සාකච්ඡුාව- ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

ජනාධිපතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම තුළ ඒකාරාශීවීමක් වෙනුවට දකින්න ලැබෙන්නේ විසිරුණු ස්වරූපයක්. ප‍්‍රතිවිරුද්ධ පාර්ශ්වය ඉතා ශක්තිමත් මට්ටමක සිටින බව පෙනෙන අවස්ථාවක පක්ෂයක් ලෙස මීට වඩා වගකීම් සහගත විය යුතුයි නේද?


ප‍්‍රතිවිරුද්ධ පාර්ශ්වය ශක්තිමත් වෙන්න ප‍්‍රධානම හේතුවත් ආණ්ඩුවේ දුර්වල ආණ්ඩුකරණය යි. පාවෙන මාධ්‍යමික ජනතාව වැඩියෙන්ම ඉන්න දිස්ත‍්‍රික්ක පහ වන ගාල්ල, කළුතර, කොළඹ, ගම්පහ, කුරුණෑගල දස ලක්ෂය ඉක්මවූ ජනතාවක් ඉන්නවා. වැඩි ඡුන්ද පනස්දාහකට වැඩි ප‍්‍රමාණයකින් 2015දී මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයා මේ දිස්ත‍්‍රික්ක පහ ජය ගත්තා. මෙවර වැඩි ඡුන්ද දොළොස් ලක්ෂයකින් මේ දිස්ත‍්‍රික්ක පහ අපි පැරදුණා. ඒ කියන්නේ මධ්‍යම පන්තිය තුළ සම්පූර්ණයෙන්ම මේ රජය ප‍්‍රතික්ෂේප වුණා. ඒක සජිත් පේ‍්‍රමදාසගේ පරාජයක් නෙමෙයි. මේ වුණේ පැහැදිලිවම රනිල් මෛත‍්‍රී දෙදෙනාව ප‍්‍රතික්ෂේප කිරීමයි. ඒ අය තමන්ට ඡුන්දය දුන් බලවේග හඳුනා ගත්තේ නැහැ. ආණ්ඩුවක් කරගෙන යද්දී ඒ ආණ්ඩුව හරහා කරුණු දෙකක් ඉෂ්ට කර ගන්න ඕනෑ. එකක් පොදුවේ ආණ්ඩුවේ යාන්ත‍්‍රණය. පෙරමුණකින් ආවා නම් පළමු දවසේම අලූත් පෙරමුණක් හදන්න, ඒ අලූත් පෙරමුණ ඉදිරියට ගෙන යන්න, ඒ පෙරමුණේ අලූත් යාන්ත‍්‍රණය රට තුළ ස්ථාපිත කරන්න ඒ දෙදෙනාට වගකීමක් තිබුණා. මේ එකක්වත් කළේ නෑ. ජනාධිපතිවරයා තමන්ගේ බලය පාවිච්චි කරලා තමන්ට ඡුන්දය ලබා නොදුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්න ගියා. අගමැතිවරයා කිසිම ආකාරයකින් එක්සත් ජාතික පක්ෂය පක්ෂයක් ලෙස ස්ථාපිත කළේ හෝ අලූත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණක් හදන්න කිසිම උත්සාහයක් ගත්තේ නැහැ. ඊට පටහැනිව මහින්ද රාජපක්ෂලා, බැසිල් රාජපක්ෂලා ඒ අයගේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ජාලගත ක‍්‍රියාවලියක් ගොඩනැගුවා. අනෙක් කරුණ පොදුවේ මහජනතාවට ආර්ථික සමාජමය වශයෙන් මේ ආණ්ඩුව පිළිබඳ යහපත් හැඟීමක් ඇති වෙන්න ඕනෑ. නමුත් ඒ පොදු කාරණා එකක්වත් ඉෂ්ට වුණේ නැහැ. ව්‍යවස්ථාවක් හදනවා කියලා උතුරට කීවා. එහෙම ව්‍යවස්ථාවක් ගැන අවුරුදු හතරහමාරක් තිස්සේ කතා කළා. ඒක පැහැදිලිවම නොකිව යුතු දෙයක්. මොකද ප‍්‍රායෝගිකව එය කරන්න පුළුවන්කමක් නැහැ. උතුරට කරන්න තිබූ වැදගත්ම දේ උතුරේ දේශපාලන නායකත්වය ආණ්ඩුවට හවුල්කරගෙන ඔවුන්ට ඇමතිකම් ලබා දී ඒ හරහා යම් වැඩපිළිවෙළක් කිරීමයි. කොහොම වුණත් අපිට මැතිවරණය දිනන්න බැරිවුණේ ඇයි කියන ගැටලූව තියෙනවා. ඒත් එක්කම එජාපයට රාජ්‍ය බලය ගත්තත්, වසරකට දෙකකට වඩා අල්ලගෙන ඉන්න බැරි ඇයි කියන ප‍්‍රශ්නයටත් විසඳුම් සෙවිය යුතු වෙනවා.


