දිනී ජයසේකර

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී දුන් ප‍්‍රධාන දේශපාලන පොරොන්දු අතර, විකුණා දැමූ හම්බන්තොට වරාය නැවත පවරා ගැනීමට පියවර ගන්නා බවත්, පසුව නැගෙනහිර පර්යන්තය විකිණීමට ගෙන ඇති මූලික පියවර අහෝසි කර එම පර්යන්තය 100%ක් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක‍්‍රියාත්මක පර්යන්තයක් බවට පත් කරන බවත් විය. නමුත් ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණ අවුරුද්දක් පිරීමට ආසන්නයේම වරාය අධිකාරියේ සේවකයෝම වරාය පරිශ‍්‍රයේ නැගෙනහිර පර්යන්තය විකුණන්න එපා යැයි උද්ගෝෂණ කරමින් වෘත්තීය ක‍්‍රියාමාර්ග වල නිරත වෙති.


පර්යන්ත හතරෙන් දෙකයි
ශ‍්‍රී ලංකා කොළඹ වරාය සතුව පර්යන්ත හතරකි. ඉන් දෙකක් දැනටමත් පෞද්ගලීකරණය වී අවසන්ය. ඒවා ක්‍ෂක්‍ඔ චීනය යටතේ ඇති පර්යන්තයත් ීෑ්ඔ ඕස්ටේ‍්‍රලියාව යටතේ ඇති පර්යන්තයත් වේ. දැනට නැගෙනහිර පර්යන්තය ක‍්‍රියාත්මක නොවන නමුත් ජය බහාලූ පර්යන්තය දැනට ක‍්‍රියාත්මක වෙමින් පවතින පර්යන්ත වේ. ඉන් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකුණූ විට අපට ඇත්තේ මීටර් එකොළහක් පමණ ගැඹුරු ජය බහාලූ පර්යන්තය පමණි. වෘත්තීය සමිති ක‍්‍රියාකරුවන් පවසන පරිදි ජය බහාලූ පර්යන්තයේ නැවක් නවැත්වීමට තරම් සුදුසු වටපිටාවක් නොමැත. එසේනම් මීටර් දහ අටක් ගැඹුරු නැගෙනහිර පර්යන්තය ආරක්ෂා කරගැනීම වටිනවා යන්න මේ සැමගේ අදහසයි. ඒ සම්බන්ධ ස්වාධීන වරාය සංගමයේ සභාපති ලාල් බංගගමුව කියනුයේ මෙවැන්නකි.

”1977 ජේ.ආර්.ජයවර්ධනගේ කාලයේදී ඇතුලත්මුදලි මහතා විසින් ආරම්භ කළ පර්යන්තය තමා ජය බහාලූ පර්යන්තය. ඇත්ත වශයෙන්ම මීටර් එකොළහක් ගැඹුරු එම පර්යන්තයෙන් අපිට ගන්න තියෙන ප‍්‍රයෝජන අඩුයි. නැගෙනහිර පර්යන්තය කියන්නෙ අපිට ඩොලර් ලංකාවට ගේන්න පුලූවන් පර්යන්තයක්. ඒක විකුණුවොත් අපිට මුකුත් නැති වෙනවා. අපි ඇමති එක්ක කතා කලාම ඔවුන් කියන්නෙ ඇත්තටම අපිට කරන්න දෙයක් නැහැ මොකද ඊට ඉන්දියාවෙන් බලපෑම් කරනවා කියලා. ඔවුනුත් දැන් අසරණ වෙලා ඉන්නේ. නමුත් නැගෙනහිර පර්යන්තය විකුණුවොත් අපේ රැුකියා දහදාහක් විතර නැති වෙනවා. අනිත් කාරණාව අපිට ඉතුරු වෙන්නෙ කිසිම වැඩකට නැති ජය බහාලූ පර්යන්තය විතරයි. ඒ නිසා අපි කියන්නේ ගැන්ටි‍්‍ර දොඹකර තුන නැගෙනහිර පර්යන්තයට ගොඩබාලා පර්යන්තය විවෘත කරන්න කියලා. එහෙම විවෘත කරනකන් අපි අපේ වෘත්තීය ක‍්‍රියාමාර්ග වල දිගටම එළඹිලා ඉන්නවා.”


