ටිරන් කුමාර බංගගමආරච්චි

විස්ස සම්මත වී අවසන්ය. එයට විරුද්ධ වූවෝ අතුරුදහන්ය. හැම විරෝධයකම අවසානය නිහඬවීම බව මෙවරද තහවුරුය. විස්ස හරහා දේශපාලන ඒකාධිපතියෙකු බිහිවන බව ඇත්තය. ඊට විරුද්ධවීමද උවමනාය. එහෙත් මේ විරුද්ධවීම්වල දුර කොපමණද? එය සඟවා මේ කරන ක‍්‍රියා පටන් ගන්නා ඉක්මනටම අහවර වන්නේ ඇයි? විස්සට විරුද්ධ විය යුතු වුවද දැනට ඇති ක‍්‍රමවේදය අනුව කළ හැක්කේ තම දේශපාලන සාමාජිකයන් පිනවීම හැර ඉන් එහා දෙයක් නොවන බව පැහැදිලිය.


යහපාලනයට 19 ගෙනෙන්නට හැකි වන්නේත්, ඊට පෙර 18 ගෙනෙන්නට හැකි වන්නේත්, දැන් 20 ගෙනෙන්නට හැකි වන්නේත් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ජයගත් පසු විශේෂයෙන්ම ඉහළින්ම ජයගත් පසු ජනතාව සහ ජනතා නියෝජිතයන් අතර බැම්ම අහවර බැවිනි. ජනතාව තම ප‍්‍රශ්න පත‍්‍රයට විසඳුම් සඳහා ජනතා නියෝජිතයන්ට භාර දී ඇත. ඒ අනුව නැවත ආණ්ඩු පෙරළියක් වන තෙක් ජනතාවක් නැත. එබැවින් ඒ කාල අතරතුර වන පෙරළි වළකාලන්නට විදියක් නැත. විස්ස ගෙනාවෙත් රට ඉවරයි කියා විපක්ෂය කොතෙක් කෑගැහැව්වද කළ හැකි ප‍්‍රායෝගික විසඳුම කුමක්ද? ඉහත මැතිවරණ දෙකෙන් පසු ආණ්ඩුව විපක්ෂය කණ්ඩායම් දෙකකි. එහි බහුතරය ආණ්ඩුව වූ පසු අනෙක් එක නමට විපක්ෂය වුවද බලරහිත නිකං ඊළඟ මැතිවරණ තෙක් බලා සිටින පිරිසක් පමණි. ඒ අයට ආණ්ඩුව ගේන දේවල්වලට විරුද්ධ විය හැකිය. ඒවා නැවත දැමිය නොහැකිය.


මන්ද, බහුතරය සියල්ල විසඳන බැවිනි. ඒ අනුව 20 ගැන අප දැරූ මතයද මේවා හුදු බොරු විරෝධ බවය. එවිට මේ ලියැවිලි පෙනෙනුයේ රාජපක්ෂවාදී ලෙසටය. මන්ද පාඨකයා වුව බලාපොරොත්තු වනුයේ ව්‍යාජව හෝ පෙනී සිටීම වැදගත් බවය. අප කීවේ ඒ ව්‍යාජයක්ම බවය.


