එස්. නන්දලාල්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් පසුගිය 25දා ඉදිරිපත් කරනු ලැබු, 2021 ජනවාරි 21 දිනැතිව නිකුත් කළ ‘ශී‍්‍ර ලංකාවේ ප‍්‍රතිසන්ධානය, වගවීම් සහමානව හිමිකම්’ යන හිසින් යුත් වාර්තාවෙන් ගත් උධෘතයකි මේ. ඡේද අංක 20 සිට 39 දක්වා වන මේවායේ අන්තර්ගත වනුයේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වර්තමාන ශී‍්‍ර ලංකාවේ තත්ත්වය පිළිබඳ ඉදිරිපත් කරන නිර්දේශ ය.

මේ සම්පූර්ණ වාර්තාව https://www.ohchr.org/Documents/Countries/LK/Sri_LankaReportJan2021.docx වෙබ් අඩවියේ කියැවිය හැකි ය.

  1. 30/1 යෝජනාවට සිවිල් ක‍්‍රියාකාරකම් සඳහා මිලිටරි මැදිහත්වීම අවසන් කිරීම, හමුදා නිලධාරීන් සඳහා වගවීම සහ ආරක්ෂක අංශයේ ප‍්‍රතිසංස්කරණ වැනි සංක‍්‍රාන්ති යුක්තිය සහ ප‍්‍රතිසන්ධානය සඳහා ඉඩ සලසන පරිසරයක් පෝෂණය කරන බැඳීම් ඇතුළත් විය. කෙසේ වෙතත්, මහ කොමසාරිස්වරිය විසින් 2020 පෙබරවාරි මාසයේදී මානව හිමිකම් කවුන්සිලයට ප‍්‍රථම වරට වාර්තා කළ පරිදි පසුගිය වසරේදී සිවිල් රජයේ ක‍්‍රියාකාරකම් මිලිටරිකරනය වීම තියණු හා වේගවත් වී තිබේ. (30/1 යෝජනාව යනු මානව හිමිකම් කවුන්සිලය විසින් 2015 ඔක්තෝබර් 14 දින ඉදිරිපත් වු ‘ශී‍්‍ර ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය සඳහා වූ’ යෝජනාවයි.
  2. 2019 දෙසැම්බර් 29 වන දින රජය විසින් ආයතන 31 ක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන එන ලද අතර, පොලීසිය, රාජ්‍ය නොවන සංවිධාන සඳහා ලේකම් කාර්යාලය, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය, ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව. ඒවා අතර වෙයි. 2020 නොවැම්බර් 20 වන දින ජනාධිපතිවරයා විසින් නව මහජන ආරක්ෂක අමාත්‍යාංශයක් පිහිටුවන ලදුව පොලිස් දෙපාර්තමේන්තුව ඒ යටතට ගෙන යන ලදී. එහි ඇමතිවරයා වන්නේ පසුගිය මැතිවරනයේ දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ හිටපු නාවික හමුදා අද්මිරාල්වරයෙකි.
  3. 2020 සිට ජනාධිපතිවරයා ප‍්‍රධාන පරිපාලන තනතුරු සඳහා අවම වශයෙන් සේවය කරන හෝ හිටපු හමුදා සහ බුද්ධි අංශ සාමාජිකයින් 28 දෙනෙකු පත් කර ඇති අතර පවත්නා ආයතන සමඟ පැටලිලි සහිත අතිධාවනකාරී හෝ අතිච්ඡුාදනයන් සහිත ජනාධිපති කාර්ය සාධක බලකා කිහිපයක් පිහිටුවා ඇත. ඇතැම් එවැනි කාර්ය සාධක බලකායක් මුළුමනින්ම පාහේ හමුදා, බුද්ධි අංශ සහ පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත වේ. ‘සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණවත් හා නීත්‍යානුකූල සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය’ (ඡුරුිසාැබඑස්ක ඔ්ින ත්‍දරජැ එද ඉමසකා ් ීැජමරු ක්‍දමබඑරහල ෘසිජසචකසබැාල ඪසරඑමදමි ්බා ඛ්අමෙක ීදජසැඑහ* සහ ‘නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය’ (ඡුරුිසාැබඑස්ක ඔ්ින ත්‍දරජැ දෙර ්රජය්ැදකදටසජ්ක ්‍යැරසඒටැ ඵ්බ්ටැපැබඑ සබ එයැ ෑ්ිඑැරබ ඡුරදඩසබජැ* යන දෙකම ජනරාල්වරයකු ද වන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙහෙයවනු ලැබේ. කොවිඞ්-19ට ප‍්‍රතිචාර දැක්වීම සඳහා හමුදා අණදෙන නිලධාරියා ප‍්‍රධානියා ලෙස පත් කර ඇති අතර නිරෝධායන මධ්‍යස්ථාන හා මුරපොලවල් පරිපාලනය කිරීමේ වගකීම හමුදාවට පැවරී ඇත. කොවිඞ්-19 පාලනය කිරීම සඳහා දිස්ත‍්‍රික්ක සම්බන්ධීකරණයට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 25 දෙනෙකු ප‍්‍රධාන නිලධාරීන් ලෙස පත් කර ඇත.
