නිමල් අබේසිංහ

ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 46 සැසි වාරය ශ‍්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් මෙරට තුළ විවිධ කතාබහ ඇතිවෙමින් තිබේ. ආණ්ඩුවේ පාර්ශ්වයෙන් දක්වන කරුණ අනුව නම් ශ‍්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයෙන් කිසිදු බාධාවක් එල්ල වෙන්නේ නැත. එය එසේම යැයි කියන්නට අපට කිසිදු හැකියාවක් නැත්තේ මේ වනවිටත් ඇතැම් රටවල් ශ‍්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීම අත්හිටුවා තිබෙන පසුබිමකය.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා එසේවීම සම්බන්ධයෙන් ඒවාට සම්බන්ධවූවන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ කොමසාරිස්වරිය දිගින් දිගටම චෝ්දනා එල්ල කළාය. ශ‍්‍රී ලංකාවේ වත්මන් පාලකයන් ඒ ගැන බැලූවේ අවතක්සේරුවකිනි. එකී පැවැත්ම තුළ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසි වාරයට සමගාමීව රටවල් 10ක් ශ‍්‍රී ලංකාවට එරෙහිව චෝදනා නගා තිබුණේ ඉකුත් පෙබරවාරි මාසයේදීය. එම රටවල් අතර ශ‍්‍රී ලාංකිකයන් දන්නා ප‍්‍රසිද්ධ රටවල් තිබුණේද එකක් දෙකක් පමණය. එනිසා මේ රටවල් එල්ල කළ චෝදනා හා යෝජනා නොසලකා හරින්නට මෙරට පාලකයන් සිතුවාද විය හැකිය.

ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසි වාරයේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්ද 22ක් ලැබී ඇති අතර පක්ෂව ලැබී ඇත්තේ 11කි. ඡුන්දය නොදුන් ගණන 14කි. රාජපක්ෂවරුන්ගේ පාලන සමයේදී එනම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී මානව හිමිකම් සැසිවාරවලදී ඡන්ද ප‍්‍රකාශ කර ඇති ආකාරය මෙලෙසය:

2015න් පසුව 2021 දක්වා මානව හිමිකම් සැසි පැවැත්වී නැත. කෙසේ වුවත් 2009න් පසුව සැසි පැවැත්වූ 2021 වර්ෂය දක්වාම ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡන්ද ලැබී ඇති බව මෙයින් පැහැදිලි වේ.

මේ තත්ත්වය ශ‍්‍රී ලංකාවට යහපත් ආකාරයෙන් බලපාන්න හැකියාවක් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයන්ගේ අදහසය. මෙහිලා අපට සිහිපත් වනුයේ ජී.එස්.පී. ප්ල්ස් සහනය අහිමි කිරීම නිසා ශ‍්‍රී ලංකාවට සිදුවූ හානියය. ඒ කාලය තුළ ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් නිෂ්පාදන කර්මාන්තශාලා රැසක් වැසී ගිය බව නොරහසකි.

අනෙක් අතින් ගත් කල ශ‍්‍රී ලංකාවේ බොහෝ අපනයනයන් මිලදී ගනුයේ පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කළ රටවල් නොවේ. චීනය ගැන සැලකුවහොත් එරටින් මෙරටට වැඩි වශයෙන් සිදු කෙරෙනුයේ ආනයනයන්ය. එනිසා මේ තත්ත්වය මෙරට පාලකයන් විසින් සුළුපටුවට ගණන් ගෙන තිබුණත් මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ සිදුකළ යුතු ප‍්‍රතිසංවිධානයන් සිදුනොකළහොත් රටට බරපතළ ප‍්‍රතිවිපාක අත්විඳින්නට සිදුවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here