සිංහල ජාතිකත්වය මෙවර ජනාධිපතිවරණයේ දී ඉතා වැඩි ජනප‍්‍රියත්වයක් හිමි වූ පාඨයක් බවට පත්ව තිබුණා. මේ තත්ත්වය රට තුළ ව්‍යාප්ත කිරීමේ දී ඇතැම් රූපවාහිනී නාලිකා මෙන්ම සමාජ මාධ්‍ය ජාල ප‍්‍රධාන භූමිකාවක හිටියා.
ප‍්‍රභාකරන් කාලතුවක්කු අතේ තියාගෙන සිංහල ගම්මාන වනසද්දී කොළඹ බෝම්බ පුපුරද්දී සිංහලයෝ සිය දහස් ගණනින් මරණ වෙලාවේ තමයි සිංහල ජාතිකත්වය අහසට නගින්න ඕනෑ, එහෙම එකක් මේ රටේ වුණේ නෑ. නමුත් එහෙම සිද්ධියක් නැතිවත් මේ වෙලාවේ විශාල බයක් ඇති කරන්න ෆැසිස්ට් මාධ්‍ය ව්‍යාපාරවලට හැකි වුණා. ජනතාවගේ මානසිකත්වය පාලනය කළේ ඒ අයයි. මේ පශ්චාත් බුද්ධි යුගයේ දී කරුණු කාරණා සබුද්ධික කාරණා වැදගත් නෑ, ආවේගශීලී හැඟීම්වලට ඉඩදෙන පට්ටපල් බොරු මේකෙදී ජයග‍්‍රහණය කරනවා. මේක ලෝකය පුරාම සිදුවන දෙයක්. මේවායින් පෙනෙන්නේ අලූත් ජනමාධ්‍ය විසින් තර්ක බුද්ධිය වෙනුවට කරළියට ගේන්නේ හැඟීම්. බොලීවියාවේ ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ජනමාධ්‍ය හැසිරවීමකින් වෙනස් කළේ කොහොමද කියන එක ගැන අවර් බ‍්‍රෑන්ඞ් ඉස් ක‍්‍රයිසිස් කියලා චිත‍්‍රපටියක් තියනවා. අන්න ඒක තමයි දිලිත් ජයවීර මේකෙදී ක‍්‍රියාත්මක කළේ. මේ ඇති කළ යක්ෂයාගේ වාතාවරණයේ බූමරංගය වසරක් ඇතුළත මේ රජයට ලැබෙනවා.


අන්තවාදය, ජාතික ආරක්ෂාව වැනි දේවල් පිළිබඳ පොදුවේ මහජනතාව තුළ අනිසි බියක් නිර්මාණය වීමට පසුබිම සකස් වී තිබුණා. ඒවා යම් යම් දේශපාලන අරමුණු වෙනුවෙන් මෙහෙයවන ව්‍යාපෘතීන් විය හැකි වුවත් ඒවා සමනය කිරීමට හෝ පසුගිය පාලන සමයේ විශාල ප‍්‍රයත්නයක් ගත් බව පෙනුණේත් නැහැ නේද?