  4. මහ කොමසාරිස්වරිය විශේෂයෙන් අසීරුවට පත්ව පත්ව ඇත්තේ එක්සත් ජාතීන්ගේ වාර්තාවල චෝදනා ලැබ සිටින ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ගැටුමේ අවසන් වසරවල දී යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදා ප‍්‍රධානියා ලෙස 2019 අගෝස්තු මාසයේදී සහ මේජර් ජෙනරාල් (විශ‍්‍රාමික* කමල් ගුණරත්න ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස 2019 නොවැම්බර් මාසයේදී පත් කිරීම් පිළිබඳව ය. සන්නද්ධ ගැටුමේදී ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවට විශ්වාසදායක ලෙස චෝදනා ලැබූ ඔවුන් පිළිවෙලින් 53 වන සහ 58 වන සේනාංකවලට අණ දුන්හ. 2020 දෙසැම්බර් 28 වන දින නිලධාරීන් දෙදෙනාම ජනරාල් තනතුරට උසස් කරන ලදී. එක්සත් ජාතීන්ගේ මෙහෙයුම්, බරපතල මෙහෙයුම් අවදානමකට නිරාවරණය කරනු ඇති ස්ථානවල හැර සෙසු සෙස ස්ථානවල ශ‍්‍රී ලංකාවේ හමුදා සාම සාධක හමුදාවලට ගැනීම අත්හිටුවීමට තීරණය කළ බව 2019 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රසිද්ධියේ නිවේදනය කළේ ය.

ව්‍යවස්ථාමය ආරක්ෂණ ආපසු හැරවීම ( ඍැඩැරි්ක දෙ ක්‍දබිඑසඑමඑසදබ්ක ි්ෙැටම්රාි *

  1. 2020 ඔක්තෝබර් 22 වන දින නව පාර්ලිමේන්තුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළේය. මෙම සංශෝධනය මගින් රජයේ විවිධ ශාඛා අතර බල තුලනය වෙනස් වන අතර, ජනාධිපති සහ විධායක බලතලවල විෂය පථය විශාල ලෙස පුළුල් කිරීම සහ 2015 දී 19 වන ව්‍යවස්ථා සංශෝධනය සමඟ හඳුන්වා දුන් බොහෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෘද්ධි ආපසු හැරවීම (රුඩැරිසබට ප්බහ ාැපදජර්එසජ ට්සබි* සිදු කරයි. 20 සංශෝධනය මූලික වශයෙන් මානව හිමිකම් කවුන්සිලය, මැතිවරණ කොමිසම, ජාතික පොලිස් කොමිසම වැනි ප‍්‍රමුඛ කොමිසන් සභාවල ද ජ්‍යෙෂ්ඨ විනිසුරන් සහ අනෙකුත් ඉහළ නිලධාරීන් තෝරා ගැනීම, පත් කිරීම සහ සේවයෙන් පහ කිරීම සඳහා වූ ක‍්‍රියා පටිපාටි වෙනස් කිරීමෙන් අධිකරණයේ ද ස්වාධිනත්වය මෙම සංශෝධනය මගින් ඛාදනය කරනු ලැබ ඇතැයි මහ කොමසාරිස්වරිය සිය කනස්සල්ල පළ කරයි. ව්‍යවස්ථාදායක සභාව වෙනුවට පාර්ලිමේන්තු කවුන්සිලය ස්ථාපිත කරන ලද අතර එය දේශපාලනඥයන් න්ගෙන් පමණක් සමන්විත වෙයි. ඊට නිරීක්ෂණ පමණක් ඉදිරිපත් කළ හැකිය. 2020 දෙසැම්බරයේ දී ජනාධිපතිවරයා හිටපු අමාත්‍යවරයකු සභාපති කරමින් මානව හිමිකම් කවුන්සිලයට නව සාමාජිකයින් පත් කොට වැඩ අරඹන ලදී. නව පත්වීම් ක‍්‍රියාවලිය කොමිෂන් සභාවේ විශ්වසනීයත්වය හා ස්වාධීනත්වය අඩපණ කරන්නේද යන්න පිළිබඳ ව මහ කොමසාරිස් කාර්යාලය සැලකිලිමත් වේ.
