ටිරන් කුමාර බංගගමආරච්චි


කොළඹ 07 ‘පැජට් පාර’ මහගමසේකර මාවත වුවද තවමත් පුරුදු මතකය පැජට් පාරමය. මේ දිනවල ‘පැජට් පාර’ ජනප‍්‍රියය. ඒ හිටපු ජනපති සිරිසේන ජනපති ලෙස පාවිච්චි කළ සුඛෝපභෝගී පැජට් පාරේ නිවස විශ‍්‍රාම ගියද භුක්ති විඳිමින් සිටීමය. තමා සරල මිනිසෙක් යැයි පම්පෝරි ගැසූ සිරිසේන දැන් මේ නිවස අත නොහැර එහි බහිරවයකු සේ ලගිමින් සිටී. මොනවා නැතත් මේ නිවස පමණක් මට දෙන්න යැයි යදින මට්ටමට ඔහු පත්වී ඇත.
මේ දිනවල නව ආණ්ඩුවේ මේ ගැන ඇත්තේ උණුසුම් කතාබහකි. විශ‍්‍රාම ජනපති කෙනකුට එතරම් වටිනා නිවසක් නොවුවමනා බව බොහෝ අයගේ ඒකමතික තීන්දුවය. මෙතෙක් කිසිදු ජනපති කෙනකු නොකළ ආකාරයට විශ‍්‍රාම ගිය පසු සුපිරිම නිල නිවසක් ඉල්ලා සිටින්නට තරම් සිරිසේන කෑදර විය. හිටපු ජනපති සුර සැප විඳිද්දී නව ජනපති සරලව තම නිවසේ සිට රාජකාරී කරන තැනට පත්වී ඇත.
සැමදේම සාධාරණව නිවැරදිව කරන්නේ නම් ජනපති ගෝඨාභය මේ ප‍්‍රශ්නය දෙසත් බැලිය යුතුය. එනම් සිරිසේනට මෙවැනි නිවසක් ලබාදීම නොමනාය. යම් හෙයකින් වැදගතකු ලෙස තමා ජනපතිකම් කළ නිවෙස සිරිසේන අතහැරියේ නම් වත්මන් ජනපතිට එම නිවසේ සිට සේවය කරන්නට ඉඩ තිබුණි. එහෙත් සිරිසේනගේ මේ අශෝභන ක‍්‍රියාව නිසා අද වනවිට නිල නිවාස ප‍්‍රශ්නය තදබල ගැටලූවක් වී ඇත. තමාම සරල කියා ගත් අධම මිනිසා මොහුය.
‘පැජට් පාරේ’ මෙම නිවස නිවාස තුනක එකතුවක් බව පැවසේ. හිටපු මුදල් ඇමති මංගල සමරවීර ලවා සිය විශ‍්‍රාම දිවිය ගත කිරීමට මේ නිවස තම භුක්තියටම සරිකර ගන්නට කැබිනට් පත‍්‍රිකාවක් මගින් සම්මත කරගත් බව එකල මාධ්‍ය වාර්තා කොට තිබුණි. එහෙත් එය එසේ නොවී ඇති බව අද කතාබහය. කැබිනට් යෝජනාවක් පමණක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී ඇති අතර එය සම්මත වී නැත. එජාපය හිතාමතාම සිරිසේනව ඇන්දුවා නම් එය ජාතික සේවයකි.
සුපිරිම නිවසක්
ජනාධිපති මන්දිරයත් මහජනතාවට නැරඹීමට සැලසූ සිරිසේන තම වත්මන් නිවසේ ඡුායාරූපයක් හෝ පළ නොකරනුයේ එය ඒ තරමට අතිනවීන සුඛෝපභෝගී නිවසක් නිසා බව පැවසේ. එසේ වුවහොත් තම සරලකම ජනතාව සරලව ගනිතැයි බියෙනි. විශ‍්‍රාම ගත් පසු පොළොන්නරුවේ පදිංචියට යනවා යැයි කී මිනිසා දැන් මේ නිවස අත්හරින්නට ලෝභය. ජනපතිකම නැති වුවද නිවස දීමට අකමැතිය.
මෙය ආණ්ඩුවටද ප‍්‍රශ්නයක් වී ඇත. මෙම නිල නිවස භාවිතය පිළිබඳ කිසියම් ප‍්‍රතිපත්තියක් සකස් කළ යුතුය යන තැනට ආණ්ඩුව දැන් තල්ලූ වී ඇත.