මේ රටේ මුස්ලිම් දේශපාලනය තුළ ඉතාම අන්තවාදී ආගමික මූලධර්මවාදී කණ්ඩායමක් නැග එනවා කියන දේ 2013 සිටම පැහැදිලි වුණා. හැබැයි මුස්ලිම් නායකයෝ තරහා වෙයි, දේශපාලන බලය ගිලිහෙයි කියලා බියට පත්වෙලා ඒ අන්තවාදී පිරිස පාලනය කිරීම සඳහා කිසිම උත්සාහයක් ගත්තේ නැහැ. ඒක මහින්ද රාජපක්ෂ කළෙත් නෑ, අපි කළෙත් නෑ. ඒකේ භයානක ප‍්‍රතිඵල රටට ලැබුණා. ඒ වගේම 2015දී සිංහල සමාජය ක‍්‍රියාත්මක වුණේ සිංහලකම රැුකගැනීම සඳහා නෙමෙයි, ¥ෂණය නතර කරන්නයි. මෙතැනදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියන තේමාවට අනවශ්‍ය තරම් ගියා. ඒකෙත් තිබුණේ විධායක ජනාධිපතිධුරය අහෝසි කර පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරනවාට වඩා අග‍්‍රාමාත්‍යවරයා උත්සාහ කළේ ජනාධිපතිවරයාව දුර්වල කරන්න, ජනාධිපතිවරයා උත්සාහ කළේ අග‍්‍රාමාත්‍යවරයාව දුර්වල කරන්නයි. ¥ෂණය පිළිබඳ කාරණයේදී මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ගාමිණී සෙනරත් වැනි තෝරා ගත් පිරිසක් ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතිකයකට යන්න අග‍්‍රාමාත්‍යවරයා උත්සාහ කළා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක‍්‍රියාවලියට හානියක් නොවීමට මහින්ද රාජපක්ෂට අනවශ්‍ය ලෙස පහර නොදෙන්න ඕනෑ කියන තත්ත්වයක ජනාධිපතිවරයා කටයුතු කළා. ඒ වාතාවරණය යටතේ පත්වූ පොලීසිය භාර ඇමති, අධිකරණය භාර ඇමති මේ හැමදෙනාම ¥ෂිතයෝ එක්ක එකතුවෙලා ක‍්‍රියා කරන්න ගත්තා. අවසානයේ නීතිපති දෙපාර්තමේන්තුවත්, පොලිස් දෙපාර්තමේන්තුවත් මේ හැම ක්ෂේත‍්‍රයක්ම ¥ෂිතයන් විසින් ගිලගත්තා. මේක පැහැදිලිවම මධ්‍යම පන්තියට තිත්ත වුණා. වැඩිමනත් වශයෙන් මහ බැංකුවේ දෙවතාවක් වංචාවන් සිදුකළා. 2015 පෙබරවාරි 27 එක වංචාවක් කර හෙළිදරව් වුණාට පසු එයට ජනතාවගෙන් සමාවගෙන එය වළක්වන්න ක‍්‍රියා කළේ නෑ, 2016 මාර්තු මාසයේ ඒ වගේ දස ගුණයක වංචාවක් කළා. ඒවා ජනතාවට දුන් අතුල් පහරක්. ජනතාව ඒකට ප‍්‍රතිචාරයක් 2018 පළාත් පාලන ඡුන්දයේදී ලබා දුන්නා. හැබැයි ඒකෙන් පාඩමක් ඉගෙන ගත්තේ නැහැ. ඊළඟට ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස මහින්ද රාජපක්ෂ ආණ්ඩු බලය උදුරාගත් වෙලාවේ ජනතාව නැවත ආණ්ඩු බලය ලබා දෙන්න කටයුතු කළා. හැබැයි ඒ ජනතාවට කෘතවේදී වුණේ නෑ. ඊට පසුව පත් කළ ඇමති මණ්ඩල හෝ අනෙකුත් ඒවායේ දී මේ නායකයෝ දෙදෙනාම ආණ්ඩු කළේ නෑ. මේවායින් ජනතාව අසහනයට පත්වෙලා ඉන්න අවස්ථාවේ සහරාන්ගේ ප‍්‍රහාරය