  2. 2020 සැප්තැම්බරයේදී රජය නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කළ අතර රාජ්‍යයේ ස්වභාවය, මූලික අයිතිවාසිකම්, භාෂාව සහ විමධ්‍යගතකරණය යන මාතෘකා කිහිපයක් පිළිබඳව අදහස් ලබා දෙන ලෙස මහජනතාවට ආරාධනා කළේය. සමාජයේ විවිධත්වය සහ සිවිල් සමාජයේ පූර්ණ සහභාගීත්වය සැලකිල්ලට ගනිමින් ඇතුළත් වන උපදේශන ක‍්‍රියාවලියක වැදගත්කම මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. ශ‍්‍රී ලංකාව පිළිබඳ අතීත යෝජනාවලදී මානව හිමිකම් කවුන්සිලය අවධාරණය කර ඇත්තේ ”ප‍්‍රතිසන්ධානයට අත්‍යවශ්‍ය වන දේශපාලන අධිකාරිය බෙදා හැරීම සහ එහි ජනගහනයේ සියලූම සාමාජිකයින් විසින් මානව හිමිකම් පූර්ණ ලෙස භුක්ති විඳීම” ය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ෙඡ්දයේ ඇති හිඩැස් පියවීම සඳහා එක්සත් ජාතීන්ගේ විවිධ මානව හිමිකම් යාන්ත‍්‍රණයන් ශ‍්‍රී ලංකාවට නිර්දේශ නිකුත් කර ඇති අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර තාක්ෂණික සහාය ලබා දීමට ධ්‍යක්‍්‍යඍ සූදානම්ව සිටී.

අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම පිළිබඳ දේශපාලන බාධාකිරීම්

  1. ශ‍්‍රී ලංකාවේ අපරාධ යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාවලිය, දිගු කලක් තිස්සේ මැදිහත්වීම්වලට ලක් වී ඇති අතර, වර්තමාන රජය අතීත අපරාධ සම්බන්ධයෙන් වගවීම වැළැක්වීම සඳහා දැනට කරගෙන යනු ලබන විමර්ශන සහ අපරාධ නඩු විභාග නතර කිරීමට පූර්ව උත්සාහ කිරීම් හෝ බාධා කිරීම් හෝ කර ඇත. 2020 ජනවාරි 9 වන දින, රජය විසින් රාජ්‍ය නිලධාරීන්, ත‍්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් සහ පොලීසිය සහ සංස්ථාවල සේවකයින් පසුගිය රජය විසින් ‘දේශපාලන හිංසනයට ලක් කිරීම’ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති විමර්ශන කොමිශන් සභාවක් පත් කරන ලදී. කොමිසම සිය පුළුල් වරමත් සමඟ පොලිස් පරීක්ෂණ සහ අධිකරණ ක‍්‍රියාමාර්ගවලට මැදිහත් වී ඇති අතර ඉහළ පෙළේ මානව හිමිකම් හා ¥ෂණ සම්බන්ධ නඩු කිහිපයකදී පොලීසිය හා අධිකරණය අවතක්සේරු වන ආකාරයේ බලපෑමක් ඇති කර තිබේ.
