සංවාදය: ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු


ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් ඔබ ආයතනයට ලැබුණු ප‍්‍රතිචාර අතර විරෝධතා තිබුණාද ? එසේ නම්, ඒ මොනවාද ?


ප‍්‍රතිඵල ගැන කිසිදු විරෝධතාවයක් නැහැ කාගෙන්වත්. මොකද අපි ඉදිරිපත් කළ කරුණු දෙකක් තිබෙනවා. එකක් ඡුන්ද විමසීම ඉවරවු ගමන් අපි ළග තිබෙන පැමිණිලි මධ්‍යස්ථානයට දේශපාලන පක්ෂවලින් සහ නිරික්ෂණ කණ්ඩායම්වලින් ඇවිල්ලා ඒ කවුරුත් ඡුන්ද විමසීමේදි වැරදි දෙයක් වුණා කියලා කිසිම පැමිණිල්ලක් කරලා නැහැ. නමුත් සදහන් කළ යුතු සිද්ධි දෙකක් අපි ලියපු දෙසැම්බර් 3 නිකුත් කරපු වාර්තාවේ භාෂා තුනටම දාල අන්තර්ගත කරලා තියෙනවා. පුත්තලමේ ඉදලා මන්නාරමට ගිය අවතැන් ඡුන්දදායකයන් පිරිසකට තන්තිරිමලේදී වෙඩි තියපු එකයි, බස් එකට හෝ කාටවත් තුවාල නැහැ. ඔවුන් ආපසු එනකොට පහර දීපු එකයි, දැරණියගල දි සිදුවූ පිහිවලින් හෝ බෝතල්වලින් ඇණලා තුවාල කරපු සිද්ධියයි. ඒ දෙක ඡුන්ද විමසීමේ සාමකාමී දීප්තිමත්භාවයට කුඩා පැල්ලමක් එකතු කළා කියලා, ඒකෙන් දීප්තිය මැකුනා කියලා තියෙනවා. ඒත් එකම සතුට බරපතල තුවාල නොවීම ගැනයි.


ඡුන්ද ගණන් කිරීමේදි ඒජන්තල පලවා හැරීමක්, කිසිදු බලපෑමක් ඇති වූ එක් කෙනෙක් ගැන හෝ කිසිම චෝදනාවක් නැහැ. ප‍්‍රතිඵල එකතු කිරිමෙන් පසු කිසිම චෝදනාවකුත් නැහැ.


කොළඹ දිසාපති සුනිල් කන්නන්ගර මහතා විසින් ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයකුට අපහාසයක් වන අන්දමේ පෝස්ට් එකක් මුහුණු පොතේ දැමීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව තුළ ප‍්‍රසාදයක් හෝ අප‍්‍රසාදයක් පළ වුනාද? ඒ සම්බන්ධයෙන් ඔබ විසින් ගන්නා ලද පියවර කුමක්ද ?


ජනාධිපති අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් එහෙම කතාන්දරයක් ගියා කියලා කාටවත් කියන්න බැහැනේ. ඒක කොහොමද තියන්නේ. ඒක අදාල ජනාධිපති අපේකයාට විරුද්ධව ගියා කියලා ? ඉතින් ඒක සුනිල් කන්නන්ගර මහත්මයා ගැන එහෙම එකක් වුණා කියලා පැමිණිල්ලක් අපට කෙනෙක්ගෙන්, දේශපාලනඥයෙකුගෙන්ද ලැබුණා. ඒ සම්බන්ධයෙන් අපි කොමිෂන් සභාව තුළ කතා කළා. නමුත් සුනිල් කන්නන්ගර මහත්මයාම කෙළින්ම කියනවා ඔහු විසින් ඒක කළේ නැහැ කියලා. ඒ සම්බන්යෙන් IT දන්න අයගෙන් අහලා බැලූවා. ඒ සම්බන්ධයෙන් ඔහුගේ මුහුණු පොතේ සටහනක් දාලා තියෙනවා. ඔහු නොදැනුවත්කමින් යම් කිසි සටහනක් ගිහිල්ලා තියෙනවා, ඒක ගැන අපේ අදහස නම් ඔහු අතින් වැරදිලා එක්කෝ ශෙයාර් වෙන්න පුළුවන්. නැතිනම් කරුණු කිහිපයක් තිබුණා. එකක් ඔහුම කරයි කියන එක ගැන සමහරක් අය කියනවා. ඔහුගේ මතය, ඔහු නොදැනුවත්ව වෙන කෙනෙක් කරන්න පුළුවන් කියලා. මොකද ? මුහුණු පොත විවෘත කර මේසෙ උඩ තියලා ගියහොත්, දැන් මගේ මුහුණ බැලූවොත්, ඔන්න බලන්න ඔබටම පේනවා මේ මුහුණු පොත විවෘතව පවතිනවා. මේක මගේ මේසෙ උඩ තිබුණා. මම ගිය වෙලාවක ඕනෑ කෙනෙකුට පුළුවන් මේකට පෝස්ට් එකක් දාන්න. අපි විශ්වාසයට එහෙම දාන්නෙ නැහැ. නමුත් මේවා ටච් ස්ක‍්‍රීන් දුරකථන නොවන නිසා නිකම් බලනකොට ඇ`ගිල්ල වැදුනානම් යන්නෙ නැහැ. ඒක වෙන කෙනෙක් දැම්මා හෝ නොවීම ගැන කොහොම වුනත් සුනිල් කන්නන්ගර මහතා මුහුණු පොත් ගිණුමේ ඔහු කරේ නැහැ කියලා දාලා තියෙනවා. අනික් පැත්තට මේක අදාල ජනාධිපති අපේක්ෂකයට කියල කියන එකෙන් එතුමාටනෙ අනිත් අය අපහාසයක් කරන්නෙ