එල්ල වුණා. ඒ අවස්ථාවේත් මේ නායකයෝ දෙදෙනා කටයුතු කළේ එකිනෙකා හෙළා තලා දකින්නේ කොහොමද කියන කාරණය මතයි. මේවා නිසා මිනිස්සු තුළ තිබූ කලකිරීම වෛරයක් බවටම පරිවර්තනය වුණා. අනාරක්ෂිත හැඟීම තදින්ම ඇති වුණා. අනාරක්ෂිත හැඟීම ඉතාම සැලසුම් සහගතව කූඨ නාටකයක් ලෙස දෙරණ, හිරු රූපවාහිනී නාලිකා සහ මවුබිම පුවත්පත විසින් ඉතාම භයානක ලෙස රට තුළ ස්ථානගත කළා. ඒවා සමාජ මාධ්‍ය හරහා කුමන්ත‍්‍රණකාරී ලෙස ෆැසිස්ට් මාධ්‍ය ශෛලියක් එක්ක සමස්ත ජනතාව තුළ බිය ඇති කළා. ප‍්‍රභාකරන්ට කාලතුවක්කු තිබෙන කාලයේ නොතිබුණු බයක් සමාජයේ ඇති කරන්න මේ මාධ්‍ය මාෆියාව සමත් වුණා. මේ මාධ්‍ය මාෆියාවේ සියලූදෙනාමත් අයථා ක‍්‍රමයට මුදල් ඉපයූ අයයි. ඒ එක්කම ඇතිවූ අනාරක්ෂිතභාවය මුස්ලිම් ජනයා එක් පැත්තකටත් බෞද්ධ සිංහල කතෝලික ජනයා තව පැත්තකටත් තල්ලූ කළා. ඒ වගේම වෙනදා නොතිබුණු දෙමළ මුස්ලිම් විභේදනයක් ඇතිවුණා. ආගමික සංවේදීතා ලංකා දේශපාලනයේ විවිධ විධියට පාවිච්චිවෙලා තියනවා. 1947දී ලංකා සමසමාජ පක්ෂය සහ එම ස්වාධීන පිරිස් වලට ආණ්ඩුවක් පිහිටුවීමට තිබුණු හැකියාව නැතිකර ගත්තේ රුවන්වැලිසෑයේ ගඩොල් වලින් වැසිකිළි හදන්න ඕනෑ කියලා ඇන්.ඇම් පෙරේරා ප‍්‍රකාශ කළා යැයි හේන්පිටගෙදර ඥානසීහ හාමුදුරුවෝ රට පුරා බණක් කියලා තමයි සමසමාජ ව්‍යාපාරය වැට්ටුවේ. ජවිපෙ හැරුණාම සමසමාජ ව්‍යාපාරය, වාමාංශික ව්‍යාපාරය ඉන්නේ ආගමික සංවේදීතාවය පිළිබදව සරල අදහසකයි. ආගම අබිං කියන අදහස. ඔවුන් දන්නේ නැහැ මාක්ස්වාදය ලෙස ඔවුන් ආගමක් අදහන බව. ලංකාවේ මාක්ස්වාදය කියන්නේ පැහැදිලිවම ආගමක්, මොනම දේශපාලන දර්ශනයක්වත් ඒකේ නැහැ. 1956 දී බණ්ඩාරනායක මහත්මයා බලයට පත්වන්නේත් ආගමික සංවේදීතාව ඇවිස්සීමේ ගැටලූව මතයි. කොතලාවල මහත්මයාට විරුද්ධව රටේ පන්සල් ශීඝ‍්‍ර ක‍්‍රියාකාරීත්වයක් පෙන්නුවා. ඔහු අබෞද්ධයෙක් කියන්න බැහැ, ත‍්‍රිපිටකය ග‍්‍රන්ථාරූඪ කරන්නේ ඔහුයි. ඊට සමාන්තර තත්ත්වයන් ලංකා සමාජයේ විටින් විට ඇවිත් තියනවා. ජේ. ආර් ජයවර්ධන මහත්මයා 1977දී ධර්මිෂ්ඨ සමාජයක් කියන එක ගේන්නේ මේක ඉතාම බුද්ධිමත්ව හැසිරවීමටයි. ඒ තුළින් ඉදිරියට ගෙනාවේ අලියා නෙමෙයි, ධර්ම චක‍්‍රයයි. ඒ තුළින් ඔහු ලෞකිකවාදී අනාගමිකවාදී සමසමාජ ව්‍යාපාරයට සහ ඒ එක්ක ගැටගැසුණු වාමාංශික ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැහුවා. ඔහු ඉතාම සබුද්ධික විධියට ධර්මිෂ්ඨ සමාජයක් කියන ක‍්‍රියාවලිය යටතේ තමන් තමයි බෞද්ධ රාජ්‍යය හදන්නේ කියන දේ ඔහු ස්ථාපිත කළා. ඒ නිසා ඔහුට ගමේ නගරයේ ඡුන්දය ලැබුණා. පසුව ඔහුම සංස්කෘතිය රට පාවා දෙනවා කියන දේ භික්ෂුව තුළින් ආවා. කෙසේ වෙතත් විටින් විට මේ ආගමික හැඟීම් දැනීම් ඇවිත් තියනවා. හැබැයි මේ රටේ මධ්‍යම පන්තිය හැම වෙලාවේම සිංහලකම බෞද්ධකම මත හැසිරෙන්නේ නැහැ. 