  2. වඩාත්ම සැලකිල්ලට බඳුන් වු කරුණක් වනුයේ 2020 ජනවාරි මාසයේදී, හිටපු නාවික හමුදාපති කමාන්ඩර් අද්මිරාල් වසන්ත කරන්නගොඩට සහ හිටපු නාවික හමුදා ප‍්‍රකාශක කොමදෝරු ඞී.කේ.පී. දසනායකට 2008-2009 කාලය තුළ පුද්ගලයන් 11 දෙනෙකුගේ අතුරුදන්වීම් සම්බන්ධයෙන් නීති කෘත්‍යයක් පවත්වා ගෙන යාම අත්හිටුවන ලෙස කොමිසම නිතිපතිවරයාට නියෝග කිරීමයි. නීතිපතිවරයා මෙම නියෝගයට අනුකූල නොවූ අතර, සිය ව්‍යවස්ථාපිත කාර්යයන් ඉටු කිරීමෙන් වළකින ලෙස නියෝග කිරීමට කොමිසමට ව්‍යවස්ථාපිත හෝ නීතිමය බලයක් නොමැති බව කියා සිටියේය. මීට අමතරව, 2008 දී මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගේ ඝාතනය සහ 2010 දී කාටූන් ශිල්පී ප‍්‍රගීත් එක්නලිගොඩ අතුරුදහන් කිරීම යන ඒ්වාට එරෙහි පවත්වා ගෙන යන අධිකරණ කටයුතුවලදී කොමිසම හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට පක්ෂව මැදිහත් වී ඇත. කොමිසම වෙනත් අපරාධ නඩු විභාගවලට ද මැදිහත් වී ඇත. ලිඛිත සාක්ෂි රඳවා ගැනීමෙන්, නඩු පවරන නිලධාරීන්ට එරෙහිව නිතිමය පියවර ගන්නා බවට තර්ජනය කිරීමෙන් සහ දැනටමත් උසාවිවල පෙනී සිටින පුද්ගලයින්ගෙහරස් ප‍්‍රශ්න ඇසීමෙන් යනාදියෙන් ඒවා කළ බව පැවසේ. කොමිසම සිය අවසන් වාර්තාව 2020 දෙසැම්බර් 8 වන දින ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ නමුත් මෙය ලියන අවස්ථාව වන විට එය ප‍්‍රකාශයට පත් කර නොතිබුණි.
  3. 2020 ජුලි 31 වන දින ඉහළ පෙළේ අපරාධ සහ සංකේතාත්මක (ැපඉකැප්එසජ* මානව හිමිකම් නඩු කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවූ පොලිස් අපරාධ විමර්ශන අංශයේ (සීඅයිඞී* හිටපු ප‍්‍රධානී ශානි අබේසේකර ගොතන ලද චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබීය. තවත් රහස් පොලිස් පරීක්ෂකවරයකු වන නිශාන්ත සිල්වා 2019 දී ශ‍්‍රී ලංකාවෙන් පිටත්ව ගියේ සංකේතාත්මක සිද්ධීන් කිහිපයකට අදාළ ප‍්‍රධාන විමර්ශන කාර්යභාරය සඳහා පළිගැනීමක් සිදුවනු ඇතැයි යන බිය නිසා ය.

බහුතර සහ බැහැර කිරීමේ වාචාල කතා

  1. 2030 න්‍යාය පත‍්‍රය සහ නව තිරසාර සංවර්ධන කවුන්සිලයක් පත් කිරීම සඳහා රජය දක්වන කැපවීම මහ කොමසාරිස් පිළිගනී. සියලූ ශ‍්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සහ වෙනස් කොට සැලකීමට එරෙහි ව්‍යවස්ථාමය තහනම පිළිබඳව රජය විසින් සහතික කිරීම සඳහන් කෙරෙන නමුත්, ජනාධිපති සහ අනෙකුත් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයෝ ජනවාර්ගික-ජාතිකවාදී සහ බහුතර වාචාලකම් සහ සංකේත භාවිතය වැඩි කිරීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන අතරම සිංහල බෞද්ධ බහුතරයකගේ අවශ්‍යතා සහ සුළුතර ප‍්‍රජාවන් සඳහා අවම සැලකිල්ලක් ඇති බව ප‍්‍රකට කරති. ජනවාර්ගික හා ආගමික සුළුතර ප‍්‍රජා එවැනි නිල කතිකාව තුළ අතහැර දමා හෝ බැහැර කර හෝ ඇති අතර බොහෝ විට ඔවුන් තර්ජනයක් ලෙස සලකනු ලැබේ. එවැනි ප‍්‍රවේශයක් ප‍්‍රතිසන්ධානය, සාමය ගොඩනැගීම සහ ආගමික ඉවසීම සඳහා බරපතල ඍණාත්මක බලපෑම් ඇති කරන අතර අනාගත ප‍්‍රචණ්ඩත්වයේ හා ගැටුමේ බීජ රැුගෙන යයි.