ජනපති ගෝඨාභය තම මිරිහානේ පිහිටි පෞද්ගලික නිවෙස ජනපති නිවෙස ලෙස භාවිත කරමින් සිටී. අගමැතිද තීන්දු කර ඇත්තේ අරලියගහ මන්දිරයට නොගොස් තමන් විපක්ෂ නායකව සිටියදී පදිංචි විජේරාම මාවතේ නිවසේම තවදුරටත් රැුඳී සිටින්නටය.
ජනපතිගේ ක‍්‍රියාව යහපත් වුවත් ආණ්ඩුව ඇතුළෙන්ම ඊට විරෝධතා මතුව ඇත්තේ රාජ්‍ය නායකයකු මුණගැසීමට, මැති ඇමතිවරු මුණ ගැසීමට, කිසියම් හදිසි සාකච්ඡුාවකට ජනපති හමුවිය යුතු වුවත් දැන් ජනපති රැුඳෙන තැන අනුව බාධා වැඩි බවය. එයට යෑමේදී දැඩි වාහන තදබදයක් නිර්මාණය වන බවය. මෙයින් සාමාන්‍ය ජනතාවද අපහසුතාවට පත්වන බවය. මේ නිසා ජනපතිට සුදුසු නිල නිවසක් ජනපති ලේකම් කාර්යාලය කිට්ටුවෙන්ම ලබාදිය යුතුය යන මතයට පැමිණ ඇත. දැනට ඇති කසුකුසුව නම් ජනපති ආරක්ෂක ලේකම් කාලයේ පදිංචිව සිටි බෞද්ධාලෝක මාවතේ නිල නිවස ඒ සඳහා ලබා ගැනීමට යන බවය. මේ වනවිට එහි පදිංචිව සිටිනුයේ මන්ත‍්‍රී රාජිත සේනාරත්නය.
මහින්දට සිරිසේනගේ නිවස
ජනපති නිල නිවස එලෙස විසඳුණහොත් අගමැති මහින්ද තම නිල නිවස ලෙස සිරිසේන දැනට පදිංචි පැජට් පාරේ නිවස ලබා ගැනීමට නියමිත බව සැලය. දැනට තමා සිටින නිල නිවස අගමැති කෙනකුට උචිත නැති බැවින් මේ අදහසට එළැඹ ඇති බව පැවසේ.
විශ‍්‍රාමික ජනපතිවරුන් ලෙස මහින්දට සහ චන්ද්‍රිකාට ලැබුණු මට්ටමේම නිල නිවසක් සිරිසේනටත් උචිත බව දැන් කතාබහය. විය යුත්තේද එයමය. සිරිසේනට අමුතු වටිනාකමක් දිය යුතු නැත. මේ ඔහුගේ තණ්හාව මිස වෙන කිසිවක් නොවේ. මොහුගේ කතාව සහ ක‍්‍රියාව මේ ආකාරය බව කළ හැම වැඩකින්ම ඔප්පු කළේය.
විශ‍්‍රාම ගිය පසු
මෙරට ජනපති කෙනකු විශ‍්‍රාම ගිය පසු 1986 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුව හිමිවන වරප‍්‍රසාද වේ. ඒ අනුව හිටපු ජනපතිවරුන්ට හෝ ඔවුන්ගේ වැන්දඹුවන්ට නිල නිවාසයකට හිමිකම් ඇත. 1986 අංක 04 දරන හිමිකම් කීමේ පනත යටතේ විශ‍්‍රාමික ජනපතිවරයකුට හිමිවන දීමනා මෙසේය.
(අ) වාසය කිරීම සඳහා සුදුසු නිවසක් (කුලී ගෙවීමක් නොමැතිව* ප‍්‍රදානය නොකෙරෙන අවස්ථාවක ජනාධිපතිවරයෙක් ඔහුගේ මාසික වේතනයෙන් අඩකට සමාන ගෙවීමක් සිදුකෙරෙන දීමනාවකට හිමිකම් කියයි.
(ආ) ලේකම්වරයකු සඳහා ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට ගෙවන වේතනය හා සමාන දීමනාවක්.
(ඇ) කැබිනට් අමාත්‍යවරයකුට ලබාදෙනවා හා සමාන රථවාහන සහ ගමනාගමන පහසුකම් ලබාදීම.
රථවාහන ලබාදීමේ පහසුකම් කොටස් හතරකට බෙදා ඇත.