1993දී මධ්‍යම පන්තිය ලලිත් ඇතුලත්මුදලි මහත්මයා වෙත ගියා, ඒ පේ‍්‍රමදාස මහත්මයාගේ පාලනයේ තිබූ රුදුරු බියකරු ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ස්වරූපයෙන් බියට පත්වෙලයි. ඇතුලත්මුදලි මහත්මයාගේ මරණයෙන් පසු චන්ද්‍රිකා මහත්මිය වටා එකතු වුණා. එතුමියත් අලූත් කණ්ඩායමක් ඉදිරිපත් කර එය ජයග‍්‍රහණය කළා. තවත් අවස්ථාවක මේ මධ්‍යම පන්තිය ජාතික හෙළ උරුමය වටා එකතු වුණා. 2004දී සෝම හාමුදුරුවන්ගේ සිද්ධිය එක්ක රනිල් වික‍්‍රමසිංහ මහත්මයාගෙන්ම තමන්ගේ ආගමට තර්ජනයක් එල්ලවෙලා තියනවා කියලා හිතුව නිසයි. තවත් කණ්ඩායමක් ජවිපෙ සමග එකතු වුණා. 2010දී මධ්‍යම පන්තිය සහමුලින්ම මහින්ද රාජපක්ෂ සමග එකතු වුණා, ඒ යුද්ධය ජයග‍්‍රහණය කිරීමේ කෘතවේදීභාවයයි. 2015දී මෛත‍්‍රීපාල සිරිසේන ජයග‍්‍රහණය කරවන්නේත් ඒ මධ්‍යම පන්තියයි. එතැනදී මේ ආගමික ප‍්‍රශ්න තිබුණේ නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට, විශේෂයෙන්ම ¥ෂණයට විරුද්ධව, මහින්ද රාජපක්ෂ පාලනයේ සිටි පිරිසගේ අශිෂ්ටත්වය කියන හැඟීම් මතයි. නමුත් මෙවර සම්පූර්ණයෙන්ම ගෝඨාභය රාජපක්ෂ දෙසට ගිහින් තියනවා. උතුරේ තියෙන්නේ ලංකාවේ මුළු ඡුන්දයෙන් 4%යි, නැගෙනහිර තියෙන්නේ 7%යි. ඒ අය වැදගත් වුණත් මේ රටේ සමස්ත දේශපාලනය තීරණය කරන්නේ ඒ අය නෙමෙයි. අද 90%ක් ඉන්නේ උතුරු නැගෙනහිර නොවන අයයි, ඒ අතර දමිළ කතා කරන අයත් ඉන්නවා. අද තිබෙන සුවිශේෂීත්වය තමයි මේ මධ්‍යම පන්තික ජනතාව. ඒ මධ්‍යම පාන්තික ජනතාවට නිගරු කළා, ඔවුන්ගේ අපේක්ෂාවන් බංග කළා, ඔවුන් තුළ බිය සැක ඇති කරන්න ඉඩ දුන්නා, ඔවුන් ගිල ගැනීමට ෆැසිස්ට් මාධ්‍ය ව්‍යාපාරවලට ඉතාම නිර්දය ලෙස යට වී ක‍්‍රියා කළා, ¥ෂිත බලවේගවල සල්ලිවලට යහපාලන ආණ්ඩුව යට වුණා. ඒක තමයි ඇත්ත. ලැබිලා තියෙන්නේ ඒකේ භයානක ප‍්‍රතිඵලය යි.


නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්වූ පසු ඇතැම් මාධ්‍යවේදීන්ටත් එජාපය වෙනුවෙන් කටයුතු කළ පිරිස් වලට මෙන්ම තවත් අයට විවිධ ගැටලූවලට මුහුණදීමට සිදුවී තිබුණා. මේවා සම්බන්ධයෙන් එජාපය නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනෙනවා.