  2. 2020 නොවැම්බර් 18 වන දින සිය සංවත්සර දේශනයේදී ජනාධිපතිවරයා අවධාරණය කළේ තමා සිංහල බහුතරය විසින් තෝරා පත් කර ගෙන ඇති බවත් ”සිංහල ජාතිය, අපේ ආගම, ජාතික සම්පත් සහ උරුමය විනාශය හමුවේ තර්ජනයට ලක්වනු ඇතැයි යන යුක්තියුක්ත බිය” ඇති බවත් ය. බෙදුම්වාදයට, අන්තවාදයට හා ත‍්‍රස්තවාදයට සහාය දෙන විවිධ දේශීය හා විදේශීය බලවේග සහ මතවාද පාලනය පිළිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ බෞද්ධ භික්ෂූන්ගෙන් සමන්විත උපදේශක සභාවක් ජනාධිපතිවරයා පිහිටුවා ඇත. 2020 ජුනි මාසයේදී, නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණයේ සංවේදී කාරණය සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවන ලද අතර එය කලාපයේ විවිධ ජනවර්ග හා උරුම නොතකා බෞද්ධ භික්ෂුන් තිදෙනෙකු ඇතුළත් සමුපූර්ණයෙන් ම සිංහල සාමාජිකයන්ගෙන් පමණක් සමන්විත විය. ප‍්‍රතිසන්ධානය සඳහා වෙසෙසි සංඥවක් ලෙස සිංහල හා දෙමණ යන භාෂා දෙකෙන්ම ගායනා කිරීමට පූර්වාදර්ශ තිබියදීත්, 2020 පෙබරවාරි 4 වන දින නිදහස් දින සැමරුම වැනි ජාතික අවස්ථාවන්හිදී ජාතික ගීය දෙමළ භාෂාවට ඇතුළත් කිරීම රජය ප‍්‍රතික්ෂේප කළේය.
  3. කොවිඞ්-19 වසංගතය ආගමික නිදහසට ද බලපා ඇති අතර මුස්ලිම් ප‍්‍රජාව පෙළනු ලබන ආන්තිකකරණය සහ වෙනස් කොට සැලකීම උග‍්‍ර කළේය. කොවිඞ්-19 මගින් මරණයට පත් සියලූ දෙනාම ආදාහනය කිරීමට රජය ගත් තීරණය නිසා මුස්ලිමුන්ට ඔවුන්ගේ ආගමික වත්පිළිවෙත් වල සුසාන භූමියේ යෙදීම වළක්වා ඇති අතර ආගමික සුළුතරවලට විසමනුපාතික ලෙස බලපා ඇති අතර ආතති උත්සන්න වී තිබේ. මෙම ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක වන්නේ මහජන සෞඛ්‍ය අවශ්‍යතා සහ විද්‍යාත්මක උපදෙස් මත බව රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයයට (ධ්‍යක්‍්‍යඍ* ප‍්‍රකාශ කළද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟ පෙන්වීම අවධාරණය කරන්නේ ”ආදාහනය සංස්කෘතික තේරීමක්” බවයි. ශ‍්‍රී ලාංකික මුස්ලිමුන් ජනප‍්‍රිය කතිකාව තුළ කොවිඞ්- 19 වාහක ලෙස අපකීර්තියට පත්ව ඇත. 2020 ජුනි මාසයේදී මහ කොමසාරිස්වරයා විසින් සිය ගෝලීය යාවත්කාලීන කිරීම පිළිබඳව මහ කොමසාරිස්වරිය විසින් මේ පිළිබඳ කනස්සල්ල පළ කරන ලදී.

