ටිරන් කුමාර බංගගමආරච්චි

ජනාධිපතිවරණයක් නම් කර නොමැති පසුබිමක ජනාධිපති අපේක්ෂකයන් නම් කිරීම මේ මොහොතේ ලොකුම සෙල්ලමය. පොදු ජන පෙරමුණ කල් තියාම ගෝඨාභය නම් කළ අතර නම් කිරීමෙන් පසු ඔහු දිනවීමේ සටනද ආරම්භ කර ඇත. ජවිපෙද තම හොඳම අපේක්ෂකයා ලෙස ජවිපෙ සුපර්ස්ටාර්ස් අනුර කුමාරවම පත් කළේය. පෙරටුගාමී පක්ෂයද තම ජනාධිපති අපේක්ෂකයා නම් කළේය. ඒ දුමින්ද නාගමුවය. කුමාර ගුණරත්නම් වේදිකාව දෙස බලද්දී දුමින්ද දැක අපේ ජනාධිපති දුමින්ද කිව්වා ගාණය. පෙරෙට්ටෝ මල්පෝච්චියක් ලෙස ජනාධිපතිට දුමින්දවම තබාගෙන ඇති බව පෙනේ. හැමට ප‍්‍රශ්නය එජාප අපේක්ෂකයා කවුද යන්නය. ඒ සජිත් නොවන බව නම් ස්ථිරය. ඒ කරූම වීමට ඇති ඉඩ බොහෝය. පොහොට්ටු – ශ‍්‍රී ලංකා සාකච්ඡුා බාලගිරි දෝෂය මෙනි. රනිල්-සජිත් සාකච්ඡුාද අද නොවේ හෙට පන්නයේය. ගෙවුණු ඉරිදා දෙදෙනා මුහුණට මුහුණ හමුවෙතැයි ප‍්‍රචාර ගියේය. එහෙත් පසුව එය ගෙවුණු අඟහරුවාදාට කල් ගියේය. අඟහරුවාදා මහ ? දෙදෙනා හමුවූ මුත් අවසානයක් නොවීය. එහෙත් සාකච්ඡුා අවසන එළියට ආ සජිත් දෙස බැලූ කල ඒ ඔහුගේ අවසානය බව නම් මනාව පෙනුණි. මෙවරත් සුපුරුදු පරිදි රනිල් සජිත්ව මෙල්ල කළ බව පැහැදිලිය. සජිත් ද පෙර පරිදිම පුරුදු ලෙස තමා වෙනුවෙන් නැහුණු අය නසාම දැම්මා විය යුතුය. අඩියක් නොව සෙන්ටි මීටරයක් පස්සට නොගන්නා බව කී සජිත් දැන් පරඬැලක් මෙනි. දැන් ඔහු කියනුයේ පෙරුම් පුරන බවය. බුදු වදන්ම දෙන සජිත්ගේ අලූත් වදන වී ඇත්තේ පෙරුම් පිරීමය. ඒ අනුව පැහැදිලි වන්නේ මෙවරත් ඔහු පෙරුම් පුරන බවය. රනිල් බුදුවන බවය.


සජිත් එජාපයෙන් ගැලවී හෝ මෙවර ජනාධිපති අපේක්ෂකයා නොවුණහොත් ඔහුගේ දේශපාලනය ඉවරය. එජාපයේ නියෝජ්‍ය නායකකමත් ඉදිරියේදී ඔහුට අහිමිය. එබැවින් මෙවර ඔහු වෙනුවෙන් සෑහෙන පිරිසක් පෙරට ආහ. ඒ අය විනාශ කළහොත් සජිත් මීටත් වඩා බලූ වනවා නියතය. ඔහු දැන්ම ඔහුගේ නමටද කුකුල් කූඩු ටිකක් හදා ජනතා අයිතියට පැවරීම වටී. එසේ වුවහොත් මේ ඔහුගේ දේශපාලනයේ අවසානය වන බැවිනි. සජිත්ට රනිල් සමග සෙල්ලම් කළ නොහැකිය. රනිල් යනු සෙල්ලං ෆැක්ටරියකි. සජිත් විශ්වාස කරන හැමෝම අවසානයේ දේශපාලනිකව දිවි නහ ගත්තෝය. දයාසිරි මෑතකදී කීවේ සජිත් ප‍්‍රපාතය ළඟට ගොස් නැවත හැරෙන බවය. එය ඇත්තකි. බොරු සිංහ ලීලාව පෑවාට සජිත් -රනිල් ළඟ බලූවන්නේ බලා ඉද්දීය. අඟහරුවාදා එය වූ බව පැහැදිලිය. සජිත්ට නැවත පෙරුම් පුරන තැනට ටොක්ක රනිල් ඇන්නේය. තමා ජනපති වී සජිත් අගමැති වී ජයගෙන 2025දී සජිත්ට ජනපති වෙන්නැයි රනිල්-රාජිත කීවා යැයි උපකල්පනය කරමු. දැන් සජිත් ගැටයට හිරය. රනිල් යනු තවදුරටත් දේශපාලන තක්කඩි රජු බව ඔප්පු කර හමාරය.