කොළඹ දිසාපති සුනිල් කන්නන්ගර මහතා විසින් අතපසුවීමකින් හෝ ඡුන්දදායකයන් 2400 ක් පමණ පිරිසකගේ නම් මකා දැමීමක් සිදුකර තිබුණාද ? ඒ සම්බන්ධයෙන් ඔබ ගන්නා ලද පියවර කුමක්ද ?


සුනිල් කන්නන්ගර මහතාගෙන්ද නම් කැපෙන්නේ ? ඔහුගේ තනතුර ලියාපදිංචි කිරීමේ නිළධාරි. අපේ මැතිවරණ කොමිසමේ නිලධාරියෙකු අතින් ඔහොම දෙයක් වුණා නම් වගකියන්න ඕනේ. ඒක වගකියන්න ඕනේ එහෙම වුණා නම් කොළඹ නගරය භාර නිලධාරී. මොකද 40 ක් තමයි දිස්ත‍්‍රික්කය භාරවෙලා තියෙන්නෙ. මහ නගර සභා කෑල්ලෙන් 2000 ක් විතර වෙලා තියෙනවා. 2040 ක විතර අඩුවක් කොළඹ නගරයේ නම් අඩුවිම හැමදාම වෙන දෙයක්. මම සහකාර කොමසාරිස් වෙලා ඉන්න විටත් අපේ නම් තිබුණා කියල තිබෙනවා. ප‍්‍රධාන කරුණ කඩදාසි බාර නොදීම. හැබැයි දෙහිවල ප‍්‍රදේශයේ නම් 400 ආසන්න ගණනක් අසාමාන්‍ය ගානට යම් අඩු වීමක් තියෙනවා. ඒකට වගකියන්න ඕනේ ඒ දේ කරපු ක්ෂේත‍්‍රයේ ගණන් කරපු නිලධාරිනුත්, ඒක යතුරු ලියනය භාර නිලධාරිනුත්, ඒක අධීක්ෂණය කළ නිලධාරිනුත් මිසක් ඒකට කිසිම වගකීමක් ඇත්තටම නමින් ලියාපදිංචි නිලධාරි කියලා තිබ්බට ඒක සම්පූර්ණයෙන්ම සහකාර නිලධාරියකුගෙ වැඩක්.


මැතිවරණය පෙර දිනයේ ලංකා සොෆ්ට්වෙයාර් ෆවුන්ඬේෂන් ආයතනය බාර දෙන ලද මෘදුකාංගය සම්බන්ධයෙන් ගැටලූ සහගත දෙයක් ඇති වුණාද ?


නැහැ, කිසිම දෙයක් නැහැ


අලි සබි‍්‍ර මහතා ඔබ සමග පැවති පුද්ගලික දුරකථන සාකච්ඡුාවක් සමාජ ජාලා ඔස්සේ ප‍්‍රචාරය වීම තුළ මැතිවරණ කොමිෂන් සභාවේ ප‍්‍රතිරූපයට හානියක් සිදු වී තිබෙනවාද ?


මගෙන් ඕනෑ කෙනෙක් යමක් ඇසුවහොත් මම ඒක කියනවා. ඒක Tape කරනවද නැද්ද බලන්නෙ නැහැ. මං ඕනැ එකක් කියනවා.