සිවිල් සමාජය ආවේක්ෂණය හා බිය ගැන්වීම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය හැකිළීම

  1. 30/1 යෝජනාව ක‍්‍රියාත්මක කිරීමට සහාය දුන් අය ද ඇතුළත් සිවිල් සමාජ සංවිධාන, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සහ වින්දිතයින්ට දැඩි ආවේක්‍ෂණයක් හා හිරිහැර කිරීමේ රටාවක් පසුගිය වසර පුරා තීව‍්‍ර වී ඇති බව පෙනේ. 2020 පෙබරවාරි වන විට සිවිල් සංවිධාන 40 කට අධික සංඛ්‍යාවක් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව, ත‍්‍රස්තවාදී විමර්ශන අංශය සහ රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු ආරක්ෂක සේවාවන් රාශියකින් හිරිහැර කිරීම්, ආවේක්‍ෂණ සහ නැවත නැවත සෝදිසි කිරීම් පිළිබඳව ධ්‍යක්‍්‍යඍ වෙත දන්වා ඇත. සංවිධානයේ, මෙන්ම කි‍්‍රයාධරයන්ගේ ද පුද්ගලික සම්බන්ධතා තොරතුරු, පරිත්‍යාගශීලීන් සහ අරමුදල් ප‍්‍රභවයන් ද කාර්ය මණ්ඩලයේ ලැයිස්තු යාදිය සෝදිසි කරනු ලැබ ඇත. සමහරුන්ගේ ඥතීන් විදේශයන්හි සිටින ස්ථාන ගැන පවා ප‍්‍රශ්න කරන ලද බැව් සඳහන් ය. මහලේකම් වෙත සහ විශේෂ ක‍්‍රියා පටිපාටිය වෙත සෝදිසි කිරීම් සහ පළිගැනීම් පිළිබඳ සමාන චෝදනා ලැබී තිබේ. මෙය ප‍්‍රජා හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයට ප‍්‍රබල බලපෑමක් ඇති කරමින් ස්වයං වාරණයකට යොමු කෙරෙන බවට මහ කොමසාරිස්වරිය කනස්ලූසහගත වේ. ප‍්‍රචණ්ඩ අන්තවාදය වැළැක්වීම තම අරමුණ බව රජය ප‍්‍රකාශ කර ඇත. කොවිඞ්-19 නොතකා 2020 අගෝස්තු මාසයේ දී පාර්ලිමේන්තු මැතිවරණයක් සාර්ථකව පැවැත්වීමට ශ‍්‍රී ලංකාවට හැකි වූ අතර, නීත්‍යානුකූල අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සහ ආශ‍්‍රය පිළිබඳ අධික හෝ අත්තනෝමතික සීමාවන් සාධාරණීකරණය කිරීම සඳහා වසංගතය භාවිතා කර ඇත.
  2. රාජ්‍ය නොවන සංවිධාන අධීක්ෂණය සඳහා ආයතනික විධිවිධාන වෙනස් කිරීම සහ ත‍්‍රස්තවාදයට එරෙහි නීති, මුදල් විශුද්ධිකරණ පනත යනාදිය භාවිතා කිරීම මගින් නීත්‍යානුකූල ක‍්‍රියාකාරකම් මැඩපැවැත්වීමට පියවර ගෙන ඇත. රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම සහ මෙහෙයුම් අධීක්ෂණය සඳහා රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයක් පිහිටුවන්නට රජය විසින් පියවර ගන්නා ලද අතර එය සිවිල් අමාත්‍යංශයක් යටතේ නොව ආරක්ෂක අමාත්‍යාංශයේ සහ එහි රහස් ඔත්තුසේවා යටතට පත් කොට තිබේ.
  3. රාජ්‍ය නොවන සංවිධානවල මෙහෙයුම් නියාමනය කරන ස්වේච්ඡුා සමාජ සේවා සංවිධාන (ඪීීධ* පනත විදේශ අරමුදල් සඳහා ඔවුන්ගේ ප‍්‍රවේශය පාලනය කිරීම සඳහා සමාලෝචනය කරනු ඇති බවට වන වාර්තා ද කනස්සල්ලට කරුණකි. ඕනෑම ව්‍යවස්ථාදායක ප‍්‍රතිසංස්කරණයක් මගින් මානව හිමිකම්වලට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර නීතිමය බැඳීම් හා ව්‍යවස්ථාමය විධිවිධානවලට අනුකූල විය යුතු බවත්, ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් අසාධාරණ ලෙස සීමා කිරීම සහ සම්පත් වෙත ප‍්‍රවේශ වීම වෙනුවට සිවිල් සමාජයට හැකියාවක් ඇති පරිසරය ශක්තිමත් කළ යුතු බවත් මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් තාක්ෂණික සහාය සහ උපදෙස් ලබා දීමට ධ්‍යක්‍්‍යඍ සූදානම් ය.