රනිල් කල් යල් බලා නිල බලා පහර දෙන්නෙකි. පතෝල සජිත් හැමදාම ඔහු ඉදිරියේ පතෝල කරලක්ම විය. දේශපාලනය තිත්තම වෙමින් පවතින කලෙක මේ තත්ත්වයන් තවදුරටත් එය පිළිකුල්ම කරන තැනට කරුණු දිග හැරේ. සජිත් දුර්වලයකු වන විට රනිල් ප‍්‍රබලයකු වන්නේද? නැත. රනිල් හිරිකිත දේශපාලකයකුම වන්නේය. මේ දේශපාලන සූක්ෂ්මකම් ලෙස අර්ථ ගැන්වීම විහිළුය. එජාපයට වුවමනා කාව හෝ පොදු අපේක්ෂකයා කොට බලය ලබා ගැනීමය. ඔවුන්ට රාජපක්ෂලා පරදවන්නට වුවමනා බලය ලබන්නට මිස රට දියුණු කොට ජනතාව දිනවන්නට නොවේ. රාජපක්ෂලාට වුවමනා කෙසේ හෝ බලය ගෙන තම පවුල සහ තමා වටා සිටින අය ගොඩ දමන්නටය. මේ දෙරැුවටීමටම ජනතාව හසුවෙයි. මෙරට දේශපාලන නාඩගමේ තවමත් කෙරුමෝ රනිල්-මහින්දය. මේ දෙක සිටින තාක් මෙරට දේශපාලනය මෙලෙසමය. සිංහල බෞද්ධ ඡුන්ද ඇති තාක් රාජපක්ෂලා කෙරුමෝය. එමෙන්ම මුස්ලිම්, දෙමළ ඡුන්ද නිසා එජාපය කෙරුමෝය. සිංහල ඡුන්ද සැලකිය යුතු ටිකක් ගතහොත් දෙමළ මුස්ලිම් ඡුන්දවලින් නැවත රජවිය හැකි බව රනිල් දනී. සිංහල ඡුන්ද උපරිම ගතහොත් ඉතිරිය සුළු ජාතික ඡුන්ද බලකඳවුරු එකක් හෝ මුදලට ගතහැකි බව මහින්ද දනි. මේ සෙල්ලමේ තවමත් මහ මොළකරු දෙපළ රනිල්-මහින්දමය.


මහින්දගේ ගමන


ගෝඨාභයට මුලදී තිබුණාට වඩා ගැම්ම අඩුවී ඇති බව පෙනෙන්නට ඇති දේය. ඒ ගැම්ම හදන්න නම් තමා උපරිම කර ගැසිය යුතු බව මහින්ද දනී. අද ගෝඨා පෙරටු කොටගෙන මහා පවුරක් සේ නැගී සිටින්නේ මහින්දය. මේ සටන සැබැවින්ම මහින්දගේය. ගෝඨා පැදුණහොත් එය ගෝඨාගේ පමණක් පරාජයක් නොව රාජපක්ෂලාගේම වඳවීමක් බව මහින්ද හොඳාකාරවම දනී. ඒ නිසා මේ මොහොතේ හැම සහෝදරයාම එකතුව ගෝඨා රැුකගත යුතු බව, දිනවිය යුතු බව මහින්ද දනී. බැසිල් ඊට උපරිමය සහය දෙනු නියතය. සහෝදරයෝ ඇරුණු කල අනෙක් සියල්ලෝ අවශේෂ චරිතය. තරගය ඇත්තේ පවුල තුළය. ජය පරාජය දෙකම උරුම පවුලටමය. ඇති වෙන්නට හෝ නැති වෙන්නට වන්නේ රාජපක්ෂලාටමය. ඒ නිසා මෙවර ගෝඨා දිනවීම යනු සියල්ල තීරණය වන මර්මස්ථානයය. ගෝඨා සමග මහින්ද කැරකෙන්නේ බස්නාහිරය. වියත් මග හෝ මොන මග ගොස් හෝ දැල එලන්නේ වෙනම ආරකටය. බිම් මට්ටම මහින්දලාට ලේසිය. එහෙත් කොළඹ කේන්ද්‍රිය ප‍්‍රජාව රාජපක්ෂලා සමග දුරස්ථය. මේ වලිකනුයේ ඒ ළඟ මිත‍්‍රකම ගොඩ නගා ගන්නටය. ත‍්‍රීවීල් රියදුරන්ගේ සිට ධනකුවේරයන් දක්වා යන ගමන තුළින්ම පෙනෙනුයේ මෙවර ජය උපරිමයෙන් තහවරු කරන්නට හැකි හැම වෙහෙසක්ම ගන්නා බවය. අධි තක්සේරුවෙන් කල් ගෙවූ නිසා 2015දී ඇන ගත් මහින්ද මෙවර එලෙස කරගන්නට මෝඩ නැත. ඒ නිසා පහළ ස්ථරයේ සිට ඉහළම ස්ථරය දක්වා ළඟටම ගොස් අයැදීම ආරම්භ කර ඇත. මෙවර ගෝඨා පරාජය කළ හැකි නම් රාජපක්ෂලා අතුගා දැමිය හැකිය. එහෙත් එය ලේසි නැත.