කොවීඞ් 19 නැමැති ගෝලීය වසංගත තත්වය හමුවේ පැමිණි රැුකියා අර්බුදය අති විශාලය. එවැනි වටපිටාවක් තිබෙන මොහොතක නැගෙනහිර පර්යන්තය විකුණා ඉන් උද්ගතවන රැුකියා අර්බුදයට ඔවුන් මුහුණ දෙන්නේ කෙසේද යන්න පාලකයන්ගෙන් ඇසිය යුතුය. යහපාලන ආණ්ඩුව වේවා රාජපක්ෂ ආණ්ඩුව වේවා ණය ගෙවීමට කියා කෙටි මාර්ග සෙවීමෙන් සිදු වන්නේ රට තව තවත් ආගාදයකට ඇද දැමීමය. රජය සතු දේපළක් තවකෙකුට විකුණන විට හෝ බදු දීමකදී ඒ සියලූ විස්තර පිළිබදව ජනතාවට දැන ගැනිමට අයිතියක් ඇත. ඒසේම ඊට විරුද්ධව ජනතාවට පෙනී සිටීමටද හැකියාවක් ඇත. මන්ද රටක රජයක් පත් කරගන්නේම රට තුල ඇති සම්පත් රැුක ගැනීමටය. නමුත් සිදුවන්නේ කුමක්ද ?


”පසුගිය යහපාලන රජය නැගෙනහිර පර්යන්තය සදහා මෙහෙයුම් උපකරණ ගෙන ඒම වෙනුවට ජය බහාලූ පර්යන්තයේ යෝජිත පස් වන අදියර සදහා ගැන්ටි‍්‍ර දොඹකර තුනක් ගෙන ඒම සදහා පියවර ගත්තා. එම දොඹකර 2020.06.20 දින ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලැබුනා. ජය බහාලූ පර්යන්ත සදහා ගෙන්වන ලද දොඹකර වර්තමාන සේවා අවශ්‍යතාවයට ප‍්‍රමාණවත් නැහැ. නමුත් වරාය පාලනාධිකාරිය විසින් එම දොඹකර යොදා ගනිමින් නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ක‍්‍රියාවලිය ආරම්භ කිරීමට සැළසුම් කර තිබියදී ජාත්‍යන්තර බලපෑම් හමුවේ දොඹකර පර්යන්ත ගත කිරීමේ ක‍්‍රියාවලිය ප‍්‍රමාද කරා. ඒ සදහා දවසකට ප‍්‍රමාද ගාස්තු කෝටියකට ආසන්න මුදලක් වැය වෙනවා. ඇත්තටම අපි වරාය අධිකාරිය යටතේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ක‍්‍රියාවලිය ආරම්භ කිරීමට වරාය සේවකයො අවුරුදු පහක් තිස්සේ අරගල කළා. නමුත් තවම එතනමයි. ” එසේ පැවසුවේ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප‍්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමය.
රටක් විදියට දිනකට කෝටියක මුදලක් වැය කිරීම සම්බන්ධව ඇත්තේ ගැටලූවකි. මේවා ජනතාව සතු මුදල්ය. එසේනම් මින් සිදුවන්නේ එම මුදල් අවභාවිතා වීමක් නොවේද ? සත්‍යය වශයෙන්ම මහජනතාවට සිදුවන්නේ කුමක්ද යන්න හරිහැටි අවබෝධයක් නැති බව පැහැදිලිය. ඔවුන් විශ්වාස කරන්නේ පැවති රජයට වඩා පවතින රජය රට ගැන සිතනවා යන්නය. එය එසේමදැයි බලන කාලය උදාවී ඇත.


රටක ප‍්‍රධාන ආර්ථික තුලනයන් සිදු වන්නේ වරායන් හරහාය. එසේනම් එවැනි අවස්ථාවන් විදේශ රටවල් වලට විකිණීමෙන් සිදු වන්නේ රටට අවාසි දායක තත්ව උදා වීමට ඇති ඉඩ කඩ වැඩි වීමක්ය. එසේනම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය සදහා තරග වදින විට දේශපාලන වේදිකා වල පැවසු කාරණා ඉටු කළ යුතුය. මන්ද ඒවා සමස්ත ජනතාවගේම බලාපොරොත්තු වන බැවිනි.