ප‍්‍රියන්ත ප‍්‍රදීප් රණසිංහ

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ මන්ත‍්‍රී කණ්ඩායම ඉදිරියේදී කැෙදව්වද, සජිත් පාර්ශ්වය බලාපොරොත්තු වන ආකාරයෙන් ජනපති අපේක්ෂකයා තේරීමට රහස් ඡුන්දයක් ලබා නොදීමට එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි දැනගන්නට තිබේ. කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත‍්‍රී කණ්ඩායම දින 7ක් තුළ එකට කැදවන ලෙස පසුගිය සදුදා (19) සජිත් පාර්ශ්වය මන්ත‍්‍රී අත්සන් 54ක් සමග ලිපියක් එජාප නායකයාට ඉදිරිපත් කළේය. එහෙත් බ‍්‍රහස්පතින්දා (22) වනතුරුත් ඊට ප‍්‍රතිචාරයක් ලැබී නොතිබිණි.


මේ සම්බන්ධයෙන් විමසීමේදී සජිත් පේ‍්‍රමදාස පාර්ශ්වයේ අජිත් පී. පෙරේරා අමාත්‍යවරයා පැවසුවේ, එළඹෙන සදුදා (26) වනවිට ප‍්‍රතිචාර නොලැබුණහොත් විකල්ප ක‍්‍රියාමාර්ග ගැනීමට තම කණ්ඩායම බලාපොරොත්තු වන බවය. එජාප ව්‍යවස්ථාව අනුව රහස් ඡුන්දයක් ගෙන, එම ව්‍යවස්ථාවට අනුකූලවම පක්ෂයේ බලය තහවුරු කර ගැනීම තම පාර්ශ්වයේ අදහස බවද ඔහු පැවසීය. මේ නිසා වෙනත් පක්ෂයක් හැදීමේ අවශ්‍යතාවක් නැතැයි ද ඔහු ප‍්‍රකාශ කළේය. මේ අතර එජාපයේ රනිල් පාර්ශ්වය නියෝජනය කරන ප‍්‍රබල අමාත්‍යවරයෙක් කියා සිටියේ, සජිත් යම් ආකාරයකින් අපේක්ෂකත්වය ලබාගතහොත් ඔහුව අගමැති කර, රනිල් වික‍්‍රමසිංහ මහතාව ඉවත් කිරීමේ සැලසුමක්ද පවතින බවය. මේ නිසා කෘත්‍යාධිකාරි මණ්ඩලය කැෙදව්වද කිසිසේත්ම රහස් ඡුන්දයක් දීම සිදු නොවන බවද ඔහු පැවසීය.


තවත් එජාප අභ්‍යන්තර ආරංචි මාර්ගයකින් වාර්තා වූයේ එජාපය ප‍්‍රමුඛ සන්ධානය ගොඩනැගීමෙන් තොරව අපේක්ෂකයා නම් කිරීමද සිදු නොවනු ඇති බවය. එමෙන්ම එම සන්ධානය පිහිටුවීම හා අපේක්ෂකයා නම් කිරීම සැප්තැම්බර් 15 සහ 30 අතර සිදුවනු ඇති බවද එම ආරංචි මාර්ගය ස`දහන් කළේය.