මෑතකාලීන දේශපාලකයාගේ භූමිකාව හොඳාකාරවම දන්නා අය පවා විස්ස විසි වෙතැයි සිතුවේ කවුරු අදහමිනිද? ඒ විමල් වීරවංශ, ගම්මන්පිල, වාසු මෙන්ම විදුර වික‍්‍රමනායක පසුපස යමිනි. භික්ෂූන් පවා මේ අයගේ ලණු ගිල්ලෝය. මේ අමුම අමු තක්කඩි පිරිසකි. මේ රාජපක්ෂලාගේ මළපහ වුව වැලඳිය හැකි මට්ටමේ වාචාලයෝය. එහෙව් අය විශ්වාස කොට විස්ස විසි වෙතැයි සිතීම මුලාවක් නොව රුදාවකි. එහෙව් අස්සේ විරෝධතා අපිට ඉළ ඇදෙන හිනාය. එබැවින් කවුරු මොන කසඩ රංගන කළද විස්ස සම්මත වන බව අප කීවේ මේ දේශපාලන තක්කඩින් ඉතිහාසය පුරාම මේ නාටක රඟදක්වා ඇති බැවිනි. පුරුද්දට විරුද්ධ වන අය මේ අයට බලෙන්ම රැුවටෙති. විස්සට ආණ්ඩුවෙන්ම විරෝධතා. විස්ස විසිවන ලකුණු වගේ ළාමක සටන් පාඨ මේ අය ඔළුව උඩ තියා ගත්හ. මේ තත්ත්වය තුළ ආණ්ඩුවත් අත ඇරියේ නැත. කොරෝනා වැළඳී රටම ගිනි ගත්තද විස්ස දිනිය යුතු යන තැනම සිට ගත්තේය. විස්ස සම්මත කර මිස අඩියක් හෝ පස්සට නොයැමියි ගෝඨා දැඩිව සිටි ස්ථාවරයය.


විපක්ෂය විස්සට විරුද්ධ වූයේ අගමැති බේරා ගන්නටය. මේ බොළඳ කතා අපි ඇදහිය යුතුද? මේ විහිළු කාටද? මහින්ද ගෝඨා එරෙහි වී විමල්, ගම්මන්පිල සමග පාරට බසිතැයි සිතන්නට තරම් අන්ධ පිරිස් දේශපාලනය ගැන කතා නොකර සිටීම යහපතක් නොවේද?


අවසානයේ ඉස්පිල්ලක්, ඇලපිල්ලක් වෙනස් නොකර ජනපති ගෝඨාගේ මතයම ජය නොගත්තේද? මුලදී කන්කෙඳිරි ගෑ විමල්, ගම්මන්පිලලා ගෝඨා ගැනම ආලය වඩා කැමැත්ත පළ නොකළේද? එයින් නොනැවතී එදා අමු බෞද්ධ යැයි කී ගෝඨා මුස්ලිම් අයගේ පිහිටෙන් බලය සම්පූර්ණ කර නොගත්තේද?

ජනපති වී අනුරාධපුර රුවන්වැලි මහ සෑය ඉදිරිපිට තමා දින්නේ බෞද්ධ ඡුන්දයෙන් බව කී ගෝඨා අද එදා දුන් බලය වැඩක් නැති මොට්ට එකක් බවත්, එය මුවහත් කරගත්තේ මුස්ලිම් අයගේ සහයෙන් බව නොකියන්නේ ඇයි? සුළු ජාතිකයන් පයිසෙකට වැඩක් නැතැයි සිතූ ගෝඨාට අද යෝධ බලය දී ඇත්තේ මුස්ලිම් මන්ත‍්‍රීවරු නොවේද? ඒ අයගේ එකම අරමුණ කාගේ යටතේ හෝ බලයේ ඉඳීමය.


අද විමල්, ගම්මන්පිල හාල් කෑලිය. බැසිල් ඒ බව මනාව දත් මිනිසාය. ඉදිරි ගමන යන්නට නම් මුස්ලිම්, දෙමළ අය වුවමනා බව බැසිල් මනාව දත්තේය. දෙමළ කෙසේ වෙතත් ලාබෙටම මුස්ලිම් අය මිලදී ගත හැකි බවද බැසිල් දන්නේය. මේ සටන ගෙන ගියේ බැසිල්ය. විමල්ලාට කට වහගෙන කීකරු වනවා හැර විකල්පයක් නැත. අපි මේ බව ඇති පදම් ලියූවෙමු.

