දිනී ජයසේකර

සීනි බදු වංචාවේ මූලික චෝදනා එල්ල වන්නේ රාජපක්ෂ ආණ්ඩුවට නේද. ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් කළොත් ?


සීනි සදහා වෙච්ච වංචාව සම්බන්ධව පළමුවෙන්ම පාර්ලිමේන්තුවට විස්තර සහිතව ඉදිරිපත් කළේ අපේ පක්ෂ නායක අනුර කුමාර දිසානායක සහෝදරයයි. ඔහු සතුව සියලූ විස්තර තිබෙනවා. ඒ අනුව ඇති ප‍්‍රශ්නය නම් , පසුගිය කාලයේ සීනි කිලෝග‍්‍රෑම් එකක් සදහා රුපියල් 50ක බද්දක් පනවා තිබුණා. එහිදී තමයි වෙළදපොලේ සීනි කිලෝ එකක් රුපියල් 130කට අලෙවි වුනේ. 2020 ඔක්තෝබර් මාසයේදී හදිසියේම මුදල් ඇමති ලෙස මහින්ද රාජපක්ෂ රුපියල් 50 හේ සීනි බද්ද සත 25 දක්වා අඩු කරනවා. එතකොට තමයි ෂැංග‍්‍රිලා හෝටයේ අයිතිය තියෙන විල්මා කියන සමාගම සීනි ගෙනල්ල තිබුණේ. ඒ නිසා සීනි කිලෝ එකකට සත 25 ගාණේ බදු ගෙවල තමයි සීනි නිදහස් කරන්නේ. නමුත් ඒක නැවත වෙළදපොලේ විකිණෙන්නෙ පරණ මුදලටම තමයි. සරලව සීනි වල බදු අඩු කරා කියලා පාරිභෝගිකයට සීනි මිල අඩු වුනේ නැහැ. වෙළදපොලේ පරණ මිලටම සීනි විකුණුනා. ආණ්ඩුවට ලැබෙන්න තිබුණ ආදායමකුත් අහිමි වෙලා අදාළ ව්‍යාපාරිකයා විශාල ලාභයක් අත්පත් කරගන්නවා.

වත්මන් රජය 2020 ඔක්තෝබර් 14 සීනි සහ අනෙකුත් ද්‍රව්‍ය සදහා පනවා තිබූ රුපියල් 50ක බද්ද අයින් කරනවා. පසුව ඔය කියන්නා වූ විල්මා ආයතනයෙන් ලංකා සතොස සීනි රුපියල් 127 ක, 128 ක මුදලකට මිලදීගෙන පාරිභෝගිකයාට රුපියල් 85 ක මුදලකට ලබා දෙන්න තීරණයක් ගත්තා. එහි විනිවිදභාවය විග‍්‍රහ කළොත්,


මින් සිදු වූවේ සතොසත් පාඩු ලැබීමයි. රටකට බදු ප‍්‍රතිපත්තියක් තිබිය යුතුයි. නමුත් අපේ රටේ යහපාලන ආණ්ඩුව පැවති කාලයේ විවිධ වර්ගයේ බදු තිබෙන එක ප‍්‍රශ්නයක් කියලා තමයි වැට් බද්ද පැනෙව්වේ. එවලේ 15% වැට් බද්දක් පැනෙව්වා. ඊටපස්සෙ පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ මුදල් ඇමති වුණාට පස්සෙ ඒ 15% වැට් බද්ද 8% දක්වා අඩු කළා කියලා කීවා. නමුත් ඇත්තටම වැට් බද්ද අඩු කළා කීවට වෙළදපොලේ භාණ්ඩ වල මිල වෙනසක් වුණේ නැහැ. ඊටපස්සෙ ආණ්ඩුවට ආදායම අඩු වෙලා තියෙන නිසා මුදල් ඇමතිට ඇති බලය පාවිච්චි කරල විශේෂ වෙළද බදු පනවනවා. එතකොට පිට පිට පනවන්න පුලූවන් සහ නිශ්චිත කාලෙන් පසු ඒව අහෝසි වෙනවා. මේ ක‍්‍රියාවලිය මත පදනම් වෙලා බදු පනව පනව අයින් කරලා තම හිතවත් ව්‍යාපාරික ජාවාරම් කාරයන්ට ලාභ ලබා ගැනීමට අවස්ථා සලසා දෙන්නේ. ඉන් පැහැදිලි වන්නේ රාජපක්ෂ ආණ්ඩුවට නිශ්චිත බදු ප‍්‍රතිපත්තියක් නැහැ. ඒ නිසා ආණ්ඩුවට එන ආදායමත් නැති වෙලා ජනතාවටත් සහනයක් නොලැබී යනවා. බදු විටින් විට වෙනස් කිරීමේන් සහන ලබන්නෙ ආණ්ඩුවට හිතවත් සමාගම් පමණයි. මේ සදහාම තමයි ආණ්ඩුව විටින් විට බදු වෙනස් කරන්නෙ කියලා අපි හිතනවා. මොකද රටක බදු ප‍්‍රතිපත්තියකට විනිවිද භාවයක් තිබිය යුතුයි.