රනිල්ගේ ගමන


රනිල් ජනාධිපති අපේක්ෂකයා වන්නේ නැත. රනිල් තරග කරන්නකු නොව ඔට්ටු අල්ලන්නෙකි. 2015දී ඔහු පොදු අපේක්ෂකයකුගෙන් ගොඩ ගිය අතර දැන් ඔහු ඉන්නේ ඒ ආශාවේමය. රනිල් බෞද්ධ ඡුන්දවලින් ගොඩ යන්නට බලන්නේ නැත. බෞද්ධයා දිනා ගැනීම මහින්ද තරම් තමාට බැරි බව ඔහු දනී. මේ නිසා ඔහු කරනුයේ දෙමළ-මුස්ලිම් ඡුන්ද මත යැපීමය. එසේ නම් මෙවර එජාපය තේරිය යුත්තේ ඔවුන්ගේ හිත දිනාගත හැකි නායකයෙකි. අපේක්ෂකයෙකි. මේ දේ කළ හැකි හොඳම සාධකය කරු බව රනිල් සිතනවා විය හැකිය. පන්සල්වල ගෞරවයද කරු ලබා ඇති නිසා කරු බෞද්ධ ඡුන්ද ටිකක්ද ලබාගත හැකි බව රනිල්ගේ කල්පනාව විය හැකිය. ගම්පහදී පබාටත් පැරදුණු කරුට හරියට කරට ගතහොත් යමක් කළ හැකි යැයි ඔහු සිතනවා විය හැකිය. රනිල් තීන්දු ගන්නේ රාජිත ප‍්‍රමුඛ ඔහු වටා සිටින සීමිත පිරිසක් සමගය. එයට චම්පික රණවක මෙන්ම සරත් ෆොන්සේකාද එකතුව ඇති බව නොරහසකි. එජාපයේ කුලීකරුවන් වුවත් මොවුන්ට දැන් එජාපයේ ලොකු ඉඩක් ඇත. (එජාප නිවසේ කුලීකරුවන්* මේ අයගේ තේරීමද කරු බව පැහැදිලිය. පසුගිය කාලය පුරා රනිල් පතුරු ගැසූ සිවිල් සංවිධාන රනිල්ටත් හොරා කරු ගෙනෙන්නට වලි කෑවේය.

එහෙත් රනිල් නැතිව ගමනක් යා නොහැකි බව බොහෝ දුර ගිය පසු පැහැදිලි විය. තම කැමැත්ත වන කරුට රනිලූත් කැමති වූ කල දැන් මේ සැම එක පිලේය. කරු තෝරාගෙන ඇති නිසාම මේ අය දැන් රනිල්ට පහර ගහන්නේ නැත. මේ නිසා රනිල් දැන් කල් මරනුයේ ජනාධිපතිවරණය තීන්දු වන තෙක්ය. ඉන්පසු ඔහු කරුව එළියට දමනු ඇත. අගමැති ඔහුම වනු ඇත. රනිල් දැන් සජිත්ව ගේම් එකෙන් අහකට කොට හමාරය. සජිත්ගේ බොරු දැඟලිල්ල හති වැටෙනකම් බව රනිල් අන් සැමට වඩා දනී. හති වැටුණු කල වලිප්පුවත් හැදී සජිත් බිම වැටෙනුයේ තමා අල්ලාගෙන සිටි අයද යට කරගෙන බව රනිල් දනී. මේ නිසා ඔහු හීන් නූලෙන් ක‍්‍රියා කරන්නේ ගෝඨාට අවැසි තුරුම්පුව අදින්නට විනා සජිත් වැනි විහිළුකාරයන්ගේ විකටවලට හිනාවීමට නොවන බව දැන් පැහැදිලිය. එහෙත් සැමදා එකම දේශපාලන සෙල්ලම සාර්ථක නැති බව කිව යුතුය. රාජපක්ෂලාට මෙන්ම රනිල් ප‍්‍රමුඛ එජාපයටද ජනතාව තුළට විත් ලොකු සෙල්ලම් දැමිය නොහැකිය. රාජපක්ෂලා මෙන්ම වික‍්‍රමසිංහලාද තක්කඩි බව දේශපාලනය ගැන දන්නා අය දනිති. එක පිලක් මහ භයඃකාර කිරීමත් විකාරය. දෙපිළම එකය.