අභියෝගයක් කියලා හැෙඟන අය දේශපාලන වශයෙන් මර්දනය කිරීම සඳහා රාජපක්ෂවරු අනිවාර්යයෙන් ක‍්‍රියා කරනවා. ඒ සඳහා අවශ්‍ය වටපිටාව දැන් ගොඩනගනවා. අපේ අමාත්‍යාංශවල ඉතාම වැදගත් ව්‍යාපෘති ගැන පවා පට්ටපල් බොරු හදලා අපි ගැන යම් විකෘති මානසිකත්වයක් ඇති කරන්න ක‍්‍රියා කරනවා. උදාහරණයක් ලෙස බැඳුම්කරයේ ඇලෝසියස්ගේ සල්ලිවලින් ගෙනා මුද්‍රණ යන්ත‍්‍රයෙන් ගහන දෙරණ අරුණ පුවත්පතේ කියලා තිබුණා මගේ අමාත්‍යාංශය යටතේ පාරවල්වල ඉරි අඳින්න කිලෝමීටරයකට ලක්ෂ හැටක් ගියා කියලා. ඇත්තටම ගියේ ලක්ෂ හයයි. ලක්ෂ හය හැට කළා. රාජපක්ෂලාගේ කලාව අපරාධ කළ බවට මතයක් ඇති කර ඒ හරහා අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම තමයි. ජානක පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වෙයි කියලා බයේ කොහොමද ක‍්‍රියා කළේ කියලා අපි දැක්කා. සරත් ෆොන්සේකා මර්දනය කිරීමට හිරගෙට දැමීමට ක‍්‍රියා කළ ආකාරය අපි දැක්කා. තමන්ට අනාගත අභියෝගයක් එල්ලවෙයි කියලා හැෙඟන පිරිස් මර්දනය කිරීමට මේ මාධ්‍ය මර්දනයෙන් පසුව අත තියනවා. ඒක එක්සත් ජාතික පක්ෂයේ අයත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග හැමෝම මතක තබා ගත යුතුයි. රාජපක්ෂලාගේ ක‍්‍රමය ඒකයි.


යහපාලන ආණ්ඩුව කරපු වැඩ ටික මතු කරගත නොහැකි වුණේ ඇයි?


70%ක් රජයේ සේවකයෝ රජයට විරුද්ධව ඡුන්දය දීලා කියලා තැපැල් ඡුන්ද ප‍්‍රතිඵලවලින් පේනවා. හැබැයි රජයේ සේවකයෝ හැමෝගේම 100%කින් වැටුප් වැඩි කළා. විශ‍්‍රාම වැටුප 50%කින් වැඩි කළා. නිදහස් රාජ්‍ය සේවයක්, නිදහස් පොලිස් සේවයක් හදලා රාජ්‍ය සේවය දේශපාලන බල හස්තයෙන් නිදහස් කළා. හැබැයි රාජ්‍ය සේවකයෝ 70%ක් ආණ්ඩුවට විරුද්ධව ඡුන්දය දුන්නා. ඒ කියන්නේ කළ හොඳ දේත් සමාජගත කරගන්න බැරි වුණා. මිනිස්සුන්ගේ සමාජ සංවේදනාවලට භයානක ෆැසිස්ට් මාධ්‍ය ප‍්‍රහාරයක් එල්ල වන විට ඒ භයානක ෆැසිස්ට් මාධ්‍ය ව්‍යාපාරයත් එක්ක තමනුත් අවලකෙළි කළා මිසක ඒ අය පාලනය කිරීමට හෝ ප‍්‍රතිවිරුද්ධ මාධ්‍ය ක‍්‍රියාවලියක් ඇති කිරීමට කිසිවක් කළේ නැහැ. ඒ වගේම ආගමික සංවේදීතා මිනිස්සු භාරගන්නේ පපුවෙන්. ඒවා තර්ක බුද්ධියෙන් විසඳිය හැකි ඒවා නොවෙයි. එවැනි ඒවාට මිනිසුන්ගේ හිත් රිදෙන ආකාරයට යම් යම් ප‍්‍රකාශ කළාම ඒවාත් අර හදා තිබෙන ව්‍යාජ පුවත් අවකාශය තුළ භයානක ප‍්‍රශ්න බවට පත් වෙනවා. ඉන්දියාවේත් ඕක