අතර, එයට අමතරව ලංකාවේ විවිධ ප‍්‍රදේශවලින් ඉඩම් හා දේපළ මිලට ගෙන ඇති බවද හෙළිදරව් වී ඇත.


මේ විමර්ශනයේදී සොයාගෙන ඇති කරුණු අනුව රියන්සි එඞ්වඞ්ගේ බිරිඳ වන පූන්‍යා ප‍්‍රියන්ජි මැණිකේ එඞ්වඞ්ස් සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විද්‍යාලංකාරගේ බිරිඳ වන එස්සැල්ල පතිරාජගේ මේරි බැසිලිතා අධ්‍යක්ෂවරුන් ලෙස නම් කර සූර්යා ඉන්ටර් නැෂනල් කෝපරේෂන් ලිමිටඞ් නමින් සමාගමක් ලියාපදිංචි කර ඇත. කොටස් දාහකින් යුතු මෙම සමාගමේ කොටස් පන්සීය බැගින් අධ්‍යක්ෂවරියන් දෙදෙනාට හිමිව තිබේ. අංක ජී.වී. 111792 ලියාපදිංචි වී ඇති මේ සමාගමේ ලියාපදිංචිය දිනය 2016.02.10 දිනදීය. උක්ත සමාගම් ලිපිනය සඳහන් වන්නේ අංක 16/ඒ2 මොනාච් රෙසිඩන්සීස් ගාලූපාර, කොල්ලූපිටිය යන්නය. මෙම නිවෙස මිලදී ගෙන ඇත්තේ රවි විද්‍යාංලාකාරගේ පුත‍්‍රයා වන අසේල ජයම්පති රාජසුන්දර වෛද්‍යාලංකාරය. නිවසෙහි වටිනාකම රුපියල් 50000000කටය. රියෙන්සි එඞ්වඞ්ගේ සම්බන්ධ විමර්ශන ආරම්භ කර කෙටි කාලයක් ගතවෙද්දී මෙකී ගනුදෙනු සිදුව තිබීමද සැලකිය යුතු ප‍්‍රශ්නයකි.


රවි විද්‍යාලංකාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද අපූරු තොරතුරක් දැනගන්නට තිබේ. එයද ඔහු හා රියෙන්සි එඞ්වඞ් සමග පවතින සම්බන්ධතාවක් ගැනය.


රියෙන්සි එඞ්වඞ් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියෙන් (ඉන්ටර්පෝල්* ශ‍්‍රී ලංකා ශාඛාවට ලද පණිවුඩයක් අනුව ඔහු ගැන විමර්ශනයක් සිදු කරයි. ඒ අනුව ඔවුන් රියෙන්සි එඞ්වඞ් පදිංචි ලිපිනය වන අංක 57/2 බී, රේල්වේ ඇවනිව්, නුගේගොඩ සොයාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණන ලෙස ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් යවා ඇත. ඒ අනුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණියද එහි නිලධාරීන් එඞ්වඞ් සම්බන්ධයෙන් දිගින් දිගටම තොරතුරු සොයමින් සිට ඇත. එහිදී එක් නිලධාරියකුට රියෙන්සි එඞ්වඞ්ගේ ජංගම දුරකතන අංකයක් සොයා ගැනීමට හැකිව තිබේ. එකී නිලධාරියා විසින් දිගින් දිගටම මෙම ජංගම දුරකතන අංකයට ඇමතුම් ගත්තද ප‍්‍රතිචාර දක්වා නැත. අනතුරුව ඔහු අවශ්‍යතාව දන්වා ටෙස්ට් මැසේජ් එකක් යවා ඇත. එසේ යැවීමෙන් පසුවත් එම අංකයට (ප‍්‍රංශයේ දුරකතන අංකයකි* දිගින් දිගටම දුරකතන ඇමතුම් ගන්නා අතර එක්තරා අවස්ථාවකදී දුරකතනයෙන් පිළිතුරු ලැබී ඇත. පිළිතුර දෙන්නා වී ඇත්තේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රවි විද්‍යාලංකාරය. රවි විද්‍යාලංකාර කලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේද සේවය කළ අයෙකු බැවින් නිලධාරියා අසා ඇත්තේ මේ රවි විද්‍යාලංකාර සර් නේද? සර් දැන් ප‍්‍රංශයේද ඉන්නෙ යනුවෙනි. ඉන්පසුව රවි විද්‍යාලංකාර විමසා ඇත්තේ රියෙන්සි එඞ්වඞ් ගැන සොයන්නේ කුමකටද යන්නය. එහිදී නිලධාරියා අවශ්‍යතා පවසා ඇති අතර ඒ සමගම දුරකතනය විසන්ධි වී තිබේ. ඉන්පසුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ඉහළ නිලධාරියකු මෙම නිලධාරියා මුණ ගැසුණු අවස්ථාවකදී ඇමරිකාවෙන් එවන ලද ලිපියේ පිටපතක් ඉල්ලා ඇතත්, ඔහු එය ප‍්‍රතික්ෂේප කර තිබේ.


පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු ප‍්‍රධානියාට මේ තකහනියේ මාධ්‍ය හමු පවත්වා තමන්ට යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් බලපෑම් සිදුවූ බවත්, ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා මිග් යානා ගනුදෙනුවට සම්බන්ධ නැති බවටත් කියන්නට තදියම් වූයේ ඇයිද යන්න දැන් ඕනෑම අයකුට පැහැදිලි වනු ඇත.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්ටර්පෝල් ශාඛාව රියෙන්සි එඞ්වඞ් සම්බන්ධ පරීක්ෂණය තවමත් පවත්වාගෙන යයි. මෙම සිද්ධීන්වලට අමතරව හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි විද්‍යාලංකාර සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේද පැමිණිල්ල විභාග වේ. මිග් යානා ගනුදෙනුව සම්බන්ධ එංගලන්තයෙන් ලද රහස්‍ය තොරතුරු පෙන්ඩ‍්‍රයිව් එකක බහා සිංගප්පූරුවට ගෙනයන ලදැයි යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද පරීක්ෂණයක් සිදුවේ.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය 2015දී පිහිටුවන ලද්දේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදී සිදුවූයේ යැයි කියන මහා පරිමාණ මූල්‍ය ¥ෂණ වංචා හා මුදල් විශුද්ධිකරණය සම්බන්ධ පැමිණිලි කඩිනමින් විමර්ශනය කර චූදිතයන් අධිකරණය හමුවට පමුණුවා දඬුවම් ලබාදීමටය. එවැනි සුවිශේෂී ආයතනයක ප‍්‍රධානියාත් වංචා ¥ෂණවලට පැටලේ නම් ඔහුගේ කාලයේ සිදුවූ අනෙකුත් විමර්ශනයන් පිළිබඳවද ජනතාව තුළ සැකයක් ඉපදීම සහේතුකය. කෙසේ හෝ වේවා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප‍්‍රධානියාගේ මේ අශීලාචාර ක‍්‍රියාදාමය සමස්තයක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයත් අපකීර්තියට පත්කරවන්නක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ සඳහා වත්මන් පොලිස්පතිවරයා ක‍්‍රියාත්මකවන්නේ කුමන අයුරින්ද යන්න දැන් පැන නගින ප‍්‍රශ්නය වේ.