  1. නිල වාහන 2ක්, 2. ආරක්ෂක නිලධාරීන් සඳහා අතිරේක වාහනයක්. 3. රියදුරන් තිදෙනෙක් අයත්ය. මීට අමතරව මාසිකව ඉන්ධන දීමනාවක් ලෙස ඞීසල් වාහන වේ නම් රුපියල් 20,000 පෙට‍්‍රල් වාහනය නම් රුපියල් 50,000ක්ද ලබා දේ. අතිරේක වාහනයකට රුපියල් 20,000ක දීමනාවක් ලබා දේ.
    2007 එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ඔබ්බෙන් වෙනත් සම්පාදනයන් සිදු කළ නොහැකිය. විශ‍්‍රාමික ජනපතිවරයකුට එය අබිබවා කටයුතු කළ නොහැකිය. ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබා දෙන්නේම හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විශ‍්‍රාම යන විට දීමනා පැකේජයක් ලබාදීමට එවකට කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් නිසාය. 2007 මැයි 03 වැනිදා ලබා දුන් එම තීන්දුව සිරිසේන හිතා මතාම අමතක කර ඇති අයුරුය. වත්මන් ජනපති මේ ගැන දැනුවත් නැතත් අගමැති මේ පිළිබඳ නොදන්නවා විය නොහැක. එසේ නම් සිරිසේනට අමුතු සැලකුම් කුමටද?
    ශ්‍රේෂ්ඨාධිකරණය එදා මෙම තීන්දුට එළැඹියේම ජනපතිනි චන්ද්‍රිකාට එවකට කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් නිසාය. එම තීරණය නම් කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයට ආසන්නව පිහිටා තිබුණු පර්චස් 80ක භූමියක් ඇය වෙත පිරි නැමීමට අදාළවය. එම ඉඩමේ අඩක් ඉදි කළ ජනපති මන්දිරයක්ද විය. පසුව එය අධිකරණය මගින් තහනම් කළේය. එසේ නම් රුපියල් මිලියන 180 (කෝටි 18* මුදලක් වැයකර නිවාස තුනක් එකට යා කර හැ¥ මේ සුපිරි නිවස සිරිසේනට ලබාදීම ජාතික අපරාධයක් නොවේද? මෙය ජනපති කෙනකුට උචිත සුපිරි නිවසක් විනා විශ‍්‍රාමික ජනපති කෙනකුට උචිත නිවසක් නොවේ. එකල ජවිපෙ ප‍්‍රකාශ කළේ විශ‍්‍රාම යන සිරිසේනගේ විශ‍්‍රාම පැකේජය කෝටි 80 ඉක්මවන බවය.
    වත්මන් ජනපති නීතියට අනුව ක‍්‍රියා කරන්නේ නම් මෙවැනි වැරදි පූර්වාදර්ශ අනුමත නොකළ යුතුය. හෙට ජනපති ගෝඨාභය විශ‍්‍රාම ගියද නීතිය නීතියක් විය යුතුය. එසේ නම් විශ‍්‍රාමික ජනපතිවරුන්ට ලබාදෙන පහසුකම් ඇරුණු කොට වෙන අමුතු වරප‍්‍රසාද නොදිය යුතුය. මේ මහජනතාවගේ බදු මුදල්ය. ජනපති කෙනකු නඩත්තු කරන ආකාරයට විශ‍්‍රාමික ජනපති කෙනකු නඩත්තු කළ යුතු නැත. විශ‍්‍රාමික ජනපති කෙනකුට මෙවැනි සුපිරි නිවසක් අනවශ්‍යය. එය වත්මන් ජනපති හෝ අගමැති භාවිත කළ යුතුය. සිරිසේනට එහි රැුඳී සිටීමට වුව කිසිදු නීත්‍යනුකූලභාවයක් නැත. රටට යහපත් ආදර්ශ දෙන්නේ නම් සිරිසේනව එම නිවසින් ඉවත් කළ යුතුය. සිරිසේන වුව දැනගත යුත්තේ නැවත අධිකරණයට ගොස් චන්ද්‍රිකාට මෙන්ම ඔහුට විරුද්ධවද ක‍්‍රියා කළ හැකි බවය. එබැවින් සරල මිනිසකු ලෙස පොළොන්නරුවට නොව තමාට උචිත තැනකට යන්නැයි ඉල්ලමු. සිරිසේන එය නොකරන්නේ නම් වත්මන් ආණ්ඩුව එය නොකරන්නේ නම් අධිකරණයේ පිහිට පැතිය යුතුය. සිරිසේනට එතරම් සැප නොදිය යුතුමය. පිනට ජනපති වූ මිනිසකුට පිනට සුපිරි නිවසකුත් දැන් දිය යුතුද?

2 COMMENTS

  1. Hitapu 1971 JVP naayakayan , katay nari waadan redda pallen perenawa waagay evun. Mun pethi gahala, lankaway hatara kon wala ellanna ona

Comments are closed.