ටිරන් කුමාර බංගගමආරච්චි

උතුරට නැවත තිගැස්මක් ඇති වී ඇත. ඒ උතුර හැම ප‍්‍රදේශයක්ම ආවරණය වන පරිදි ආරක්ෂක අංශ නියෝජිතයන් ස්ථානගත කිරීම හේතුවෙනි. ඉකුත් දාහත් වැනිදා මැතිවරණ කොමිසම සමග ජනපති කළ සාකච්ඡුාවේදී ජනපති පවසා ඇත්තේ ‘‘මැතිවරණ සමය තුළ උතුර නැගෙනහිර ප‍්‍රදේශවලට ආරක්ෂක අංශ නොයොදවන බවයි’’.


කොමිසමේ සාමාජිකයකු වන රත්නජීවන් හූල් කොමිසමට ඊමේල් පණිවුඩයක් හරහා පවසනුයේ ජනපති පොරොන්දුව කඩා ඇති බවය.


අපට වැදගත් වනුයේ ජනපති පොරොන්දුව කැඩිමට වඩා එය එසේ වී නම් ඊට හේතු වුයේ කුමක්ද යන්නය.
ඒ පිළිබඳ සොයා බැලීමේදී පැහැදිලි වන්නේ මේ දිනවල උතුරේ පිපිරීම් කිහිපයක් සිදුවීමත් මේ එක් පිපිරීමකදි හිටපු කොටි සාමාජිකයකු මිය යෑමත්ය. ඒ අනුව බලන කළ ප‍්‍රශ්නය දෙපැත්තටම බෙදී ඇත.


කිලිනොච්චියේ නිවෙසක සිදුවන මෙම බෝම්බ පිපිරිම ආණ්ඩුවේ ආරක්ෂාව නැවත අවදි කර ඇත. නිවසේ වසනුයේ ගුරුවරියක්ය. මෙම පිපිරවීම සිදුකළ නිවෙස හිමි පුද්ගලයා එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක්ව සිට පසුව පුනරුත්ථාපනය වුවෙකි. බෝම්බ අත්හදා බැලීමේදි මෙම පිපුරුම සිදුව ඇති බව තහවුරු කරගෙන ඇත.

මීට දෙමසකට පෙර යාපනයේදී පිපිරීමක් නිසා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු තුවාල ලැබු සිද්ධියට මේ සිද්ධිය ඈදෙන්නේ මෙම අත්හදා බලා ඇති බෝම්බයට සමාන බෝම්බ එදා පොලිසියට පහර දීමට යොදාගෙන තිබු නිසාය.
රත්නජීවන් හූල් කුමක් කීවද හමුදාවට එන්නට උතුර දොර ජනෙල් විවෘත කර දී ඇති හැඩකි. මෙම තත්ත්වය නිසා උතුරේ ජනතාව අපහසුතාවයකට පත්වීම අමුතුවෙන් කිව යුතුද නැත. දෙමළ ජාතික සන්ධානයේ විරෝධය පැහැදිලිය. දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක් වන ශාන්ති ශ‍්‍රී කන්දරාජා මේ පිළිබඳව කොමිසමට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත. ඉන් කියවුනේ බුද්ධි අංශ උතුරේ ගෙයක් ගෙයක් පාසා පීරන බවය. ඇතැම් අපේක්ෂකයන්ගේ රැුස්වීම් සම්බන්ධයෙන්ද තොරතුරු එක් රැුස් කරන බවය.


හමුදාව උතුර පුරා සැරිසැරීම තුළ උතුරේ ජන ජීවිතයට නැවත දොරගුළු දමා ඇත. එහෙත් හමුදාව කැඳවා ඇත්තේ ද ? උතුරේ ඇතැම් ජනයාගේ ක‍්‍රියාකාරකම් නොවේද ? කිලිනොච්චියේ එක් අයෙකු මියගිය බෝම්බ අත්හදා බැලීම හමුදාවට නැවත උතුරට ආරාධනා කර ඇත. එය පනින රිලවුන්ට ඉනිමං බැඳිමකි. ජනපති ගෝඨාභයට පොරොන්දු කැඞීම ගැන කියන්නට නිදහසට කරුණු එමට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here