වුණා, තනි හින්දු ආණ්ඩුවක් ආවා. මෝඩි කළේත් ඕකමයි. ඒවායෙන් කිසි පාඩමක් ඉගෙන ගන්නේ නැහැ. ලංකාවේ අනාගමික ලෞකිකවාදී ලිබරල්වාදී කියලා ඉතා සුළුතරයක් තමන්ට විශාල බලයක් තියනවා කියලා හිතලා හැසිරෙනවා. මේ ක්ෂුද්‍ර පිරිස විසින් ජනමාධ්‍ය සහ අනෙක් ඒවා ප‍්‍රමාණයට වඩා හසුරවනවා. ලොකුම ප‍්‍රශ්නය මේ අය නායකයෝ ලෙස පිළිගැනීමයි. ඒ අය ජනතාව තුළින් ස්වභාවිකව පහළ වූ පිරිසක් නෙමෙයි. ඒක ලංකාවේ දේශපාලනයේ තිබෙන ලොකු ගැටලූවක්. ඒ අය අනවශ්‍ය තරම් ලෙකුවීම ලොකු ප‍්‍රශ්නයක්. ඒ අය දේශපාලන වශයෙන් තමන්ගේ පෞද්ගලික මතිමතාන්තර ප‍්‍රකාශ කිරීමේ තත්ත්වයේදී ඒවා දේශපාලනමය වශයෙන් බලපාන බව මතක තබා ගත යුතුයි. එහෙම වගකීමක් දේශපාලකයෙකුට තියනවා. අද සමාජ මාධ්‍ය ජාල හරහා තමන්ට ඕනෑ දෙයක් කරන්න පුළුවන් කියන හැඟීම දේශපාලනඥයන්ට විතරක් නෙමෙයි ආගමික නායකයන්ටත් ඇවිත් තියනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්. අලූත් සදාචාරයක් රට තුළ ඇතිකර ගත්තේ නැතිනම් මේක තුළම රට ගිලෙනවා. එතකොට මේ රටේ ඉන්න හොඳ මිනිස්සු ටික රට දාලා යයි, අනෙක් අයට කැරලි ගහන්න වෙයි. එච්චරයි වෙන්නේ.


විපක්ෂ නායක තනතුර පිළිබඳව එකගතාවකට එන්න එජාපයට තවම හැකිවී නැහැ. එජාපයේ ඉදිරි ගමන කෙසේ විය යුතු ද?


එක්සත් ජාතික පක්ෂයට නායකත්වය විතරක් නෙමෙයි ප‍්‍රතිපත්ති වෙනසක්, වැඩපිළිවෙලේ වෙනසක් ඕනෑ. එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළේ කොන්සර්වේටිව් පක්ෂයක් ලෙසයි. අද ඒ අයගේ න්‍යාය පත‍්‍රය වාමාංශික එකක්, ආර්ථික න්‍යාය පත‍්‍රය නව ලිබරල්වාදීයි. මේ දෙක එකට පෑහෙන්නේ නැහැ. නව ලිබරල්වාදය හා ගෝලීයකරණය දැන් ලෝකයේ අවසන්. ඒක අවසන් කළේ ඩොනල්ඞ් ට‍්‍රම්ප්. ඒකවත් තවම අපේ කට්ටිය දන්නේ නැහැ. ඔහු නව ලිබරල්වාදය අවසන් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස අලූත් දක්ෂිණාංශික ජනකාන්තවාදයත් වාමාංශික ජනකාන්තවාදයත් ලෝකයේ ප‍්‍රධාන ප‍්‍රවාහ දෙක ලෙස ඇතිවෙලා තියනවා. මේකට අනුකූල වන ලෙස තමන්ගේ දේශපාලන ක‍්‍රියාදාමය වෙනස්කර ගත යුතුයි. ඒ වගේම කුසලතාවාදයට මුල්තැන දීලා ඉදිරියට යන ක‍්‍රමවේදයක් හදන්න ඕනෑ. ඊළඟට විශේෂයෙන්ම මධ්‍යම පන්තියේ අදහස් තේරුම් ගත් පිරිසිදු වෘත්තීය දේශපාලනයක් ස්ථාපිත කරන්න ඕනෑ. මේ කරුණු තුන ප‍්‍රතිපත්තිමය වශයෙන් ඉටුකර ගතහොත් එක්සත් ජාතික පක්ෂයට ගමනක් තියනවා.