  4. වෛරය උසිගැන්වීම තහනම් කරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයිසීසීපීආර්* පනත වැනි වෙනත් නීති, සාමකාමීව තම මතය ප‍්‍රකාශ කරන මිනිසුන් අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම සඳහා වෙනස් ආකාරවලින් අත්තනෝමතිකව අනිසි ලෙස භාවිතා කර ඇත. අයිසීසීපීආර් පනත ”සිතීමේ හෝ මතයේ, හෘද සාක්ෂියේ සහ ආගමේ හෝ විශ්වාසයේ නිදහස සීමා කිරීම සඳහා භාවිතා කරන මර්දනකාරී මෙවලමක් බවට පත්ව ඇති බව” ආගමේ සහ විශ්වාසයේ නිදහස පිළිබඳ විශේෂ වාර්තාකරු (ීචැජස්ක ඍ්චචදරඑැමර දබ රෙැැාදප දෙ රුකසටසදබ ්බා ඉැකසැෙ* නිරීක්ෂණය කර තිබේ. නිදසුනක් වශයෙන්, මුස්ලිම් විරෝධී ව්‍යාපාර විවේචනය කරමින් සිය ෆෙස්බුක් පිටුවේ පළ කළ ලිපියක ‘දෘෂ්ටිවාදාත්මක ජිහාඞ්’ (සාැදකදටසජ්ක වසය්ා* යන ප‍්‍රකාශය භාවිතා කිරීම සම්බන්ධයෙන් මෙම නීතිය සහ පරිගණක අපරාධ පනත යටතේ ඔන්ලයින් ක‍්‍රියාකාරිකයෙකු වන රම්සි රසීක් 2020 අපේ‍්‍රල් 9 වන දින අත්අඩංගුවට ගනු ලැබීය. ඊට දින කිහිපයකට පෙර එම පෝස්ටුව පළ කිරීමෙන් පසු තමාට එල්ල වූ මරණ තර්ජන සම්බන්ධයෙන් ඔහු පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. සෞඛ්‍ය තත්වය පිරිහීම හේතුවෙන් 2020 සැප්තැම්බර් 17 වන දින ඔහු ඇප මත නිදහස් විය.
  5. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත‍්‍රණය විසින් අවලංගු කිරීම සඳහා වසර ගණනාවක් තිස්සේ පුන පුනා දන්වා සිටියද, රජය ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත (ඡුඔ්* දිගටම උපයෝගී කැර ගැනීම ගැන මහ කොමසාරිස්වරයා සැලකිලිමත් වේ. නිදසුනක් වශයෙන්, 2020 අපේ‍්‍රල් 14 වන දින පොලිස් නිලධාරීන් විිසින් ප‍්‍රකට නීතිඥ හෙජාස් හිස්බුල්ලා ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගන්නා ලදී. 2020 අප‍්‍රියෙල් 25 වන තෙක් ඔහු වෙත රැුඳවුම් නියෝගයක් ලබා දී නොතිබිණි. ඔහුගේ නීතිඥ කාර්යාලයය සෝදිසි කර එහි වූ දෑ අත් අඩංගුවට ගන්නා ලදී. හිස්බුල්ලා එතැන් සිට දින 90 ක නැවත අලූත් කළ හැකි පුනරුත්ථාපන රැුඳවුම් නියෝග යටතේ රඳවා ගන්නා ලදී. 2019 අපේ‍්‍රල් මාසයේ කොළඹ ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ බවට ද චෝදනා කිරීම සහ ප‍්‍රජා අතර ආගමික සමගියට අහිතකර ය’යි සැලකෙන ක‍්‍රියාකාරකම්වල නිරත වීම ද, ළමයින් අන්තවාදයට පුහුණු කළ බවට ද ඔහුට චෝදනා එල්ල කැරිණි. මහේස්ත‍්‍රාත්වරයකු ඉදිරියේ හිස්බුල්ලාගේ නඩු විභාගය 2021 පෙබරවාරි දක්වා කල් තබන අතර මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතී. මේ වන විට ඔහු කිසිදු චෝදනාවකින් තොරව මාස 10 ක් රැුඳවුම් භාරයේ රඳවාගනු ලැබ සිටී.