සිරිසේනගේ ගමන


2015න් පසු දේශපාලනයට එකතු වූ සූක්ෂ්ම කපටියා සිරිසේනය. ඔහු පෙරළන බාල්දි හිතා ගැනීමත් ලේසි නැත. මහින්ද-රනිල් කාලයත් සමග හුරුවී ඇති නිසා මොවුන් කරනුයේ මේ යැයි සිතිය හැකි වුවත් සිරිසේනගේ ගේම් ලිහා ගැනීම සංකීර්ණය. ඔහු ක‍්‍රියා කරනුයේ දැලි පිහිය අතට ගත් වඳුරා ලෙසය.


මේ ඔහුගේ දේශපාලනයේ අවසානයය. යළි රැුඳෙන්න නම් මහත් වෙහෙසක් ගෙන පුටු පෙරළාගෙන නැගී සිටිය යුතුය. අමාරු කාර්යය කෙසේ හෝ නොකළහොත් මේ ලද සැප හමාරය. එබැවින් ඔහු කුමක් හෝ ගැටයක් ගසනවා ඇත. ඊට ඔහුට කිට්ටුව දක්ෂ ගැට කපන්නෝ සිටින බව පෙනේ. ඒ චන්ද්‍රිකා සහ මංගලය. මංගල මෙවර සජිත් කරට ගත්තේ බොහෝ දුර හිතාය. ඒ එජාපයෙන් එන්නට නොව වෙනම එන්නය. එජාපයෙන් එන්නට නම් රනිල් ළඟ වැඳ වැටිය යුතුය. පාරවල්වල කෑමොර දී පළක් නැත. එහෙත් පාරට බැස්සේ රනිල් සරණ නොගන්නටය. එසේ නම් ඉදිරියේ විය හැක්කේ දැනට අනාථව යන එන මං නැතිව ඉන්නා සජිත්-සිරිසේන එකතුවීමය. එකතු වනවා නම් ගහේ බඩු ඔවුන්ය. ඒ දෙක දේශපාලනයට පෑහෙන අපූරු ජෝඩුවකි. එයට දැනුම සැපයීම චන්ද්‍රිකා සහ මංගල කරනු ඇත. එවිට ඔවුන්ට යම් පමණකට හිස එසවිය නොහැකි යැයි කිසිවකුට කිව නොහැකිය. සජිත් සමග දැනට එකතු වී සිටින සියල්ලෝ එළියට ආ හොත් එය එජාපයට යන එන මං නැතිවීමකි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දේශපාලන විචාරකයෝ කෙස් පැලෙන්න තර්ක කළේ රනිල් එක සිරිසේන දෙක මහින්ද තුන කියාය. එහෙත් අන්තිමට සිද්ධ වූයේ තුන එක වී අනෙක් දෙකම අනාථවීමය. එලෙසම සජිත්-සිරිසේන හවුලක් ඇති වුවහොත් එජාපය තුනට වැටෙනවා නියතය. මෙවර වඩා දේශපාලනිකව කපටියා කවුද යන්න තේරිය හැකිය. ඒ රනිල්ද මහින්දද කියාය. සිරිසේනටත් අවැසි නම් ඒ තරගයට සහභාගි වී ඉහත දෙපළම පරාජය කළ හැකිය. මේ සියල්ලෝ ජනතා නියෝජිතයන් නොව තරගකරුවන් බව ජනතාව ඉක්මනින් වටහා ගත යුතුය. මොවුන් තරගය දිනන්න පැමිණ සිටින අය විනා ජනතාව දිනවන්නට පැමිණ ඇති අය නොවේ. එබැවින් එවැනි බොරු වළවල් හඳුනාගෙන තමන් කැමති අපේක්ෂකයාට එස්.එම්.එස් කරන ලෙසට කතිරය ගසනවා හැර වෙන යමක් දැන් සිදු නොවේ. ඒ තරමට මාධ්‍ය හැම එකතු වී මෙරට දේශපාලනය රියලිටි ෂෝ එක බවට පත් කොට ඇත. මේ ජනපති ස්ටාර්ය. ජනතාව තේරුම් ගත යුත්තේ තරුවලින් පළක් නැති බවය.