විපක්ෂ මන්ත‍්‍රීවරුන් කියනවා සිනි බදු වංචාව මහ බැංකු වංචාවටත් වඩා දරුණුයි කියලා. එහිදී අපට පෙනෙන්නට තියෙන්නේ ඔවුන් මහ බැංකු වංචාව සීනි බදු වංචාව පිට පටවා මහ බැංකු වංචාව සාධාරනීයකරණය කරන්න උත්සහ කරනවා කියලයි. ඒ සම්බන්ධව ඔබේ අදහස මොකද්ද?


වංචාවල් වල ලොකු පොඩි වෙනස හොයන එක වැරදියි. අපේ රටේ ආණ්ඩු පුරුදු වෙලා ඉන්නවා තමන් කරන වංචාව පුංචි කරලා තමන්ගෙ විරුද්ධවාදීන්ගෙ වංචාව ලොකු කරන්න. අපිට මතකයි මහින්ද රාජපක්ෂල විපක්ෂෙ ඉන්න කාලෙ මහබැංකු වංචාව ලෝකේ ලොකුම වංචාව ලෙස කතා කළා. අපි ගත්තොත් රනිල් – මෛත‍්‍රී ආණ්ඩුව කාලේ සිද්ධ වුණ ලොකුම වංචාව තමයි මහබැංකු වංචාව. ඒක හරි. ඒකට මහ විශාල හඬක් නැගුවා. එහෙම ඇවිත් තමයි මෙයාල දැන් මේ සීනි බදු වංචාව කළේ. එතකොට බැදුම්කර වංචාව යට ගහන්න හදපු එක්සත් ජාතික පක්ෂය සහ සමගිජන බලවේගයෙ කට්ටිය සීනි සහ පොල්තෙල් ප‍්‍රශ්නයට හඬ නගනවා වංචාවක් වුණා කියලා. නමුත් ඔවුන් ඔවුන්ගේ වංචාවන් ගැන කතා කරන්නෙ නැහැ. තාමත් මහින්ද රාජපක්ෂ කණ්ඩායම මහබැංකු වංචාව ලොකුම වංචාව කියලා කියනවා මිසක් සීනි බදු වංචාව ගැන කතාකරන්නෙ නැහැ.


ඇත්තටම ගත්තාම දෙගොල්ලොම මේ වංචාවන් පිළිබදව ජනමතය දිනාගන්න කතා කළාට මේවට ප‍්‍රතිපත්ති ලෙස විරුද්ධ වෙන්නෙ නැහැ. ඊට හොදම නිදසුන තමයි මේ ආණ්ඩුව බලයට පත් වෙලා අවුරුද්දකට වැඩියි. මහබැංකු වංචාවට විරුද්ධව නිශ්චිතව කටයුතු කරලා නැහැ. නමුත් බලයට ආවේ බැදුම්කර හොරුන්ට දඬුවම් කරනවා කියලා. නමුත් තාම සිදු වුණේ නැහැ. පසුගිය කාලෙ අධිකරණ අමාත්‍යවරයා කීවා අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට ගේන්න විදියක් නැහැ ඒ නිසා බැදුම්කර වංචාව පිළිබද පරීක්ෂණ කරන් යන්න විදියක් නැහැ කියලා. ඒ නිසා මෙයාල හොරකම් කරන නීතියේදි එකිනෙකාව ආරක්ෂා කරන ඡුන්දය ගන්න පමණක් ප‍්‍රචාරය ලබාගන්න වැඩ කරන කණ්ඩායම් දෙකක් කීවොත් හරි. දෙගොල්ලොම වංචා කරලා දෙගොල්ලොන්වම ආරක්ෂාත් කරගන්නවා. ඒක තමයි අපි මේ ඉතිහාසය පුරාවට දැක්ක එකම දේ.

සීනි බදු වංචාව සිද්ධ වන විට ශ‍්‍රී ලංකා සතොසෙ හිටපු සභාපතිවරායාව වංචාවට පසුව ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයට පත්කරන්න තීරණයක් ගන්නවා. ඔබ හිතන විදියට ඇයි එහෙම කරන්නෙ ?