  6. මෑතදී පොලිස් අත්අඩංගුවේදී සිදු වූ මරණ මාලාවක් සහ අපරාධ කල්ලි යැයි කියනු ලබන පොලිස් භටයන් සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරිය සැලකිලිමත් වේ. නීතිය හා සාමය සහ මත්ද්‍රව්‍ය පාලනය සම්බන්ධයෙන් දැඩි, මිලිටරීකෘත ප‍්‍රවේශයක් ජනාධිපතිවරයා සහ රජයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ පුද්ගලයින් විසින් ප‍්‍රකාශයට පත් කිරීමත් සමඟ මේවා සිදු විය. 2020 ඔක්තෝබර් 20 වන දින කොළඹ අපරාධ කොට්ඨාශයේ :ක්‍ක්‍ෘ* අත්අඩංගුවේ සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායමක නායකයා යැයි කියනු ලබන සමරසිංහ අරච්චිගේ මධුෂ් ලක්ෂිත පොලිස් වෙඩි හුවමාරුවකින් මියගිය බව වාර්තා වේ. ඊට දින කිහිපයකට පෙර ඔහුගේ පවුලේ අය සහ නීතිඥයින් ඔහුගේ ආරක්ෂාව ගැන කනස්සල්ල පළ කර තිබුණි. සංවිධානාත්මක අපරාධ කල්ලිවල සාමාජිකයින් ය’යි කියනු ලබන තවත් පුද්ගලයන් සිව් දෙනකුගේ මරණ 4 ක් 2020 ජුනි සිට අගෝස්තු දක්වා කාලය තුළ සිදුවිය. මෑතදී පොලිස් ස්ථානවල අත්අඩංගුවේ සිටියවුන්ගේ මරණ ද වාර්තාවිය. ඒවා වධහිංසා පැමිණවීම නිසා සුදු වූයේ ය’යි පැවසේ. වඩාත් බරපතල සිදුවීම නම් කොවිඞ්-19 හි භීතියට සම්බන්ධ විරෝධතා හේතුවෙන් 2020 නොවැම්බර් 29 වන දින මහර බන්ධනාගාරයේ පැවති උද්ඝෝෂණයකදී රැුඳවියන් 11 දෙනෙකු මිය ගොස් සියයකට වැඩි පිරිසකට තුවාල සිදු වීමයි. සිද්ධිය විමර්ශනය කිරීම සඳහා රජය කමිටුවක් පත් කළ අතර අතුරු වාර්තාව 2020 දෙසැම්බර් 7 දින අධිකරණ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලදී.
  7. මෙම සිදුවීම්වලින් පිළිබිඹු වන්නේ නීතිය ක‍්‍රියාත්මක කරන නිලධාරීන් විසින් වධහිංසා පැමිණවීම සහ වෙනත් අයුතු ලෙස සැලකීම සහ නීතිවිරෝධී ඝාතන සිදු කිරීමත් ඔවුන්ට දණ්ඩන මුක්තිය තිබිමත් වේ. 30/1 යෝජනාව සම්මත කරගත් දා සිට ශ‍්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් පැහැරගෙන යාම, වධහිංසා පැමිණවීම සහ ලිංගික හිංසනය පිළිබඳ සුප‍්‍රසිද්ධ මානව හිමිකම් සංවිධානයක් හරහා ධ්‍යක්‍්‍යඍ වෙත අඛණ්ඩව විශ්වාසනීය චෝදනා ලැබී ඇති අතර, පසුගිය වසර ඇතුළුව විශ්වාසදායක ලෙස විමර්ශනය කළ යුතුය.
  8. බන්ධනාගාරවල කොවිඞ්-19 පැතිරීම අවම කිරීම සඳහා වන, ඇතැම් වැරදි සඳහා ඇප ලබා දීම සඳහා නීතිපතිවරයා විසින් උපදෙස් නිකුත් කිරීම සහ 2020 දී සිරකරුවන් දහස් ගණනක් නිදහස් කිරීම වැනි ධනාත්මක පියවර මහ කොමසාරිස් කාර්යාලය අගය කරයි. විවිධ විශේෂිත ක‍්‍රියා පටිපාටි නිසා ඇතිවන අධිකරණමය, නඩු විභාගයට පෙර දීර්ඝකාලීනව රඳවා තබා ගැනීම සහ ඇප දීමේ සංකීර්ණ කි‍්‍රයා සන්තති වැනි දිගුකාලීන ගැටලූ සහිත බන්ධනාගාර පද්ධතියක මූල හේතු විසඳීම සඳහා වඩාත් පද්ධතිමය ප‍්‍රතිසංස්කරණවල දී සහාය වීමට ධ්‍යක්‍්‍යඍ සූදානම් ය.