විපක්ෂයේ අය මිලදී ගැනීමට රාජපක්ෂලා එදා සිට දක්ෂය. අද මහා කෙරුමකු වී ඇති කරු සමග දාහත් දෙනෙකු එකවර ගන්නට හැකිවූ රාජපක්ෂලාට මේ මුස්ලිම් මන්ත‍්‍රීවරු කිහිපදෙනෙක් ගැනීම කජ්ජක්ද? ආතක් පාතක් නැති ඩයනාගේ ස්වප්නය රාජපක්ෂලා දැකීමය. මෑතකදී පැවති ඩයනාගේ සැමියා සේනකගේ උපන් දිනයට එන ප‍්‍රධාන ආරාධිතයා මහින්දය. එයට සජිත්, ෆොන්සේකා පවා ආවද ඒ අය ඩයනාට වැදගත් නොවීය. ඩයනාගේ එදින හිත හැදුවේ මහින්දය. කෝට්ටේ පෙරහැරරේ ධාතු කරඬුවටද ඉක්මනින් අත ගසා මහින්ද ගියේ ඩයනාගේ ඉල්ලීම සපුරාලන්නය. පෞද්ගලික උපන් දින පාටියක අගමැති පැය දෙකක් විතර ගතකරන්නේ නම් එහි රහස රස රහසක් බව අමුතුවෙන් කිවයුතුද?


සජිත් දන්නේ නිකං විමල්, ගම්මන්පිලලා මෙන්ම වාචාල කතා දොඩන්නට පමණය. ඔහු මොන මට්ටමෙන්වත් ප‍්‍රායෝගික මිනිසෙකු නොවේ. තමාගේ ළඟ සිට ගිය අය එලවනවා යැයි ඔහු කියනුයේ ඩයනාගේ ගෙදර සිටමය. දුරකතනය ඩයනාගේය. එසේ නම් දැන් සජිත් ඩයනාට විරුද්ධව ක‍්‍රියාකරනුයේ කෙසේද? ඩයනා කිවහොත් සජිත් ඔයා මගේ නිවසේ සිට මාව එලවන්නේ කොහොමද? කියා සජිත් අනාථයි නොවේද?


ලංකාවේ විපක්ෂයකට විපක්ෂ නායකයකුට කළ හැකි අමුතු කෙන්ගෙඩියක් නැත. එන්න එන්නම විනාශ වනවා නිකමෙක් වනවා හැර ඒ තුළ ලොකු වටිනාකමක් නැත. රනිල් මෙන්ම සජිත්ට එය පොදුය. එය මහින්දද දන්නේය. ගෝඨා තම බලය වැඩි කර ගත්තේ ඉන්න ටිකේ උපරිම සෙල්ලම් දමන්නටය. මහින්ද දේශපාලකයා ගෝඨා නිලධාරියා ලෙස බෙදාගෙන සිටියද නිලධාරියාට විස්ස සමග ඉදිරියට යා යුතුය. වෙන කළ හැකි දෙයක් නැත. එය සම්මත වන බව දැන දැනම බොරුවට විරුද්ධ වූ අයත් දැන් විස්ස පස්සේ යා යුතුය.

එහි අඩුපාඩු, විනාශ ගැන නැවතත් විමල්, ගම්මන්පිල, වාසු, විදුරගෙන් කතා ගෙන නැවත අලූත් කතා හැදිය හැකිය. ඒවාට විසඳුම ජයන්ත කැටගොඩ වැනි අයකුගේ කනේ පහර බව වටහා ගත යුතුය. ඒ විස්සට පෙරය. පසුව එන්නේ ඊට වඩා මල්ටි ප‍්‍රහාරය. ගෝඨා, කමල්, සරත් ඒවා හොඳ හැටි දන්නා අයය. කැලේ යන්නේ නම් කොටියාත්, සර්පයින් මෙන්ම අලියාගෙන්ද අනතුරු විය හැකි බව සිහි තබා ගත යුතුය. ජනතාව ගෝඨා ගෙනාවේ මේවා නොදැන නම්, දැනගෙන ඉදිරියට ක‍්‍රියා කළ යුතුය. විරෝධතා අවශ්‍ය මෙතැන් සිටය.