සීනි බදු වංචාව හෙළිදරව් වූවායින් පසුව තමයි සතොස සභාපති වරයාව වෙනස් කරන්නේ. ඔහු කියන්නෙනම් ඒ නිසා නෙවෙයි ඔහුව ප‍්‍රමිති ආයතනයට දාන්නෙ කියලා. නමුත් කොහොම හරි දැං ඔහුව ප‍්‍රමිති ආයතනයට පත් කරනවා. ප‍්‍රමිති ආයතනය කලින් තිබුණෙ වෙළද අමාත්‍යංශය යටතෙයි. වර්තමානෙදි ඒක ජනාධිපතිවරයා අලූතෙන් හදපු තාක්ෂණ අමාත්‍යංශය යටතට ගන්නවා. එතකොට ඒකෙන් පේන්නට තියෙන්නෙත් හොරකම් වලට සම්බන්ධ උදව් කරන නිලධාරින් කිහිපදෙනෙක් ඉන්නවා. ඒ නිලධාරින්ව එකකින් අහුවුනොත් ඒ වර්ගයේ තව එකකින් එයාලව තියාගන්නවා. ඕක ප‍්‍රමිති ආයතනයෙ විතරක් නෙවෙයි ගොඩක් තැන්වල දිගින් දිගටම සිදු වුනා. දුෂණයට උදව් කරන අයව බේර බේර ඉන්නවා. හරියට විග‍්‍රහ කළොත් අපේ රටේ පවත්තන් යන නව ලිබරල්වාදී ආර්ථික ක‍්‍රමයටම සම්බන්ධයි මේ වංචා දුෂණ. ඉතින් ඒ නිසා මේ ක‍්‍රමය වෙනස් කරන්න බැරි තත්ත්වයකට ඇවිත් තිබෙනවා.

වත්මන් රජය විසින් නිකුත් කරන ගැසට් පත‍්‍ර ප‍්‍රායෝගිකව වෙළදපොලේ ක‍්‍රියාවට නැංවුනේ නැහැ. නිදසුනක් ලෙස සහල් වලටම ගැසට් පහක් නිකුත් කළා. සීනි වලටත් ගැසට් නිකුත් කළා. නමුත් වෙළදපොලේ එම මුදලට භාණ්ඩ නැහැ. එහිදී රජයේ මේ ගැසට් නාඩගම ඔබ දකින්නේ කෙසේද?


රට පාලනය කරද්දි නායකයින්ට ප‍්‍රායෝගික දැනුමක් තිබිය යුතුයි. අපි දන්නවා අපේ රටේ ඉන්න ජනාධිපතිවරයාට වෙළදපොල පිළිබදව හරි වී නිෂ්පාදනය පිළිබදව හරි භාණ්ඩ මිල අඩු වැඩි වීම පිළිබදව හරි අත්දැකීමක් හෝ විෂයානුබද්ද දැනුමක් නැහැ. ජනාධිපතිවරයා උක්ත දැනුම සහිත අය සමග වැඩ කරන්නත් එතරම් කැමති නැහැ. ඒ වෙනුවට එතුමා වැඩ කරන්න කැමති එතුමා කියන දේවල් පිළිගන්න ඒව එක්ක සංවාද වලට එන්නෙ නැති ”යර්ස් ස” කියන අයත් එක්කයි. ගැසට් සහ චක‍්‍රලේඛන වලින් ගොඩක් දේවල් වෙනස් කරන්න බැහැ. ගැසට් එකක් ගැහැව්වොත් එය ක‍්‍රියාවට නංවන්න යාන්ත‍්‍රණයක් සහ දැනුමක් තිබිය යුතුයි. ගැසට් එකක් ගැහුවයි කියලා වෙළදපොලේ මිල අඩු වෙන්නෙ නැහැ. මොකද වෙළඳපොල කියන්නෙ වෙනම යාන්ත‍්‍රණයක්.


සහල් වලට ගැසට් පහක් පමණ නිකුත් කළා. නමුත් ඇත්ත කතාව සහල් මිල වෙළදපොලේ අඩුවක් නැහැ. සහල් මිල තීරණය කරන්නෙ සහල් ඒකාධිකාරියක් පවත්වගෙන යන සහල් ව්‍යාපාරිකයො. ඔය කියන මිලට සහල් දෙන්න බැහැ කියලා. විධායක බලයෙන් ගහන ගැසට් වලට රටේ ආර්ථිකය හදන්න හරි බඩු මිල අඩු කරන්න පුලූවන් කමක් නැහැ. ඒවට පුළුවන් මර්ධනය කරන්න සහ හොරකම් කරන්න පමණයි. රටේ ආර්ථිකය හදන්න, බඩු මිල අඩු කරල සහන දෙන්නනම් ප‍්‍රායෝගික වැඩපිළිවෙලක් උවමනා වෙනවා. අපි දකින විදියටනම් මේ ආණ්ඩුව එහෙම ක‍්‍රියාවලියක නෙවෙයි ඉන්නේ. ඔවුන් බලය පාවිච්චි කරමින් හැමදේම කරන්න පුලූවන් කියලා හිතාන ඉන්නවා.

ජනතා විමුක්ති පෙරමුණ මෙම සීනි බදු වංචාව සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා. එහි තත්ත්වය කුමක්ද ?


අපි පැමිණිලි කරා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ම තමයි එය විභාග කරන්නෙත්. ඉතින් අපි බලාන ඉන්නවා මොකද වෙන්නේ කියලා.